category
stringclasses
5 values
date
stringlengths
9
14
link
stringlengths
22
753
topic
stringlengths
1
11.6k
author
stringlengths
1
1.98k
content
stringlengths
1
187k
BLOG
2014.05.18
http://androgamehome.blogspot.com/
Edge of Tomorrow Game APK+DATA for android
dileepa sandaruwan
0.
BLOG
2014.07.24
http://cyberfestival.blogspot.com/
බ්ලොග්කරුවන්ගේ ට්‍රිප් එකේ අලුත්ම විස්තර
සයිබර් සැණකෙළිය
දැන් අපි හැමෝම දන්නවනේ මේ 27 වෙනිදා, ඒ කියන්නේ එළඹෙන ඉරිදා දවසේ බ්ලොග්කරුවන්ගේ ට්‍රිප් එක ඔගනයිස් කරලා තියනවා කියන එක. දැනටමත් ලියාපදිංචි වෙලා ඉන්න අයට ඊමේල් එකක් ලැබිල ඇති. කීපදෙනෙක්ම ගමන් වියදම බැංකුවේ තැන්පත් කරලත් ඉවරයි. ඒ වුනාට කාටත් දැනගන්න මෙන්න විස්තරේ.ට්‍රිප් එක යන බස් එක ජුලි 27 වෙනිදා උදේ 6 ට මාලබේ නගරයට එනවා. එතනින් බත්තරමුල්ල, රාජගිරිය, බොරැල්ල, හරහා කොටුව දුම්රිය ස්ථානයට එනවා. උදේ 6.30 ඉඳල 7.00 වෙනකං බස් එක එතන තියනවා. ඊට පස්සේ 138 බස් මාර්ගය ඔස්සේ කොට්ටාවට ගිහින් එතනින් අධිවේගී මාර්ගය ඔස්සේ ගාල්ල බලා යන්නයි සැලසුම් කරලා තියෙන්නේ. කොටුව දුම්රිය ස්ථානයට හරි බස් එක යන ගමන් මාර්ගයේ තැනකට හරි ඇවිත් ඔබට ගමනට සම්බන්ධ වෙන්න පුළුවන්.බස් එකේ ගමන යන අයට බස් ගාස්තු සහ කෑම වියදම වශයෙන් රුපියල් 800/= ක මුදලක් වැය වෙනවා. ඒ මුදල හෙට දවස ඇතුලත ලංකා බැංකුවේ ජාඇල ශාඛාවේ අංක 75995235 දරන A. Amarashinge (සසිඳු නිර්මාල්) මහතාගේ ගිණුමට තැන්පත් කරලා එහි රිසිට්පත අපට ඊමේල් කලොත් ඒක සංවිධාන කටයුතු වලට විශාල පහසුවක්. (මේ බව ලියාපදිංචි වුන අයට ඊමේල් මගින් දන්වලයි තියෙන්නේ). ඒ වගේම තමන් ගමනට සම්බන්ධ වෙන තැන ගැනත් ඊමේල් එකේ සඳහන් කරන්න අමතක කරන්න එපා.ගමන් ගාස්තුව හෙට දවසේ තැන්පත් කරන්න අපහසු නම් ඒ බවත් ගමනට සම්බන්ධ වන ස්ථානයත් සඳහන් කරලා ඔබ ගමනට සහභාගී වන බව තහවුරු කිරීමේ ඊමේල් එකක් එවන්නත් පුළුවන්. ඒ වගේම ගාල්ලට එන අය උදේ 8.30 වෙද්දී ගාල්ල බස් නැවතුම්පල අසලට ආවොත් ගමනට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ අය ආහාර සඳහා රුපියල් 300 ක මුදලක් ගෙවන්න වෙනවා. කොහොම වුනත් ගාල්ලට එන අයත් ඔබගේ පැමිණීම ඊමේල් මගින් තහවුරු කරනවානම් අපිට පහසුවක්.ගමන අවසන් කරලා හවස 5.30 - 6.00 වෙනකොට අපි ආපහු කොළඹ කොටුවට එනවා. ඒ නිසා ගෙදර යන්න පරක්කු වෙන එකක් නෑ. එහෙමනම් 27 වෙනිදට හමුවෙමු.නිල ඊමේල් ලිපිනය - [email protected]ෆේස්බුක් ඉවෙන්ට් එක - https://www.com/events/1455674778022140.
BLOG
2014.07.01
http://cyberfestival.blogspot.com/
බ්ලොග්කරුවන්ගේ ට්‍රිප් එකට මොකද වුනේ?
සයිබර් සැණකෙළිය
කෝ මේ පහුගිය දවස් වල යනවා කිව්ව "බ්ලොග්කරුවන්ගේ ට්‍රිප් එක"ට මොකද වුනේ කියල කීපදෙනෙක්ම ඇහුව. ඒ විතරක් නෙමෙයි බ්ලොග් ලියන කියවන හැමෝම ඒ ගැන දැනගන්න කැමැත්තෙන් ඉන්නේ කියන එක ආයේ කියන්න දෙයක් නෙමෙයිනේ.මෙන්න මෙහෙමයි වැඩේ වෙන්නේ. බ්ලොග්කරුවන්ගේ ගාලු ගමන ජූනි මාසේ යමු කියලා යෝජනා වුනාට පස්සේ යෝජනා කීපයක්ම ආවා මේ වැඩේ ටිකක් පස්සට දාමු කියලා. ඒ නිසා ජූනි 15 ගමන අවලංගු කරලා ටික දවසක් පහුවෙලා යන්නයි අවසානයට තීරණය වුනේ. දැන් ඔන්න ඒ දවස උදාවෙන්නයි යන්නේ.ජූලි මාසේ 27 තමයි දවස. කලින් පෝස්ට් එකේ කියපු විදියටම අපේ කට්ටිය කොළඹදි එකතු වෙලා බස් රථ එකකින් හෝ දෙකකින් සුපුරුදු රූමස්සල වෙරළ තීරයට යන්නයි බලාපොරොත්තු වෙන්නේ.හැබැයි ඊට කලින් කරන්න දෙයක් තියෙනවා. ඒ තමයි මේ මාසේ 15 වෙනිදා වෙනකොට මෙන්න මේ ෆෝම් එක පුරවලා තමන්ගේ පැමිණීම තහවුරු කරන එක. (කලින් පුරවපු අය පුරවන්න අවශ්‍ය වෙන්නේ නෑ)Loading...වෙනත් සුහද හමු වලදී පැමිණීම තහවුරු කරනවාටත් වඩා මෙවර ඔබේ පැමිණීම තහවුරු කිරීම අවශ්‍ය වෙන්නේ අපේ ගමනට අවශ්‍ය බස් රථ සහ ආහාර ඇනවුම් කරන්න වෙන්නේ මේ පෝරමයේ සඳහන් විස්තර වලට අනුව වීම නිසයි. 27 වෙනිදාට අපිට අවශ්‍ය පහසුකම් සම්බන්ධීකරණය කරලා දෙන්න අනුෂ්ක ලක්මාල් සහ රිද්ම කසුන් සුදානමින් ඉන්නවා.එහෙනම් ජූලි 27 වෙනිදා දිනය වෙන් කරලා තියාගන්න.මතකයිනේ.... බ්ලොග්කරුවන්ගේ ගාලු ගමන.
BLOG
2014.05.25
http://cyberfestival.blogspot.com/
ඊළඟට මොකද වෙන්නෙ?
සයිබර් සැණකෙළිය
සයිබර් සිහින බක්මහ උළෙල අවසන් වෙනකොටම බොහෝ දෙනෙක් අැහුවෙ ඊළඟට මොකද වෙන්නෙ කියලා. මේ සුභාරංචිය ඒ ගැන. ඔන්න බ්ලොග්කරුවන්ගේ ඊළඟ සුහද හමුව ලහි ලහියේ සූදානම් වෙනවා. වෙන කොහෙවත් නෙමෙයි දකුණු පළාතෙ අපිට හුරු පුරුදු පැත්තක.ඔබට මතක නම් 2012 අවුරුද්දෙ ජනවාරි මාසෙ 7 වෙනිදා සිංහල භාෂාවෙන් බ්ලොග්කරණයේ යෙදෙන අපේ කට්ටිය ගාල්ල රූමස්සල වෙරළ තීරයේදි හමුවුනා. පොඩිමෑන්, අනුෂ්ක, ජනරඟ ඇතුළු දකුණේ අපේ කට්ටිය ඒ කටයුත්ත බොහොම ලස්සනට සැලසුම් කරල තිබුනා.ඔන්න මෙදා පාර බ්ලොග් ගෙට්ටුව තියන්න හදන්නෙ එතන. සුපුරුදු රූමස්සල වෙරළ තීරයේදි. දකුණෙ කට්ටිය ඒ පැත්තෙන් එකතු වෙද්දි කොළඹ සහ අනිත් පළාත් වල උදවිය කොළඹදි එකතු වෙලා බස් රථ එකකින් හෝ දෙකකින් ගාල්ලට යන්නයි බලාපොරොත්තුව.කට්ටිය මොකද කියන්නේ. දැනට යොදාගෙන තියෙන දිනය ජූනි මාසෙ 15 වෙනි ඉරිදා. ගමනාගමනයට සහ කෑම බීම වෙනුවෙන් යම් මුදලක් වැය කරන්න සිදු වේවි. ඒ ගැන විස්තර පසුව කියන්නම්.කොහොම වුනත් එදා දවස බ්ලොග් අවකාශයේ මිතුරෝ එක්ක ගතකරන්න කැමති අයගේ සංඛ්‍යාව මේ වැඩේ සැළසුම් කරද්දි අපිට ගොඩක් වටිනවා. ඒ නිසා හැමදාම වගේ මෙන්න මේ පෝරමය පුරවන එක අපට පහසුවක් වේවි...එහෙමනම් වැඩි විස්තර එක්ක ඉදිරියේදී හමු වෙමු.තවත් කාරණයක්. මේ කටයුත්ත සාර්ථක කරගන්න නම් අපේ දකුණු පළාතෙ සහෘද බ්ලොග්කරුවන්ගේ සහයෝගය අත්‍යවශ්‍ය වෙනවා. මේ කටයුත්තට ක්‍රියාකාරීව දායක වෙන්න දකුණු පළාතේ පදිංචි ඔබ කැමතිනම් සංවිධායක මණ්ඩලයේ කෙනෙක් අමතන ලෙස කාරුණිකව ඉල්ලා සිටින්න කැමතියි.2012 ගාල්ල ගෙට්ටුවේ ඡායාරූප - අපේ ඉසව්ව සහ දේව්ගේ අඩවිය බ්ලොග් අඩවි වලින්.
BLOG
2014.05.02
http://cyberfestival.blogspot.com/
සයිබර් සිහින බක්මහ උළෙල පසු සටහන...
සයිබර් සැණකෙළිය
සයිබර් සිහින බක්මහ උළෙල අවසන් වෙලා සති දෙකක් ගත වෙන්න තියෙන්නේ තවත් දින දෙකයි. ඒ වුනාට තවමත් බොහෝ දෙනෙක් සයිබර් සිහින බක්මහ උළෙල ගැන කතාබහ කරනවා. මෙවර සයිබර් සිහින බක්මහ උළෙල සඳහා සහෘද බ්ලොග්කරුවන් 175 දෙනෙක් සහභාගී වුනා. පිටියේ තරඟ ඉසව් 20 ක් සහ ඉසව් 9 කින් යුත් නිර්මාණ තරඟයක් පැවැත්වුනා.බොහොමයක් බ්ලොග් අඩවි මෙවර සයිබර් සිහින බක්මහ උළෙල ගැන පෝස්ට් පළ කරලා තිබුණා. මේ තියෙන්නේ ඒවායින් කිහිපයක්.01) රනා ලියන බ්ලොග්02) අපේ ඉසව්ව03) බස්සිගේ නවාතැන04) බ්ලොග් 36005) ෂම්මිගේ සිහින ක්ෂිතිජය06) අටම්පහුර 07) අඟහරු අඩවිය08) සංකල්පනා - කුරුළුත් එක්ක ආදරෙන්09) හිරු නැති හෝරාව10) ලියන්නා 11) නිමේෂය12) නිමේෂ්ගේ ඩිජිටල් සටහන13) සුදු මහත්තයාගේ බ්ලොග් අවකාශය14) නාඩියාගේ නාඩි15) තහනම් අඩවිය ඔය අතරේ බොහෝ දෙනෙක්ගේ අවධානය යොමු වුනේ පින්තූර ඇල්බම් වලට. මේ තියෙන්නේ ඒවායින් කිහිපයක්.01) ගයනි දික්කුඹුර02) තිසර මධුවන්ත (සිහින)03) අනුෂ්ක ලක්මාල්04) ලිෂාන් පුවක්ඕවිට05) ගයාන් තාරක06) දේවක සඳරුවන්07) චාමර නුවන්දික08) ඔනෙල් කරුණාරත්න09) නිමේෂ් නිෂාරමෙවර සයිබර් සිහින බක්මහ උළෙල ගැන පළ වූ පුවත් වාර්තා කිහිපයක් මේ. 01) දිනමිණ පුවත්පත02) ගොසිප් ලංකා නෙට්තවත් මේ වගේ බ්ලොග් පෝස්ට්, පින්තූර ඇල්බම් ඇති. මේ තියෙන්නේ අපට හමුවුන කීපයක් පමණයි.හැම අවුරුද්දකම බ්ලොග් අවකාශයේ මිතුරෝ සයිබර් සිහින බක්මහ උළෙලේ අයවැය සහෘද බ්ලොග්කරුවන්ගේ දැනගැනීම සඳහා ප්‍රසිද්ධ කරනවා. මෙන්න මෙවර සයිබර් සිහින බක්මහ උළෙලේ අයවැය වාර්තාව.ඕෂනික් ගේම්ස් වෙත අප ලබා දුන් බිල්පත් වල වටිනාකම සඳහා ඉහත රු 266,000 අප වෙත ලබා දී තිබෙනවා. ඒ වගේම එම බිල්පත් පරික්ෂා කිරීමට අවශ්‍ය නම් ඒවා සංවිධායක මණ්ඩලය සතුව පවතිනවා. මෙම අත ඉතිරි මුදල ඉදිරි වැඩසටහන් වලදී ප්‍රයෝජනයට ගැනීම සඳහා බ්ලොග් අවකාශයේ මිතුරෝ ගිණුමේ තැන්පත් කිරීමට නියමිතයි.අවසාන වශයෙන් මෙවර සයිබර් සිහින බක්මහ උළෙල සාර්ථක කරගැනීම සඳහා දායකත්වය දැක්වූ දයාබර ඔබ සැමට සංවිධායක මණ්ඩලය සිය ස්තුතිය පුද කර සිටිනවා.තවත් සුවිශේෂී ඉසව්වක් සමග නොදුරු අනාගතයේදී මුණගැසෙමු....අපි "අන්තර්ජාලයෙන් ඔබ්බට ගිය වින්දනීය සහෝදරත්වය - බ්ලොග් අවකාශයේ මිතුරෝ".
BLOG
2014.04.20
http://cyberfestival.blogspot.com/
ස්තුතියි...! නැවත හමුවෙමු...!
සයිබර් සැණකෙළිය
සයිබරයේ සිහින උළෙල, සයිබර් සිහින බක්මහ උළෙල අති සාර්ථක අන්දමින් අද දවස පුරා බත්තරමුල්ල පැලවත්ත බුද්ධදාස ක්‍රීඩාංගනයේදී පැවැත්විනි. සයිබර් සිහින උළෙල වංශකතාවේ සිවුවන සිහින උළෙල වූ මෙය ඉතිහාසයේ වැඩිම පිරිසක් සහභාගී වූ බ්ලොග් සුහද හමුව බවට පත්විය.සෑම වසරකම මෙන් ජනවාරි මාසයේ සිට කොටසින් කොටස සැලසුම් වූ සයිබර් සිහින බක්මහ උළෙල වෙනුවෙන් බ්ලොග්කරුවන් බොහෝ දෙනෙක් සිය කාලය, ශ්‍රමය හා ධනය වැය කලහ. ඒ සියළු දෙනාට බ්ලොග් අවකාශයේ මිතුරෝ සංවිධායක මණ්ඩලයේ ස්තුතිය නිතැතින්ම හිමි වෙයි. විශේෂයෙන්ම ඕෂනික් ගේම්ස් ආයතනය මගින් දැක්වූ සහයෝගය නොවන්නට බ්ලොග්කරුවන්ගේ ටී ෂර්ට් එකත්, මෙවර සයිබර් සිහින උළෙලේ බොහෝ අංගයනුත් සිහිනයක්ම වීමට ඉඩ තිබිනි. ත්‍යාග සඳහා අනුග්‍රහය දැක්වූ Laydeez ආයතනයටත්, මූල්‍ය අනුග්‍රහයන් දැක්වූ බ්ලොග් සහෘදයන්ටද, සජීවි විකාශන කටයුතු සිදුකල බස් රේඩියෝවටද බ්ලොග් අවකාශයේ ස්තුතිය හිමි වේ.ඒ සියල්ලටමත් වැඩියෙන් අද උදේ පාන්දර සිට, ඇතැම් විට ඊයේ සිට බොහෝ දුරබැහැර ගෙවාගෙන සයිබර් සිහින බක්මහ උළෙලට පැමිණ වෙහෙසකර උණුසුම් කාලගුණ තත්ත්වයක් යටතේ අපගේ සිහිනය සැබෑවක් කරන්නට දායක වූ ඔබ සැමට බෙහෙවින්ම ස්තුතියි. ඉතා ජනප්‍රිය, පැරණි බ්ලොග්කරුවන් කිහිපදෙනෙක්ම පළමුවරට මෙවර සයිබර් සිහින බක්මහ උළෙලට පැමිණීම අපට විශාල ශක්තියක් විය."අවකාශයෙන් මිහිමතට මිතුදම රැගෙන එනු පිනිස" බ්ලොග් අවකාශයේ මිතුරෝ සංවිධානය කල සයිබර් සිහින බක්මහ උළෙල මෙලෙසින් නිමාවට පත්වන්නේ මිහිමත රෝපනය වූ මිතුදම් සදාතනික මතකයන් බවට පත් කරවමිනි. මේ සහෝදරත්වය සදා බ්ලොග් අවකාශය බබලවනු ඇතැයි යන්න අපගේ ප්‍රාර්ථනයයි.යලිත් මෙවන් සුන්දර, සදානුස්මරණීය දිනයක සුපුරුදු සෙනෙහසින් හා සහෝදරත්වයෙන් යුතුව හමුවෙමු.දයාබර ඔබට ස්තුතියි.
BLOG
2014.04.12
http://cyberfestival.blogspot.com/
ලබන ඉරිදා මේ වෙලාවට...
සයිබර් සැණකෙළිය
මේ දවස් වල සයිබරය පුරාම කතා බහ වෙන්නේ සයිබර් සිහින බක්මහ උළෙල ගැන. ඔන්න ලබන ඉරිදා මේ වෙලාව වෙනකොට අපි හැමෝම ඉන්නේ පැලවත්ත බුද්ධදාස ක්‍රීඩාංගනයේ. කඹ ඇදීම, කොට්ටා පොරය, ජන ගායනා, බනිස් කෑම, අලියාට ඇහැ තැබීම වගේ තරඟ ඉසව් ගණනාවක් එදාට පවත්වන්න මේ වෙනකොටත් සියළු කටයුතු සූදානම් වෙමින් පවතිනවා.හැබැයි ඔබ තවමත් ලියාපදිංචි වෙලා නැත්නම් අද හෙටම මෙන්න මේ ෆෝම් එක පුරවන්න. ඊට පස්සෙ ඔයාලට ලියාපදිංචි කිරීමේ ඊ මේල් එකක් ලැබේවි. තවමත් ඒ ඊ මේල් එක නොලැබුණු අයට 15 වෙනිදා වෙනකොට ඒක අනිවාර්යයෙන්ම ලැබෙනවා. ඒ නිසා බියක් ඇති කරගන්න එපා. ඔබ 15 වෙනිදා වෙනකොට ලියාපදිංචි වුනොත් ඔබ එදාට වැය කරන රුපියල් 200 වගේ තුන් හතර ගුණයක වටිනාකමක් ඔබට ලැබෙනවා කියන එකත් මතක් කරන්න ඕන.දන්නවනේ, මේ අවුරුද්දෙත් සයිබර් සිහින බක්මහ උළෙල සඳහා බස් රේඩියෝ මාධ්‍ය දායකත්වය ලැබෙනවා. හැබැයි මේ අවුරුද්දෙ සයිබර් සිහින බක්මහ උළෙලේ පූර්ණ මූල්‍ය දායකත්වය ලබා දෙන්නේ Ocenic Games ආයතනය. ඔවුන් ශ්‍රී ලංකාවේ අළුතින්ම බිහි වන ආයතනයක් ලෙස අපට දක්වන සහයෝගය කොහෙත්ම අමතක කරන්න බැහැ.මෙන්න ඕෂනික් ගේම්ස් ලාංඡන. මේවා ඔබේ දෑසට හුරුද බලන්න.අපගේ අනුග්‍රාහක භවතුන් වෙනුවෙන්මෙන්න මේ විජට් එක ඔබගේ බ්ලොග් අඩවියේ ප්‍රදර්ශනය කරන්න පුළුවන් නම් එය ඔවුන් වෙනුවෙන් දක්වන විශාල අනුග්‍රහයක් වේවි.swf"></object>ඒ විතරක් නෙමෙයි. තවත් ආරංචියක් කියන්න තියෙනවා. මෙදා අවුරුද්දේ සයිබර් සිහින කුමරිය බවට පත්වෙන තරුණියට රුපියල් 2500 ක් වටිනා මෙන්න මේ ආභරණ කට්ටලය පිරිනමන්න Laydeez සූදානමින් ඉන්නවා. බලමුකො කව්ද මේ තෑග්ග දිනාගන්න වාසනාවන්තිය කියලා.ඒ විතරක් නෙමෙයි. මෙදා සැරේ කඹ ඇදීමේ තරඟයේ ජයග්‍රාහකයින් වෙනුවෙන් මීමුරේ හොලිඩේ රිසෝට් වෙතින් 50% ක වට්ටමක් සහිතව මීමුරේ සුන්දර ගම්මානයේ දින දෙකක් ගත කරන්න අවස්ථාව ලබාදෙන්න සූදානමින් ඉන්නවා. කව්ද කැමති තමන්ගේ ශක්තිය උරගා බලන්න.එහෙම නම් තව සතියකින් හමුවෙමු.එතෙක් බ්ලොග් අවකාශයේ මිතුරෝ ප්‍රාර්ථනය, ලබන්නා වූ නව වසර ඔබ සැමට සුබ නව වසරක් වේවා.... යන්නයි.
BLOG
2014.04.07
http://cyberfestival.blogspot.com/
තව හරියටම සති දෙකයි.
සයිබර් සැණකෙළිය
හැම කෙනෙක්ම දන්න විදියට 2014 අවුරුද්දේ සයිබර් සිහින බක්මහ උළෙල "අවකාශයෙන් මිහිමතට මිතුදම රැගෙන එනු පිණිස" කියන තේමාවෙන් අප්‍රේල් මාසෙ 20 වෙනි ඉරිදා, ඒ කියන්නේ අද ඉඳලා ගෙවෙන 14 වෙනි දවසේ බත්තරමුල්ල, පැලවත්ත බුද්ධදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා.එදාට මොනවද වෙන්නේ.හැමදාම වගේ අළුත් අවුරුද්ද වෙනුවෙන් පවත්වන විනෝද ක්‍රීඩා රැසක්ම මෙවරත් සංවිධානය කරලා තියෙනවා. දුවන පනින තරඟ වගේම, බනිස් කෑම, කණා මුට්ටි බිඳීම වගේ අවුරුද්දටම ආවේනික තරඟත් පැවැත්වීමට නියමිතයි. යොවුන් ඔබ පුල පුලා බලා සිටින සයිබර් සිහින කුමරා සහ සයිබර් සිහින කුමරිය තෝරන්නත් ලහි ලහියේ කටයුතු සූදානම් වෙනවා.ඊට අමතරව අවකාශයේදි හමුවුන මිතුරු මිතුරියන් මිහිමතදි ඇත්තටම හම්බ වෙලා කතාබහ කරන්නත්, හිතමිතුරුකම් අළුත් කරගන්නත් අවස්ථාව තියෙනවා. මතකයිනේ, හැන්දෑවෙ පවත්වන ජනගායනා තරඟය. ඒකටත් සහභාගී වෙන්න පුළුවන්.මේ අවුරුද්දෙත් සයිබර් සිහින බක්මහ උළෙලේ නිල මාධ්‍ය දායකත්වය ලබාදෙන්නේ බස් රේඩියෝව. ඊට අමතරව මේ අවුරුද්දේ සයිබර් සිහින බක්මහ උළෙලට අපට ශක්තියක් වෙන්න Oceanic Games ආයතනය අපිත් එක්ක අත්වැල් බැඳගෙන ඉන්නවා. හැබැයි ඊට කලින්...මෙන්න මේ ෆෝම් එක පුළුවන් තරම් ඉක්මනට පුරවලා සයිබර් සිහින උළෙලට ඔබගේ පැමිණීම තහවුරු කරන්න. මේ අවුරුද්දේ අවුරුදු උත්සවේදි ඔබ පුදුමයට පත් කරවන සිහිවටනය ලැබෙන්නේ අප්‍රේල් 15 වෙනිදාට කලින් ලියාපදිංචි වෙන අයට විතරයි. ඔබ දැනටමත් ලියාපදිංචි වෙලා නම් ඔබගේ ලියාපදිංචි අංකය සහ විස්තර ඉදිරි දින කිහිපයේදි ඊ මේල් මගින් ලැබේවි. සයිබර් සිහින බක්මහ උළෙල දවසට දිවා ආහාර ඇතුළු වියදම් වෙනුවෙන් ඔබට රුපියල් 200 ක ඇතුලත්වීමේ ගාස්තුවක් ගෙවන්න සිදු වෙනවා. ෆෝම් එකතවත් එක ඉල්ලීමක් තියෙනවා. ඒ තමයි අපේ සයිබර් සිහින උළෙල ගැන සහ අපේ අනුග්‍රාහක භවතුන් පිළිබඳ දැනුවත් කරන පුංචි විජට් දෙකක් ඔබේ බ්ලොග් අඩවියේ ප්‍රදර්ශනය කරන්න කියන ඉල්ලීම. ඔබේ බ්ලොග් අඩවියට යන එන අයටත් සයිබර් සිහින බක්මහ උළෙලට පාර කියන්න ඒක හොඳ අවස්ථාවක් වේවි. මෙන්න විජට් දෙක. ඒවා බ්ලොග් අඩවියට එකතු කරගන්න හැටි දැනගන්න අවශ්‍ය නම් මෙතනින් දැනගන්න පුළුවන්.swf"></object>එහෙනම්, අප්‍රේල් 20 හමුවෙමු... යන්න කලින් අපේ ෆේස්බුක් ඉවෙන්ට් එකටත් ගොඩ වෙලා යන්න.ඉවෙන්ට් එක.
BLOG
2014.04.01
http://cyberfestival.blogspot.com/
අවුරුදු උත්සවයට සූදානම්ද?
සයිබර් සැණකෙළිය
ඔන්න අද අප්‍රේල් පළවෙනිදා, මෝඩයින්ගේ දවසේ බ්ලොග් අවකාශයේ මිතුරෝ හදන්නේ ඔයාලව මෝඩයා කරන්න නම් නෙමෙයි. අපි කවුරුත් පුල පුලා බලා ඉන්න සයිබර් සිහින බක්මහ උළෙල ගැන අළුත්ම තොරතුරු කිහිපයක් කියන්න.හැමෝම දන්න විදියට සයිබර් සිහින බක්මහ උළෙලේ පළමු තරඟය, නිර්මාණ තරඟය අවසන් වුනා. අවාසනාවට සමහර තරඟ ඉසව් වලට නිර්මාණ ලැබුනේ නැති නිසා ඒ තරඟ ඉසව් අවලංගු කරන්න වුනා කියලා නිර්මාණ තරඟයේ සංවිධායකයින් කියනවා. නමුත් නිර්මාණ ඉදිරිපත් වුන තරඟ වලින් ජයග්‍රහණය ලබන අය අවුරුදු උත්සවය දවසට ප්‍රකාශයට පත් කරනවා.කීප දෙනෙක්ම ඇහුවා මොකද මේ සැරේ අවුරුදු උත්සවය ගැන සද්දයක් නැත්තෙ කියලා. දෙගිඩියාවෙන් ඉන්න එපා. පහුගිය අවුරුදු වල වගේම, සමහරවිට ඊටත් වඩා වින්දනීය සයිබර් සිහින බක්මහ උළෙලක් ඔබ වෙනුවෙන් නිර්මාණය වෙමින් පවතිනවා. අප්‍රේල් මාසෙ 20 වෙනිදා හරියටම උදේ 9.00 ට බත්තරමුල්ල පැලවත්ත බුද්ධදාස ක්‍රීඩාංගනයේදී මේ අවුරුද්දෙ සයිබර් සිහින බක්මහ උළෙල ආරම්භ වෙනවා. මතකයිනේ තේමාව "අවකාශයෙන් මිහිමතට මිතුදම රැගෙන එනු පිණිස"මේ අවුරුද්දෙත් සයිබර් සිහින බක්මහ උළෙලට සහභාගී වෙන්නේ කවුද කියලා දැනගන්න එක සංවිධායක මණ්ඩලයට විශාල පහසුවක්. ඒ නිසා මෙන්න මේ ෆෝම් එක අප්‍රේල් 10 වෙනිදාට කලින් පුරවලා සයිබර් සිහින බක්මහ උළෙළට ඔබගේ පැමිණීම තහවුරු කරන්න.ෆෝම් එක ඊට පස්සෙ වැඩිදුර තොරතුරු ඔබට ඊ මේල් මගින් දැනගන්න ලැබේවි. කොහොම වුනත් සයිබර් සිහින බක්මහ උළෙලේ දිවා ආහාරය, පානීය ජලය සහ ඇතුලත්වීමේ ගාස්තුව වශයෙන් රුපියල් 350/= ක මුදලක් ඔබට වැය කරන්න සිදු වෙන බවත් මතක් කරන්න අවශ්‍යයි. හැබැයි ඔබ ඒ වියදම් කරන මුදලට වඩා වැඩි වටිනාකමක් එදාට ඔබට ලැබෙන බව නම් සහතිකයි.ඒ විතරක් නෙමෙයි. මේ අවුරුද්දෙත් සයිබර් සිහින බක්මහ උළෙලේ සමරු කලාපය මේ වෙනකොට සකස් වෙමින් පවතිනවා. දන්නවනේ, මේ පාර සමරු කලාපය වර්ණයෙන් මුද්‍රිත පත්‍රිකාවක් විදියටයි සකස් වෙන්නේ. තමන්ගේ ව්‍යාපාරය එහෙමත් නැත්නම් තමන්ගේ බ්ලොග් අඩවිය පිළිබඳව සහෘද බ්ලොග්කරුවන් දැනුවත් කරන්න කැමතිනම් සමරු කලාපයේ දැන්වීමක් පළ කරන්න ඔබටත් පුළුවන්. මෙන්න තියෙනවා විස්තරය. දැන් ඔබට කරන්න තියෙන්නේ ඔබගේ දැන්වීම ඔබ කැමති ආකාරයකට ලබා දීලා තියෙන ප්‍රමාණයට අනුව සකස් කරලා අප්‍රේල් 5 වෙනිදාට කලින් [email protected] අපේ ඊ මේල් ලිපිනයට එවීමයි. ඊට පස්සේ ඒ සඳහා වන ගෙවීම් සිදු කරන ආකාරය ගැන ඔබට ඊ මේල් මගින් දන්වන්න කටයුතු කරනවා. 1 - මුළු පැත්තක් - ප්‍රමාණය 290mm x 100mm - රු 5000/=2 - පැති භාගයක් - ප්‍රමාණය 145mm x 100mm - රු 2500/=3 - පැති කාලක් - ප්‍රමාණය 72mm x 100mm - රු 1000/=4 - පැති ⅛ ක් - ප්‍රමාණය 72mm x 50mm - රු 500/=මේ අවුරුද්දෙත් සයිබර් සිහින බක්මහ උළෙලේ නිල මාධ්‍ය සහකරු වශයෙන් කටයුතු කරන්නේ බස් රේඩියෝව. මේ අවුරුද්දේ සයිබර් සිහින බක්මහ උළෙලට අපට ශක්තියක් වෙන්න Oceanic Games ආයතනය අපිත් එක්ක අත්වැල් බැඳගෙන ඉන්නවා.එහෙමනම් අප්‍රේල් 20 වෙනිදාට හමුවෙමු. ඊට කලින් ෆෝම් එක පුරවලා ලියාපදිංචි වෙන්න. සමරු කලාපය ගැනත් මතකයිනේ.ඡායාරූප - වෙනිවැල්, ජේ ඩී, අනුෂ්ක (2013 සයිබර් සිහින බක්මහ උළෙල)ප.ලි. - මෙවර සයිබර් සිහින බක්මහ උළෙලේ අනුග්‍රාහකත්වය දරන Oceanic Games ආයතනය එදින සහභාගීවන්නන්ගේ වියදම් වලින් කොටසක් ද ආවරණය කිරීමට කටයුතු යොදා ඇති බැවින් ඇතුලත්වීමේ ගාස්තුව රු 200/= ලෙස සංශෝධනය කිරීමට සංවිධායක මණ්ඩලය තීරණය කලා.
BLOG
2014.02.27
http://cyberfestival.blogspot.com/
ලහි ලහියේ සැළසුම් වෙන බ්ලොග්කරුවන්ගේ මහා මංගල්‍යයේ අළුත්ම වගතුග
සයිබර් සැණකෙළිය
ඔන්න හැමෝම දන්න විදියට මේ අවුරුද්දෙත් අප්‍රේල් මාසෙ 20 වෙනි ඉරිදා සයිබර් සිහින බක්මහ උළෙල පවත්වන්න සියළු කටයුතු සූදානම් වෙමින් පවතිනවා. මතකයිනේ, අපි ගිය සතියේ පොඩි මත විමසුමක් කලා කොහෙද මේ අවුරුද්දේ සයිබර් සිහින උළෙල පවත්වන්න වඩාත් සුදුසු කියන එක තීරණය කරන්න. ඔන්න ඔබේ වැඩි ඡන්දයෙන් තේරිලා තියෙන්නේ "බත්තරමුල්ල, පැලවත්ත බුද්ධදාස ක්‍රීඩාංගනය"ඒ අනුව මේ අවුරුද්දේ සයිබර් සිහින බක්මහ උළෙල අප්‍රේල් මාසෙ 20 වෙනි ඉරිදා, කාටත් නිවාඩු දවසේ උදේ 9.00 ඉඳලා පැලවත්ත බුද්ධදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා.ඒක එහෙම වුනාට තව සංවිධාන කටයුතු රාශියක් සිදුවෙමිනුයි පවතින්නේ. අපි කලින්ම කිව්වනේ, අපට ඔබගේ සහය අවශ්‍යයි කියලා. ඔන්න දැන් ඒකට අවස්ථාවක් උදා වෙලා තියෙනවා. මේ තියෙන්නේ මේ අවුරුද්දේ අපි පවත්වන්න බලාපොරොත්තු වෙන තරඟ ලයිස්තුව.ඔබට මතක නම් මේ තරඟ යෝජනා කලෙත් ඔබමයි. ඉතින් සයිබර් සිහින උළෙල දවසට මේ තරඟ ඉසව් වලින් එකක් හරි කිහිපයක් හරි සංවිධානය කරලා පැවැත්වීමේ වගකීමත් ඔබට භාරගන්න පුළුවන් නම් මේ ඩොක් එකේ ඔබේ විස්තර සඳහන් කරන්න. ඔබට ඒ සඳහා අවශ්‍ය වෙන දේවල් සංවිධායක මණ්ඩලය විසින් සපයාවි. ඔබට කරන්න තියෙන්නේ එදා දවසේ නියමිත වෙලාවට ඒ අංගය සංවිධානය කරලා පවත්වන එක විතරයි.ඒ විතරක් නෙමෙයි, හැම අවුරුද්දෙම මේ තරඟ ඉසව් වල තෑගි වලට දායකත්වය සපයන්නේත් දයාබර ඔබ විසින්. ඔබට පුළුවන් මේ අවුරුද්දෙත් ඒ සඳහා දායක වෙන්න. ඒ සඳහාත් ඔබ කරන්න ඕන අර කලින් දක්වලා තියෙන ඩොක් එකට ගිහින් අදාල තැන ඔබේ විස්තර සටහන් කරන එකයි. ඊට පස්සේ සංවිධායක මණ්ඩලය ඔබව අමතා වැඩිදුර විස්තර දැනුම් දේවි.ඔන්න මේ අවුරුද්දේ තවත් අළුත් වැඩක් කරන්නයි හදන්නේ. නිවේදන කටයුතු වලට දායක වෙන්න කැමති, නිවේදන කුසලතා තියෙන යොවුන් බ්ලොග්කරුවෙක් නම් ඔබට පුළුවන් මේ අවුරුද්දේ සයිබර් සිහින බක්මහ උළෙලේ නිවේදන කටයුතු භාරගන්න. කරන්න තියෙන්නේ සුළු දෙයයි. ඔබ සතුව තියෙන කුමක් හෝ මයික්‍රෆෝන් එකක් (හෙඩ් සෙට් එකේ, ලැප්ටොප් එකේ වැනි) භාවිතා කරලා අවුරුදු උත්සවයේ ඕනෑම තරඟ ඉසව්වක් පිළිබඳව තත්පර 30 ක හඬ ගොණුවක් සකස් කරලා අපට එවන්න. දන්නවනේ ඊ මේල් ලිපිනය cybernewyearfestival2011@gmail. ඊ මේල් එකේ ටයිටල් එක විදියට "සයිබර් සිහින උළෙල 2014 - නිවේදන කටයුතු" කියලා සඳහන් කලොත් එය අපට පහසුවක් වේවි. ඒ අතරින් හොඳම කටහඬ දරන හතර දෙනා අප්‍රේල් මාසෙ 20 වෙනි ඉරිදා නිවේදන කටයුතු මෙහෙයවාවි.මේ කටයුත්ත සිද්ධ වෙන්නේ හැම අවුරුද්දෙම සයිබර් සිහින බක්මහ උළෙලේ නිල මාධ්‍ය දායකත්වය ලබා දෙන බස් රේඩියෝවේ පූර්ණ අධීක්ෂණය සහ මෙහෙයවීම යටතේ. ඔබ හොඳ දක්ෂතා පෙන්නුවොත් බස් රේඩියෝවට සම්බන්ධ වෙන්න බැරි වෙන එකකුත් නෑ.අනිත් වැදගත්ම දේ සමරු කලාපය. හැම අවුරුද්දෙම වගේමේ අවුරුද්දෙත් සමරු කලාපය ලහි ලහියේ සකස් වෙමින් පවතිනවා. ඔබ යෝජනා කරපු ආකාරයටම වර්ණයෙන් ඔප කඩදාසියේ මුද්‍රිත සමරු කලාපයක් නිකුත් කරන්නයි සූදානම් වෙන්නේ. ඔබේ ව්‍යාපාරය, ඔබේ බ්ලොග් අඩවිය අනෙකුත් බ්ලොග්කරුවන් අතරට ගෙනියන්න සමරු කලාපය මහඟු පිටුවහලක් වේවි. සූදානමින් ඉන්න. මිළ ගණන් ළඟදීම දැනගන්න ලැබේවි.සයිබර් සිහින බක්මහ උළෙල 2014අවකාශයෙන් මිහිමතට මිතුදම රැගෙන එනු පිණිස.
BLOG
2014.02.18
http://cyberfestival.blogspot.com/
මේ සැරේ අවුරුදු උත්සවේ තියෙන්නෙ කොහෙද?
සයිබර් සැණකෙළිය
ඔන්න අපි ඊයෙ පෙරේදා කිව්වා වගේ එළඹෙන අප්‍රේල් මාසෙ 20 වැනිදා මේ අවුරුද්දේ සයිබර් සිහින බක්මහ උළෙල පැවැත්වෙනවා. මෙදා සැරේ අවුරුදු උත්සවයේ බොහෝ දේවල් තීරණය කරන්න උදව් වුනේ දයාබර ඔබ. සමරු කලාපය කෙසේ විය යුතුද. නිර්මාණ තරඟයට ඇතුලත් විය යුතු අංශ මොනවාද. සිහින බක්මහ උළෙලේ පවත්වන තරඟ අංශ මොනවාද. කියන කාරණා වලදි ඔබගේ යෝජනා බොහොමත්ම වැදගත් වුනා. මේ අවුරුද්දෙ සයිබර් සිහින බක්මහ උළෙල තියන්න වඩාත්ම සුදුසු කොතනද කියලා තීරණය කරන්නත් අපි ඔබට ආරාධනා කරනවා. ඔබට කරන්න තියෙන්නේ අප විසින් තෝරාගත් පහත දැක්වෙන ක්‍රීඩාංගන දෙක අතරින් ඔබට වඩාත් පහසුවෙන් ළඟා විය හැකි, එහෙමත් නැත්නම් ඔබ වඩාත් කැමති ක්‍රීඩාංගය පහලින් දක්වලා තියෙන ෆෝම් එකේ සලකුණු කරන එකයි. 01. බත්තරමුල්ල, පැලවත්ත බුද්ධදාස ක්‍රීඩාංගනයකොළඹ කොටුවේ ඉඳලා එනවා නම් 103,170,171,190, 144 ඕනෑම බස් එකක නැගලා බොරැල්ලට ඇවිත් එතනින් කොට්ටාව - බොරැල්ල 174 බස් එකේ බුද්ධදාස ක්‍රීඩාංගනය ළඟින් බහින්න පුළුවන්. 170,171,190 බස් වල එන අයට කෙලින්ම බත්තරමුල්ලට ඇවිත් ත්‍රීරෝද රථයකින් එන්නත් පුළුවන්. ගාළු පාරෙ එන අයට කොල්ලුපිටියෙන් 177 බස් එකේ ඇවිත් රාජගිරියෙන් බැහැලා 174 බස් එකේ නගින්න පුළුවන්. එහෙම නැත්නම් කෙලින්ම බත්තරමුල්ලට ඇවිත් ත්‍රීරෝද රථයකින් එන්නත් පුළුවන්.ගාල්ල අධිවේගී මාර්ගයේ එන අයට සහ හයිලෙවල් පාරේ එන අයට කොට්ටාවෙන් 174 බස් එකේ නැගලා බුද්ධදාස ක්‍රීඩාංගනය ළඟින් බහින්න පුළුවන්.මේ තියෙන්නෙ සිතියම View Larger Map02. වැල්ලවත්ත කුරේ ක්‍රීඩාංගනයමේ 2012 අවුරුදු උත්සවය පවත්වපු ක්‍රීඩාංගනය. මේ තියෙන්නේ එතනට එන විදිය එදා මේ බ්ලොග් අඩවියේ පළ කරපු ආකාරය. කිරිබත්ගොඩ, දෙමටගොඩ, බොරැල්ල ඉඳලා එන අය 154 බස් එකේ ඇවිත් ගාළු පාරෙ වැල්ලවත්ත මුස්ලිම් පල්ලිය ඉදිරි පිට බස් නැවතුමෙන් බසින්න. පිටකොටුවෙන් මර්ග අංක 100/101 මොරටුව හරි පානදුරේ බස් එකක නැගල එන අයටත් එතනින් බහින්න පුළුවන්. නුවර පාරෙ එන අය කිරිබත්ගොඩින් (නැත්නම් බේස්ලයින් පාරෙන් හරි) බැහැලා 154ක නගින්න, නැත්නම් පිටකොටුවට ඇවිත් 100/101 බස් එකක එන්න.138 පාරෙ (හෝමාගම පැත්තේ ඉඳලා) එන අය තුන්මුල්ල [කොළඹ කැම්පස් එක] ගාවින් බැහැල පාර දකුනු පැත්තට මාරුවෙලා නිතී පීඨය ගාව තියෙන හොල්ට් එකේන් 154ක නැගල මුලින් කියල තියෙන මුස්ලිම් පල්ලිය ඉදිරිපිට බස් හොල්ට් එකේන් බහින්න.120 එන අය (හොරණ පැත්තේ ඉඳලා) කොහුවල බැහැලා 163 /168 පානදුර හෝ දෙහිවල බස් එකක නැගල ගාලුපාරට එන්න.දෙහිවල ගල්කිස්ස නගරසභා හොල්ට් එකේන් බැහැල පාර දකුනු පැත්තට මාරුවෙලා පිටකොටුව යන බස් එකක නගින්න. වැල්ලවත්ත HSBC ගාවට ටිකට් අරගෙන වැල්ලවත්ත HSBC ගාවින් බහින්න.නැත්නම් තුම්මුල්ලෙන් බැහැලා 154ක නගින්නකෝ.ගාල්ල පැත්තේ ඉඳල එන අයත් වැල්ලවත්ත HSBC ගාවින් තමයි බහින්න ඔනේ.බැහැල පාරේ දකුනු පැත්තට මාරුවෙන්න.වැල්ලවත්ත මුස්ලිම් පල්ලිය ගාවින් බැහැපු අයට, ආපහු කොළඹ පැත්තට හැරිලා ආපස්සට එනකොට සහ HSBC ගාවින් බැහැපු අයටත්, බැහැල පාර දකුනු පැත්තට පැනල වැල්ලවත්ත පැත්තට ඉස්සරහට එනකොට දකින්න ලැබෙනව " FREDRICA " පාර අන්න ඒ පාරේ මිටර් 200 විතර එනකොට වමට හැරෙන්න කුරේ ක්‍රිඩාංගනයට ඇතුලුවෙන දොරටුව තියෙනව.View Larger Mapදැන් කරන්න තියෙන්නේ මේ තැන් දෙකෙන් වඩාත් සුදුසු තැන මෙන්න මේ ෆෝම් එකේ සලකුණු කරන එකයි...ඔබේ ප්‍රතිචාර මේ සිකුරාදා, ඒ කියන්නේ පෙබරවාරි 21 වෙනිදා උදේ 8.00 ට කලින් ලබා දෙන්න. ඒ අනුව ඔබ වඩාත්ම කැමති ක්‍රීඩාංගනය අපි අවුරුදු උත්සවය වෙනුවෙන් වෙන් කරනවා.සයිබර් සිහින බක්මහ උළෙලේ මූලික කටයුතු වලට ඔබට සක්‍රීයව දායක වෙන්න පුළුවන් තවත් අවස්ථා කිහිපයක්ම තිබෙනවා. සූදානමින් ඉන්න. ඉදිරියේදී විස්තර දැනගන්න ලැබෙයි.
BLOG
2014.07.11
http://gamaya-amal.blogspot.com
time is?
amal
null
BLOG
2012.03.20
http://gamaya-amal.blogspot.com
බයිපාස්
amal
අනේ දෙවියනි,උරණ නොව පුත‍්‍රයෙක් වෙමි මම දඇණ ගසන ලදමෙසයන මතමිහිපිට දෙවියන් විසින් ආත්මයම කේවල් කොට....ඉතින් දෙන්නට බැරිදබයි එකක් මටපාස් වෙන්නට තර`ග නොකරම නුඹ ස්වර්ග රාජ්‍යට... අරා දුක් ගිනි කන්දනගින වේදනා කැල්වරියමදිවට තවත්ලක්ෂ හයක වැය කෙලෙස දරන්නද වෙහෙසවන්නාවූ බර උසුලන්නාවූ එහිස.
BLOG
2012.03.20
http://gamaya-amal.blogspot.com
උගත් පාඩමෙන් බලය බෙදන්න ආවොත් ජ.වි.පෙ?
amal
4pt 0in 5.4pt 0in 5.4pt 0in 5.4pt 0in 5.4pt 0in 5.-න්‍යෂ්ටික බලය වැනි මතෘකා පිළිබඳ ඔවුන්ට සාමූහික අවබෝධයක් තිබෙනවා-ඒකට කියන්නේ ෆෙඩේරෂනයඃ ෆෙඩරල්වාදය නෙවෙයි.4pt 0in 5.4pt 0in 5.බලය බෙදිමට විවිධ හේතු තිබෙනවා.4pt 0in 5.4pt 0in 5.4pt 0in 5.4pt 0in 5.4pt 0in 5.
BLOG
2012.01.17
http://gamaya-amal.blogspot.com
gamaya: තිමීස් මැදුර...
amal
gamaya: තිමීස් මැදුර...: පහත් තැනකින් බසින නිති නීතියකි ලංකාවෙ ඇති හරස් වෙන්නට ඊට හැකි අයම වෙති ලොකු දානපති වැරැදි නිවැරැදි සෙවුම වුව විශාරද මිල මත යැපෙන සොර.
BLOG
2014.09.15
http://lankapriyagesithivili.blogspot.com/
අදු පොපේක්ෂකයා(ෂිකාව ?)දිනවන මග මෙන්න
සරත් ලංකාප්‍රිය
මං ඔය දෙස්පාලනේ ලියන්න අකමැති ඇත්ත තිත්ත නිසා මිස ඔයෙ මඟුල ගැන ලියන්න නොදන්න හින්දා එහෙම නෙවෙයි. කම්පනා කරලා කම්පනා කරලා හිත හදාගත්තා රට වෙනුවෙං පුක් විඳින ජහ-මනයා වෙනුවෙං තිත්ත ඇත්ත ලියන්ඩෝනෙ කියල..එක් එක් නායකයා සහ දෙස්පල් විචාරකයොත් පූජ්ජ පක්ෂෙ අයත් උගත්තුය කියල පිළිගත්ත අයත් පොපේක්ෂකයා වෙනුවෙන් ඉදිරිපත් කරන යෝජනා අරං ජහ-මනයා ඉස්සරහට ගිහින් නං මේ කපේදි දිනන්න වෙන්නෙ නෑ කියල මං සහසුද්දෙං කියඤඤං...ජහ-මනයාගෙ හද ගැස්ම තේරුං නොගෙන පොපේක්ෂක චින්තනේ හැදුවොත් ඇපේත් රාජසන්තක වෙනවා සත්තයි.. මට මතකෙට එන විදිහට මං ලියඤඤං පොරදාන කරුණු ටිකක්.. ඊට පස්සෙ අපේ බුලොග ලියන දැනුමැත් ‍තෝ ඒක පොරසාරණය කොරලා ජහ-මනයාට තේරෙන ගොං බාසාවෙං ලියලා පොතක් ගහලා පොපේක්ෂක්යාට හරි ෂිකාවට හරි දෙන එක එයාලගෙ වැඩක්...ඕං කිව්වා.මං දිනුවොත් මෙන්න මෙව්ව කොරාන්ඩ මං ඔහේලගෙ ඉහේ අත ගහලා දිවුරනවාය.ගසා කෑම කොමිස් ගැසීම සහ කුට්ටි ගැනීමපහුගිය අවුරුදු විසි තිස් ගානෙම මේ වැදගත් දේ ක්‍රියාත්මක උනේ අතලොස්සක් දෙනාගෙ යහපත වෙනුවෙං.. මං ආවොත් මෙන්න මෙහෙමයි කරන්නෙ. වියාපෘතියට යන ගානෙං මෙච්චර කල් යටි මඩි ගහපු සීයට තිහ වෙනුවට සීයට හැටක් යටිමඩි ගසා ඉතිරියෙන් වියපෘතිය නිම කරමි. අර ගන්නා සීයට හැටෙන් සීයට පණහක් වියාපුරුතියෙං පලපොරෝජං ගන්න අයට අත යටිං දෙමි.. තනියම කෑම වෙනුවට බෙදාගෙන කෑමේ මේ ක්‍රමය මගින් පහත දක්වන ප්‍රතිලාබ ඔබලාටද ලැබේ.සීයට හතලිහෙන් ලාබෙට කරන වියාපුරුතිය අවුරුද්දෙන් දෙකෙන් චකබ්ලාස් වෙන නිසා අළුත් වියාපුරුතියක් මගේ නිල කාලෙදිම කරන්න ලැබෙයි.. ඒකෙනුත් සීයට පණහක් ඔබලාටයි.. මේ විදිහට අවුරුදු දහයකින් ඔබලාත් ඇති හැකි අය බවට පත් වෙනු ඇත.පවුලේ සාමයබිරිඳ සැමියා හා දරුවන් මෙරට තබා මැද පෙරදිග යන්නේ නම් ඇය එනතුරා වෙනත් ඉස්තිරියාවක් නඩත්තු කිරීමට යන වියදම ඇය විසින් දරන බවට කොන්තරාත්තුවක් අත්සන් කොරනු ලැබේ. මෙම කොන්තරාත්තුවේ බිරිඳගේ අයිතිවාසිකම් යටතේ මෙසේ සඳහන් වෙනු ඇත. "ඔබ තනිව විදෙස්ගතව වසන කාල සීමාව තුලදී එකට විසීම සඳහා පුරුසයෙක් සොයාදීම ඒ ඒ රටවල තානාපති කාරියාල වල වගකීම වනු ඇත.. "තිතට මතවහාම කිරියාත්මක වනපරිදි හොර අරක්කු කසිප්පු වැනි අපහාසාත්මක වචන තහනම් කෙරේ. ඒ වෙනුවට සුමිහිරි පානේ බලපත්‍ර වලිං තොරව පෙරීමට පරිවහනයට සහ වෙලඳාමට ඉඩ දෙනු ලැබේ. මේ නිසා නිෂ්පාදකයින්ට අත්වෙන ඉතිරිය මිල පහත දැමීම් මගින් පාරිභෝගිකයාට දෙන පරිදි නීති කිරියාතමක කෙරෙයි..පෙරන බෙදාහරින විකුණන මධ්‍යස්ථානවල සේවය කරන අයට සේවක අර්ථසාධක අරමුදල් ගෙවීම අනිවාර්ය කෙරේ.කිරි නිෂ්පාදනයදොවාගත් කිරි භාජනය වක්කඩට අල්ලා වතුර මිශ්‍ර කර ගැනීම අනුමත කෙරේ. මෙහිදී කුඩා ජලජීවීන්ගේ ජීවත්වීමේ අයිතිය සු‍රැකීම උදෙසා පෙරන්හන්කඩක් පාවිච්චි කලයුතු බවට නීතියක් පැනවේ. කිරි මිලදී ගැනීමේද අද භාවිතාවන ජලය පරිමානය මැනීමේ මීටර් බාවිතය සපුරා තහනම් කරමි.කිරිපැණි සාදන්නන් සඳහා පාලන මිලකට අළු හුණු සහ මැලතියන් ෆෝමලීන් ඇසිඩ් වැනි සෞක්‍යයට හිතකර රසායන ද්‍රව්‍ය පාලන මිලකට ලබාදෙමි.කිරිවලට ප්‍රමිතයකට අනුව මෙලමයින් මිශ්‍ර කිරීම පිළිබඳව පාඨමාලවන් චීනයෙන් ගෙන්වන විශේෂඥයින් මගින් නොමිලේ ලබාදෙනු ඇත..එසේම මෙලමයින් සඳහා වසරකට වැයවෙන මුදල් ඉතිරි කරමින් එය මෙරටේම නිපදවීමට කම්හලක් රජය විසින් අරඹනු ලැබේ.කිරි දෙන හරකුන් මැරීම සපුරා තහනම් කරමි..කිරි නැතිවෙනකොට මසට විකිණීමට පුළුවන. පව් සිදුවන්නෙ මරන අයට මිස මසට විකුණන අයට නොවේ..පිටරටින් හරක් මස් ගෙන්නුවාම මැරෙන්නෙ රට හරක්ය.. එවිට පව සුද්දන්ට මිස අපට නොවේ.ධීවර කර්මාන්තයමාළු කල්තබා ගැනීම සඳහා සහන මිලකට ෆෝමලීන් හෝ එවැනි සෞඛ්‍යයට හිතකර වෙනත් ආදේශක රජය මගින් සපයනු ඇත. මූදේ මාළු ඉන්නෙ කන්නය. ඒ නිසා ඩොල්පිනාල වැනි මාලු මැරීමේ තහනම ඉවත් කර දෙමි..මහා පරිමාන ධීවර කර්මාන්තයක් කරා ඔබ ගෙන යාම සඳහා සමහරක් දැල් පන්න තහනම් කර පනවා ඇති නීති ඉවත් කරමි.. මරාගෙන කන එකා මරන විදිහේ ඇති වැදගත්කමක් මට නොපෙනේ. ඩයිනමයිට් නිදහසේ ලබාගැනීමට රජය මගින් ඒවා සපයනු ලැබේ. සාමය පවත්නා හෙයින් නාවික හමුදාවේ යාත්‍රා ධීවර කර්මාන්තය සඳහා ලාබ කුලියට ලබා දීමෙ වැඩ පිළිවෙලක් කිරියාත්මක කොරමි. ඇල දොල මඩ කඩිති වැවු යනාදි කොයි ජලාශයක හෝ මාළු මැරීමට ජහ-මනයාට ඇති ශුද්ධවූ අයිතියට රජය ගරු කරනු ඇත.වනසත්ව පාලනයකැමති කෙනෙකුට කැලේ සතෙක් අල්ලාගෙන හීලෑ කර ගැනීමට ඉඩ ලැබෙනු ඇත. සතාට වඩා මිනිසා යන පරමාදර්ශය යටතේ ඕනෑම සතෙක් මරාගෙන කෑමට ඔබට අයිතිය ලබාදෙමි. වනසත්ව ආරක්ෂක දෙපාර්තමේන්තුව වසා දමනු ලැබේ.කොටන තුවක්කු බඳින තුවක්කු යනාදී තාක්ෂණික අතින් දුර්වල අවි ලඟම පොලිස් ස්ථානයට හෝ හමුදා කඳවුරට භාරදී ඒ වෙනුවට නවීන ටී 56 අවියක් ලබාගැනීමට ඔබට අවස්තාව උදා කර දෙමි. මෙයින් බුද්ධාගමට කිසි හානියක් නොවන්නේ සියළු වනසතුන් හරකුන් නොවන නිසාය.වනාන්තර හා පරිසරයගස් කොලන් ජීවත් කරවීමට කලිං මිනිස්සු ජීවත්කරවිය යුතුය යන පරමාදර්ශය අපි මුදුන්පත් කරවමු..කැමති කෙනෙකුට වනාන්තරයකට ගොස් කැමති තරමක් ගස් කපා ගැනීමට ජහ මනයාට ඇති ශුද්ධවූ අයිතිය තහවුරු කර සුරක්ෂිත කරනු ලැබේ.පැණි සහ හකුරු කර්මාන්තයපැණි සහ හකුරු සෑදීමට අවශ්‍ය හුඹස් මැටි කොකෝවා ඉස්ම යනාදී දේ පහසු මිලට සපයනු ඇත. එසේම සහන මිලකට සක්කර සහ රතු සීනි ඉන්දියාවෙන් ආනයනය කර ඔබලාට සපයනු ඇත.රාජ්ජ සේවයරාජ්ජ සේවයට බඳවාගැනීමේ අවම සුදුසුකම අට සමත්වීම යනුවෙන් සංශෝධනය කරමි. කාර්යාල සේවය අරඹන වේලාව සඳහා පැයක සහන කාලයක් දෙමි. උදාහරණ වශයෙන් අට හමාරට පැමිණිය යුතු කෙනෙක් නමය හමාරට පැමිණීම වරදක් නොවේ.කෑම පැය පැය දෙකක් කරමි. ඉන් එක පැයක් මේසය මත හිස තබා නිදා ගැනීමටය. මෙසේ කිරීමෙන් කාර්‍යක්ෂමතාවය වර්ධනය වේ. තේ බීම සඳහා පැයක් ලැබෙන අතර කාර්යාලය වසන නියමිත වේලාවට පැයක් කලින් පිටව යාම වරදක් ලෙස නොසලකනු ඇත.මෙසේ සහනදායි ලෙස කාලය ලබාදීම මගින් ඔබට ඔබේ වැඩ කිරීමට ඕටී ගැසීමට අවස්ථාව ලබාදෙමි. අවම වශයෙන් ඕටී මුදල පඩිය මෙන් දෙගුණයකට වැඩිවිය යුතු බවට නීති සැකසේ.ජහ-මනයාට කිසියම් කාර්යයක් සඳහා ඔබ මුණගැසීමට අවශ්‍ය නම් අතයට ගානක් ඔබට දීම නීත්‍යානුකූල කරමි. මෙසේ කිරීම මගින් එක අතකින් ඔබ ආර්ථිකව සවිමත් වන අතර ජහ-මනයාට ඉක්මණින් රාජකාරිය කර ගැනීමට ලැබෙනු ඇත. පගාව යන වචනය ඉවත්කර ඒ වෙනුවට දිරිගැන්වීම් දීමනා යන වචනය යොදවනු ලැබේ. අල්ලස් හා වංචා කොමිසම වහාම බලපැවැත්වෙන පරිදි වසා දමනු ලැබේ.කාර්‍යාලයේ ලිපිද්‍රව්‍ය යනාදිය දරුවන්ගේ අජ්ජාපන කටයුතු සඳහා පමණක් ගෙදර ගෙනයා හැකිය යන පදනම මත රජය කටයුතු කරනු ඇත.පොලිසිය සහ දඩ ගැසීම්සුළු වැරදිවලට උසාවි දමා ජහ මනයාට හිරිහැර කිරීම වෙනුවට පොලිසිය නඩු ඇසීම කරනු ඇත. මෙහිදී සිදුවීම සිදුවූ තැනදීම නඩුව අසා දඩ ගෙවීමට අවසර දෙනු ඇත. දෙන ගානක් නොගෙන හෙට්‍ටු කරන පොලිස් නිළධාරීන්ට එරෙහිව නීතිය තදින් සිටිනු ඇත.වාහන වේග සීමා ඉවත් කෙරේ. මාර්ග පද්ධතිය දියුණු නිසා වේගයෙන් පැදවීමට ඔබට අයිතියක් ඇත."වැරදි කරන්නේ මිනිස්සුය. සමාව දීම දේව ගතියකි..වරදක් කලත් සිතකින් නොවේ රිදවන්නෙ පළිගන්නෙ ඇයි . "යන පඬි වදනට ගරු කරමින් පොලිස් නිලදාරීන් ඔබගෙන් දිරි දීමනාවක් ලබාගෙන ඔබව නිදහස් කරනු ඇත.වී ගොවිතැනකෘෂි රසායන රසායනික පොහොර භාවිතය නිසා රෝග ඇතිවෙන බවට ඇති බොරු බිය ඉවත් කරමි.. පාඩු ලබන විට රිසි සේ දිවි නසා ගැනීමට ඇති අයිතිය පිළිගනිමින් ඒ සඳහා ඉයුතනේසියා නීතිගත කරමි..දිවි නසා ගැනීමට කැමති අයට රිසි සේ අදාල ස්ථානවලින් ඒ සේවය සහන මිලකට ලබාගත හැකිවනු ඇත. මේ මගින් ජනගහණය පාලනය වීමෙන් ‍රැකියා සුලබ වේ.වවන්නට කැමති ඕනෑම කෙනෙකුට කැලයක් කපා ගස් ටික විකුණා ඒ මුදලින් ගොවිපල ඇරඹීමට අවසර ලැබේ.හැමෝටම ඉඩං කෑල්ලක්අධිවේග මාර්ග හා මහා මාර්ග දෙපස ඇති බිම් තීරු කැමති කෙනෙකුට තමා සන්තක ඉඩමක් නැති බව ඔප්පු කිරීමෙන් අනතුරුව අයිති කර ගත හැකි වෙයි..අයිතිකර ගැනීමෙන් අනතුරුව පැමිණෙන ඉලක්සොන් එකේදී ඒවාට නීතිමය ඔප්පු ප්‍රදානය කරනු ඇත.ඕං මං පටන් ගත්තා. ඔහෙලා ඉතින් මට වඩා කරුණු කාරණා දන්න එකේ මේකෙ අඩු ලුහුඬුකම් හදලා තව කරුණු මීට පහලින් අදහස් තීරුවේ එකතු කරන මෙන් ඉල්ලන්නේ ජාත්‍යාලයෙං.මතක් තියා ගන්ඩ ඕනෙ වැදගත් කාරණාව මේකයි. ජහ-මනයාට ඕනෙ මොනවද . අන්න ඒව නුදුන්නොත් පරාදයි.
BLOG
2014.09.08
http://lankapriyagesithivili.blogspot.com/
අම්මා වගේ මං
සරත් ලංකාප්‍රිය
අම්මා වගේ මංඋඹව බලාගන්නංඋඹත් පිටේ බැඳංරෑට කන්න මොකුත් අරංඅම්මා එනකංමල්ලියෙ සමාවෙයංඋඹට ඔහොම ඉන්න අමාරු නං ඒත් තාමත් මංආසයි කරන්න වැලි සෙල්ලංදියමන්ති රන් කළුරන් වලිංඅපේ රට පොහොසත් නංඇයි මෙහෙම දුක් විඳින්නෙ මංඅසාපං හිටගත්දාට දෙපයිං.
BLOG
2014.07.14
http://lankapriyagesithivili.blogspot.com/
ජාත්‍යාලය ගැන කතාවක්..
සරත් ලංකාප්‍රිය
ලංකා ඉතිහාසෙ ගත්තම කළු පැල්ලම් ගොඩක් තිබ්බත් පසුගිය අඩ සියවසේදි සිදුවූ අවාසනාවන්තම සිදුවීම 1983 කළු ජූලිය නමින් හඳුන්වන ජාතිවාදි කළබලයි.. කොළඹ වරායේ වැඩ කල කෙනෙක් හැටියට මා දු‍ටු ඇසූ හා අත්විඳි සිදුවීම් නිසා මම නම් ඒ සිදුවීම් ජාතිවාදී කියල දකින්නෙ නෑ. එතන තිබුණෙ නොයෙකුත් දේශපාලන ආර්ථික හා වාණිජ ප්‍රතිලාභ සඳහා බලවත් මිනිසුන් විසින් සැලසුම්කරන ලදුව තක්කඩි ‍රැලක් විසින් ක්‍රියාත්මක කල විනාශයක් පමණයි. නමුත් මුළුමහත් ශ්‍රී ලාංකීය ජාතියටම ඒ විනාශය කළ බලපෑම අපි කවුරුත් අත්දු‍ටු දෙයක්..ලංකාව ලෝකය ඉදිරියේ අවමානයට අපහාසයට හෑල්ලුවට ලක් කර ශ්‍රී ලාංකිකයින් ම්ලේච්ඡයින් ලෙස හඳුන්වන්න උදව් උපකාර කල මේ කළු ජූලියට තවත් කළු ජූනියක් එක් කලේ ඒ වගේම තක්කඩි ‍රැලක් විසින් මෙහෙයවන ලද ආගම අවියක් කරගත් බූරු ‍රැලක් විසින් ඊයේ පෙරේදා. සිංහල කතාකරන බෞද්ධයින් ඉවසීමක් නැති සංයමයක් නැති තිරිසන් ගති සහිත බහුතරයක් බවට ඇතිවී තිබෙන මතයට තවත් ප්‍රබල සාක්ෂි ලෝකයට සපයපු මේ විනාශය නිසා ඇතිවිය හැකි අලාභ මෙතෙකැයි ගනන් බැලීමට තව කාලයක් ගතවේවි.. පළවෙනි විනාශය දෑසින් දකින්නට අවාසනාවන්ත වූ මා දෙවෙනි විනාශය දු‍ටුවේ මාධ්‍ය මගින්...මේ සිදුවීම් මගේ මතකයට ගෙනාවෙ මගේ පුද්ගලික අත්දැකීමක්. ජාතිභේදය සාමාන්‍ය මිනිසුන් වෙත නොමැති බවට සාක්කියක් වශයෙන් මං එය ලියන්නම්..1983 ජුලි 27 දා.. මට හොඳට මතකයි.. මං එතකොට වැඩ කලේ වරායේ ‍රැජින පර්යන්තයේ. එතකොට මං නොබැඳි සමුළුවේ සාමාජිකයෙක්..තරුණයෙක්..අපෙ ප්‍රධානියා වෙලා හිටියෙ කපිතාන් සික්කා සිංහල වචනයක්වත් නොදත් ඉන්දියානු ජාතිකයෙක්. ඔහුට ඉහලින් පර්යන්ත කළමණාකරුවෙක් හිටියා.අපි එක්කම රාජකාරි කල දමිල අධිකාරිවරයෙක් හිටියා.. ඔහුගෙ නම රාජා.එදා මුළු කොළඹම ගිණි ගනිද්දී මටත් මගෙ රාජකාරි සගයා උන ඕ එස් ටත් තිබුණ ලොකුම ප්‍රශ්නය මේ දෙන්නා නිවාස වලට හැරලීමයි..ඒ සඳහා ඉදිරිපත් වීමට කිසිවෙක් හිටියේ නැහැ.. දෙන්නාවම වෑන් රථයකට නංවාගත් අපි මගට පිළිපන්නේ වීරත්වයෙන් නෙවෙයි.. අප්‍රමාණ බයෙන් .. බය උනේ මගෙත් ඕ එස්ගෙත් ජීවිත ගැන නෙවෙයි.. සික්කාගෙත් රාජාගෙත් ජීවිත ගැන. ඒ වෙනකොටත් ඇඟ හිරිවැටෙන වර්ගයේ කතා පැතිරෙමින් තිබුනා. ඒත් ඒ මොහොතේ අපිට තිබුන එකම අරමුණ මේ මිනිස්සු දෙන්න යහතින් නිවෙස් වලට ඇරලීමයි..කපිතාන් සික්කා හිටි නිවස තිබ්බෙ වනාතමුල්ල පැත්තෙ. එදා ඒ පැත්තට යන එකත් බරපතල අවදානමක්.. ඒත් අපිට හිටි රියදුරා අපූරු මනුස්සයෙක්.. පාටින් කළුම කළු ජයපාල තමයි දවසේ වීරයා. එදා ඔහු වනාතමුල්ල දක්වා කල වාහන එලවිල්ල නම් ස්ටන්ට් වලටම සුදුසුයි.. වට රවුම් වල ගියේ විරුද්ධ දිසාවට. පේව්මන්ට් උඩින් මිඳුලවල් උඩින් ලොකු මිනිස් සන්නිපාත මැද්දෙන් එලවපු එලවිල්ල නම් ත්‍රාස ජනකයි.. ඊටත් වඩා ලොකුම දේ තමයි අර කලබල තැන්වලදි ඔහුගෙ හැසිරීම.කුණුහබ්බ් එක්ක හොඳ සිංහලෙන් කෑගහන හින්දා කවුරුත් සැක කලේ නෑ ඇතුලෙ ඉන්න අය ගැන. නිකමටවත් දැනගත්තා නම් එදා පස් තමයි කන්න වෙන්නෙ. ඒ මොකද අපි ගිනිගන්නා ගොඩනැගිලි ගිණි තියන මෝල්ලු විතරක් නෙවෙයි වාහන නවත්තල බලෙන් පෙට්‍රල් ගන්න කණ්ඩායමුත් පහු කලේ ජයපාලගෙ කටට පින්සිද්දවෙන්න. තුන් හතරපොලක අපි පහු කලා ආයුධ ‍රැගත් මිනී මරු කණ්ඩායම්. ඒ අසල සිරුරුත් දැක්කා. මාත් ඕ එසුත් දන්න කුණුහබ්බ ජයපාලගෙ උදව්වට පැළුවා. අපි හිටියෙ උණ ගත්ත මිනිස්සු වගේ.. අපිට හුඟක්ම අමාරු උනේ රාජ්ව වසං කරන එක.. සික්කා සුදුම සුදු නිසා විදේශිකයෙක් කියල බේරාගත්තත් එයාව ගෙදරට යැව්වාට පස්සෙ තිබුණ ලොකුම ප්‍රශ්නෙ රාජාව ජම්බුගස්මුල්ලට ඇරලන එකේ ප්‍රශ්නෙ. ඒ මොකද එතකොට කිරුලපන හරිය පහු කරන්න අමාරු තරමට බයානකයි.. රාජා හිටියෙ හරියටම මලමනුස්සයෙක් ගානටයි එක අතකින් එයාගෙ ජීවිතේ ගැන බය... අනිත් අතින් දරුපවුලට මොනවත් උනාද කියල දැවෙන ගින්න.. මටත් ඕ එස්ටත් මැදිකරගෙන "මූනෙ හිනාවක් අලවපු" රාජා අරගෙන අපි පොල්හේන්ගොඩ පැත්තෙන් කිරුලපොන හන්දියට එන්න එනවා. ඔන්න ඒ කාලෙ ඔය පාරෙ තිබ්බා කල්පනාය කියල චිත්‍රපටි ශාලාවක් ඔය පාරෙ කන්ද උඩ..කියන්න ඕනෙ නෑනෙ.. ඒකෙ පෙන්නුවෙ දමිල චිත්‍රපටි. අපි එතනට එනකොට මුළු පාර පුරාම තක්කඩියි ප්‍රේක්ෂකයොයි.. යන යන වාහන ඔක්කොම නතර කරල පරීක්ෂා කරනවා..නිකමට හිතන්න අපි කොයිතරම් ත්‍රාසජනක අත්දැකීමක්ද විඳින්න යන්නේ කියලා. ආපහු හරවන්න බෑ. එහෙම කලොත් සැක හිතලා ගහනවාමයි.. එතකොටත් ගිණිගන්නා වාහනත් එතන තිබ්බ වගේ මතකයි කල්පනාය හෝල් එක එකම ගිණි ජාලාවක්..ජයපාල නියම වීරයෙක්.. ශටරය පහතට දාගෙන දකුණුඅත එලියට දාගෙන ජයවේවා කියන අතරේ අමු කුණුහබ්බත් කියාගෙන අර සෙනග ගුලිය මැද්දට වාහනය එබුවෙ ජයපාල .. ඒ වෙලාවෙ අපිත් අර සෙනගත් එක්ක කෑ ගැහුවා.. හුරේ දැම්මා. ඇඟ ඇතුලෙ ලේ සීතල වෙලා තිබ්බට මූණුවලින් වෙන හැඟීම් අපි දුන්නෙ කොහොමද කියල මට අදත් හිතාගන්න බෑ. සුදුමැලි වෙලා හිටි රාජා අපි දෙන්නට මැදිවෙලා අත් දෙකම උස්සන් හිටි හින්දා පාරෙ දෙපැත්තෙ අයට හරිහැටි ඔහුව පෙනුනෙ නෑ. ඒත් අපේ වාහනය නවත්තන්න පුදුම වලියක් කෑවා සෙනග.. එතනින් එලියට අපි ආ විදිහ අද මට හරියටම විස්තර කරන්න බැරි අපි කවුරුත් හොඳ සිහියෙන් නොසිටි නිසා වෙන්න ඇති.අපි ජම්බුගස්මුල්ලට ඇවිත් රාජාගෙ ගෙදරට යනකොට ගෙදර ඔක්කොම ඇඳ පැලඳගෙනපාරට බහින්න ලෑස්තිය ආරක්ෂක ස්ථාන වලට යන්න. රාජාටත් ඒ වෙලාවෙ සිහියක් නෑ. බොහොම අමාරුවෙන් වාද කරලා කට්ටියම ගේඇතුලට ඔබාගත්තා. ඒ වෙලාවෙ එලියට බැස්සා නම් මුළු පවුලම විනාසයි. සුලු සිදුවීමක් උන ගලක් දෙකක් ගැසීම හැරුණාම බරපතල දෙයක් ඒ ගෙදරට උනේ නෑ මට මතක හැටියට. වටේ හිටි අසල්වැසි සිංහල මිනිස්සු රාජලව ආරක්ෂා කලා.මං ඒ කාලෙ හිටියෙ ජා ඇල පැත්තෙ.. මගෙ සීජී 125 නැගල "ස්ටන්ට් රයිඩ්" එකක් ගිහින් නවාතැනට යනකොට එනවා පණිවිඩයක් අපෙ අක්කගෙන්.."මෙන්න ඔයාගෙ අහවලා මෙහෙ ඇවිත් ඉන්නවා ගෙදර යන්න බයේ "කියලා. ඇයි හත්වලාමේ මේ මනුස්සය උදේ දහයට විතර ඔ‍ෆිස් එකෙන් යනවයි කිව්වෙ. ඒකනෙ මං බය නැතුව වීර ක්‍රියාන්විතයට උර දුන්නෙ. කාපන්කො මඩක්..ආපහු බයික්කෙ අරං ගිහිං තව "ස්ටන්ට් රයිඩ්" එකක් කරන්න සිද්ද උනා. ඔක්කෝටම හපන් නඩු ඇහිල්ල."කොහෙවත් ඉන්න එකෙක් මට වඩා ඔයාට ලොකු උනා"කියල.. ඒ කාලෙ ඉතින් ඔය මොබයිල් ෆෝන් තිබ්බ එකක්යැ . හත්වලාමෙ මං කොහොමද දන්නෙ . ඊටත් හපන් මං බැඳල හිටියයැ . කරුමෙ කියන්නෙ අපේ අක්කත් ගත්තෙ ඒ පැත්ත,.. වාසනාවන්..මේකට තව අතුරු කතාවක් තියෙනවා. දිග උනත් ඒකත් නො එල්ලුවොත් කතාව අසම්පූර්නයි.. මේ කාලෙ අපේ ලොකු ලොක්කා ඒ කියන්නෙ ප්‍රධාන මෙහෙයුම් කළමණාකරුත් දමිල නිළධාරියෙක්.. ඔහු ජාතිවාදියෙක්ය කියල ගොඩක් කතා තිබ්බත්, අන්තිමට ඔහු ‍රැකියාවෙනුත් ඉවත් කලත් අපි කාටවත් ඔහුගෙන් එහෙම දෙයක් දකින්න බැරි උනා කියල කියන්න ඕනෙ. හැබෑම දක්ෂ කෙනෙක්. හැබැයි තරහ ආවම යකෙක්..මුලින්ම මාව ඔය අංශයට එවනකොටම ඔය අංශෙ නිළදාරි කට්ටිය කණ්ඩායමක් හැටියට ගිහින් එයාට කියල තිබ්බ මේ අළුත් අය එවන්න එපා එයාලට මේ ගැන අත් දැකීම් නෑ අරකද මේකද කියල. ඔය කාණ්ඩෙට ඉතින් රාජත් තවත් දමිල නිලධාරියෙකුයි එක්ක සුද්ද සිංහල අයියලා ටික සහෝදර බැම්මෙන් වැඩ කලේ..ඔව්වට නැති ජාති බේද අනිත් වෙලාවට කොහොම එනවාද මන්දා.ඇත්ත නං එයාල දැනගෙන හිටියා මං ජරාවට නැති වැඩට බැස්සම කඩාගෙන බිඳගෙන වැඩ කරන කෙනෙක් කියල ...ලොක්ක කියල තියෙනවා මං එයාව එවන්නෙම අත්දැකීම් නැති හින්දයි.. . අළුත් අය මෙව්ව ඉගෙන ගන්න ඕනෙ අළුත් විදිහට කරන්න පුළුවන් එතකොට කියල. අන්තිමට මං ආවට පස්සෙ මට කිසිම වැඩකට නැති කඩදාසි හොල්ලන රාජකාරියක් දුන්න. ඔය අතරෙ ආපු ඉන්දියන් මනුස්සයා එතෙක් නොදු‍ටු මගෙ හැකියාවටත් වඩා ආකල්ප ගැන පැහැදිලා මාව එයා ලඟට ගත්තෙ ලොක්කගෙන් ඉල්ලලා. මට විරුද්දව කොච්චර ගතු කේලම් කියල තිබ්බද කිවුවොත් ලොක්ක ඇහුවළු"උඹ හිතනවද කිසි වැඩකට නැතිඔය යකාගෙන් මොකක්හරි වැඩක් ගන්න පුළුවන් කියල .)කියාල.සික්කා කිව්වළු "මිනිහාඔතන ඉන්න ඔක්කොටම වඩා මට හිතට ඇල්ලුවා , මට එයාව දෙන්න" කියල..ඔය ජාත්‍යාල සිද්දිවලට කලකට පස්සෙ මටයි ඕ එස්ටයි විරුද්දව ප්‍රධාන කළමණාකරුට ගතු කියල තිබ්බ අපේ පර්යන්තෙ ලොක්කත් ඇතුළුවසිංහල නිළදාරි ටික..අපි දෙන්න කාමරේ ඉඳන් "දෙමළු මරන එක" ගැන කතා කලාය, අපි දෙන්නම ජාතිවාදෙ කතා කරනවාය කියල.. .එයාට කියල තියෙන්නෙ එයා දෙමල මිනිස්සුන්ට වැඩියෙන් සලකනවය කියල අපි කිව්වයි කියලත්.අපි දෙන්නට හැමදාම ප්‍රශ්න තිබ්බ. ඒ මොකද අපි ලොක්ක වන්දනාවෙ ගියේ නෑ ..වැඩ ටික කලා හරියට. එච්චරයි.. ඕක ලොක්කාව අපි එක්ක නොරොක් කරන්න යොදාගත්තා මේ අයියලා. සමහරක් ලොක්කො ඔය ලොක්කන් වන්දනාව, කේලාම් සාහිත්‍යයට ප්‍රියයිනෙ..මෙයත් ඒ වගේ..ඔය ගමන යන කණ්ඩායම හැම වචනයක් ගානෙම සර් සර් සර් කියන හින්දා ඕක අහං හිටි ලොක්ක පුද්ගලිකව දන්න කෙනෙක් වෙච්ච ටයිටා දාල තිබ්බෙ "ස" ප්‍රසංගය කියල.ඔය කට්ටිය එකට ලොක්ක වන්දනාවෙ ගියදාට ටයිටා මට කියනවා. ඕං චීෆ් වික්ටර් රත්නායකයි වාදක මණ්ඩලෙයි "ස" ප්‍රසංගයට ලොක්ක ලඟට ආව කියල..කොහොම උනත් ඔය ජාති බේද වපුරන කතාවට මහ ලොක්කට නැග්ගා.අපි දෙන්නට එන්න කියල පණිවිඩය ආවෙ වී එච් එෆ් රේඩියෝ හරහා මුළු වරායටම ඇහෙන්නයි.. ඒක කියන වෙලාවෙ කියපු කෙනා අපිට කිව්වෙ හරියට මරණීය දණ්ඩනය ප්‍රකාශ කරනවා වගේ. ඒ මොකද වරායෙ මෙහෙයුම් කොට්ඨාශෙන් එලියට දැම්මාම වැටෙන්නෙ ලිපිගොනු තල්ලු කිරිල්ලටනෙ. එතකොට ඔය පගා මස්තාන්ලට පාඩුයි.. උන් හිතුවෙ මටත් එහෙමයි කියල.. අහ් තව එකක්... එකෙක් කියල තිබ්බ" මූ අර පිදුරු ගොඩේ හිටි බල්ල වගෙ මෙතන ලැගල ඉන්නවා ගතම් එකක් ගන්නෙත් නෑ,. මූ හින්දා ගන්න එකෙකුට මෙතෙන්ට එන්නත් නෑ" කියලත්.ඕ එස් ගියා ඉස්සෙල්ල ලොක්කගෙ කාමරේට. ගිහින් ඇතිවෙන්න බැණුම් අහගෙන ආවා. හැබැයි වචනයක්වත් කියල තිබ්බෙ නෑ. මං යන්න කලින් මටත් අවවාදයක් දුන්න."සරත් මේ යකා එක්ක වාද කරන්න යන්න එපා . ඔහේ කියන එකක් අහගෙන ඉන්න .." කියල.හැබැයි මට ඔය කෙරුවාව පුරුදු නෑ. මං ගියේම දෙන්නං කියල හිතාගෙනයි "ඇයි යකෝ අපිද ජාතිවාදියෝ ."ඔන්න ලොක්ක පටං ගත්තා. දෙසන්න."ඔව් මං මගෙ ජාතියෙ උන්ටත් සලකනවා තමයි මං දෙමලෙක්.. උඹ සිංහලයෙක් හින්දා උඹට මං නොසැලකුවාද . මං මෙතන තීරණ ගන්නෙ මට ඕනෙ විදිහට උඹ කව්ද ඒවා ප්‍රශ්න කරන්න ... "ඔන්න ඔහොම.තල් අත්තට බොරළු හලන්න වගේ කුණා‍ටුව හැමුවා. . මං ටිකක් අහගෙන ඉඳලා කිව්ව මට වචනයක් කියන්න දෙනවද . කියල.අර තරහ පිටිංම ලොක්ක කිවා"හ්ම්ම් කියාපන්" කියල."මිනිස්සු කරන හොඳ වැලලිල ගියාට නොකල නරකනම් පියාපත් අරං සර් ලඟට එනව නේද. " කියල මං ඇහුව. මිනිහාට නහුතෙට තද උනා."ඒ මොකක්ද යකෝ ඒ කතාව . " කියල කඩන් පැන්නා (ඉංග්‍රීසියෙන් ඔක්කොම කතාව ගියේ එයාගෙ සිංහල බොහොම දුප්පත්.)"දෙමළු මරන්න කතාකරන ඕ එසුයි මායි අපේ පණ එපා කියල රාජ්ව එදා කෝලාහල මැද්දෙ ගෙදර අරං ගියා කියල සර්ට කවුරුත් කිව්වෙ නෑ නේද . එහෙම නොකලා නම් එයාත් එයාගෙ පව්ලත් අද පොලොවෙ පස් යට.. ඒක සර්ට කවුරුත් කිව්වෙ නෑ නේද ."කියල මං හෙමිහිට ඇහුවා.ඔන්න නැගිටගෙන මං දිහාට එබීගෙන හිටි මිනිහා පු‍ටුව උඩට වැ‍ටුණ වෙලාව.ඒ කතාවෙන් පස්සෙ කවදාවත් මොකා මොන දේ කිව්වත් අර ලොක්කා මටත් ඕ එස්ටත් පාඩු වෙන තීරණ ගත්තෙ නෑ,. හැමදාම අපි ගැන හොඳ හැඟීමක් එයාට තිබ්බ.පස්සෙ කාලෙක එයාගෙ තීරණයකට විරුද්ධව මං ගියා.. එතකොට එයා සම කලමණාකාර අධ්‍යක්ෂ. මං පර්යන්ත කලමණාකරු. මං එයාදුන්න අනීතික නියෝගය ක්‍රියාත්මක කරන්න බැහැයි කිව්වා. එහෙම කරන්න ඕනෙම නම් මට ලිඛිත නියෝගයක් දෙන්න කියලත් කිව්වා. ඒකට මිනිහාට තද උනා .ඒත් පස්සෙ"උඹතමයි පළවෙනි එකා මාත් එක්ක එකට එක කතාකල..ඒකයි මං උඹට කැමති."කියල කිව්වා. මං අර නියෝගය ක්‍රියාත්මක කලෙත් නෑ මට ලියල දුන්නෙත් නෑ.ඒකට පිං සිද්ද වෙන්න එයා ගියාට පස්සෙ අපි දෙන්න ඉතිරි අපේ ජාතියේ සිංහලයින්ගෙන් බැට කෑවා.අවංකයා හැමදාම දු(පු)කේ කියන්නෙ ඒකයි.අද මේ කතාවට සම්බන්ද අයගෙන් ලොකු ලොක්කත් රාජත් ඕ එසුත් ජීවතුන් අතර නෑ.
BLOG
2014.07.07
http://lankapriyagesithivili.blogspot.com/
අනුන් හදපු සේනාව අරං යුද්දෙට යාම(මිනිස්සුත් එක්ක)
සරත් ලංකාප්‍රිය
මේ යටින් තියෙන දෙබසට අදාල අතීත කතාව මං ලියන්නං. ඒක පිරිස් පාලනය කරන වෘත්තීය ආරවුල් සහිත ආයතනවල නිළධාරීන් හැටියට සේවය කරන අයට ප්‍රයෝජනවත් වෙයි කියල මං හිතනවා. අනිත් අයට උනත් ඒකෙන් පාඩමක් ලැබේවි."සර් දකින්නත් ආසයි .. උපාලි මහත්තයත් සර් වගෙම තමයි.. අපෙ ගැන හොයල බලනවා.. ඕනෙම වෙලාවක ඇවිත් අපේ ප්‍රශ්නයක් කතා කරල විසඳගන්න පුළුවන්.."නිශ්ශංක කියන්නෙ දෙකන් දක්වා විහිදුන හිනාවක් එක්කයි.. නිශ්ශංක ගැන්ට්‍රි දොඹකර රියදුරෙක්.."අපි ඉතින් සරත් මහත්තයගෙ ගෝලයෝනෙ නිශ්ශංක.. එහෙම වෙන්න එපායැ."උපාලි කියන්නෙ ඊටත් වඩා පලල් හිනාවක් එක්කයි.. කාලෙකට පස්සෙ පව්ලෙ අයත් එක්ක ඉන්නවා වගෙ සතුටක් මට දැනුනා.මං එදා වරායට ගියේ සෑහෙන කාලෙකට පස්සෙයි.. කාලයක් මගෙ කාමරය වෙලා තිබ්බ කාමරේ අද ඉන්නෙ උපාලි.. මෙහෙයුම් අධ්‍යක්ෂක හැටියට..නිශ්ශංකගෙ අර වචන ඇහුනම මට දැනෙන්නෙ තමන්ගෙ දරුවෙකුගෙ ගුණ වර්ණනාවක් අහනකොට පියෙකුට ඇතිවෙනවා වගේ වගෙ සතුටක්.."අර ස්ට්‍රයික් එක වෙච්ච වෙලාවෙ අපි අතින් උන දේ හින්ද මං හිටියෙ සර් අපි එක්ක තරහෙන් ඇති කියලයි". නිශ්ශංක ආයිත් කතාව අළුත් කලා.ඒ පාර දෙකන් දක්වා ඇදිල ගියේ මගෙ කට.."-පිස්සුද ලමයෝ... ඒක එතනින් ඉවරයි..ඇයි ඊට පස්සෙ අපි හම්බ උනේම නැද්ද . ඊටත් අවුරුද්දකට පස්සෙනෙ මං යන්න ගියෙ .""ඔව් ඒ උනාට එදා අපි එහෙම සර්ට විරුද්ධව ගියේ හිතකින් නෙවෙයි.. අපි ස්ට්‍රයික් කරල ඉන්නකොට සර් එතෙන්ට ආවම අපි හැංගුණේ සර්ට මූණ දෙන්න බැරි හින්දා.""එව්ව දැන් ඉවරයිනෙ. කෝ පණ්ඩිත . දවසක් මං පාරෙදි දැකලා වාහනේ නතර කරල කෑගැහුවම මිනිහා අහක බලන් යන්න ගියා.""සර් පණ්ඩිතට රස්සාව නැතිවෙලා තිබ්බ වෙලාවෙ කඩදාසි අතින් අරං ගිහිං ඒක හදල දුන්න. ඒත් ඉතින් පණ්ඩිත ස්ට්‍රයික් එකේ මුලම හිටියනෙ. මිනිහට ඒ හින්දා සර්ට මූණ දෙන්න බැරුව ඇති.. නැත්නං අපි හුඟක් වෙලාවට සර් ගැන කතා කරනවා.""එහෙම උනේ සර්ගෙ වරදින් නෙවෙයි.. අනිත් නිලධාරින්ගෙ වරදින්..""නෑ නිශ්ශංක.. මගෙ වරදින්.. මං අනුන් හදපු හමුදාවක් අරං යුද්දෙට ගිය එක මගෙ වරද ..."වරායෙ සේවා මුර ක්‍රමය මහ අමුතු එකක්. බහළු පර්යන්තෙ සේවය කරන අයට සෙවා මුර දෙකක් තිබුණා. කණ්ඩායම් දෙකක් පැය දොලහෙ සේවා මුර දෙකකින් විසිහතර පැයක් තුන්සිය හැටපස් දවසක් තිස්සේ දුවන අත්‍යාවශ්‍ය සේවාවක් කරන එක ලේසි පාසු වැඩක් නෙවෙයි.. මුලින් තිබ්බ ක්‍රමයට දවස් හයක් දවල් වැඩ කරන කණ්ඩායම ඉරිදාට පැය විසිහතරක් වැඩ කරන්න ඕනෙ රාත්‍රී මුර හයක් කල අනිත් කණ්ඩායමට සතියට එක නිවාඩු දිනයක් දෙන්න. එක දිගට මෙහෙම රාත්‍රී සේවය කය වෙහෙසා කරන ‍රැකියාවකට ගෙනෙන්නෙ අඩු පලදායිතාවක් වගේම වැඩි ශාරීරික වෙහෙසක්. මිනිස්සු බලා ඉඳිද්දී පිරිහෙනවා.මේ මුර ක්‍රමය වරාය තරම්ම පරණයි.. 1998 දි සේවකයින් එක්ක සාකච්චා කරල ඒ වෙනුවට පැය අටේ මුර තුනක ක්‍රමයක් ක්‍රියාත්මක කරන මම මූලික උනා. ඒත් අවසානයේදි පැය අටේ ක්‍රමයට යන අදහසින් අන්තර්වාර ක්‍රමයක් හැටියට සේවකයෝ දවස් තුනක ස්ට්‍රයික් එකකට පස්සෙ එකඟ උනේ දිවා රාත්‍රී මුර දින තුනෙන් තුනට මාරු කරන ක්‍රමයකටයි මේ ක්‍රමය පරණ ක්‍රමයට වඩා එක අතකින් හොඳ උනේ සතියකට දින දෙකක් හැම කෙනෙකුටම නිවාඩු ලැබීම නිසා. ඒත් ඒ වෙනුවෙන් අනිත් කණ්ඩායමට සතියකට දින දෙකක් දිවා රාත්‍රී පැය 24 මුරයක වැඩ කරන්න සිදු උනා.මේ ක්‍රමය හඳුන්වා දීමේදි වෘත්තීය සමිති විරුද්ද උනේ කිසිම වග විභාගයක් නැතුවයි.. එවකට පැවති රජයට විරුද්ධ පක්ෂෙ සමිතියේ නායකත්වයෙන් ඒක කලේ කඩාකප්පල් කාරී ක්‍රියාවක් හැටියටයි හැබැයි අනිත් සමිතිත් හරියට මුලින් යන ගොනා පස්සෙ දුවන ගොන් ‍රැළ වගෙ මිනිස්සුන්ව වැඩ නැවැත්වීමට දැක්කුවා.මේ කාලෙ මට හොඳ සේවක සබඳතාවයක් තිබ්බ.වෘත්තීය සමිතිවලට වඩා සේවකයින්ට ලං වෙලා හිටියෙ මම. සමිතියකට ගෙනියන්න ප්‍රශ්න මම ඉතුරු කලේ නෑ. හැමදාම උදේට සේවක වැසිකිලි නාන කාමර පවා පුද්ගලිකව පරීක්ෂා කරල අඩු පාඩු මම හරි ගස්සනවා. කාට හරි අනතුරක් තුවාලයක් උනොත් එතනට පළමුවෙන්ම යන්නෙ මම..ඒක රඟපැමක් නෙවෙයි. කළමණාකාරීත්ව උපක්‍රමයකුත් නෙවෙයි. මම මිනිස්සුන්ට ආදරේ කල, ආදරේ කරන මිනිහෙක්.. ඒක මම ඉගෙන ගත්තෙ තාත්තාගෙන් අම්මාගෙන්.මිනිහෙක් ඒ වගෙ උනාම අමුතුවෙන් උපක්‍රම ඕනෙ නැහැ සේවකයින්ගෙ ආදරේ දිනා ගන්න.කිසිම තරාතිරමකින් තොරව ඕනෙම කෙනෙකුට ඕනෙම වෙලාවක මාව මුන ගැහිල කතා කරන්න මගෙ දොර ඇරල තිබ්බ. උදේ පාන්දර හයාමාරට විතර මං කාර්යාලෙට එනකොට මං හම්බවෙන්න කපුවා එනකල් දේවාලෙ ලඟ ඉන්න බැතිමත්තු වගේ හතර පස් දෙනෙක් ඉඳීම සාමාන්‍ය දසුනක්. මං මුලින් ලියපු මිනිස්සු එක්ක කියන සීරිස් එකේ කතා කියවපු මගෙ බ්ලොග් මිතුරෝ මේ විස්තර දන්නවා ඇති.ඔය අළුත් සේවා මුර ක්‍රමය ගෙනෙන්න ඉස්සර මම හැම කෙනෙක්ම පංති කාමරයකට ගෙන්නල පුද්ගලිකව විස්තර කරල ඔක්කොම ප්‍රශ්නවලට පිළිතුරු දුන්නා. කිසි කෙනෙකුට හොඳක් මිස නරකක් නොවෙන මේ වෙනසෙන් පාර වැදුන කට්ටියක් හිටිය. ඒ තමයි වැඩ නොකර හොරෙං පැනල ගිහින් වෙන වෙන දේ වල නිරත ජාවාරම් කාරයෝ.. එයාල තමයි මේ ස්ට්‍රයික් එකට මූලික වෙන්නේ.ඒ වගෙම මාත් එක්ක හොඳ නිලධාරි කණ්ඩායමක් හිටියා ඕනෙ දේකට මූණ දෙන්න පුළුවන්.. පහල සේවකයින් පාලනය කරන පරිපාලක අදිකාරිවරුන් අතරේ පවා මිනිස්සු එක්ක කණ්ඩායම් හැඟීමෙන් වැඩ කල නිළදාරීන් හිටි නිසා අර ස්ට්‍රයික් එක වෙලාවෙ සේවකයින්ගෙන් බාගයට ටිකක් වැඩියෙන් හිටියෙ අපෙ පැත්තෙ. ඒ කියන්නෙ මංම හදාගත්ත හමුදාවක් මං එක්ක හිටියා ඒ යුද්දෙදි.වර්ජනය ගියාට මොකද අපිට කිසිම බරපතල පාඩුවක් නැතුව වැඩ හෙමින් කරන්න පුළුවන් උනා. අන්තිමට දින කීපයකට පස්සෙ මිනිස්සු සමිති දමල ගහල වැඩට ආවා. එදා දවස මට තාමත් මතකයි.. මං එයාලව ඇමතුවෙ අංගනයෙ බැරල් එකක් උඩ නැගලයි.වරාය ඉතිහාසෙ වර්ජනයක් ඔය විදිහට ඉවර උනේ එදා. ඔය වර්ජනය යන වෙලාවෙ සරත් වැඩේ අනා ගත්තා කියල නොයෙකුත් අනාවැකි කියපු අය හිටියා. එයාලට කටවල් පුකේ ගහගන්න සිද්ද උනා. ඒ වෙලාවෙ ‍රැස්වෙලා හිටි වරායෙ අධ්‍යක්ෂක මණ්ඩලේ ක්ෂණික තීරණයකින් ඒ මොහොතේම ප්‍රධාන මෙහෙයුම් කළමණාකරු වෙලා හිටි මගෙ තනතුර මෙහෙයුම් අධ්‍යක්ෂක හැටියට උසස් කලා.මීට අවුරුද්දකට පස්සෙ මං මැලේසියාවට එන්නෙ අවුරුදු දෙකක ගිවිසුමක් මත බටහිර වරායෙ උපදේශකයෙක් හැටියට ගතමනාවක් හොයාගන්න වැ‍ටුප් රහිත අනුමත නිවාඩු අරගෙන.අවුරුදු එකහමාරකට පස්සෙ මාව ආපහු කැඳවන්නෙ නියමිත කාලය අවසන් වෙන්නත් කලින්. එහෙම ඇවිත් ආයතනයෙ සම කලමණාකාර අධ්‍යක්ෂක හැටියට වැඩ භාර ගන්නවා.අර කලින් කිවානෙ සේවාමුර ක්‍රමය වෙනස් කරල මුර තුනක ක්‍රමයකට යන්න තීරණයක් තිබ්බ කියල. මං නැති අතරේ මගෙන් පසු පාලනය කල සහෝදර නිලධාරි මහත්තුරු ඒ වැඩ සටහන ඉදිරියට ගෙනියන්න ගොඩක් වැඩ කරල තිබ්බා. එක වතාවක් ක්‍රියාත්මක කරන්න ගිහින් වැඩ වර්ජන තර්ජන නිසා අත්හැරල දාල තිබ්බ මේ යෝජනාව මං ආ හැටියේම ක්‍රියාත්මක කරන්න ආයතනය තීරණය කලේ ඊට මමත් කැමති උන නිසා.වසර එකහමාරක් තුලදි ආයතනයෙ සිදුවෙලා තිබ්බ වෙනස්කම් මම දැන හිටියා නම් අර විදිහට හදිසියේ ඒ තීරණයට එකඟ වෙන්නෙ නෑ. මගෙ පහල නිළධාරීනුත් ආයතනයෙ සභාපතිත් මට කී හැටියට ඒ වෙනකොට නැවත ක්‍රියාත්මක කිරීමට සුදුසු පරිදි සියළුම වෘත්තීය සමිති දැනුවත් කරල තිබ්බ.කොහොම උනත් වෘත්තීය සමිති ඒකාබද්ධ පෙරමුණ කියල එක්ක හදල එයාල ඒ වෙනකොටත් තර්ජනාංගුලිය ඔසවලා තිබ්බ මේක ගෙනාවොත් වර්ජනයකට යනවා කියලා.ඒත් කලමණාකාරීත්වයෙ හැමෝම කිව්වෙ එහෙම උනොත් වැඩ කරන්න මිනිස්සු ඉඳීවි ගියපාර වගෙ. එතකොට ඔක්කොම ටික දිනකින් ආපහු වැඩට ඒවි කියලයි.අනිත් අතට අළුත් පැය අටේ වැඩ ක්‍රමය නිසා හැමෝටම සතියකට දෙදිනක නිවාඩුත් පෙරගත් මුළුවැ‍ටුපට සමාන වැ‍ටුප් හා අතිකාලත් ඊටත් අමතරව ප්‍රවාහන පහසුකමුත් ලැබීමට අමතරව කිසිකෙනෙකුට පැය විසිහතරේ වැඩ මුරයක් නොතිබීමත් යන සාධනීය ප්‍රතිඵල කවුරුත් ප්‍රතික්ෂේප කරන්න හේතුවක් අපිට පෙනුනෙ නෑ.ඔන්න අපි නියමිත දිනයට අළුත් ක්‍රමය ක්‍රියාත්මක කරන්න තීරණය කලා. එදා පටන් ගත් වැඩ වර්ජනය සාර්ථක උනා. වැඩ කරන්න හිටි මිනිස්සුන්ට පාරෙ ‍රැකලා පහර දුන්නා. බය නිසා මිනිස්සු වැඩට ආවෙ නෑ. පහල විතරක් නෙවෙයි සම හා ඉහල කලමණාකාරීත්වයෙත් සමහරු යටින් වර්ජනයට උඩගෙඩි දුන්න. ඒ මදිවට ඒ කාලෙ පත් කරල හිටි අදියුරු මණ්ඩලේ හිටි සමහර වයසක සීයලත් යටින් නූල් ඇද්දා.වර්ජනය දින ගනන් ඇදෙනකොට දෙපැත්තම රත් උනා. දෙපැත්තටම ඕනෙ උනේ වැඩ කරන්න.අන්තිමට මිනිස්සු වැඩට එන්න සමිතිවලට බල කරන තත්වෙට ආවෙ වර්ජනය තේරුමක් නැති එකක් කියල බහුතරයක් දැනහිටි හින්දයි.. මට තිබුණ තොරතුරු අනුව එදා රාත්‍රී මුරයට ආපහු වැඩට එන්න මිනිස්සු බහුතරයක් ස්වාධීනව තීරණය කරල තිබ්බ. මේ නිසා මම කලමණාකාරීත්වයෙන් ඉල්ලුවා එක දවසක් අල්ලගෙන ඉන්න ඉඩ ආපහු පරණ ක්‍රමයටම යන්න කලින්.ඒත් එදා ඇමතිවරයාටත් දන්නලා අමාත්‍යාංශයේ ලේකම් අර බංකොලොත් වෙලා යන එන මං නැතුව ඒ වෙලාවෙ හිටි සමිතිවලට සාකච්චාවක් දීල ආපහු යන්න තීරනය කලා. එදා මට රස්සාව එපා උනා.අර සමිතිවලට නායකත්වය දුන්න තැනැත්තා මාස ගානකට පස්සෙ ඊලඟ ආණ්ඩුව යටතේ අධ්‍යක්ෂ මණ්ඩලේට ආව. එයා මට කී දේ දන්නවද . එදා අර සෙක්කාගෙ කැඳවීම නූනා නම් එදා රෑ සිට මිනිස්සු බහුතරයක් වැඩට එන්න තීරණය කරල තිබිලා.එදා ඒ පරාජයෙන් පස්සෙ තාමත් ජය බහළුවෙ අර පරණ ක්‍රමය තමයි දුවන්නෙ.පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව1. මා නොසිටි වසර එකහමාර තුල සෙවක පාලක දුරස්ථභාවයක් ගොඩ නැගිලා. මහත්තුරු කාමරවල දොරවල් වහගෙන පාලනය කලා. පාලකයින්ගෙන් ඒ විදිහට සැලකිලි එනකොට මිනිස්සු ප්‍රශ්න අරං සමිතිවලට ගියා.. පාලනයට තිබුණු සවිය සමිති අතට ක්‍රමයෙන් මාරු උනේ එහෙමයි. මිනිස්සු එක්ක ගැවසෙන මිනිස්සු ආදරේ කරන විස්වාස කරන පාලකයින් වෙන්න ඔවුන්ට බැරි උනා.2 පරිපාලනයේ දක්ෂ පරිපාලකයින් මා හා බැඳී වැඩ කල අය "සරත්ගෙ මිනිස්සු" කියල කපල දාල බල රහිත කරලා තිබ්බා.3. අවශ්‍ය පරිදි මිනිස්සුන්ව දැනුවත් කරල තිබ්බෙ නෑ. එහෙම කරල තිබ්බා නම් සුළුතරයක් ජාවාරම් කාරයින්ටයි අවස්ථාවාදී සමිතිවලටයි අර විදිහට බහුතරය පාලනය කරන්න ලැබෙන්නෙ නෑ. අළුත් ක්‍රමයෙන් වැදෙන්න ගියෙ වැඩ කරන අයට නෙවෙයි හොරුන්ට. වැඩට ඇවිත් හොරෙන් පනින්න බෑනෙ අතිරේක සේවකයින් නැති පැය අටේ ක්‍රමයට. පැය දොලහෙ ක්‍රමයට විශාල අතිරික්ත සේවක සංඛ්‍යාවක් ඉන්නව. ඉතින් බහුතරයක් අයිස් ගහනවා. හොරෙන් පනිනවා ජාවාරම් කරනවා. ඒවායින් සමහර බඩජාරි සමිති කාරයින්ට ලාබයි. ඒ හින්ද මේ කුණුවෙච්ච ක්‍රමය උන්ට හොඳයි කරිවිල ගෙඩියෙ ඉන්න පණුවන්ට වගේ.4 මා ගිය පසු පාලනයට පත්වූ අය ගැන දැනසිටි නිසා මේ තත්වය ඇතිවිය හැකිබව මා දැනසිටිය යුතුව තිබුණා.එයාල පාලකයො මිස නායකයෝ නෙවෙයි. ඒ යුතුකම මගෙන් මග හැරුණා.බහළු අංශය සෘජුව පාලනය කල මෙහෙයුම් කොට්ඨාශයෙ උසස් නිලධාරීන් සිටියදී සේවකයින් අතරට ගොස් සෘජුව සොයා බැලීම නුසුදුසු ක්‍රියාවක් කියා මම හිතුවා.5.මම ඉවත් කරල දාල තිබ්බ කඩාකප්පල්කාරී මිනිස්සු මා නොසිටි අතරේ නොයෙකුත් බලපෑම් මගින් ආපහු ඇතුලට ඇවිත් හිටියා. ඔවුන්ගේ සංවිධාන කිරීම යටින් කෙරුනා.6 තිබුණු රජය අවසාන දිනවලට එලඹෙමින් හිටියා. ඒ නිසා විරුද්ධ පක්ෂෙ සමිතියට ඕනෙ උනේ වර්ජන වගෙ ක්‍රියා ඇති කරන්න. (පසු කාලෙදි ඔවුන් ඒ බව මටම පැවසුවා)7 පරිපාලනය තුල සිටි කොටස් වර්ජනයට අතහිත දුන්න නොයෙකුත් හේතු මත. ඒ මදිවාට අදියුරු මඩුල්ලට දාල හිටියෙත් වයෝවෘද්ධ විශ්‍රාමික රාජ්‍ය නිලධාරි ටිකක්. එයාල හැමවෙලේම ඇද්දෙ ලොකු වෙනස්කම් නැතුව ඔහේ ඇදගෙන යන්න. වර්ජන අස්සෙ එයාල තනි තනියම සමිති එක්ක කතා කලා ඒකෙන් අපේ සවිය බිඳුනා.8 අමාත්‍යාංශෙ හිටි ඔලමොට්ටල ලේකම්ට ඕනෙ උනේ සමිතිවලට ජනප්‍රිය මිනිහා වෙන්නයි.. වෙන්නෙ මොකක්ද කියල කිසිම අවබෝධයක් එයාට තිබ්බෙ නෑ.මහ ලොකු තීරණය අරන් මිනිස්සු වැඩට ආවාම එයා ලොක්ක වෙන එකතමයි ඔළුවෙ රජ කලේ. එයා හැමවෙලෙම ඇන්දෙ අතරමග සමාදානෙට.. අන්තිමට ඒක කලා.9 ‍රැජින පර්යන්තය පුද්ගලිකකරනය කිරීමට එරෙහිවෙන්නත් මේ අවස්ථාවම යොදාගෙන තිබ්බ සමිති විසින්. මේක ඒ අවස්ථාවෙ ජනප්‍රිය සටන් පාඨයක් උනා. 10 අපි ‍තෝරාගත්තෙ අන්තිම නරක කාලයක් මේ වගෙ දෙයක් කරන්න. ආණ්ඩුවක අන්තිම කාලෙ.ඊලඟ අවුරුද්දෙ මම රස්සාව දාල ආවා හේතු ගොඩක් නිසා. ඒත් මේ සිද්ධියත් ඊට හුඟක් බලපෑවා.කාලෙකට පස්සෙ නිවාඩුවට ලංකාවෙ ඉන්නකොට මට පණිවිඩයක් ආව නියෝජ්‍ය ඇමති තුමා හම්බවෙන්න එන්න කියල. එතකොට ආණ්ඩු මාරු දෙකක් වෙලා. එදා මම ගියාම එතැන හිටියෙ වර්ජනය මෙහෙයවපු සමිති වලින් කීපයක නායකයෝ.ආපහු එන්න කියල මගෙන් ඉල්ලන්නයි මට කතා කරල තිබ්බෙ.. එතකොට මං හිටියෙ ආපහු නේන තැනකයි.."ඔයාල එදා සටන් කලේ මට විරුද්දව නේද .කියල මං ඇහුවා. ඒ මදිවට ඔයාල හිටියෙ අර හොරාගෙ නායකත්වෙ යටතේ.""එදා සර් හරි අපි වැරදියි.. අපිට සමාවෙන්න ..සර් ආපහු එනවානම් අපි කැමතියි..මිනිස්සු සර්ව ඉල්ලනවා ..සර්ල වගෙ අය ආයතනයෙ ඉන්න ඕනෙ.. "කියල කිව්වෙ එක වාමාංශික සමිතියක නායකයා."මට සමාවෙන්න.. මං කිව්ව. ඇමති තුමා. මට දැන් එන්න බැරි මගෙ දරුවගෙ අධ්‍යාපනය නිසා. ගිය වතාවෙ මාව ආපහු ගෙන්නුවාම ලංකාවට ඇවිත් එයාට ඉස්කෝලයක් නැතුව මාස ගනනක් ගෙදර හිටියා.අන්තිමට අමාරුවෙන් මියුසියස් දාගත්තෙ. ඊට පස්සෙ සිංහල මාධ්‍යයෙන් ඉගෙන ගන්න එයාට ලොකු සටනක් කරන්න සිද්ද උනා. දැන් එයා ඉංග්‍රීසි මාධ්‍යයෙන් හොඳට ඉගෙන ගන්නවා. ලංකාවට ඇවිත් ඒක කරන්න මට වත්කමක් නෑ. සිංහල මාධ්‍යයට ආපහු ගියොත් එයාගෙ ඉගෙනීම කඩාකප්පල් වෙනවා.""ඔයාලට පෙනෙනවානේ මහත්තයා ඉන්න තත්වෙ . මට ඉතින් බල කරන්න බෑ .."උප ඇමති තුමා කතාව හමාර කලා. මං බොහොම කණගා‍ටුවෙන් ආපහු ආවෙ. කරන්න දෙයක් නෑ ..ජීවිතේ එක කාලෙකදි අපි ආසා කරන දේ එක පැත්තකයි දරුවන්ගෙ අනාගතේ අනිත් පැත්තෙයි දාල තරාදියෙ කිරන්න වෙනවා. එතකොට දරුවන්ගෙ පැත්ත බරයි..ඔය විදිහට ඒ පරිච්ඡේදෙ ඉවර උනා.තමුන් හදානොගත්ත අනුන් හදපු හමුදාවක් අරං කවදාවත් යුද්දෙට යන්න එපා .
BLOG
2014.06.16
http://lankapriyagesithivili.blogspot.com/
මේව වෙන්නෙ කොයි රටේද ? ඇමෙරිකාවෙ, ඇමෙරිකාවෙ..
සරත් ලංකාප්‍රිය
වෙන්නේ කොහෙද මෙවුවා අපේ රටේනොවේඇමෙරිකාව කියනා බුමියේම වේඅන්තර්ජාලයෙන් කොපියකි මම ගැහුවේරස වැඩි වෙන්න එය මම කවියෙන් ලිවුවේඇමෙරිකාවේ හිටි ලොක්කා දවසක්දාඑබුනා සුපිරි බැංකුවකට අනෙ මන්දාසල්ලි ගන්න ආවොත් මෙහි මගෙ උන්දාඑක ඩොලරයක් නොදෙනුයි උපදෙස් බැන්දා“මේ උපදෙස් හැටියට වැඩ කරන්නටනැහැ කිසි ප්‍රශ්නයක් වෙන නම් දකින්නටආයතනයේ උපදෙස් පිළිපදින්නටඕනාඔබගෙ හැඳුනුම්පත බලන්නට“ඇයි බොල මේ රටේ කවුරුද නොම දන්නේජෝජ් බුෂ් කියා එක අයෙකුයි ඉන්නේඑහෙවු එකේ අයිඩෙන්ටිය ඉල්ලන්නේබොට මොන යකා වැහිලද මා නැත දන්නේ .”“එහෙම කියා බැහැ මහතුනි අපෙ පැත්තේවැඩටික කෙරන විදිහක් හරියට ඇත්තේඒ විදිහටයි කවුරුත් එය කළ යුත්තේවෙන විදිහකින් හෝ ඔබ හැඳිනිය යුත්තේ.”“අයිඩෙන්ටිය නැතුව ආනොල් මෙහි ආවාඔහුගේ විසෙස් හැකියාවල් මට පෑවාබොඩියේ මසල් දැක මට සතුටක් ආවාමේ නම් ආනොල්මයයි ඔක්කොම කීවා”“ඔයවගෙ ඇන්ජලින ජොලි ආ වෙලාවේමිස්ට ඇන්ඩ් මිසිස් ස්මිත් රඟපෑවේසමහර අඟ පසඟ ඇය අපහට පෑවේඔක්කොම අපේ කොල්ලෝ ඇයහැඳිනුවේ”“ඔයවගෙ දස්සතා ඔබ සතුවද ඇත්තේනම් ඒවා අපට පෙන්වා දිය යුත්තේඒවා බලා හැඳුනුම අප කල මත්තේඔබෙ උපදෙස් පිලිපදිනෙමු අපි සත්තේ” විස්සෝපෙන් නිකටේ අත තියාගෙනපැය බාගයක් හිටියා කල්පනාවෙනවට පිට බලා අර කොල්ලා වෙතහෙමිනහරවා මෙසේ කීවා මලවා වූවන“විසෙස් කිසි සමත් කම් මා සතු නොවෙනහින්දා මම කොහොම එයපෙන්වමි මෙතන .”මෙවදන් අසා මදහස පා එකසැනිනකොල්ලා කියයි “අයිඩෙන්ටිය නැහැ ඕන”“කිසිදු විසෙස් හැකියාවක් නොම ලද්දතව මිනිහෙක් මේ රට මෙතෙකට ඇද්ද .මේ නම් හිටපු ලොක්කයිමොන සැකයක්දදැන් හැක මට ඔබේ නියෝගය පිළිපැද්ද “(ගැදියෙන් හෝ ලියනු මැන අදහස් -කවි නොහැකියාව කියවා හොරෙන් පැනයාමට නිදහසට කරුණක් නොවේ .).
BLOG
2014.06.10
http://lankapriyagesithivili.blogspot.com/
බූට්(ස්) කතාවක්
සරත් ලංකාප්‍රිය
බුට් කතා තරම එල කතා තවත් ඇති කියල මම හිතන්නේ නෑ . අඩුම ගන්නේ 50% වත් කොල්ලෝ මේක කාල රහ දන්නවා .. ඇත්තටම රහයි මතක් වෙන කොට… මායි ඉවාන් පව්ලූෂයි කතා උනා මේ සතිය බූට් සතියක් කරමු කියල .. ඔන්න මගෙන් කතාවක්.. දැන් තාත්තා උනාට මාත් කොල්ලෙක් වෙලා හිටියා නෙව..හැබැයි මේ කතාව එසේ මෙසේ බුට් කතාවක් නෙවෙයි. මගේ පරම… වනේ වන හතුරෙකුටවත් මේ බුට් මට දෙන්න හේතු පාදක වෙච්ච බුවාටවත් වෙන්න එපා කියල මම ප්‍රර්ථනා කරනවා.- ඒ මොකද ඌ කරගත්ත වැඩේ නිසා මම ගොඩ .මම ඕ ලෙවෙල් කරලා ඒ ලෙවෙල් පන්තියේ ඉන්න කොට අපේ පන්තිය තිබුනේ ක්‍රීඩා පිට්ටනියට යාබදව.කොච්චර ඉගෙනගන්න පුළුවන් එකා වුනත් මම හිටියේ ඉතින් පස්සම පේලියේ ජනේලය ලඟයි. මේ කාලේ මගේ හිත තදින් අල්ල ගත්ත අංගනාවක් හිටිය සාන්ත දාන්ත තීන්ත කුඩුව වගේ. ගමන හරිම හෙමින් ලාලිතයට තමයි. සුදුයි ලස්සනයි. නම කු.. ප්‍රථම ප්‍රේමය .. කෙටියෙන් කියමුකෝ,, ඇහැ දුන්න.. ඇහැ ගත්ත. එයා ඉස්සරහින් ගියා... මං පස්සෙන් යනකොට එයා පැන්සල බිමට දැම්ම. මං ඕක ඇහිඳල ගිහින් දුන්නම සකල සරීරය හිරිවැටෙන විදිහේ බැල්මක් දාල තැන්කියු කිව්ව. හපෝයි.. අර එඩ්වඩ් ජයකොඩිගෙපුංචි දඟකාරියේ..පුංචි හැඩකාරියේ දෑස ගිණිදැල් වගෙයි ..දැවෙන්නේ මමයිදැවෙන්නේ මමයි..කියන සින්දුවෙන් කියන්නෙ අරෙහෙම උනාම කොල්ලෙකුට වෙනදේ.. .. දැන් මම ෆොලෝ එක දෙනවා… මගේ .. යාලු බුවෝ සපෝට් එකත් දෙනවා… හැබැයි මගේ වැඩ හරිම හෙමින්.. මම සත්‍ය ප්‍රේම බ්රුංග රාජයා.. ඉතින් වැඩිය හිතින් ප්‍රේම කළා මිසක් සෙනෙහෙ කොලයක් වත් ලිවුවේ නෑ.. දැන් ලමයා මගේ පන්තියේ ජනේලය ලඟට එනවා යාලුවත් එක්ක ඉන්ටවල් එකේදී ඉතින් ඔහේ හෙමින් වැඩේ යන කොට මගේ තව යාලුවෙක් මගේ ඩෙස්ක් එක ලඟට ඇවිල්ල අහනවා“මචන් උඹගේ මොකුත් තියෙනවද කු එක්ක . මට පොඩි අදහසක් තියෙනවා එයා ගැන”කියල. ( මමත් ඉතින් අය්ය වගේ හිතනවා ” හා තෝ කරයි එහෙනම් … මේක දාගත්තොත් මූ . පඟර නැට්ටා.... කියල ‘ ) ” පිස්සුද බන් . උඹට පුළුවන් නම් දාගනින් "(ඌ එච්චර හැන්ඩියෙක් නෙවෙයි . මාත් බය නැතුව අරෙහෙම කිව්වෙ ඒකයි..) මගේ කරුමෙට මට ඊළඟ සතියේ ඉස්කෝලේ එන්න බැරි වුණා මොකක් හරි සිරා හේතුවක් නිසා. එහෙම නූනා නම් අතක් පයක් කැඩුණත් ඔය වගෙ කාලෙක ඉස්කෝලෙ නෑවිත් ඉඳීද මං . සතියකට පස්සෙමම ඉතින් අය්ය වගේ ආව ඉස්කෝලෙට ආතල් එකේ.. ඇයි මගේ පොරතම ප්‍රේමිය ඉන්නවනේ ..මාව දැක්ක ගමන් පියා කියනවා"ඒයි සර‍තෝ තොගේ කු. අරු.. වික්කා අන්න දාගෙන .."“ පිස්සුද යකෝ… " මම කියනවා…” උඹට මාව විස්වාස නැත්නම්වරෙන් යන්න දෙල්ගහ යට හෝල් එකට පෙන්නන්න . "(දෙල් ගහයට හෝල් එක අස්සක තිබුන නිසා ඔක්කොම ලව් තිබුනේ එතන)අරූ මගෙ කකුලෙන් අදිනව කියල හිතාගෙන ඒත් ඉතින් සැකයක් තිබ්බ නිසා සුරුස් ගාල දිව්ව මං.. .. යකෝ මේ ඉන්නේ දෙන්න හේත්තුව දාගෙන … මගේ යකා ආවේශ වුණා .. මම ගිහින් හැප්පුන උගේ ඇඟේ අරකිත් විසි වෙන්න.කොච්චර අසාදාරන උනත් මගේ වැඩේ මම අදත් පසු තැවෙන්නේ නෑ ඒකට. එතනින් ඉවරයි ඒක….පස්සේ ඌ ඇවිත් මට කියනවා"මචෝ උඹ මට කිවුව නම් මම ඕක දාගන්නේ නෑ නේ මං නිකං ජොලියටයි කරන්නේ..ඔය මල්වත්තට ‍ෆිල්ම් එහෙකට දෙහෙකට අරං ගිහිං නවත්තනවා."කියල… අන්න ඒ වෙලාවෙ නං මට ඌට බිම පෙරලාගෙන අම්බානකට දෙන්න හිතුණා. ඌ මගේ හතුරා ඉතින්. ඒ මොකද ඌ ඒක සීරියල් කලානං ඉවසන්න පුළුවන්..අර විදිහට මගෙ පොරතම ප්‍රේමිය බාල කරපු එකට මම ඌට යටින් වයිරයි.. හම්බ උනාම කතා කරනවා.. යටින් වයිර කර කර.. … හැබැයි මේක හින්දම මම ඉගෙනීමට පුල් සීරියල් ගහල ඒ ලෙවෙල් එක පාරෙන් ගොඩ දාගෙන කැම්පස් ගියා කියමුකෝ …ඔය කාලේ ගාලු පාරේ එක නගරෙක හිටිය අපිට මාමා කෙනෙක්. ඔය මාමාට හිටිය ඇහැට කනට පේන ගිනි කිරිල්ලියක්.. ඕක ඉතින් මගේ මිටෙරේට අපේ අය්ය කාරයා තමය් දැම්මේ..” මල්ලි උඹ නිකම් ඒ පැත්තේ හොටේ දාල බලපන්"කියල… “ සැහෙන කාලෙකට ඉස්සර දැකපු වෙලාවේ පුංචි බට්ටියක් උනාට දැන් හොඳට ඇති කියල මගේ හිත කියනවා. අවුරුද්දක් කැම්පස් ඉඳලත් තාම කරත්තයකුත් බැඳ ගන්න බැරිවුන එකේ,… හිතාගත්ත යන්න මාමගේ ගෙදර….ගජේට ගත්ත ෆුල් සීරියල් කිටකුත් ගහගෙන..ඔන්න මම ඉතින් පාරට වැටිලා රේල් පාර පැනලා අතුරු පාරේ ඉස්සරහට යනවා ' මගෙ පස්සෙන් ඇවිත් “ඒයි සරා ” කියල එකෙක් කෑ ගහනවා … බැලින්නම් වික්කා…. මගේ පරම හතුරා …“කොහෙද මචන් යන්නේ .. ”උඹ කොහෙද මේ පැත්තේ ." මම අහනවා.“මම දැන් මේ ළඟ ඉන්නේ ‘වැඩ කරන්නේ ***888 "ඌ කියනවා.“මම අපේ මාමගේ ගෙදර යනවා බන් පස්සේ හම්බ වෙමු" කියල මම ඉතින් ගියා මගේ තරහ හිතේ තියාගෙන… (පරය තව එනවා මචන් කියාගෙන අනේ මට තොගේ බෙල්ල කඩන්න ඇත්නම් කියලයි මට හිතුනේ..”)ඔන්න මාමගේ ගෙදර ගියා.. නැන්ද ආව… මාමත් ආව… හැබැයි අපේක්ෂිත ලාලනිය තාම නෑනංගී කොහෙද මාමේ කියල අහන්ටත් හිතට බයයි… මුනෙන්ම මගේ අදහස මාමාට තේරේවි ..මෙහෙම හිත හිත ඉන්නකොටම මෙන්න බඩ්ඩ දොරෙන් එලියට එනවා ” හා.. අය්යේ ” කියාගෙන…හැබැයි බන්ඩිය ටිකක් ලොකුයි …මාස හතක විතර එකක්..ඊ ලඟට ඒකිට පස්සෙන් එලියට එනවා වික්කා ... (නොදකින් පංච මහා විරිත්තා- තව ඌ මට විරිත්තන්නත් එනවා )උඹල එක්කෙනෙක්වත් මම වගේ ඩබල් බුට් කාල තියෙනවද එකම බුවෙකුගෙන් .ඒ මදිවට මේ යක්ෂය මගේ මාමගේ දුවත් පොට්‌ කළා නෙව ...අපරාදේ බිස්කට් පෙට්ටියට ගිය මගේ සල්ලි .
BLOG
2014.12.10
http://palinguwa.blogspot.com
මතක මංපෙත - A walk to remember (පලමු කොටස)
සාත්තර පුංචා
මේ1985 සිසිර සෘතුව ආසන්නයේ එක් නිසන්සල රැයකදි බියුෆෝට් නගරයයි. බියුෆෝට් යනු ඇමරිකා එක්සත්ජනපද සතුවු මනරම් ජනපදයකි. මගේ ජිවිතයේ වෙනස් විම ඇර‍ඹෙනුයේ මේ දින යැයි මා කිසිලෙසකින්වත් සිතුවේනැත. නමුත් එය එසේම සිදුවිය.අප,අපගේ මිතුරු හවුලට තවෙකෙකු එක්කිරිමට තිරනය කලදා පටන් මේ දිනය පිලිබදසැලසුමක් අප සතුව විය."එයා කොහෙද , හරි නම් දැන් එන්න ඔනේ නේ" මා එසේ පවසන විට එයට පිලිතුරු දුන්නේ මගේ අතිජාත මිතුරාවූත්හින්දෑරි සිරුරකට හිමිකම් කියනාවූත් කටකාර එරික්ය."මට නම් කෑගහන්න හිතෙනවා" යැයි ඔහු කිහ. ඔහුගේ ප්‍රකාශය මගේ පැනයට පිලිතුරක් නොවුවද ඒ වන විට අප පසුවුදැඩි කලකිරිම දැක්විමට ප්‍රමාණවත් විය."උඔ නිකං කෙදිරිගාන්නේ මදුරුවෙක් වගේනේ"-"මට ඔනේ නටන්න" දැන් පැය භාගයක පමන සිට නිහඩව සිට බේලන්ඩාද තම හඩ අවදි කලේය.බේලන්ඩා යනු සැපවත්දිවියක් ගත කරනා කුමාරිකාවක් බදු යුවතියකි. ඇය හා මා කලකට පෙර පෙම්වතුන් වු නමුදු අද අප හොද මිතුරන් බවටපත්ව ඇත්තේ ඇගේ උඩගු අහංකාර ගතියයි. සුන්දරයුවතියකට යම් ආඩම්බර බවක් තිබිය යුතුය. නමුදු ඇය ඒ සිමාවපසුකර බොහොදුර ගොස් සිටියේය."ඉතිං ගිහින් නටන්න"-"ඔයත් එන්න ඔනේ ලැන්ඩන්""මට ඔනේ නෑ නටන්න" මා අකමැති බව ඇය හොදින් දනිතත් ඔවැනි දෑ ඈ නිතරම වගේ සිදුකරයි.අප බලාපොරොත්තුවෙන් සිටි සගයා පැමිනියේය . අපේ අභියෝගය වුයේ අඩි 20 පමන ඉහලින් වු අපද්‍රව්‍යනලයේ සිට පහල ජලාශයට සාර්ථකව පැනිමයි. නවකයා ඊට සුදනම්ව පැමිනියේය. මා ද ඔහු සමග එම ක්‍රියාදාමයටඑක්විම ඔහුගේ සිතට අස්වැසිල්ලක් ගෙන දුන්නද එය අපගේ සැලසුමේ තවත් එක් පියවරක් පමනක් විය. තමබියගුලු ගතිය වසන් කරමින් ඔහු ඉහලට නැග. මරන්නට ගෙන යන මුවපොව්වෙකු මෙන් අසරන සිනාවක් පැවේතවදුරටත් බිය යටපත් කරගත නොහැකිවු නිසාවෙනි."බයවෙන්නෙපා මමත් ඕක සියපාරක් විතර කරලා තියෙනවා"ඔහු සමග මා පැනිමට සුදානම් වුවද මා පැන්නේ නැත.මා මින් පෙර මේ නලය අසලට පැමින ඇත්තේද අවස්ථා දෙකක් හෝතුනකදි පමනි. ඔහු සිතුලෙසම ජලාශය තුල නොපෙනිගියේය."ලැන්ඩන් අර යකා උඩට ආවේ නෑ" එරික් කෑ ගැසිය.ඒ සමගම අප්‍රාණික වු ඔහුගේ සිරුර ජලයෙන් මතුවිය. සියල්ලන්ම භිතියට පත්වි සිටි. මා විගස ජලාශයට බැස ඔහුවගොඩට ගෙන එන විට ජලාශයේ ශබ්ධය නිසා අවදිවි කම්හල්හිමියා විදුලි පන්දමද රැගෙන පැමිනෙමින් සිටියේය.
BLOG
2014.11.07
http://palinguwa.blogspot.com
TSU ගැන දැනගන්න
සාත්තර පුංචා
TSUවෙත පිවිසෙන්න.
BLOG
2014.11.02
http://palinguwa.blogspot.com
තමන්ටම කියලා සොෆ්ට්වෙයා හදාගන්න මෙන්න නියම වැඩකෑල්ල
සාත්තර පුංචා
පරිඝනක මෘදුකාංගයක් නිර්මානය කරනවා කියන්නේ හරිම සංඛිරන දෙයක් කියලා ඔයාලා දන්නවා ඇතිනේ. මෘදුකාංගයක් හදන්න අවශවන අදහස ඔයාටලත් ඇති හැබැයි ඒක හදන්න පරිගනක ක්‍රමලේඛන භාෂාවක් (Programming Language) අන්න ඒකට විසදුමක් විදිහට අද මම ඔයාලට ගේනවා නියම සොෆ්ට්වෙයා ඒකක්. හරියටම කිව්වොත් සොෆ්ට්වෙයා හදන්න පුළුවන් සොෆ්ට්වෙයා එකක් . හැබැයි මේකේ නොමිලේ දෙන සංස්කරනයේ දි ඔයාට මෘදුකාංගයක් .exe විදිහට හදන්න ලැබෙන්නේ පැය විසිහතරකට එක් වරක් පමනයි ඒ කියන්නේ සොෆ්ට්වෙයාර් එකcompile කරන්න ලැබෙන්නේ ඒක දවසකට වතාවක් පමනයි. ඒ වගේම මතක තබාගතයුතුදේ තමයි වෙනත් ක්‍රමලේඛන භාෂාවලින් කරන හැමදේම මේකෙන් කරන්න බෑ හැබැයි අපිට වැදගත්වන බෝහෝමයක් දේවල් මේකෙන් කරන්න පුළුවන්.
BLOG
2014.09.27
http://palinguwa.blogspot.com
බලධාරියා විසින් කපාහරින ලදි
සාත්තර පුංචා
අද කියන්න යනනේ මේ වෙන‍කොට සයිබර් අවකාශයේ අපේ කට්ටිය අතරේ තියෙන සංවාදයක් ගැනයි. ඒත තමයි විදේශිය "වැඩිහිටියන්ට පමණයි" හෝ "අතිශයෙන්ම වැඩිහිටියන්ට පමණයි" කාන්ඩයේ සිනමාපට අපේ රටේ ප්‍රසිද්ධ කිරිම සුදුසුද යන වග.ඒක බෝහෝම සංවේදි වගේම බැරැරුම් මාතෘකාවක් නමුත් කියන්න තියෙන්නේ අපේ රටේ මේ සම්බන්ධයෙන් කෙරුණ සමික්ෂණ බොහොම අඩුයි.කට්ටියක් මේකට විරුද්ධව දක්වන හේතුව තමයි මේ සම්භාව්‍ය හෝ සම්මානනීය චිත්‍රපට වුවත් මෙවායේ අසබි දර්ෂණ ලාංකික ප්‍රක්ෂකත්වයට නුසුදුසු බව. නමුත් එහෙම තිරනයක් ගන්න කාටද අයිතියක් තියෙන්නේ . අනෙක් ශ්‍රීලංකා පොලිසියේ වාර්ථා අනුව ස්ත්‍රි දුෂණ කල අයගෙන් අති බහුතරය(73%) කෙදිනකවත් අසැබි අනත්ර්ගතයක් නොබැලු අයයි.ඒ අනුව මේවායේන සෘජු හානියක් සාමාජයට ඇතිදැයි සොයැබැලිය යුතුයි.(වෙනත් හානි නැතුවාම නොවෙයි)අනෙක විද්වත් ප්ලේටෝ කියලා තියෙනවා කලා නිර්මාණයක් කිසිදා අපේ ජිවිත වලට බලපෑමක් ඇති නොකරන බව. අන්න එ් කතාවෙන් එක ගැටලුවකට පිලිතුරක් ලැබුනත් තවත් ප්‍රශ්ණයක් පැනනැගෙනවා . ඒසේ නම් මේ කලා කෘති නිර්මාණය කරන්නේ කුමකටද කියන එක. ඇත්තටම සාස්තර පුංචාට හිතෙන විදිහට නම් කලාකරුවාද යම් මායාවක පැටලි ඉන්නේ . මොකද ඔවුන් සිතනවා ඔවුන් දකින්නේ මිනිස් ජිවිතවල සැබෑ යතාර්ථය බව. ඒක නිසා ඔවුන් සමාජයේ සැගවිගිය සමහර කාරණා සමාජය ඉදිරියට‍ගේන්න උත්සහාකරනවා . නමුත් ඇත්තනම් මේ සියල්ලම එකිනෙකා විසින් මවාගන්නාලද මතිමතාන්තර බවයි. උදාහරනයකට කලකට පෙර අපේ රටේ භික්ෂුන් වහන්සේලාගේ‍‍ෙලෟකික ජිවිත අලලා චිත්‍රපට බිහිවුවා නමුත් ඒවා සියල්ලම අදාල නිර්මාණකරුවන්ගේ හුදු කල්පිතයන් පමනයි.(යම් සිදුවිම් සත්‍ය වියහැකියි)ලෝක සිනමාවේ විචාරක ප්‍රසාදයට පත්වු බෝහෝසිනමා පට තුල මිනිසාගේ අභ්‍යන්තර මානසිකත්වය පිලිබද කතාකරනවා.අවාසනාවකට අපේ රටේ අය මේ සිනමාපට වල අසැබි දර්ෂණ අල්ලාගෙන මුළුසලරුවම නිර්ධය ලෙස වි‍වේචනය කරනවා .නමුත් මොහොතකට සිතා බලන්න ඇත්තටම අපි අන්තගාමි විය යුතුද.කුඩා දරුවාටත් අන්තරජාලයට පිවිසෙන් පුළුවන් නිසා මෙවැනි චිත්‍රපට ජනප්‍රිව වෙබ් අඩවි තුලින් පලකිරිම නුසුදුසුද. දරුවන්ට නිසි ලිංගික අධ්‍යාපනයක් දෙන්න බැරිවු නිසා ඔවුන් නොමග යෑම නිසා තවකෙනෙකුගේ රසවින්දනයට බාධාකිරිම කොතරම් ප්‍රජාතන්ත්‍රවාදිද . සිතන්න ඔබත් මේ ගැන.
BLOG
2014.08.31
http://palinguwa.blogspot.com
විවෘතය විකිණිමට තිබේ
සාත්තර පුංචා
පළිගුව කවදාවත් පාට පක්ෂ දේශපාලනය ගැන කතාකලේ නෑ. නමුත් අද මේ කතාකරන ප්‍රශ්නය ගැන කතා කරද්දි එහෙම දේශපාලනයක් පළිගුවෙත් තියෙනවද කියලා ඔබට සිතෙන්නට පුළුවන් සහෘද පාඨකයිනේ මෙය අපගේ අතිශය පෞද්ගලික අදහසක් පමනක් බව කරුණාවෙන් සලකන්න. ඊයේ(30) නාවල විවෘතය ඉදිරපිට දැවැන්ත විරෝධතාවක් තිබුනා.ඉතිං සාස්තර පුංචාත් කිට්ටු කරලා බැලුවා මේ මොකද වෙන්නේ කියලා . එතකොට දැනගන්න ලැබුනා විවෘතය විකුන්න දාලාලුගිය වසරේ පටන් විවෘත විශ්ව විද්‍යාලය පෙර නොවුවිරූ අන්දමින් වෙනස්වන්නට විය.එයට හේතුවුවාවයි සැලකෙන්නේ එහි වර්ථමාන උපකුලපති ආචාර්‍ය විජිත නානයක්කාර මහාතාගේ පැමිනිමයි. ඒ සමග එතෙක් තිබුනු සියළු ශිෂ්‍ය සංගම් නැවත පිහිටුවිම දින නියමයක් නොමැතිව කල් දමන ලදි . එමෙන්ම එතෙක් පැවිති ගාස්තු සංශෝධන ක්‍රියවලිය සම්පුරනයෙන්ම වෙනස් කරන ලදි. උදාහරනයකට සමානයෙන් විවෘතයේ ගාස්තුව වසරින් වසර වැඩි වුයේ 10% වැනි ඉතා සුලු මුදලකිනි. නමුත් 2013/2014 අධ්‍යන වර්ෂයේ එය 120% ඉහල නැංවිය. එමෙන්ම උපකුලපතිවරයා පුවත්පතක් සමග කල සාකච්චාවකදි මෙය 300% වියයුතු බව ප්‍රකාශ කර තිබුනි ( 2014-08-24 රාවය) .. එහෙම වුනේ ඇයි .උපකුලපතිතුමා ප්‍රකාශකරන අන්දමට වි.වි.ප්‍ර. කොමිෂන් සභාව විවෘතයට දෙන මුදල කප්පාදු කරලාලු .නමුත් සිසුන්ගේ අදහසන් උපකුලපතිතුමන් නිවැරදි ඉලක්කයන් සපුරා නොගත් නිසාවි.වි.ප්‍ර. කොමිෂන් සභාව මේ ප්‍රතිපාදන කප්පාදු කල බවයි.අනික විජිත නානයක්කාර මහතා කියන්නේ ගියවර මහාමැතිවරනයෙන් ඡන්දය ඉල්ලා පරාජය වුනු අපේ්ක්ෂකයෙක් .එවගේම මහාචාර්‍යවරු උගන්වන මේ විශ්ව විද්‍යාලයේ ආචාර්‍යවරයෙක් තමයි උපකුලපතිමේක තනිකරම දේශපාලන පත්විමක්.. එ්ත්ඇයිමේකට අරගල කරන්නේ මේක පෞද්ගලික විශ්ව විද්‍යාලයක් නේද.-නෑවිවෘත විශ්වවිද්‍යාලය කියන්නේ1978 පාර්ලිමෙන්තු පනතක් මගින් පිහිටවු විශේෂ අධ්‍යන ආයතනයක්, නෛතික හා අධ්‍යනය මට්ටමවලන්අනෙකුත් සම්ප්‍රදායික විශ්වවිද්‍යාල හා සමාන වේ. විවෘතය කියන්නේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාල 15 එකක්. මෙය කිසිසෙත්ම අර්ධ රාජ්‍ය හෝ පෞද්ගලික විශ්ව විද්‍යාලයක් නොවෙයිශ්‍රිලංකාවේ විශාලතම රාජ්‍ය විශ්වවිද්‍යාලයත් මෙයයි(ශිෂ්‍ය සංඛ්‍යාව මත). එත් මේකට මුදල් ගන්නවානේද .යම් මුදලක් අය කරනවා නමුත් එය සිසුන්ට ලබාදෙන ඉගෙනුම් උපකාරක (පෙළපොත්) සදහා පමනයි .අනෙක් සියළුම මූල්‍යමය අවශතා විශ්වවිද්‍යාල කොමිෂන් සභාවෙන් ලැබෙනවා.ඒ අනුව සිසුන්ට තම උපාධිය වෙනුවෙන් දැරිමට සිදුවුයේ එහි මුලු වියදමින් 25% පමනයි. දැන් මොකද වෙන්නේදැනටත් ක්‍රිඩාවන් හා සියළු කලා කටයුතු උපකුලපති තුමා තහනම් කරලා. 2012දි විශ්වවිද්‍යාල ශ්‍රේණි ගතකිරමේ 4 වෙනි තැන තිබුනු විවෘතය අද 7 තැනට වැටිලා.වර්ථමාන තත්ත්වය අනුව එය ඉදිරියේදි පහල මධ්‍යමපාන්තියන්ට තහනම් කලාපයක් වේවි .එමෙන්ම එය අර්ධරාජ්‍ය විශ්ව විද්‍යාලයක් ලෙස ඉදිරියෙදි නැවත පිහිටුවාවි.38000 පමණවු වාර්ෂික ශිෂ්‍ය සංඛයාව ඉතා අවම වේවිබරපතලම කාරනය එය රාජ්‍ය විශ්වවිද්‍යාල පෞද්ගලිකකරනයේ පලමු පියවර විමයි.ඔබත් මමත් විදින මේ නිදහස් අධ්‍යාපනයේ අවසානය වැඩි ඈතක නම් නොවනවගයි මේක දැකපු සාස්තර පුංචාට නම් සිතුනේ. කපා කොටා - කෑලි කපා අප වලකනු - සිතනු එපා.විශේෂ ස්තුතිය - විවෘත විශ්වවිද්‍යාලිය ශිෂ්‍ය එකමුතුව.
BLOG
2014.08.22
http://palinguwa.blogspot.com
වාරියපොල නංගි ඇත්තටම NEWS එකක්ද ?
සාත්තර පුංචා
අපේ රටේ රූපවාහිනි නාලිකා වල ප්‍රවෘත්ති සදහා ප්‍රමිතියක් නැති බව ඇත්තය.නමුත් ඔවුන් යම් සම්මුතියක් රැකගෙන ආවේය නාලිකාවක නිවුස් එකක් වන්නට නම් එ සිදුවිම සැපිරිය යුතු සුදුසු කම් ගොන්නක්ද තිබුනි.ඒඅතර ප්‍රධාන වශයෙන්ම එම සිදුවිම රටේ මහජනයාට බලපාන දෙයක්ද යන්න ඉහලින්ම සලකාබැලන ලදි.නමුත් පසුගියදා සිදුවුබව කියන වාරිපොල තරුණියගේ ප්‍රහාරය ප්‍රධානපෙලේ කිසිදු මාධ්‍යක් අවරනය නොකරන ප්‍රවෘත්තියක් පමනක්ම විය. නමුත් සමහර මාධ්‍යට එය රස පුවත්ක් විය මේසටහන්න එගැනයි.සමාජ ජාල තුල වේගයෙන් පැතිරුනත් එම සිදුවිමේන් අපට ඇති දෙයක් නැත. කොල්ලෙක් කෙල්ලෙක් ඉදිරයේ හිස පත්කරගෙන හොද හැටි ගුටි කන සිදුවිමකි (තරුණයා නිවැරදිකරු නොවන්නට ඇත).නමුත් ඔබ අප යනෙන බස්රථයේ අනග රුගුම් පානා මැදිවියේ පිරිමි මිටත් වඩා සුපිරි ලෙස කාන්තාවන්ගේ ප්‍රහාරවලට ලක්වන අයුරු දැක ඇත. මේ යන විදිහට එවාද ඉදියේ නිවුස් ලෙස රාත්‍රියේ අපට දකින්න ලැබේවි. නාලිකාවක වගකිම දොදැන නිවුස් වලින් 1st බව කිවට ඔනෑම කුණු ගොඩක් විකාශනය කරන්නට තරම් ඔවුන්ගේ රේටිංස් අඩුවිලාදැයි අපට සිතේමෙහි භයානකම දේ අපේ රටේ නාලිකා වල ප්‍රවෘත්ති වල විශ්වාසනියත්වය පිලිබද අවුලකිසිතන්න ඔබ ජිවත් වන මේ රටේ නාලිකාවකට නිවුස් නැති හැටිඇත්තටම ඒ සිදුවිම ටිවි එකේ ප්‍රධාන ප්‍රවෘත්තියක් වියුයුතුව තිබුනු දෙයක්ද . * * *.
BLOG
2014.08.17
http://palinguwa.blogspot.com
My Sister’s Keeper (2009) | ඔබ වෙනුවෙන්ද මා [සිංහල උපසිරසි සමඟ]
සාත්තර පුංචා
මේ කතාව විද්‍යාප්‍රබන්ධයක් හැබැයි මේක අපි වෙනදා දකින සුපිරි විරයෝ, රොබෝවරු, අධිතාක්ෂණික මෙවලම් නැති හරිම වෙනස් විදිහේ විද්‍යා ප්‍රබන්ධයක්. තාක්ෂණය වත් දෘශ්‍ය ප්‍රයෝගවත් අවශ්‍ය නෑ විද්‍යා ප්‍රබන්ධයකට කියන කාරණාව ඔප්පු කල හැකි හොදම සාක්ෂියක් තමයි මේක. සරල විද්‍යා සංකල්පයකින් විශාල සමාජ ගැටලු සහා පවුලක ඇති බැදිම් හා වගකිම් ගැන හරිම අපුරුවට කියාදෙන සලරුවක් මේක. මේක ඒක චරිතයක් වටා ගොනුවුණත් අනෙක් චරිත වල සිතුම් පැතුම් මේ කතාව තුළ දිග හැරෙනවා. පහළ විස්තරෙත් තියෙන නිසා වැඩි දෙයක් කියන්නෑ. වෙනදා වගේම මේ සදහා උපකාර කල බයිස්කොප් අඩවියේ සියලුම සොයුරන්ට ස්තුතිය පුද කරනවා. මතක ඇතුව ඔයාගේ අදහස් හා චෝදනා (තියෙනවානම්) පහළින් දාන්නකෝ තවත් උපසිරසකින් නැවත හමුවෙමු.මීට කලින් පළකළ ලිපිය.ඔන්න අද මම ටිකක් බොක්කට වදින බයිස්කෝප් එකක් අරගෙන එනවා. නාට්‍යම ලක්ෂණ එමටයි. අනිවා බලන්නකෝ.ඉතාමත් ප්‍රසිද්ධ වුන පොතක් ආශ්‍රයෙන් තමා මේ කතාව නිර්මාණය කරල තියෙන්නේ. කතාව කෙටියෙන් මෙහෙමයි. ලස්සන පවුලක් තියෙනවා, ඉතාමත් අවාසනාවන්ත තත්වයකට මුහුණපාල සිටින. ලියුකේමියා රෝගී තත්වයෙන් පෙලී සිටින දියණියක් බේරා ගැනීමට ජානමය වෙනස් කිරීමකට ලක් කර, කෘතිමව තව ළමයෙක් මේ දෙමව්පියන්ට හදන්න සිදු වෙනවා.මොහොතකට හිතන්න, තමන් මේ ලොවේ එළිය දුටුවේ තව ජීවිතයක් බේරා ගැනීමට මිසක් වෙන හේතුවක් නිසා නෙවෙයි කියල දැන ගත්තොත්. එහෙම දැනගෙන උදව් කරන්න ප්‍රතික්ෂේප කලොත්. ඒ හේතුවෙන් මුළු පවුලම දෙදරා ගියොත්.Cameron Diazගේ අපූර්ව මෙන්ම වෙනස් රංගනයෙන් හැඩවුන මේ චිත්‍රපටිය ඔබේ බයිස්කෝප් එකතුවට එක් කරගන්න අමතක කරන්න එපා. IMDB හි 7.4/10 ක ශ්‍රේණිගත කිරීමකට ලක් වෙලාත් තියෙනවා. සිංහල උපසිරැස මෙතනින් ටොරන්ට් එක මෙතනින්.
BLOG
2014.08.16
http://palinguwa.blogspot.com
දකුණු කොරියාව එපා කරවන ලදී ! :-(
සාත්තර පුංචා
මෑත කාලයේ සිට අපේ රටේ කොරියානු (දකුණු කොරියාව) කතා මාලාවන් පෙන්වීම වසංගතයක් මෙන් බෝවෙලා. ඒ නාලිකාවල මේ විකාරය බොහෝ විට සිදු කරන්නේ ඒවායේ අලවි අංශයෙන් . ඒ ඔලමොට්ටලයන්ට නොතේරුණ කරුණ නම් ඕනේම දෙයක් ඕනෑවට වඩා ඔනේම නැතිබවයි.එකම වර්ගයේ දර්ෂණ තල , ඇදුම් ආයිත්තම් , සංස්කරන රටාවන් දැන් අපේ රටේ ප්‍රේක්ෂකයාට එපා වී ගොසිනි. දෙයක් ජනප්‍රිය වූ විට එයම පට්ට ගසන්නට වී තිබෙන්නනේ ජාතියේ අවාසනවට ජාතික නාලිකාවලිනි. කොරියානු ඓතිහාසික කතා හොදය. නමුත් මෙලෙස පට්ට ගැසිමෙන් නැවත සිදුවන්නේ ප්‍රේක්ෂක රසවින්දනයට හානි කිරිමක් නොවේද.වෙනදාට රාජ්‍ය මාධ්‍ය පෞද්ගලික නාලිකාවලින්වත් බලා තම වැඩසටහන් වෙනස් කරගත්තේය.නමුත් අද පෞද්ගලික නාලිකාවලින්ද පෙරකී ඔලමෙට්ටලයම ක්‍රියත්මක කරන්නට සැරසේ.චීනෙට වඩා මෙහෙ චීන අවන්හල් තියෙනවා වගේම , අපි කොරියානුවන්ට වඩා කොරියන් කතා නරඹන යුගය වැඩි ඈතක නොවේ. එහෙම නොවේව‍ා කියා අපි ප්‍රාර්ථනා කරමු .
BLOG
2014.08.15
http://palinguwa.blogspot.com
සාමයෙන් සැතපේවා රොබින් විලියම්ස් මහතාණෙනි
සාත්තර පුංචා
ඔස්කාර් සම්මාන ලාභී රූපවාහිනී සහ සිනමා ප්‍රහසන නළුරොබින් විලියම්ස්මහතා පසුගිය11වන දිනමෙලොවින් සමුගන්නා ලදී. මියයන විට63වන වියේපසුවිය. ඔහුගේ සිරුර කැලිෆෝනියාවේ ටිබියුරන් හි ඔහුගේ නිවසේ තිබී හමුවී ඇත.ඔහුගේ මරණය සියදිවි නසාගැනීමක් හෝ හුස්මගැනීමේ අපහසුවක් නිසා සිදු වූ බවට මේ වන විට පැවසේ.1951 ජූලි 21උපන් ඔහුමිය යන විට දරුවන් තිදෙනෙකුගේ පියෙක් විය(Zelda Rae Williams,Cody Alan Williams,Zachary Pym Williams).ඔහු විවාහ ජීවිත තුනක් ගතකර ඇති අතර මියයන විට ඔහුSusan Schneiderසමඟින් 2011 සිට විවාහ වී සිට ඇත.(Marsha Garces(1989–2010),Valerie Velardi(1978–1988))Academy Award for Best Actor in a Supporting Roleඇතුළු සම්මාන රැසකින් ඔහු තම රංගන දිවිය තුල පිදුම් ලබා ඇත. ඔහු නළුවෙකු, ප්‍රහසන ශිල්පියෙකු, චිත්‍රපට නිෂ්පාදකවරයෙකු සහ තිරපිටපත් රචකයෙකු ලෙස කටයුතු කර ඇත. අවසන් වරට ඔහු රංගනයෙන් දායක වුනුAbsolutely Anything,Night at the Museum: Secret of the Tomb,Merry Friggin’ Christmasයන සිනමාපටඉදිරියේදී තිරගත වීමට නියමිතය.රොබින් විලියම්ස් මහතාණෙනි. ඔබ ඔබ දැන් අපි අතර නොමැති වුවද ඔබ නිසා වරක් හෝ සිනාසුනු අපගේ සිත් තුල ඔබ සදා අමරණීයයි. ඔබ සාමයේ සැතපේවා. උපුටා ගැනිම [බයිස්කෝප් මංසල ].
BLOG
2014.03.22
http://palinguwa.blogspot.com
The X Files (1998) | අනාගතය වෙනුවෙන් සටනක්. [සිංහල උපසිරසි සමඟ]
සාත්තර පුංචා
කළිදු වසුකඉතිං යාළුවනේ මගේ දෙවන උපසිරසිය තමයි මේක. ඒවගේම පළමු චිත්‍රපටිය. ඔගොල්ලෝ දන්න The X-Files කතාවෙම දිගුවක් විදිහටයි මේ සලරුව නිර්මාණය වෙලා තියෙන්නේ. 1998 තිරගත වුණු මේ සලරුව රොබ් බොව්මන්ගේ අධ්‍යක්ෂණයක්, David duchovny හා Gillian anderson තමයි මොල්ඩර් හා ස්කෙලීගේ චරිත වලට පණ පොවන්නේ. සිනමා දර්ශකයේ 6.9 අගයක් තියෙනවා (කොහොමත් මේවගේ අද්භූත කතාවලට ලොකු අගයක් ලැබෙන්නෑනේ)කතාව පටන් ගන්නේ ආදී මානවයිගේ යුගයේ සිට පැවත එන අද්භූත සිදුවීම් දාමකින්. ඊට සියවස්ගානකට පස්සේ එකවර අමරිකාවේ ගොඩනැගිල්ලක බෝම්බයක් පිපිරෙනවා. ස්කලිටයි මොල්ඩර්ටයි තමයි මේක වරද පැටවෙන්නේ. ඒ අතරේ කට්ටියක් රාජ්‍ය බලය පැහැරගන්න හදනවා. මේ එකකට එකක් සම්බන්ධ නැති මේ අවුල විසදන්න මේ පරික්ෂකයින් දෙන්නට හැකිවෙයිද. ***“එයා තනි මිනිහෙක්”“තනි මිනිහෙක්ට බෑ අනාගතය වෙනුවෙන් සටන් කරන්න”Sinhala subTorrent.
BLOG
2014.11.27
http://uorunionnews.blogspot.com/
RIP බොදු බල සේනා
Recon
බොදුබල සේනාව යනු සිංහලයන් වෙනුවෙන්වත්, බෞද්ධයන් වෙනුවෙන්වත් පෙනී සිටින සංවිධානයක් නොව, මහින්ද රාජපක්ෂ වෙනුවෙන් ඡන්ද එකතු කරන කැන්වසින් ව්‍යාපෘතියක් බව අප කීවේ අද ඊයේ නොව දැනට වසර ගණනකට පෙර ය.. ඒ කාලයේ අපව ආමන්ත්‍රණය කරනු ලැබුවේ මෙන්න මේ වචන සෙට් එකෙනි.. "අවජාතක පරයා, රට ජාතිය ආගම පාවා දෙන බත්බැලයා, දේශද්‍රෝහියා, කාලකන්නියා, කවලමා, පරයා, සංකරයා, හම්බයාගේ හොර ෂොට් එක" සහ තවත් මෙහි ලියා දැක්විය නොහෙන බොහෝ සුමධුර සුභාෂිත සුගායනීය වදන් වැලක් මෙහි වෙයි.. දැන් නැට්ටුවා අඩව්ව අල්ලා හමාර ය.. මෙතෙක් කල් දමාගෙන හිටපු වෙස් මුහුණ දැන් ගැලවී වැටී හමාර ය.. වෙස් මුහුණ පමණක් නොව, ඉණේ ඇඳිවත පවා දැන් ගැලවී හමාර ය.. මා අහන්නේ එකම එක ප්‍රශ්නයකි.. මහත්වරුනි, දැන් ඔබ මොකද කියන්නේ.
BLOG
2014.11.26
http://uorunionnews.blogspot.com/
ජනපතිගේ අදූරදර්ශී ක්‍රියාපිළිවෙත ඉතා පිළිකුලෙන් හෙළාදකිනවා
Recon
ජනපතිගේ අදූරදර්ශී ක්‍රියාපිළිවෙත ඉතා පිළිකුලෙන් හෙළාදකිනවා ඉන්දීය හෙරොයින් ඡවාරම්කරුවන්ගේ මරණ ද`ඩුවම අහෝසිකොට පිටුවහල් කිරීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය ගත් ක්‍රියාමාර්ගය පිළිකුළෙන් හෙළාදකින බව ජාතික හෙළ උරුමය අවධාරණය කරයි. එම පක්ෂයේ නායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් ඒ ගැන මාධ්‍ය වෙත නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ මෙය ඉන්දීය මත්ද්‍රව්‍ය ඡාවාරම්කරුවන්ට දුන් පිටුබලයක් බවයි. එකී චූදිතයින් නිදහස් කිරීම වූ කලී විධායක ජනපතිට කළ නොහැකි දෙයක් නොමැති බව මනාව පෙන්වා ඇතැයිද උන්වහන්සේ නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි. එම නිවේදනය පහත පරිදිය. මහපරිමාණ හෙරොයින් ජාවාරමක් හරහා අත්අඩංගුවට පත්ව පසුව ගරු අධිකරණයෙන් මරණීය ද`ඩුවම ලබාදුන් ඉන්දීය ධීවරයින් පස්දෙනෙක් ජනාධිපති සමාව යටතේ වහාම නිදහස්කොට නැවත තම මව්රටට පිටත් කරවූ බව මාධ්‍ය වලින් අනාවරණය කර තිබිණි. මෙම ක්‍රියාදාමය ඉතා බරපතළ ප්‍රතිවිපාකදාමයක මූලාරම්භය ලෙස අප දකිමු. ශ්‍රී ලංකාවට හෙරොයින් හා භයංකාර මත්ද්‍රව්‍ය ඉන්දීය ධීවරයින් හරහා ගෙන එන බව කාහටත් නොරහසකි. එසේම එම ඡාවාරම පිටුපස මෙරට ප්‍රබල ව්‍යාපාරිකයන්, දේශපාලඥයින් මෙන්ම දැනට අක්‍රියව පවතින දෙමළ බෙදුම්වාදීන්ගේද ප්‍රබල සහයක් ලැබේ. ඒ අනුව නීතිය ක්‍රියාත්මක කරන අංශවල දැඩි පරිශ්‍රමයෙන් මෙසේ අත්අඩංගුවට පත්වන මත්ද්‍රව්‍ය ඡාවාරම්කරුවන් අපරට නීතියට අනුව ලබාදෙන උපරිම දණ්ඩණයට ලක්කෙරේ. එහිදී ඔවුන්ගේ ජාතිය, ආගම හෝ දේශීය විදේශීයභාවය සැලකිල්ලට නොගෙනේ. මෙසේ තිබිය දී ගරු අධිකරණය විසින් ලබාදුන් මරණීය ද`ඩුවම ඉවත්කොට ඉන්දීය බලපෑමට මත්ද්‍රව්‍ය අපරාධකරුවන් නිදහස්කොට එරටට පිටුවහල් කිරීම බරපතළ වරදකි. විධායක ජනාධිපතිධූරයේ අත්තනෝමතිකභාවය කොතරම් ද යන්න මෙයින් මනාව පැහැදිලි වේ. අධිකරණය විසින් මරණ දණ්ඩණයට ලක්කළ හෙරොයින් ඡාවාරම්කරුවන් නිදහස් කිරීම තුළින්ම විධායකයට කළ නොහැක්කක් නොමැත යන්න සනාථ වෙයි. මෙම වැරදි පූර්වාදර්ශය හරහා මත්ද්‍රව්‍ය ඡාවාරම්කරුවන් හට මෙරටට මත්ද්‍රව්‍ය ගෙනඒමට අනගි අවස්ථාවක් රජය මගින් අමනෝඥ ලෙස ලබා දී ඇත. ඒ මගින් මින් ඉදිරියට ඉන්දීය ධීවරයින්හට මත්ද්‍රව්‍ය ඡාවාරම් කිරීමට ලබාදුන් නිල අවසරයක් ලෙස ද මෙම ක්‍රියාව සැලකිය හැකිය. මෙම අදූරදර්ශී තීරණය මගින් ඉන්දීය ධීවරයන් වේශයෙන් මත්ද්‍රව්‍ය ඡාවාරම්කරුවන් එරට පුරවැසියන් භාවිතා කරමින් මෙරටට මත්ද්‍රව්‍ය ගෙනඒම ත්‍රීවුර වියහැකි බවත්, එසේ අත්අඩංගුවට පත්වන ඉන්දීය පුරවැසියන් එරට මධ්‍යම රජයේ බලපෑම හමුවේ නිදොස්වීමේ අවධානමක් ද පවතී. වෙනත් රටවල අත්අඩංගුවේ පසුවන හෝ මරණ දඬුවමට ලක් වූ අය නිදහස්කර ගැනීමට හෝ හුවමාරු කරගැනීමට මෙය නරක පූර්වාදර්ශයක් වනු ඇත. අප රටේ පුරවැසියන්හට එවැනි මත්ද්‍රව්‍ය ඡාවාරමකට මරණීය ද`ඩුවම ලැබෙන අතර වෙනත් රටක පුරවැසියෙකු නිදොස් කිරීම මගින් විදෙස් මත්ද්‍රව්‍ය ඡාවාරම්කරුවන්ට පිටුබලයක් ලැබෙන බව මෙයින් අවධාරණය කරමු. එම නිසා ශ්‍රී ලංකා රජය හා ජනාධිපතිතුමා මේ සම්බන්ධයෙන් ගත් අදූරදර්ශී ක්‍රියා පිළිවෙත අප ඉතා පිළිකුලෙන් හෙළා දකිමු. ස්තුතියි. ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමි නායක.
BLOG
2014.11.26
http://uorunionnews.blogspot.com/
එක්සත් ජාතික පක්ෂයේ ඉතිහාසය ලියන මම
Recon
ශ්‍රී ලංකාවේ නූතන දේශපාලන ඉතිහාසය පිළිබඳව ලියන කියන කෙනෙකුට කීමට හා ලිවීමට ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ ඉතිහාසය බවත් එක්සත් ජාතික පක්ෂයේ ඉතිහාසය ලියන කියන කෙනෙකුට ලියන්න කියන්න ඇත්තේ ශ්‍රී ලංකාවේ නූතන දේශපාලන ඉතිහාසය බවත් බොහෝ දේශපාලන විචාරකයින්ගේ පොදු මතයයි. 1946 සැප්තැම්බර් මාසයේ 6 වනදා ආරම්භ වන එක්සත් ජාතික පක්ෂය ලාංකීය දේශපාලන කුස තුළ පිළිසිඳ ගන්නේ ඊට දශක කිහිපයකට පෙරයි. ඒ සුදු අධිරාජ්‍යවාදීන්ගෙන් රට නිදහස් කරගැනීමේ සටන වෙනුවෙන් මෙරට නායකයින් 1912 දී ආරම්භ කල අමද්‍යප ව්‍යාපාරය සමගයි. පූජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමංගල, පූජ්‍ය මිගෙට්ටුවත්තේ ගුණානන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලාද අනගාරික ධර්මපාල, වලිසිංහ හරිස්චන්ද්‍ර, එෆ්.ආර් සේනානායක, ඩී.එස් සේනානායක, සර් ඩී.බී ජයතිලක ආදී ලාංකීය ජන නායකයින් අමද්‍ය ව්‍යාපාරය ආරම්භ කිරීමේ පුරෝගාමීන් ලෙස කටයුතු කලහ. රටපුරා සුදු ජාතීන් විසින් මෙරට ජනතාවට පුරුදු පුහුණු කල මත්පානයේ විපාක ජනතාව දැනුවත් කල මෙම නායකයින් නිවහල් නිදහස් ජාතියක වටිනාකමද එහිදී ජනතාවට පෙන්වාදුන්හ. ඉන්පසු අමද්‍යප ව්‍යාපාරයේ නායකයින් රැසක් සුදු අධිරාජ්‍යවාදීන්ගේ රජය විසින් සිරභාරයට ගැනීමත් සමගම ඔවුන්ට විරුද්ධව සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකාව නිදහස් රාජ්‍යයක් කරගැනීමේ සටන ඇරඹීම සඳහා ජාතික ව්‍යාපාරයක අවශ්‍යතාවය මෙම නායකයින්ට ඇතිවිය. ඒ අනුව 1918 වසරේදී ලංකා ජාතික සංගමය ලෙස බිහිවන නව ජාතික ව්‍යාපාරයට සියළු ජාතීන් නියෝජනය කරමින් උගත් ලාංකිකයින් රැසක් එක්විය. හිටපු ජනාධිපති ජේ.ආර් ජයවර්ධන මහතාගේ පියාවන ඊ.ඩබ් ජයවර්ධන මහතා විසින් ලංකා ජාතික සංගමය ඇරඹීමට මූලිකත්වය ලබාදෙන අතර ඊට සර් පොන්නම්බලම් රාමනාදන්, සර් මොහොමඩ් මාකන් මාකර්, සර් ජේම්ස් පීරිස්, ඊ.ඩබ් පෙරේරා වැනි නායකයින් රැසක්ද තම දායකත්වය ලබාදුන්හ. නිදහස ඉල්ලා මෙම ව්‍යාපාරය විසින් ගෙනගිය සටන හේතුවෙන් ඩොනමෝර් කොමිෂන් සභාවේ නිර්දේශ මත 1931 දී රාජ්‍ය මන්ත්‍රණ සභාව පිහිටුවීමෙන් පසු ලංකා ජාතික සංගමයේ ගමන්මගට බාධාද එල්ලවිය. ඒ ලංකා ජාතික සංගමයට අමතරව සමසමාජ පක්ෂය, සූරියමල් ව්‍යාපාරය වැනි තවත් දේශපාලන සංවිධාන බිහිවීම තුළිනි. කෙසේ වුවත් ඒ වන විට ලංකා ජාතික සංගමය නියෝජනය කල තරුණ නායකයින් රැසකට නව දේශපාලන ව්‍යාපාරයක අවශ්‍යතාවය දැනුනු අතර ඊට ඩී.එස් සේනානායක, ඩඩ්ලි සේනානායක, ජේ.ආර් ජයවර්ධන, ඇල්බට් එෆ් පීරිස් යන නායකයින් නව ජීවයක්ද ලබාදුන්හ. ඒ අනුව එහි ප්‍රතිඵලයක් ලෙස 1946 සැප්තැම්බර් 6 වන දින කොළඹ ගිල්ෆ්‍රඩ් ක්‍රෙසන්ට්හි පාම්කෝට් මන්දිරයේදී පැවති පළමු රැස්වීමේදී රාජ්‍ය සභා මන්ත්‍රී එස්.නඩේෂන් මැතිතුමා විසින් කරන ලද යෝජනාවක් රාජ්‍ය සභා මන්ත්‍රී ටී.බී ජයා මැතිතුමා විසින් ස්ථිර කරනු ලදුව එක්සත් ජාතික පක්ෂය යන නමින් නව දේශපාලන ව්‍යාපාරයක් ඇරඹ්නි. ඊට සිංහල මහා සභාව, ද්‍රවිඩ සංගමය, මුස්ලිම් පෙරමුණ, යෝනක, මැලේ, බර්ගර් හා යුරෝපීය ජාතීන් නියෝජනය කරන සංගම්ද එක්වීම තුළ එම නව දේශපාලන පක්ෂය සමාජය තුළ පුළුල්ව විහිද ගියේය. ඉන් අනතුරුව එක්සත් ජාතික පක්ෂය සිය දේශපාලන ගමන්මග අරඹමින් ලංකා පාර්ලිමේන්තුවෙන් වෙනුවෙන් 1947 දී පැවති පළමු මැතිවරණයේදී වැඩි මහජන මන්ත්‍රී ආසන සංඛ්‍යාවක් ලබාගනිමින් ආණ්ඩු බලය දිනාගැනීමට සමත්විය. සෝල්බරි කොමිෂන් සභාවේ නිර්දේශ මත ස්වාධීන රාජ්‍යක් බිහිකිරීමට සමත්වූ මෙම රජය 1948 පෙබරවාරි 4 වන දින ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් නිදහස ලබාදීමට උරදී කටයුතු කළේය. නිදහස් ශ්‍රී ලංකාවේ පළමු අගමැතිවරයා ලෙස මහාමාන්‍ය ඩී.එස් සේනානායක මැතිතුමන් ඒ අනුව ලක් ඉතිහාසයට එක්විය. ඉන් අනතුරුව පක්ෂය විසින් රටට දැයට අතිමහත් වැඩකොටසක් ඉටුකරමින් ඉදිරියට ගමන්කරන අතර 1952 වසරේ මාර්තු මස 22 වන දින ගාලූ මුවදොර පිටියේදී අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී.එස් සේනානායක මැතිතුමන් බිම ඇදවැටීමත් සමග එම ගමන්මගට පළමු බාධාව එල්ලවිය. එම අනතුරින් එතුමා අභාවප්‍රාප්තවීමත් සමගම පක්ෂයේ නායකත්වය සඳහා ඩඩ්ලි සේනානායක මහතා මෙන්ම සර් ජෝන් කොතලාවල මහත්වරුන් අතර උණුසුම් සටනක් ඇතිවූ අතර අවසානයේ ඩඩ්ලි සේනානායක මහතා පක්ෂ නායකත්වයට හා අග්‍රාමාත්‍ය ධූරයට පත්වෙමින් එය නිමාවිය. සිංහල මහා සභාව සමග එක්සත් ජාතික පක්ෂයට එක්වන එස්.ඩබ්.ආර්.ඩී බණ්ඩාරනායක මැතිතුමා පක්ෂය සමග ඇතිකරගත් මතගැටුමක් හේතුවෙන් 1952 දී එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්වගොස් ඔහුගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවීමත් සමගම එක්සත් ජාතික පක්ෂයෙන් වෙන්ව ගිය පළමු පිරිස ලෙස ඔවුන් ඉතිහාසයට එක්විය. කෙසේ වුවත් 1953 වසරේදී වාමාංෂික නායකයින් විසින් නායකත්වය දෙන ලද හර්තාල් ව්‍යාපාරයක් හේතුවෙන් පක්ෂ නායක ඩඩ්ලි සේනානායක මැතිතුමා පක්ෂ නායකත්වයෙන් හා අග්‍රාමාත්‍ය ධූරයෙන්ද ඉල්ලා අස්විය. ඒත් සමගම පක්ෂ නායකත්වයට පත්වන සර් ජෝන් කොතලාවල මහතා අග්‍රාමාත්‍ය ධූරය හොබවමින් 1956 දක්වා රජය පවත්වාගෙන යාමට සමත්විය. සියළු ජාතීන්ගේ සහභාගීත්වයෙන් එක්සත් ශ්‍රී ලංකාවක් බිහිකිරීමේ අරමුණින් එක්සත් ජාතික පක්ෂය ආරම්භවුවද ඉන් බිඳීගිය එස්.ඩබ්.ආර්.ඩී බණ්ඩාරනායක මැතිතුමා සිංහල පමණක් යන මතයෙහි පිහිටා කටයුතු කිරීම හේතුවෙන් එතෙක් ගොඩනගාගෙන ආ ලාංකීය ජාතීයේ විශාල ඉරිතැලීමක් ඇතිවිය. කෙසේ වුවත් 1956 දී පැවති මහා මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය දරුණු පරාජයකට පත්වන්නේ බණ්ඩාරනායක මැතිතුමාගේ එම මතය බහුුතර සිංහල ජතාවගේ හැඟීම්වලට ආශ්වාදජනක මාතෘකාවක් වූ නිසාවෙනි. කෙසේ වුවත් එක්සත් ජාතික පක්ෂ රජයක් බිහිකිරීමේ අරමුණින් එවක පක්ෂය තුළ සිටි සියළු බලමුළු එක්තැන්කොටගෙන 1958 දී මහනුවර බලා දැවැන්ත පාගමනක් ජේ.ආර් ජයවර්ධන මැතිතුමාගේ නායකත්වයෙන් ගමන් ඇරඹුවද ඉඹුල්ගොඩදී ඊට එල්ලවන රාජ්‍ය මර්ධනය හරහා එය නවතා දැමීමට සිදුවිය. 1960 වසරේ සිට 1965 වසර දක්වා මෙරට දේශපාලනයේ විවිධ සිදුවීම් රැසක් සිදුවූ අතර යළිත් 1965 දී ආණ්ඩු බලය ලබාගැනීමට එක්සත් ජාතික පක්ෂය සමත්විය. ඩඩ්ලි සේනානායක අගමැතිතුමන් යටතේ 1970 වසර දක්වා පාලන බලය හොබවන එම රජය නිදහස් ශ්‍රී ලංකාවේ ඉදිරි ගමනට වැඩදායී පියවරයන් රැසක් ආරම්භ කිරීමටද මූලිකත්වය ගත්තේය. නමුත් 1970 වසරේ පැවති මහා මැතිවරණයේදී යළිත් වතාවක් එක්සත් ජාතික පක්ෂය නමැති තනි දේශපාලන පක්ෂය පරාජය කරමින් සන්ධාන සමගි පෙරමුණ නව රජයක් පිහිටුවන අතර එහිදී එක්සත් ජාතික පක්ෂයට පාර්ලිමේන්තුව තුළ හිමිවූ මන්ත්‍රී ධූර සංඛ්‍යාවද අඩුවිය. එහි විපක්ෂනායක ධූරය හොබවමින් පක්ෂයට නායකත්වය ලබාදෙන ජේ.ආර් ජයවර්ධන මැතිතුමන් 1973 දී පක්ෂ නායකත්වයට පත්වන්නේ ඩඩ්ලි සේනානායක මැතිතුමන්ගේ අභාවයත් සමගයි. විශේෂයෙන්ම 1971 අප්‍රේල් මාසයේ ඇතිවන ජනතා විමුක්ති පෙරමුණේ තරුණ කැරැල්ලේදී වගකිව යුතු විපක්ෂයක් ලෙස රජයට සහාය දක්වන එක්සත් ජාතික පක්ෂය 70 - 77 සමගි පෙරමුණු ආණ්ඩුවෙන් සිදුකල ජනතා විරෝධී ක්‍රියාවන්ට එරෙහිව පාරට බැසීමටද අමතක නොකළේය. ජනතාව වහළුන් සේ සලකමින් තමන් ලබාගන්නා ආහාර වේල, අඳින පළඳින ඇඳුම්වලට පවා සීමා පනවමින් පෝලිම් යුගයක් ගෙනගිය සමගි පෙරමුණු ආණ්ඩුවට එරෙහිව ජේ.ආර් ජයවර්ධන මහතාගේ නායකත්වය යටතේ දැවැන්ත දේශපාලන ප්‍රහාරයන් දියත්කරමින් පක්ෂය යළිත් ජයග්‍රාහී මාවතට අවතීර්ණ වන්නේ 1977 වසරේදීය. 1977 වසරේ පැවති මහා මැතිවරණයේදී 5/6 ක බලයක් ලබා විශිෂ්ඨ ජයක් හිමිකරගන්නා එක්සත් ජාතික පක්ෂය නිදහස් ශ්‍රී ලංකාව නවීන ලෝකයට අවශ්‍ය ආකාරයෙන් හැඩගැස්වීමට නව ව්‍යවස්ථාවක් හා ආර්ථික ක්‍රමවේදයක්ද රටට දායාද කරනු ලැබීය. ඒ අනුව නව ව්‍යවස්ථාව මගින් රටේ නායකයා ලෙස විධායක ජනාධිපතිවරයෙකු නම්කොට තිබූ අතර ජේ.ආර් ජයවර්ධන මැතිතුමා ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපතිවරයා ලෙසට ඉතිහාස පොත් අතරට එක්විය. මේ වන විට එක්සත් ජාතික පක්ෂයද දැවැන්තම දේශපාලන ව්‍යාපාරය ලෙස සවිමත් වන අතර නමුත් 1988 89 යුගයේ යළිත් ජනතා විමුක්ති පෙරමුණ විසින් භීෂණකාරී යුගයක් නිර්මාණය කිරීමත් සමගම ඉන් වැඩියෙන්ම බැටකෑ දේශපාලන ව්‍යාපාරයද ලෙසද එක්සත් ජාතික පක්ෂය පත්විය. එවැනි බාධා මධ්‍යයේ 1989 ජනාධිපතිවරණයට හා මහා මැතිවරණයට මුහුණදෙන එක්සත් ජාතික පක්ෂය ඉන් ජයග්‍රහණය කරන්නේ පක්ෂය තුළ ඇති සංවිධානාත්මක ශක්තිය මොනවට පිළිබිඹු කරමිනි. ඒ අනුව මෙරට පමණක් නොව ලොවම පිළිගන්නා දේශපාලන නායකයකුවූ ජේ.ආර් ජයවර්ධන මැතිතුමන් සිය දේශපාලන දිවියෙන් සමුගැනීමත් සමගම 1989 වසරේ පැවති ජනාධිපතිවරණයෙන් ජයගන්නා රණසිංහ ප්‍රේමදාස අග්‍රාමාත්‍යතුමා මෙරට දෙවන විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම්දීම සිදුවිය. එක්සත් ජාතික පක්ෂය තුළ ඕනෑම තරාතිරමක පුද්ගලයෙකුට ඉදිරියට යාහැකි බවට පෙන්නුම් කරමින් පක්ෂ නායකත්වය කරා ගමන් කරමින් රටේ නායකත්වයට පත්වන රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා රට තුළත් පක්ෂය තුළත් වෙනස්කම් ගණනාවක් සිදුකළේය. කෙසේ වුවත් මීට පෙර පක්ෂය තුළ ඇතිවූ මතගැටුම්වලට එහා යමින් අභ්‍යන්තර ගැටුම් ප්‍රසිද්ධ දේශපාලන වේදිකාවට ගෙන එන දේශපාලන බලලෝභී සටන ඇරඹෙන්නේ එම යුගයේදී වීම විශේෂත්වයකි. ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාට එරෙහිව පක්ෂයේම නායකයින් දෙපළක් වූ ලලිත් ඇතුළත්මුදලි හා ගාමිණී දිසානායක විසින් දියත් කරනු ලබන දෝෂාභියෝග ව්‍යාපාරය හරහා එතෙක් මෙතෙක් එක්සත් ජාතික පක්ෂයේ සිදුවූ විශාලම ඉරිතැලීම සටහන්විය. ලක්ෂ 10 ක පමණ සාමාජික පිරිසක් සමග ලලිත් ගාමිණී නායක දෙපළ පක්ෂයෙන් ඉවත්ව වෙනමම දේශපාලන ව්‍යාපාරයක් අරඹන අතර රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා තනි නොකරමින් ඩී.බී විජේතුංග, රනිල් වික්‍රමසිංහ වැනි නායකයින් පක්ෂය ආරක්ෂා කරගන්නේ මෙරට සමාජයේ පැවැත්ම වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයේ අවශ්‍යතාවය මැනැවින් වටහාගත් නිසාවෙනි. කෙසේ වුවත් එක්සත් ජාතික පක්ෂයට අත්ව තිබූ එම අපලය නිමා නොවූ නිසාවෙන්මදෝ 1993 මැයි මස 1 වන දින ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන්ගේ මරාගෙන මැරෙන බෝම්බයකට හසුව මියයන්නේ රටට ජනතාවට මෙන්ම පක්ෂයටද පිරිමැසිය නොහැකි පාඩුවක් හිමිකරලමිනි. ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ වියෝවත් සමගම අග්‍රාමාත්‍ය ඩී.බී විජේතුංග මහතා පක්ෂ නායකත්වයට පත්වන අතර ඔහු යටතේ කැඩීවෙන්වී ගිය පක්ෂය යළිත් එකමුතු කරමින් ගාමිණී දිසානායක හා එස්.ඩබ්.ආර්.ඩී බණ්ඩාරනායක අග්‍රාමාත්‍යතුමන්ගේ පුතණුවන්වූ අනුර බණ්ඩාරනායක මහතා එක්සත් ජාතික පක්ෂයට එක් කරගැනීමද සිදුවිය. නමුත් 1994 වසරේදී පැවති මහාමැතිවරණයෙන් දැවැන්ත පසුබෑමකට ලක්ව තිබූ පක්ෂය සන්ධාන ගත පොදුජන එක්සත් පෙරමුණ හමුවේ පරාජය වන්නේ එක් මන්ත්‍රී අසුනකින් වීමද විශේෂත්වයකි. ඉන් අනතුරුව පැවැත්වෙන ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂ ජනාධිපති ධූර අපේක්ෂකයා ලෙස විපක්ෂනායක ගාමිණී දිසානායක මහතා තරඟවදින නමුත් ඡන්ද සටනේ අවසන් දින කිහිපයේදී ඔහු ඇතුළු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයින් රැසක් එල්.ටී.ටී.ඊ යේ කුරිරු බෝම්බ ප්‍රහාරයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්විය. මෙවැනි කඩාවැටීම් රැසක් හමුවේ අපේක්ෂා භංගත්වයට පත්ව සිටි පාක්ෂිකයින්ට නවමු බලාපොරොත්තුවක් උරුම කරදෙමින් රනිල් වික්‍රමසිංහ මැතිතුමන් පක්ෂ නායකත්වයට හා විපක්ෂ නායකධූරයට පත්වන අතර ඔහු 1995 වසරේ සිට යළිත් එක්සත් ජාතික පක්ෂය දැවැන්ත ප්‍රතිසංවිධානවලට ලක්කරමින් රටේ දැවැන්තම තනි දේශපාලන බලවේගය බවට පත්කරලීමට සමත්විය. මේ අතර 1999 වසරේදී පැවැත්වෙන ජනාධිපතිවරණ සටනට එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිධූර අපේක්ෂකයා ලෙස රනිල් වික්‍රමසිංහ මැතිතුමන් ඉදිරිපත්වන අතර එහිදී ප්‍රතිවාදී අපේක්ෂිකාව වූ ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියට ප්‍රබල සටනක් ලබාදෙමින් ජයග්‍රහණයේ එළිපත්ත අසලදී එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් විසින් ජනාධිපතිවරිය වෙත එල්ල කෙරුණු බෝම්බ ප්‍රහාරය හේතුවෙන් එම ජයග්‍රහණය ආපසු හැරවී යන්නේ රටේ අහේතුවටම බව අමුතුවෙන් කිවයුතු නැත. කෙසේ නමුත් පාක්ෂිකයා ඉච්ඡා භංගත්වයට පත්වීමට ඉඩනොදී එක්සත් ජාතික පක්ෂ රජයක් බිහිකිරීමේ සටන මහනුවරින් අරඹා ජනබල මෙහෙයුම ලෙස පාගමනින් කොළඹට එන්නේ පක්ෂයට නව ජීවයක් ලබාදෙමිනි. එම ජනබල මෙහෙයුම දෙවන රැළියේදී කොළඹ නගරයට රටේ සිව්දෙසින් ලක්ෂ 10 කට වඩා වැඩි ජනතාවක් රැස්කරන අවස්ථාවේ ඊට එල්ලවන ආණ්ඩුවේ මර්ධනකාරී ප්‍රහාරයන්ට ලක්වී තරුණ පාක්ෂිකයින් දෙදෙනෙකු දිවිපුදන්නේ පක්ෂයත් රටත් වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවක වුවමනාම ලොවට කියාපාමිනි. සන්ධාන රජය කෙරෙහි කලකිරී සිටි ප්‍රබල දේශපාලන නායකයින් රැසක්ද සිය ආණ්ඩු විරෝධී බලවේගය සමග එක්කරගැනීමට සමත්වූ විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මැතිතුමා 2001 වසරේ පැවති මහාමැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂ රජයක් පිහිටුවන්නේ රටේ සියළුදෙනාගේ බලාපොරොත්තු මල්පල ගන්වමිනි. රටට සාමය උදාකිරීම හා ජනතාවට සුභ දිවියක් උදාකිරීමේ අරමුණින් එක්සත් ජාතික පක්ෂ රජය විසින් දැවැන්ත ව්‍යාපෘතීන් රැසක් අරඹා තිබියදී ජනතා විමුක්ති පෙරමුණ හා සන්ධානයේ ඇතැම් නායකයින්ගේ මෙන්ම දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ නායකයින්ගේ අදූරදර්ශී බසට වශීවන ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය එක්සත් ජාතික පක්ෂ රජය විසුරුවා හරින්නේ දේශපාලන සම්ප්‍රදායන්ද කෙළෙසමිනි. එක්සත් ජනතා නිදහස් සන්ධානය සමග තරඟවැදී යළිත් විපක්ෂයට පත්වන එක්සත් ජාතික පක්ෂය මීළඟට සූදානම් වූයේ 2005 වසරේ පැවති ජනාධිපතිවරණ සටන සඳහායි. ඊට රනිල් වික්‍රමසිංහ මැතිතුමන් හා වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන් තරඟ වැදුණු අතර ඡන්ද සටනේ මුලසිටම ජයග්‍රාහකයා ලෙස ඉදිරියෙන්ම පසුවූයේ විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මැතිතුමායි. නමුත් එතුමන් බලයට පත්වුවහොත් තමන්ට අත්වන පරාජය හා තමන්ගේ කොන්දේසිවලට එකඟ නොවන පුද්ගලයෙකු බවට එල්.ටී.ටී.ය ඔහු හඳුනාගෙන සිටි බැවින් දෙමළ ජනතාවගේ ඡන්දය වාරණයට ලක්කරමින් යළිත් වතාවක් සියළු ශ්‍රී ලාංකිකයින්ගේ බලාපොරොත්තු බොඳ කරළිය. 2005 වසරේ සිට විවිධ හැලහැප්පීම් මධ්‍යයේ ඉදිරියට ඇදෙමින් පවතින එක්සත් ජාතික පක්ෂය මේ වන විට මෙරට දැවැන්තම දේශපාලන ව්‍යාපාරය බවට තවතවත් ශක්තිමත් වෙමින් ඉදිරියට යමින් සිටී. ඒ පක්ෂය තුළ සිටින බලලෝභී පුද්ගලයින් විවිධ අවස්ථාවන්වලදී විවිධ කුමන්ත්‍රණ සිදුකලද ඒ කිසිදේකටත් නොසැලෙන පක්ෂය තම ජීවිතයේ පළමුතැනලා සැලකූ නායකයෙකු වන රනිල් වික්‍රමසිංහ නායකතුමා එක්සත් ජාතික පක්ෂයට සිටින හෙයිනි.
BLOG
2014.11.25
http://uorunionnews.blogspot.com/
විමල්ගේ ගෝලයෝත් විමල් හැරදා මෛත්‍රීට එක්වෙති!
Recon
ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ ඇමතිවරයාගේ පක්ෂයේ නැගෙනහිර පළාත් සභා මන්ත්‍රී ජයන්ත විජේසේකර මහතා විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. තම පක්ෂය විසින් ජනාධිපතිවරයාට ඉදිරිපත් කළ යෝජනා 12 විමල් වීරවංශ ඇමතිවරයා පාවාදී ඇතැයිද ආන්ඩුවේ රෙදි සේදීමේ කොන්ත‍්‍රාත්තුව බාරගෙන සිටින තම පක්ෂයේ නායකයාට වඩා පිවිතුරු හෙටක් සංවිධානයේ පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට කෂේරුකාවක් ඇතැයිද පවසා ඇති ජයන්ත විජේසේකර ඇමතිවරයා මෙවන් දේශපාලන අපතයන් සමඟ වැඩකිරීමට වඩා විපක්ෂයේ පොදු අපේක්ෂකයාට සහාය දිම වඩාත් උචිත යයි ද ප‍්‍රකාශ කර ඇත.
BLOG
2014.11.25
http://uorunionnews.blogspot.com/
මහින්ද රාජපක්ෂ යනු මෙතෙක් බිහිවූ විකෘති මානසිකත්වයක් ඇති එකම ජනධිපතිවරයා බව .....
Recon
මහින්ද රාජපක්ෂ යනු ශ්‍රී ලංකාවේ මෙතෙක් බිහිවූ විකෘති මානසිකත්වයක් ඇති එකම ජනධිපතිවරයා බව දැන් ඔහුගේ ක්‍රියා කලාපයෙන් මනාවට පැහැදිලි වේ.නීතිය ඔහුට අවශයය පරිදි වෙනස් කරගන්නා මේ ඒකාධිපති පාලකයාගේ වෙස් මුහුණ ගැලවී ගොස් හමාරය. 'මමයි යුද්ධය ඉවර කළේ' කියලා මහ ලොකුවට පංපෝරි ගැහුවට සැබෑවටම යුද්ධ කළේ ඔහුද.යුද්ධය ඉවර උනේ මහින්ද රාජපක්ෂ ජනාධිපති උනාට පස්සෙ බව හැබෑය.එහෙත් සැබෑ ලෙස යුද්ධ කලේ army එක බව ඔහුට අමතකය.යුද්ධ කරපු ඒ වීර හමුදාවට නායකත්වය දුන් ඒ අභීත සෙන්පති සරත් ෆොන්සේකා මහතා දේශ ද්‍රෝහියකු ලෙස හංවඩු ගසා යුධ අපරාධ කරපු,අපේ හමුදාව සමූල ඝාතනය කරපු කරුණා අම්මාන්,පිල්ලෙයාන්,kp වැනි පුද්ගලයන් දේශප්‍රේමීන් ලෙස නම් කරමින් ඔවුන්ට ඇමතිකම් පවා දුන්නේද මහින්ද රාජපක්ෂයි.ඔහු නැවත වරක් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ රටට වැඩක් කිරීමට නොව ඔහුගේ මඩිය තර කර ගැනීමටය. "ආණ්ඩුවෙන් ගියපු අයගේ ෆයිල් මගේ ළග තියෙනවා.ඒත් මං කිසිවක් කරන්නේ නෑ" යැයි ඔහු ප්‍රකශ කර සිටියා.එසේ නම් ඔවුන්ට විරුද්ධව ක්‍රියා මාර්ගයක් නොගෙන් මෙතෙක් කල් සිටියේ මන්ද "මං කාගෙන්වත් පළිගන්නේ නෑ අපේ හාමුදුරුවනේ" කියලා මහ ලොකුවට කීවට සරත් ෆොන්සේකාට කෙනෙහිළිකම් කලේ ඔහුගෙන් පළි හැනීමට නොවේද.මහින්ද රාජපක්ෂ මෙවර පරාජය වන බව ඔහුට වැටහී ඇත.එම නිසා ප්‍රචණ්ඩත්වයෙන් හෝ ජය ගැනීමට කටයුතු කරමින් සිටී. බේරුවල ප්‍රා.ස මන්ත්‍රී චමිල රණසිංහ මහතාට එල්ලවූ වෙඩි ප්‍රහාරය. වත්තේගම එ.ජා.ප නාගරික මන්ත්‍රී ධනුෂ්ක චන්දන ලියනගේ මහතාගේ නිවසට එල්ල වූ මැර ප්‍රහාරය ඊට උදාහරණ සපයයි. ඒකාධිපති පාලනයෙන් රට මුදවා ගැනීමට කාලය දැන් එළඹ තිබේ.මහින්ද රාජපක්ෂ නැවත ජනාධිපති වුවහොත් ඔහුගේ හොර මැරකම් හමුවේ පීඩා විදීමට අපට මෙන්ම අපගේ අනාගත පරපුරටද සිදුවේ.එම නිසා මෙවර ඔබේ වටිනා ඡන්දය රටට ආදරය කරන රටට වැඩක් කරන්න පුලුවන් කෙනෙකු වෙනුවෙන් භාවිතා කළ යුතුය.
BLOG
2013.10.02
http://www.mrurealpage.blogspot.com
භෞතික විද්‍යාව ආදර්ශ ප්‍රශ්ණ පත්‍ර
Roshan Buwa
csklanka සහ mrurealpage එකතුවී ඔබට ගෙන එන අධ්‍යාපනික අත්වැල වෙතින් දැන් ඔබට භෞතික විද්‍යාව නව ආදර්ශ ප්‍රශ්න පත්‍රය නිකුත් කර ඇත.එය දැන් ඔබට csklanka වෙතින් ලබා ගත හැකියි.දැන්ම පිවිසෙන්න...
BLOG
2013.09.17
http://www.mrurealpage.blogspot.com
ලයිසොන් මෙඩිකල්
Roshan Buwa
4pt 0cm 5.0pt; font-family:"Calibri","sans-serif"; mso-fareast-language:EN-US;} මේ කියන්න යන දේ නම් උනේ ඊයේ දවසෙයි.ඒ වගේම මේ ගැනමට බ්ලොග් එකට ලිපියක් ලියන්න හිතුනේ මගේ හිතවතාත් ලයිසොන් ගන්න ගිහින් ලබපුඅද්දැකීම් හරි අපුරුවට බ්ලොග් එකේ පල කරලා තිබුන නිසයි.ඔයාලා ඒකත් කියවන්න මෙන්නමෙතනින්.අපේ ජිවිත ගොඩක් අද්දැකීම් වලින් පිරිලා.අපි ලබන අද්දැකීම් තවත් කෙනෙකුටපවසලා ඒ ගැන යමක් තවත් කෙනෙක් දැනුවත් වෙනවනම් මන් හිතනවා ඒක හොද දෙයක්කියලා.හරියට අත්දැකීම් ලබන්න ගන්න පෙර සුදානමක් වගේ..... මෙන්නමේකයි මට උන සිද්දිය.මාත් හා හා පුරා කියලා ඩ්‍රයිවින් ලයිසොන් එකක් ගන්න ඔන්න මේලගදි දවසක ගොඩ වැදුනා ලර්නස් එකකට.ඒකට ගිහින් මගේ කාරණා ටික කියලා ඇඩ්වාන්ස්එකකුත් ගෙව්වා.හැමෝම දන්නවනේ ලයිසොන් කොලයක් ගන්න මෙඩිකල් රිපෝට් එකක් ඕනිකියලා.ඒකනම් ඒ හැටි දෙයක් නෙමෙයිනේ.මොකද මිට අවුරුද්දකට දෙකකට උඩදී මං මගේ සහපිරිවරත් එක්ක ලර්නස් එකකට ගිහින් විස්තර කතා කොරන කොට කිව්වා,“රු.500 ක් විතරයන්නේ ඩොක්ටර් කෙනෙකුට කියලා මෙඩිකල් රිපෝට් එකක් ගන්න “.ඉතින් ඔන්න ඕක මගේ හිතේතිබුන නිසා මන් ඒ ගැන ඒ තරම් ගණන් ගත්තේ නෑ.ඔන්න ලර්නස් එකේ හිටපු ඇන්ටි කිව්වේනැතැයි රත්නපුරේ නිව් ටවුන් එකේ තියෙනවා මෙඩිකල් රිපෝර්ට් දෙන තැන.ඒකට ගිහින්රිපෝර්ට් එකක් අරන් එන්න කියලා.උදේ 9 ඉදන් 3 වෙනකන් දෙනවා කියලත් කිව්වා.මොනාකොරන්නද පලයන්කෝ දැන් නිව් ටවුන්..මාත් ඉතින් හා කියල එන්න අවා.. කලින් ලයිසොන්අරන් තිබුනා අපේ මාමා.මන් ඉතින් මාමා කාරයාගෙන් ඇහුවා මේ මෙඩිකල් රිපෝර්ට් කතාවගැන."ඔවු ඔවු ,දැන් මෙඩිකල්රිපෝර්ට් දෙන්නේ නිවු ටවුන් එකේ විතරයි.ඒකටත් රු.750 ක් ගන්නවා.” මට මරුවට කේන්තිගියෙමි.ඇයි දෙය්යනේ කලින් යසට රු.500 ට නිදහසේ කරගත්තු වැඩේ දැන් පෝලිම් වල රැකලාතවත් රු.250 ක් වැඩිපුරත් ගෙවන්න එපැයි.මොනා කොරන්නද,කොහොමහරි ලයිසොන් එක ගන්නත් ඕනිනේ.ඒක නිසාම මන් ඊටපහුවදා ගියා නිවු ටවුන් එකේ NTMI(NATIONAL TRASPORT MEDICAL INSITITUTE) එකට.ඒකත් හරියට රජයේ ඉස්පිරිතාලේ OPDඑකේ බෙහෙත් ගන්න ගියා වගේ වැඩක්.සෙනග හෝගාලා.අනේ මන්ද එක දවසට මෙඩිකල් රිපෝර්ට් ගන්න තරමට ලංකාවේ වාහන තියෙනවද කියලනම් මටසැකයි. මේකේපැකේජ් එකනම් පෙර ගෙවුම්.ඒ කියන්නේ මෙඩිකල් එක පාස් ද නැද්ද කියලා දැනගන්න කලින්සල්ලි ගෙවන්න ඕනි.කලින් රු.750 ක් ගෙවලා තමා ඇතුල් වෙන්න තියෙන්නේ.මාත් ඔන්නරු.750 ක් කැෂියර්ට ගෙවලා රිසිට් එකකුත් අරන් ඒකත් ඊලග මෙසේ ඉන්න නෝනට දීල වාඩිඋනා.කැෂියර් එකේ නෝනනම් මාර භාණ්ඩේ.හරියට සුකුරුත්තන් ගොඩක් එල්ලගත්ත ලිෆ්ටික්වලින් තොල් දෙක නාවපු නියපොතු ලොවි ගෙඩි වගේ පාට ගාපු ඉටි රුපයක් කියලා කියන්නපුළුවන්. ඔන්න දැන් එක එක්කෙනාගේ නම කතාකොරන්ඩ පටන්ගත්තා.ඔන්න මගේ වාරෙත් අවා.මාත් ගියා.මුලින්ම බලන්නේ බරයි උසයි.මාත් නැග්ගා තරාදියඋඩට“ 66 යි,..5 යි 1 යි “ කියලාකිව්වා..“ආ දැන් හරි ,ගිහින් වාඩිවෙන්න”.... ඔන්න ඉතින් බරත් කිරලා උසත් මැනගෙන මාත් බලන්හිටියා ආයි මගේ නම කතාකරනකන්.ඔන්න ඔහොම ටික වෙලාවක් ඉන්න කොට මගේ නම කතකොරලා කොළටිකකුත් දීලා කිව්වා “මේකත් අරන් උඩට යන්න” කියලා.මාත් ඉතින් කියපු විදිහටම ඔන්නගියා උඩ තට්ටුවට.හප්පට සිරි ගජ.උඩ තට්ටුව ඊට හපන්.ඒකත් පුරවලා සෙනග.ඈදී ගන්ඩතැනක්වත් තියා හරියට ඉන්න තරම්වත් ඉඩක් නෑ.මං ඔන්න පඩිපෙළේ අත්වාරුවට හීන් සැරේහේත්තු වෙලා බලන් හිටියා හිස් පුටුවක් එනකන්... ඔන්න ඉතින් පුටුවකුත් හම්බවුනා ඉද ගන්න.ඔහොම ඉතිංවැඩිවෙලා හිටියා.ආ මට කියන්න බැරි උනානේ.අර පහල තට්ටුවෙන් දුන්න කොළ ටික ස්ටුඩියෝඑකට දෙන්න ඕන.ස්ටුඩියෝ එකේ වෙන්නේ අපේ ෆොටෝ එකක් ගන්න එකයි.එවෙලේම පොටෝ එක අරගෙනඅර අපි දුන්න කොලේ අලවනවා.ඔන්න ඉතින් මගේ වාරෙත් අවා.මාත් ස්ටුඩියෝ එකට ගිහින්පෙනී හිටලා පොටෝ එකකුත් අරන් ඇවිත් ආයිත් වාඩි උනා.ඔන්න ඊලග කාමරේ වෙන්නේ අපේ ලේචෙක් කරන එක.එකේදී බලනවා අපිට දියවැඩියාව වගේ ලෙඩ තියෙනවද කියලා.ඒ වගේම අපේ ලේවර්ගෙත් බලලා එවෙලේම අපිට කියනවා.ඔන්න මට දෙවන පාරටත් කතා කළා.මාත් ගිහින් ලේ චෙක්කර ගත්තා.මේකෙදි ලේ ගන්නෙ අපේ ඇගිල්ලට කටුවකින් ඇනලා.සමහරු මේ ගැන නොදැන හොදටගිහින් වාඩි වෙලා ඉන්නවා.අතට කටුවෙන් ඇන්න ගමන් උඩ විසි වෙනවා මන් කලින් බලන්හිටියා.වැඩේ කොහොමද කරන්නේ කියලා දන්න නිසා මාත් ගානක් නැතුව හිටියා.ඔන්න ඉතින්මගේ අතත් අරගෙන කටුවෙන් ඇනලා ලේ ටිකක් කදාවකට දා ගත්තා.ඊට පස්සේ ලේ ටිකක් සීනිචෙක් කරන මැෂින් එකටත් දාල කදාවේ තිබුන ලේ වලට මොනවදෝ මන්ද ටිකක් දාලා කරකො කරකෝබලාලා එතැන හිටිය නෝනා කිව්වා,"ඔයාගේ ලේ වර්ගය Aපොසිටිවූ" කියලා.මාත් ඉතින් හා කියලා ආයිත්එලියට ඇවිත් වාඩි උනා. ඔන්න ඊළගට තමා නියම වැඩේ තියෙන්නේ.ඊළගට තියෙන්නේඩොක්ටර් ඉන්න කාමරේට යන්න.මං වාඩි වෙලා ඉන්නකොටත් ඒ කාමරේ ඇතුලට ගිහින් සමහරු නම්එලියට ආවා.ඒ ආපු අයනම් ආවේ ෂර්ට් වල කොලර් ,අත් එහෙම හද හදා,කෝක උනත් මන් නම් ඒ ගැන කලින් දැනුවත් වෙලා හිටියේඅපේ මාමාගෙන්.ඒකෙ ඇතුලෙන් තමා අන්තිම තීන්දුව නිකුත් කරන්නේ.ඒ කියන්නේ ලයිසොන්එකක් දෙනවද නැද්ද කියන එක.ඔහොම ඉතින් ටිකක් වෙලා බලන් හිටියා.ඒ වෙනකොටත් මන්එතෙන්ට ඇවිත් පැය 2 කකට වඩා ගත වෙලා..ඔන්න ආයිත් පාරක් නෝනා කෙනෙක් කොළ ටිකක්අරගෙන ඇවිත් මෙන්න මෙහෙම කිව්වා..“මේ නම් කියන අය සපත්තු සෙරප්පු ගලවලා බෑග් ගමන්මලු ඉන්න තැන් වලම තියලා id කාර්ඩ් ෆෝන්,පර්ස් කලිසම් සාක්කුවේ දාගෙන ඇතුලටයන්න.ඇතුලෙදි හැමෝම ඩොක්ටර් කියන ඒවා හොදට අහන ඉන්න ඕන,එක්කෙනෙක්වත් හිනා වෙන්න කතා කරන්න ලෑස්ති වෙන්නඑපා.හරිද.ආ දැන් මේ අය යන්න.” ඔන්න ඔහොම කියලා මගේ නමත් ඒ නම් අතරින් කියවුනා.මාත්ඉතින් ඔන්න කස්ටියත් එක්ක ඇතුලට ගියා... මේ කාමරේ ඇතුලේ ඉන්නවා ඩොක්ටර්ට සහය වෙන කෙනෙක්.ඒ යකානම් එතැන හිටියේ හරියට ඌ එතන ලොක්කා වගේ.කොහොමත් සමහර තැන්වල ලොක්කා පාර්ට් දාන් ඉන්න හින්චයියලත් ඉන්නවනේ.ඔන්න කට්ටියම රූම් එක ඇතුලට ගියා.."හා හා ..ඉක්මනට ..ඔය ඇදන් ඉන්න ෂර්ට් ,ටි ෂර්ට් ඔක්කොම ගලවලා බැනියම් එහෙමත් ගලවලා අර එහායින් තියෙන කොකු වල එල්ලන්න.බැනියම වැහෙන්න එල්ලන්න ඕනි හරිද...."අර කලින් කියපු ඩොක්ටර්ගේ ගෝලයා කියාගෙන ගියා..දැන් ඉතින් ඔන්න ඔක්කොම ඇදුම් ගලවනවා.මාත් ඉතින් ඇදන් හිටිය බැනියමයි ෂර්ට් එකයි ගලවලා කියපු විදිහටම එල්ලුවා.." හරිද ..දැන් ඔක්කොමලා පේලියට ඉන්න..ඉක්මන් කරන්න."ඔන්න දැන් අර ගෝලයා එන දෙන්න පටන් ගත්තා..."කලිසම් කකුල් නවා ගන්න දනිස් දෙක හොදට පේන විදිහට,සරම් ඇදලා ඉන්න අය සරම උඩට කරලා ගැටගහගන්න..id කාර්ඩ් සාක්කුවේ දා ගන්න.නැත්නම් ඉනේ ගහගන්න.."මේ යකා කියවනවා මොකාද එකා වගේ."හා දැන් අත් දෙක ඉස්සරහට දික් කරන්න,හොදට හොදට ඇගිලි ටික පේන විදිහට ....,දැන් ඇගිලි නවන්න දිගාරින්න...,දැන් ඇගිලි වලින් හිට ගන්න.දැන් අතේ ඇගිලි වලින් පොලොව අල්ලන්න.හා හා දනිස් නමන් නැතුව නැමෙන්න..නැගිටින්න,අනිත් පැත්ත හැරෙන්න,හරි ආපහු ඇගිලි වලින් හිට ගන්න,ආ රයිට් .."ඉක්මනට කට්ටිය පේලි දෙකක් හැදෙන්න බිත්තිය පැත්තට මුහුණ දාලා..දැන් එක්කෙනා එක්කෙනා එන්න,බෝර්ඩ් එක කියවන්න.."පිස්සු හැදෙනවා.ඇත්තටම මටනම් මේ කරන ඒවා දැකලා හිනා ගියා.ඒත් යන්තම් ඒක නතර කරගත්තා..මුලින්ම දුන්නේ බෝර්ඩ් ඒක කියවන්න.ඒ කියන්නේ ඇස් පෙනීම බලන්න.ඔන්න දැන් කට්ටිය කියවනවා..ඔය අස්සේ සමහරු බෝර්ඩ් එකේ නැති ඉංග්‍රීසී අකුරුත් කියවන්න ගත්තා..ඒකටනම් ඩොක්ටර්ටත් මල පැන්නා."බොරු කියන්න එපා මනුස්සයෝ,ඕකේ ඇති R අකුරක් නෑ.හරියට කියනවා බලලා." ඩොක්ටර් කාරයා සැර කරා.ඔන්න ඉතින් මගේ වාරෙත් ආවා...ඉතුරු ටික කියන්න කලින් කියන්න ඕනි මගේ දකුණු ඇහේ පෙනීම දුර්වලයි.ඒක නිසා මම කණ්ණාඩි කුට්ටමක් නිතර පාවිච්චි කරනවා..බෝර්ඩ් ඒක කියවන්නේ ඒක ඇහැක් වහලා අනිත් ඇහෙන් බලලා.ඔන්න මාත් ගිහින් හිට ගත්තා.කෙලියනේ තාප්පෙටම.අර ගෝල බාලයා වහුනේ නැතැයි මුලින්ම මගේ හොදට පේන ඇහැ.මොනා කොරන්නද.ඔන්න දැන් ඌ පෙන්නන අකුරු කිවන්න පටන් ගත්තා.මුල දෙක තුනක් කිව්වා,පහලට යන්න යන්න දැන් මට මොකුත් පෙන් නෑ.මොනා කරන්නද මං කිව්වා මට පේන් නෑ කියලා..අනික මගේ කරුමෙටම මුලින්ම බැලුවේ කන වෙච්ච ඇහැනේ..මන් හිතා ගත්තා කොහොමහරි කියන්න ඕනි මගේ ඒක ඇහැක් විතරයි පේන් නැත්තේ කියලා.මේක අහලා ඩොක්ටර් කාරයයි,ගෝලයයි සෑහීමට පත් උන් නෑ මං ගැන."ඒකෙන්ම ඉවරනේ" ඩොක්ටර්ට නිකම්ම කියවුනා..."හා හා ඔයා අන්තිමට එන්න,අනිත් අය එක්කෙනා ගානේ මෙහෙට එන්න."මට කර කියා ගන්න දෙයක් නැති උනා.මාත් වෙන දෙයක් වෙච්චාවේ කියලා බලන් හිටියා මගේ වාරය එනකන්.අනිත් අයටත් දැන් පුදුමයි මං ගැන.මොකද ඒ කාටවත් විශ්වාසයක් නෑ මට ලයිසොන් ගන්න පුළුවන් වෙයි කියලා.ඔන්න ඔක්කොමලා ෆෙෂර් එහෙම ඔක්කොම චෙක් කරගෙන කිසිම අවුලක් නැතුව එලියට ගියා..ඔන්න මන් විතරයි අන්තිමට ඉතුරු උනේ.ඔන්න මාත් ගිහින් වාඩි උනා ඩොක්ටර් ලග තිබුන පුටුවේ.ෆෙෂර් එක බලන්න හදනකොටම මන් කිව්වා,"ඩොක්ටර් මගේ දකුණු ඇහැ විතරයි පෙනීම අඩු,අනික් ඇහැ හොදට පේනවා කියලා.""මට කරන්න දෙයක් නෑ,එක ඇහැක් විතරක් පේන අයට ලයිසන් දෙන්න එපා කියලා තියෙන්නේ.මේක මං කියපු එකක් නෙමෙයි ඉහලින් කියපු එකක්."මට එවෙලෙම ලයිසන් එපා විය.මන් නැවතත් මගේ ඇහේ දුර්වලකමත් හොදට පෙනෙන බවත් ඩොක්ටර්ට කිව්වා.මොකද මට වෙන කරන්න දෙයක් නෑනේ."මෙයාව ආයිත් චෙක් කරන්න"ඩොක්ටර් ගෝලයට කිව්වා."ඔයා ගිහින් ටැප් එකෙන් මුහුණ හෝද ගන්න.සබන් ගාන්න එපා."පැවසු ලෙසම මම මුහුණ සෝදා ගතිමි.එසේ කිව්වේ කුමන හේතුවකටදැයි වත් නොසිතා මම එය කලෙමි.නැවතත් මට බෝර්ඩ් ඒක කියවන්න අණ කළේය.එවෙලෙහි නම් මට සිතුණේ කලින්ටත් වඩා මේ පාර අපැහැදිලි බවයි.වෙන දෙයක් වුනාවේ කියලා මන් ගෝලයා පෙන්නපු අකුරු ටික කියෙව්වා.මුලින්ම කියවන්න බැරි උන පේලියටත් ඔන්න දැන් අවා.මට එවේලේත් ඇත්තම කියනවනම් ඒ අකුරු මොනාද කියලා හරියටම පැහැදිලිව පෙනුනේ නෑ.ඒත් ඒ පෙන්නන අකුර මේකයි කියලා මට කිතුන අකුර කිව්වා.."ඔය තියෙන්නේ."තව එකක් කියන්න ,"මම එකත් පෙර ලෙසම හිතෙන විදිහට කීවෙමි."ඔය හොදටම ඇති" ඩොක්ටර්ගේ කටහඩ මට එකවර ඇහුනා.ඇත්තටම මටත් හිතා ගන්න බෑ.කලින් පෙනුන් නැති අකුරු ටික මන් කිව්වද කියලා.සමන් දෙවියන්ට පින් සිද්ද වෙන්න මං ගොඩ ගියා කියලා මට එවෙලේ හිතුනා.අන්තිමට මට ලයිසොන් එක ගන්න මෙඩිකල් රිපෝර්ට් ඒක හම්බුනා.ඒත් එකේ ගහලා තියෙනවා.මගේ ඇස් පෙනීම දුර්වලයි.ඒ වගේම මම කණ්ණාඩි පළදිනවා කියලත්.ඒ වගේම දැන් මට ලැබෙන ලයිසොන් කාර්ඩ් එකෙත් කණ්ණාඩි කුට්ටමක රුපයකුත් වැටෙනවා කියලා මට පසුව දැනගන්න ලැබුනා..පෙර පිනකටද මන්දා මන් ඔන්න ඔය විදිහට තමා මෙඩිකල් එක පාස් උනේ...කට්ටිය මේක කියවලා කමෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා හොදේ.
BLOG
2013.09.02
http://www.mrurealpage.blogspot.com
ඇඟ ලොමු දැහැ ගන්වන කතාවක්
Roshan Buwa
4pt 0cm 5.com/2013/09/blog-post.html මේඇඟ ලොමු ඩහැ ගන්වන කතාව කීමට මට හිතට ආවේ මගේ හිතවතා වන සුපුන් ඔහුගේ බ්ලොග්පිටුවේ(CSK Lanka) පල කර තිබූ අපූරු ඒ වගේම බිය ජනක වූහොල්මන් කතාව නිසයි.ඇත්තටම ඒ පල කරපු කතාවනම් මරු.ඔයාලත් කියවලා බලන්නකෝ.(මෙතන කොටන්න)ඒ කතාවකියවලා මාත් හොල්මන් උන පාර මන් නැවතුනේ කාලයක් තිස්සේ මන් පුවත්පත් වලින් එකතුකරපු හොල්මන් අවතාර ගැන පළවූ ලිපි ගොඩ උඩයි.වෙලාවකට සමහරුන්ට හිතෙනවා ඇති මටපිස්සු ලියලා.ගණන් ගන්න එපා මේ මගේ හැටි.ඒත් මන් තාම හොලමනක්නම් දැකලා නෑජීවිතේට.ඔන්න එහෙනම් මගේ හොල්මන් කතාව කියවල බලන්නකෝ..මේකේ කතා නායකයා කුමා කියලා කෙනෙක්.කුමා ලංකාවේ උනාට කොලු ගැටයා කාලෙම ඌලංකාව දාල ගිහින් ස්වීඩනයට.ඔය දැන් කාලේ ඉන්න සමහරුත් එහෙමනේ..කුමා හැබැයි ගිහින්තියෙන්නේ තනියෙන් නම් නෙමෙයි.අම්මා,තාත්තා,අක්කලා,නංගිලා එක්ක තමයි.උප්පත්තියට පින් සිද්දවෙන්ඩ කුමාට හොදට ඉංග්‍රීසී හොඳට පුළුවන්ලු.ඒ කුමාගේ තාත්තා ලංසි කාරයෙක් නිසා.ඒත්කුමා ලංකාවේ ඉගෙන ගන්නකොට හැමදාම පන්තියේ අන්තිමයාලු.ඒක නිසා හැමදාම බැනුම් පිටබැනුම් අහනවලු.ඒත් ස්වීඩන් ආවට පස්සේ නම් මිනිහා වරද්දන් නැතිව පාසැල් ගියාලු.කවුදදන්නේ මිනිහට ලංකාව ඇලජික්ද දැන් නෑනේ.කොහොමින් කොහොම හරි කුමා පාසල් වැඩ ටික හොඳටකරගෙන ගියාලු.කුමාට වයස 16-18 වෙනකොට කුමාගේ හොඳම මිතුරන් වෙලා හිටියේ ස්වීඩන් වලස්ටොක්හොල්ම් නගරයේ ජිවත් වෙච්ච හෙන හයි පයි පොරවල්ගේ ළමයිලු.මාරයි නේ.ඒ ළමයිගේඅම්මලා තාත්තලා වෛද්‍යවරු ඉංජිනේරුවෝ නීතිපති වරුන් පොලිස් නිලදාරීන් ආදී නොයෙක්අය නිසා කුමාට මේ අයව හොඳට ආශ්‍රය කරන්න හම්බෙලා.දැන් හොලිවුඩයේ හොද නමක් දිනාගෙනඉන්න ජනප්‍රිය නලුවෙකුත් මේ අතරේ උන්නලු.නම නම් මගෙන් අහන්න එපෝ.ඒ කුමා ඉංජිනේරුපිඨයේ ඉගෙන ගන්න කාලේ ඒ නළුවත් ඉංජිනේරු පිඨයේ ඔවුන්ගේ සගයෙක් නිසා.කුමා ඇසුරු කලඒ මිතුරාද අනෙක් මිතුරන්ද ගෑනු දඩයමේ හෙන රුසියෝලු.කුමාගේ ඇතැම් මිතුරන්ට කෙල්ලෝතුන් හතර දෙනා හිටියලු.ඒ විතරක්යැ මුන්ගේ වැඩ ඔක්කොම එලිපිටලු.ආයි ලංකාවේ වගේ එකකෙල්ලෙක් දාගෙන පනින පැනිලි එහෙ නෑලු.ඔක්කොම එලි පිටලු.“උඹට තාමකෙල්ලෙක් දැලේ දාගන්න බැරුව දගලනවා.ඒකට බලපන් අපි”කුමාගේ සගයන් කුමාට එහෙම කිය කියා පාච්චල් කරනවලු.ඒ විතරක් නෙමෙයි සගයන් හාඔවුන්ගේ කෙල්ලන් සමඟ ඇති ලිංගික සම්බන්ධතා ගැනද කුමාට කියවනවලු.කුමාත් ඉතින්අසරනයිලු.මොකද ලංකාවේ කොල්ලෝ ලජ්ජා බයට හැදිච්චි කොල්ලොනේ.කුමා ඉංජිනේරු පීඨයට ආවේ ගියේ උමං දුම්රියෙන්ලු.ඒක නිසා කුමාලගේ ගෙදර ඉදන්විනාඩි විසිපහක් තිහක් වෙනකොට කුමාට ඉංජිනේරු පීඨයට යන්න පුළුවන්ලු.කුමා හැමදාම මේඋමං දුම්රියේ අවේ ගියේ පිටිපස්සේ පෙට්ටියෙලු.හැමදාම වගේ ඒ පෙට්ටියේ යන එන ගෑනුකෙනෙක් කුමා ගැන උනන්දුවෙන් බැලනවලු.කිහිප දිනක් ඔහොම යනකොට දන්නෙම නැතිව කුමාත් ඒගෑනු කෙනා ගැන හිතන්න ගත්තලු.ඒ කුමාගේ සගයන් කියන කතා නිසාලු.බැලු බැල්මට ඒ ගෑනුකෙනා කුමාට වඩා අවුරුදු පහ හයකින් වැඩිමල්ලු.දවසක් කුමා ඒ ගෑනු කෙනා එක්ක කතාවටවැටුනලු.ඇය ඉපදී ඇත්තේ තුර්කි වලයි.ඒ වුනාට කුමා වගේම පොඩි කාලේ ඉදන් ඉදලාතියෙන්නේ ස්වීඩන් වළලු.ඇය වයසින් 25 ක් ලු.යුරෝපයේ මේ වගේ සම්බන්දතා වලට වයස්බේදයක් නැහැලු.අවුරුදු විස්සේ තිහේ කොල්ලෝ හැටේ හැත්තෑවේ කාන්තාවන් සමඟ දිවිගෙවනවලු.ඒක නිසා මේ ගැන අරුමයක් නෑ.දැන් වැඩේ එල කිරට යනවලු.කුමා දැන් ඒ කාන්තාවගේපෙම්වතා වී අවසන්.. “මටත් කෙල්ලෙක් ඉන්නවා.”කුමා තම සඟයන්ට කිව්වේ උජාරුවෙන්ය. “ඔයාමගේ ගෙදර එන්න.”දිනක්ඇය කුමාගෙන් එලෙස ඉල්ලීමක් කලාලු.ඒ කුමාට අයගෙන් ලැබුණු එකම ඉල්ලීම නිසා කුමාටත්හොද සුදානමකින් ඇය වෙත යා යුතු විය.කුමාගේ එක වැඩිමල් සහෝදරියක් විවාහ වී සිටියේස්වීඩනයේ දන කුවේරයෙකු සමඟය.එම සොයුරියට ෆෙරාරි මෝටර් රථයක් ඇතුළු මෝටර් රථගණනාවක් තිබී ඇත.මේ කාලය ස්වීඩනයේ ග්‍රීෂ්ම කාලයයි.කුමාට අදහසක් පහල විය.ඒපෙම්වතිය බලන්නට හොදට සැරසී යන්නටය.අනික කුළුදුලේ බැදී පෙමනේ..කුමා තම සොයුරිය මුණගැසෙන්නට ගියාලු. “අක්කේ .මටඅක්කගේ ෆෙරාරි එක පොඩි වැඩකට ගන්න පුලුවන්ද.”කුමා සහෝදරියගෙන් ඉල්ලීමක් කලේය.“ඇයි.,ඒ මොකටද.”සහොදරී විමසුවාය.“මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ව හම්බෙන්න.”කුමා ඇත්තම කිවේය.......“කන්ග්‍රජුලෙෂන්”මල්ලිටපෙම්වතියක් ලැබීම ගැන අක්කා සතුටු වෙලා,අක්කා ෆෙරාරි රියට අමතරව මල්ලිට අමතරමුදලක්ද දුන්නාලු .ඒ පෙම්වතියට චොකලට් එකක්,මල් පොකුරක්,වයින් බෝතලයක් අරන් යන්නටඋපදෙස් දෙමිනි.කුමා අක්කට නොසෑහෙන සේ ස්තුති කළේය.අක්කා කියූ ලෙසම පෙම්වතියටචොකලට් එකක්,මල් පොකුරක්,වයින් බෝතලයක් ද රැගෙන ෆෙරාරි රියට නැගී පෙම්වතිය මුණ ගැසීමටඔන්න කුමා ගියාලු. පෙම්වතියපදිංචි වී සිටියේ මහල් දොළකින් යුත් මහල් නිවාසයක ඉහලම මහලෙලු.මේ කියන වෙලාවහරියටම රෑ 8 කනිසමලු.ඔන්න දැන් කුමා ගිහින් ගෙදර දොරට තට්ටු කලාලු.පෙම්වතිය ඇවිත්දොර ඇරලා,“එන්න වාඩි වෙන්න,මම ඉක්මනට වොෂ් එකක් අරගෙනඑන්නම්.”කියලා ඇය ගිහින්.පෙම්වතියනාන කාමරයට ගිය නිසා කුමා හරි බරි ගැසී සාලයේ සුවපහසු අසුනක වාඩි වෙලා ඉදිරියට කරනදේවල් ගැන හිත හිතා හිටියලු.ඒ වෙලේ ඇත්තටම කුමාගේ හිතේ නලියමින් තිබුනේ ඔහු ගෙනාවයින් බෝතලය හොදට සප්පායම් වී පෙම්වතිය සමඟ යහන ගත වීමය.ඒ ඔහුගේ සගයන් කියූ අපූරුකතා සිහියට ඒමත් සමඟය.මිනිත්තුව දෙක ගත් වුනේය.අවසානයේ එය මිනිත්තු පහළොව විස්සදක්වා ඇදී ගියේය.පෙම්වතිය නන කාමරයෙන් එලියට එන පාටක් නැත.ඔහු දැන් ඇගිලි ගැන ගැනඋන්නලු.මොනවා හිතෙනවා ඇද්ද නේද.මොකෝ මේ මිනිහගේ පළමු අත්දකිමනේ....ඔන්න එකපාරටම කවුද ඉස්සරහ දොරේ අගුල කරකවන සද්දේකුමාට අහුනලු.ඊළඟට දොර අරින සද්දෙත් දොර වහන සද්දෙත් කුමාට අහුනලු.කුමාටත් දැන්හෙනට මල..මොකද ආතල් එකක් ගන්න ආව දවස කන්න එන කාලකන්නිය නිසා.“සමහර විට මේ කෙල්ලගේ අම්මා හරි තාත්ත හරි වෙන්නඇති.එහෙම උනොත් නම් වැඩේ බකස්.”කුමාට දැන් එහෙම හිතුනලු.අනෙක මේ පෙම්වතිය කුමාට ඇයගේ පුද්ගලික විස්තරකිසිවක් කුමට කියා තිබී නැත.කුමාද ඒ ගැන විමසා නැත.අනික මේක උනේ ලංකාවෙත්නෙමෙයිනේ.යුරෝපයට කුල මල වයස් භේද නැහැලු.මේක අහපුවම ඉතින් අපේ ගොයියලටත් එහෙ යන්නහිතෙනවා ඇති නේ..කාරී නෑ.කාරී නෑ..ඔන්න දැන්දොර ඇරිය කෙනා ගේ ඇතුලට ආවලු.ඒ පිරිමියෙක්ලු.පෙනුමෙන් අමුතුයි,රෞද්‍රය.නිවසේ සාලයපසු කරලා ඒ මනුස්සයා කුස්සිය දිහාවට යනවා කුමා බලා හිටියලු.ඒ කුමා දෙසටද බැල්මක්බලමින් නිසා කුමා තුෂ්නිම්භූත වෙලා. “මේ මොන පෙරේතයෙක්ද ,කොහෙන් පාත් උනාද මන්දා.”කුමා ඔහුටම කියා ගත්තලු.මල පැනින් නැද්ද අනේ මෙහෙමවෙනකොට.. ඔන්න කුස්සියට ගිය මනුස්සය දැන් එනවලු,ඒ නිකන්නෙමෙයි උල් පිහියකුත් අරන්.කුමාට උන් හිටි තැන් අමතක උනාලු.ඒ නිවසේ දොර ඇරුනේකෙසේදැයි ඔහුට අමතකයිලු.ඒ විතරක්ද මහල් දොළහක් උස ඒ නිවසින් පහලට බැස්සේ විදුලිසොපානයෙන්ද තරප්පු පෙළ මතින්ද යන්නවත් කුමාට අමතකය.එමෙන්ම ෆෙරාරි රියේ වැඩි වුයේකෙසේදැයි ඔහුට අමතකය.කෙසේ වෙතත් රියද පන ගන්වාගෙන කුමා ගෙදර පමිනියාලු.මාරමසිද්දිය කියන්නේ කුමාට මළ මුත්‍ර පහ වී තිබීමය.ඔහුටත් ඒ රාත්‍රියේ නින්ද ගියේනැහැලු.ඒ මාරක දසුන හිතට පමණක් නොවැ ගතටද වද දුන්නේය.පසුවදා ඔහු උමං දුම්රියෙන්ඉංජිනේරු පිඨය බලා ගමන් කරාලු.එත් එදා වෙනදා වගේ ඔහුගේ පෙම්වතිය දුම්රියේ හිටියේනැහැලු.ඔහු හිටියේ ඇය එදින මුණ ගැසී සිදුවූ දේ පැවසීමටය.එහෙත් ඇය නොපමිනියාය.නමුත් එදා කුමාට මුණ ගැසී තිබුනේ කලක සිටමස්වීඩනයේ පදිංචිව සිටි ශ්‍රී ලාංකිකයෙකි.“මම දැක්කා මල්ලි අර ගෙදර ඉදලා පැනලා දුවනවා.ඒකමාර දිවිල්ලක්නේ.මල්ලි මොකටද ඒ ගෙදරට රිංගුවේ.””මොන ගෙදරටද.” කුමා අසා ඇත්තේ නොදන්නා ගානටය...“අර ගෑනිගේ ගෙදරට,ඇයි මල්ලි ඒ ගනිව ඇදුරන්නැද්ද.මන් ඉන්නේ ඒ ගෙදරට ඉස්සරහ ගෙදරනේ.”ඒ ශ්‍රී ලාංකිකයා අසා ඇත.“එයාව මන් අදුරනවා.එකයි ගියේ.”තවදුරත් සැගවිය නොහැකි නිසා කුමා එසේ කියා ඇත.“බලාගෙන මල්ලි,ඒ ගැනිගේ මිනිහව ගේ අතුලේදීම මාසහයකට ඉස්සර වෙලා පිහියෙන් අනලා මරලා දාලා තිබුනා.හේතුව ඒ ගැනිගේ නරක හුටපටයක්ලු.ඒගෙදර දැන් හොල්මන් තියෙනවලු.මල්ලි බලාගෙන පරිස්සමින්.අපිත් දැන් ඒ පැත්තෙවත් නොයිදවෙන පැත්තකට මාරු වෙන්නයි ඉන්නේ.” ඒ ශ්‍රී ලාංකිකයා දැනමුතුකම් දුන්නලු.ඉතින් එයින්පස්සේ කුමා ජීවිතේට ඒ ගෑනි හම්බුනේ නැතිලු.මේ කතාව කියල ඉවර වෙනකොටත් කුමාගේ ඇගේමයිල් කෙලින් වෙලා දාඩිය දාළලු....කතාව එලනම් අනිවා කමෙන්ට් දාල යන්ඩෝ.
BLOG
2013.08.23
http://www.mrurealpage.blogspot.com
කකුල් දෙකේ හරකා හතර උන හැටි.....
Roshan Buwa
හා හා පුරා කියලා ඔන්න මන් ආයිත් පෝස්ටු දාන්න ලක ලෑස්ති උනා....හිතට වදින පෝස්ටුවක් දාන්න හිතා ගත්තට එක පාරටම අයිඩියාවක් ආවේ නෑනේ බොල...මගේ වෙලාවටද මන්ද අමුතු සිද්දියක් උනා නොවැ ඊයේ උදේ ..ඔන්න එහෙනම් අහගනිල්ලකො කතා ඩිංග... මේකයි සිද්දි පොජ්ජ උනේ.දැන් ඉතින් A/L EXAM එකත් ඉවර නිසා මන් ගියා අපේ කොල්ලෝ කුරුට්ටෝ ටිකත් එක්ක ක්‍රිකට් ගහන්න..ක්‍රිකට් ගහන්න කිව්වට අපිට කියල ලොකු පිට්ටනි නම් නෑ .මහින්ද චින්තනේට කොන්ක්‍රීට් කරපු පාර ඩින්ගේ තමා අපේ සෙල්ලං දැම්මේ.ඔන්න ඉතින් කැඩිච්ච යකඩ පුටු කබලක් අරන් කෝටු කෑල්ලක් තියල හැදුවා විකට්ටුව..ඕක ඉතින් හිස්සියට ගලවන්න පුළුවන් වෙන්නත් එපැයි.මොකෝ අපේ පාරේ කියලා වාහන යන් නැතුවයි.ඔහොම කොරන් යනකොට ඉතින් වාහන දෙක තුන එහාට මෙහාට ගියා..සමහර වාහන නම් රෙස්පට් පෙන්නලා තමා ගියේ.. ඔහොම සෙල්ලම් කොරන් යනකොට එකෙක් දුන්නා නොවැ බෝලෙට අල්ලපු වත්තකට උඩින්ම යන්න.මේකේ ඉතින් අපි හදාගත්තු පොඩි පොඩි නීති එහෙමත් තියෙනවනේ.එහෙම ගැහුවට ලකුණු නෑ.දුවන්නත් බෑ.ඔන්න ඉතින් කට්ටිය ගියා බෝලේ ගේන්න.හප්පට සිරි බොලේ ගිය තැන හොද කහ පාටට පැණි බේරෙන කාබරංකා ගහක් තියෙනවා නොවැ.නරකක් කියන්න බෑ අගේ ඇති ගෙඩි ගොඩ.පොකුරු පොකුරු.ආසාවේ බෑ දැක්කාම.දන් නැද්ද ඉතින් අපේ කොල්ලන්ගේ වැඩ,බොලේ හෙවිල්ල පැත්තක දාල මුන් සේරම වවුලෝ ටික වගේ අර ගහේ එල්ලෙන්න ගත්තා නොවැ.මන් තමා එතන හිටිය වැඩිමලා.මන් ඉතින් ඕවට වැඩිය නෑ කියලා කවුරුත් දන්නවනේ.අනික මන් දැක්ක ඒ වත්තේ අයිතිකාරයා අපේ පැත්තට එනවා.මන් ඉතින් "ඕව කන්න නෙමෙයි යකෝ බෝලේ හොයපියවූ "කියල සද්දෙට මාමට ඇහෙන්නත් එක්ක කියලා මන් බෝලේ හෙව්වා.අපේ එවුන්ට කිසි වගක් නෑ.උන් තාමත් ගහට පොර කනවා.ඔන්න මාම පොඩ්ඩ ඇවිත් කියනවා අන්න බෝලේ තියෙනවා කියලා.මුන් ටික ඇවිත් ඔක්කොම වනසනවා කියලා මාම හිතලා වෙන්ඩ ඇති ඇවිත් අපිට බෝලේ හොයලා දුන්නේ.ඒ ඉක්මනට යවා ගන්න කියලා මට තේරුණා.ඔන්න ඔය අස්සේ මාම පොඩ්ඩ එනවා දැකපු එකෙක් ගහ ලගින් අහකට පැන්නේ නැතැයි.ඒ වෙලාවෙනම් මාත් හිටියේ ගහෙන් ගෙඩියක් කඩා ගන්න මාන බලමින්.ඔන්න එක පාරටම අර පිකටිං කරන උන්ව මට්ටු කොරන්ඩ වතුර විදිනවා වගේ වතුර පාරක් ආවේ නැතැයි කඩාගෙන.මළ ජංජාලයක් නොවැ උනේ.අපේ කොල්ලෙක් පැනලා තියෙන්නේ වතුර මීටරේ උඩට.දැන් ඉතින් වතුර විදිනවා හතර අතේ.පැනපු එකා බයටම ඇරියා අරිල්ලක් පැත්ත පලාතෙක ඉන් නැතුව.මාම ඩිංගත් ඕක දැක්කා.මටත් හිතා ගන්න බැරිඋනා මොකද කොරන්නේ කියලා.වතුර මිටරේ දෙපැත්තෙන්ම බටේ පුපුරලා.මන් පැන්න ගමන් අත් දෙකින්ම අල්ල ගත්ත බටේ කැඩුන තැන් දෙක.කොහේ වහන්නද එහෙම වතුර පාරක්.මාවත් නාවගෙන වතුර විදිනවා හරියට වතුර මල වගේ..කොහෙද ඉතින් පැනපු එකත් උස මහත පොරක් වයසින් පොඩි උනාට..දැන් ඉතින් මාමත් ඇවිත් ඔන්න එක පැත්තකින් අල්ල ගත්ත.මිටරේ දෙපැත්තේ කරාම දෙකක් තියෙනවනේ.මන් එක කරාමයක් වැහුවා.එතකොට එක පැත්තකින් විතරයිනේ වතුර විදින්නේ.ඔන්න එතකොට අනිත් පැත්තේ වතුර පාර තවත් වැඩි උනා.මාමයි මායි දැන් හොදටම තෙමිලා.වටේ හිටිය අයත් යන්තම් නැවුණා."හරියන් නෑ පුතේ මේ වැඩේ,වෝටර් බෝර්ඩ් එකටවත් කතා කොරමු"කියලා මාම ඩිංග කිව්වා.ඔන්න මගේ කටේ බලේට අපේ එවුන් වෝටර් බෝර්ඩ් එකටත් කෝල් කළා.ඔන්න ඒ අස්සේ මේ කලබගැනිය ඇහිලා ගේ ඇතුලේ ඉදන් නැද්ද කාරයත් ආවේ නැතැයි.අපිට නැහෙන ගානට මාමට මොන මොනවදෝ කියෙව්වා.මාම ඩිංග ආතල් බුලට් එකක්.කොයි වෙලෙත් විහිළුවෙන් තමා.ඒක නිසා මේ සීන් එක වැඩිය දුර දිග ගියේ නෑ."දන් නැද්ද පොඩි උන්ගේ වැඩ"කියලා මාම පැත්තකට උනා.දැන් ඉතින් වෝටර් බෝර්ඩ් එකටත් කෝල් කල නිසා අපේ එවුන් ආයිත් ගියා බෝල ගහන්න.ඔන්න දැන් මාමයි මායි කල්පනා කොලේ වෝටර් බෝර්ඩ් එකෙන් ආවම මොකද කියන්නේ කියලා.මොකද අපි අතින් කැඩුනා කිව්වම දඩ ගහයි කියලා උන්දා බයෙන් හිටියේ..ඔන්න එක පාරටම මාමණ්ඩිට ආවේ නැතැයි ටොප් අයිඩියාවක්.මෙන්න මේකයි අයිඩියාව.අපේ ගෙවල් පැත්තේ හරකෙක් බදිනවා.ඌ හිටි ගමන් ලනුව කඩන් දුවනවා.උගේ අයිතිකාරයටවත් බෑ ඌව මෙල්ල කොරන්න.අනික නිදැල්ලේ යන හරක් දෙතුන් දෙනෙක්ම ඒ පැත්තේ ඒ වෙලාවේ කැරකුනා.අර මන් කිව්ව හරකා බටේ පාගල කඩල කියල වෝටර් බෝර්ඩ් එකට කියමු කියලා මාමයි මායි කතා උනා.ඔන්න දැන් මාම කාරය ගියේ නැතැයි හරකා අයිති කෙනා හම්බෙන්න.ඔන්න ටික වෙලාවකට පස්සේ මාමයි හරකා අයිති මනුස්සයයි අවා මේ සිද්දිය බලන්ඩ.අනේ පවු අහිංසකයා.මොනා කොරන්ඩද.ඒ මනුස්සයා වතුර බටෙත් බලලා හරකට බැන බැන ගියේ නැතැයි වෝටර් බෝර්ඩ් එකට.මාම කාරයත් තව ටිකක් වැඩියෙන් බය කොරලා තිබුනා..කොහොමින් කොහොම හරි දෙතුන් සැරයක්ම ඒ මනුස්සයා අවා බටේ හදලද බලන්ඩ.බටේ කැඩුව කකුල් දෙකේ හරකා පැත්තක.කෙසේ වෙතත් එදා දවසෙනම් ඒක හදන්න වෝටර් බෝර්ඩ් එකෙන් ආවේ නෑ.කොහොම කොහොම හරි බටේ කඩපු මල්ලි කාරයාගේ කෙරුවාව හවස් වෙනකොට ගෙදෙට්ටත් ආරංචි වෙලා ඌටත් හොදට බැනලා තිබුනා.බයටම ඌ ආයිත් වෝටර් බෝර්ඩ් එකට කෝල් කරලා තිබුනා.කොහොමින් කොහොම හරි කකුල් දෙකේ හරකෙක් කොරපු වැඩකට මාට්ටු උනේ අහක හිටපු කකුල් හතරේ නියම හරකෙක්..හික් හික් හික්.
BLOG
2014.10.08
http://digitaltalking.blogspot.com/
My Neighbours in Qatar :)
SKY BEAUTIES by SHAN FX
.
BLOG
2014.02.18
http://digitaltalking.blogspot.com/
Eyes Say It All
FOX Creationz
null
BLOG
2014.02.16
http://digitaltalking.blogspot.com/
Eyes
FOX Creationz
null
BLOG
2014.02.15
http://digitaltalking.blogspot.com/
Valentine's Day , Poya day & Love!!!
FOX Creationz
ප්‍රේමයෙන් ඔබ්බටපිවිතුරු සිතින්,දෝතින් දරාගත් ස්නේහයත්හදවතින් දරාගත් ස්නේහයත්පිරුණුසදාකාලික බැදීමකඅපූරුව.........
BLOG
2014.02.11
http://digitaltalking.blogspot.com/
Travel Photography - 3
FOX Creationz
null
BLOG
2014.02.11
http://digitaltalking.blogspot.com/
Travel Photography - 2
FOX Creationz
null
BLOG
2014.02.10
http://digitaltalking.blogspot.com/
Travel Photography - 1
FOX Creationz
null
BLOG
2014.02.10
http://digitaltalking.blogspot.com/
Magnificent Alagalla
FOX Creationz
null
BLOG
2014.02.10
http://digitaltalking.blogspot.com/
Bathalegala (The Bible Rock)
FOX Creationz
null
BLOG
2014.02.05
http://digitaltalking.blogspot.com/
Have respect
FOX Creationz
null
BLOG
2014.10.10
http://inosha-sithumprasadhea.blogspot.com/
null
ඉනෝෂා
ආදරණීය අම්මාට.....උඹලා ඔහෙටම වෙලාහිටපල්ලා නෑවිදින්,හැමදාම දින ගනිනඅප්පච්චි කිවා මට....පුදුම නෑ ඒ ගැනැත්ළඟදි ඔහෙ ඇවිත් ගියකෙනෙක් මට කීවානේලංකාවේ විස්තරේ...දැන් ගෙදර උයන්නටවෙලා මදි වෙලාලුහැමදෙනම කඩෙන්නමලුකන්නේ තුන් වේලටම....වැඩි යමක් නැති උනත්අපෙ වේල අපෙ රහයි'OUT' යනවා ඉතින්ඉද හිටල වෙනසකට....අඩි බාගේ යන්නටත්ත්‍රිවිලය ඕනෙමලුපයින් යන්නෙම නෑලුහරි නේද මං අම්මේ....පාපැදිය මෙහෙ රථයහරිම ලේසියි අම්මේඅපේ ලොකු ලොක්කනුත්ඒකේ එනවා අම්මේ.... 'ලු මුලු ගේමවාහනත් ඒ වගෙලු'TV' එකෙ දාලමලුමංගල්ලයත් ගන්නේ....අපේ නොවන අපේ ගේහරි පොඩියි පිළිවෙළයිඋයන්නේ විදුලියෙන්ඒත් බිල ඔහෙ වගෙයි....හැමපාර සැළුන්ලූපෝලිමේ ළමයිලු'TOUCH PHONE' අරන්ලුළමයි 'TUITION' යන්නේ....'ර්‍REALITY SHOWS' වලපොඩි එවුන් නටනවාඇස් කරකවද්දිපොඩිමදැයි සිතෙනවා....ගෙදර නොම්මර දාපු'PHONE' එක මෙහෙ දෙන්නෙපොඩි එවුන් පොඩි පාටතියෙනවා නෑ වෙනස....විනොදෙට ගමනක් යන්නවෙලා නැති වෙලාලුඑක වසරෙ පොඩි එකත්'TUITION' ලු දැන් ඉතින්....ගිම්හාන නිවාඩුවආවම අපි ඉතින්ඇවිදිනවා හැකි විටකනිදහස්නෙ ජිවිතේ...ටික දෙනයි මෙහෙ ඉන්නේනිතර අපි හමුවෙනවාදුක සැපත් බලාගෙනඑක පවුල වගෙමයි....විළිරුදා නොදැනෙලු'PRIVATE' ලු හැම තැනමගිනිගනන් යනවාලුඒත් ඒ 'TREND' එකලු...මෙහෙත් පොළිම විටකඅඩුපාඩු නෑ නෙවෙයිඒත් මිනිසත්කමින්හැමවිටම සළකනවා....ඇඳුමටලු සලකන්නේබලයටලු තැන දෙන්නේපිස්සු බල්ලන් වගේසල්ලි හොයමින් යාලු....නොම්මරය අරගෙනමපෝළිමේ හිටියාමකාටත්ම එක වගේවැඩෙ මෙහෙ කෙරෙනවා....ඒ කොහොම වුනත් නුඹතවම වෙනසක් නෑනේකොහොමදැයි ඔය තරම්සරලවම හිනහෙන්නේ....නුඹ තාම දර ලිපේමැටි වළදෙ උයනවාපොලොස් ඇඹුලක් කන්නමට එන්න හිතෙනවා....බැමි ලිහා නිවන් මගදකින්නට තනනවාඑක් දිනක් අමතන්නබැරි උනොත් තැවෙනවා....අපිට කියලා බිමක්ඔහේ නැතයි කිය කියාවියදමට එවන එකනුඹ ඉතුරු කරනවා....නිදහසේ සරලවමඉන්නමුත් අපි දෙන්නාකොහොම හිදිමුද ඉතින්නුඹ ලඟට නෑවිල්ලා....ඇවිත් යන්නම් ළගදිනුඹ ළගින් හිදින්නටසංකරවු ඔය ලොවේ සරල නුඹ විදින්නට.
BLOG
2013.03.31
http://inosha-sithumprasadhea.blogspot.com/
අනේ අපි කවදාද...??
ඉනෝෂා
නිශාන්තයේ නිදි නොවැද.... දුර්ගන්ද කුණු කයම...වහල් කර කැළවට... සීරුවට ගෙතුම් කළ සිත්තම,සින්න වු දුප්පත් කමෙන්.. උකස් කර දෙ අත්, පා...නුඹ කඳුළු දියකර.. තව තවත් එකළු කළසිත්තම,විදින්නට පිනක් නැති... භයංකර හීනයෙම..ගිලි ගිලි මියදෙනා.. අහේතුවකට පිපුන,අපි තවම සිරගතයි.
BLOG
2013.03.11
http://inosha-sithumprasadhea.blogspot.com/
මල නුඹ...
ඉනෝෂා
කඩුපුල් මලේ හිනහෙන නුඹ රෑ නිමල... කවුරුද දුටුවේ ලස්සන බකුසන් මිසක...උන් දන්නේ කෙලස රොන් ගන්නට නිමල... තලනු මිසක නුඹ සියුමැලි පෙති සැවම....විය හැක නුඹට සුන්දර බාඳුරා මල.. ලද සරදමින් වු පසු කඩුපුලා මල...කුමකට නසනු තවකෙකු කරලා වසඟ.. නුඹද උන්ද සැම වරදක බැදුනු කල...වි නුම් දිනක නුඹ සුන්දර තඹර මල... පිපුනත් මඩ ගොහොරු දහසක් කටු අකුල් මැද..නෙළා පුදයි නුඹ බොහොසත් සිතක් මතු... එය වේ නිමල තැන නුඹ විසුමට සුදුසු.
BLOG
2013.03.11
http://inosha-sithumprasadhea.blogspot.com/
පුස්තකාලයේ සිට ලියමි.........
ඉනෝෂා
බලමි දස අත....නිහඬ ලොව දෙස......කුසිතය ගත..දෙවනි නැත සිත...බොහො දේ ඇත..කරනු සිත නැත...සුවය අසුනද..වායු සමනය නියම ගානය...කුමන අරුමෙද..පියවෙවි ඇස..උදෑසන වුව.
BLOG
2012.10.30
http://inosha-sithumprasadhea.blogspot.com/
පුජාසනයේ.....
ඉනෝෂා
කොල්ලකා මා ආත්මය, උදම් අනමින් දොස් නගා... මළවුවකු කළ මගෙ ජීවය, ඔච්චමට පුරවා සිනා... සැබැ මිනිසුන් වාරුවෙන්, යළි නැගි කළ සිනහවෙන්... පාන නුඹ ඔය සිනහවන්, තරම් මට නැත කිසිත් පිළිකුල්... මළවුවන්ගෙන් නොනැගිට්ටෙමි මා, පිළිගන්න ඔය සෙනෙහෙ සිත්... කරමි මා පිං යළි යළිත්, නොදකින්න මතු ලෝ තලේ .... නුඹ වන් වු, මිනිස් වෙස් ගත්අමනසුන්..... නන්දා මාලනි මහත්මියගේ "පුජාසනය" ගීතය ඇසුවිට ආ අදහසකි.
BLOG
2012.10.20
http://inosha-sithumprasadhea.blogspot.com/
පින් කළ ඈයෝ.....
ඉනෝෂා
අඳුර නසන්නට පහන් දිදුලුනද.. හිරු දෙවියන් වදිනා දරුවෝ... සයුරක් පරතෙර නොමැතිව ගැලුවද.. දිය සීරා සැම රැක ගත්තෝ අනෙකුගේ කඳුළැලි නෙතු අග දුටුකළ... සිත මුකුලිත වු පින් ඈයෝ... වී නම් නුඹ ළඟ ඇසුරට කෙදිනක.. පිනකි නුඹත් කළ පෙරයම් භවයක.
BLOG
2012.08.06
http://inosha-sithumprasadhea.blogspot.com/
පව් කළ පුතුන්....????
ඉනෝෂා
පිටට ඇලුනු කුස,දිය සහලෙන් පුරවා..වෙව්ලන දෙ අත්,හරි හරියට වෙහෙස දරා...මහතුන් කරපු පුතු ලෝකය,සිතේ දරා...වැහැරුනු දෙනෙත්තවමත් මග හිදි බලා...නිවන් යන්න නොවදුක උහුලනු මෙහෙම...ආ මග හැරෙනු බැරිකමටයමේ ගමන...මිලමුදලින් එව්වත්යහමින් නුඹට..දනිමි අම්මේ තනිකමමහමෙර උසය...බැදුනු කළට රන් හුයකින්,දෙ අත් කොට..දරුවන් එන්නේ,තනිකම දුරලා යන්න..හිටියත් විසි-තිස් වසක්,තුරුලෙ ලය මඩල...යා යුතු ගමන,යන්නටදුන්නේ පිහිට...ආ මග හරිද වැරදිද,තේරෙන්නේ නැති...නුඹ කවදාක හිනහෙවිද,දන්නේ නැති..වැදු පිනට වත්,ළඟ හිඳ සලකන්න බැරි...පව් කළ පුතුන් මිස,අන් කවරෙක්ද අපි.
BLOG
2014.06.29
http://malmiart.blogspot.com
ජිරාෆ් ලා ගැන මේ තොරතුරු දන්නවද?
malmi
4pt 0in 5. බොහෝ කොට ජිරාෆ් ගේ සිත්ගන්නා සුළු පෙනුමටහේතුව අන් සතුන්ට නොමැති තරමේ දිගු ගෙලක් හා ශරීරයේ හැඩයත් වෙන්න පුළුවන්. උගේ ගමන් විලාශය, වගේම තමයි ගත පුරා විහිදුනු ඉරි රටාවත් තවත්හේතුවක්.ලෝකයේ ඉන්නඋසම සතා තමයි ජිරාෆ්. උගේ සාමාන්‍ය උස අඩි18ක් හෝ 19ක් වෙනවා. සමහරු අඩි 20ක්වෙනකන් වැඩෙන බවත් පැවසෙනවා. එසේම තමයිඋගේ අලුවන් පැතලි දිව මේ උසට තව අගල් 8ක් විතර එකතු කරනවා. ජිරාෆ්ගේ ගෙල දිගට පිහිටා තිබුණත් එය නිර්මාණයවෙලා තියෙන්නේ මිනිසාගේ මෙන්ම ඇට කැබලි 7කිනුයි.නමුත් ඒ ඇට කැබලි එකිනෙක දික්වෙලා වැඩී තියෙනවා. මෙයට හේතුව විදියට දක්වන්නේ කාලාන්තරයක් තිස්සේඋස් ගස්වල අතු රිකිලි කෑමට පුරුදු වෙලා හිටපු නිසා බවයි විද්වතුන්ගේ මතය.ජිරාෆ් වැඩිකොටම බෙල්ල කෙලින් තබාගන්නේ ගස්වල කොළ ගන්නා අවස්ථාවලදී පමණයි. කදට අංශක 60න් විතර ආනතවයි බෙල්ල පිහිටලා තියෙන්නේ. අනෙක් කරුණ වන්නේ ඉදිරි පාද පිටුපස පාදවලට වඩාදිගු වීමයි. එයත් ගස්වල කොල කඩා කෑමටපහසුවක් ලෙස පිහිටා ඇති බවයි කියන්නේ. ජිරාෆ්ට කුඩාඅං දෙකක් ඇතත් ගවයන්, මුවන් වගේ සතුන්ට මෙන් ඉන් අන් සතුන්ට පහර දීමට උදව් කරගන්නබැහැ. අනෙක් සතුන්ට වගේ නොවෙයි මේ අංයුගලය දිගු ලොම් සහිත සමකින් ආවරණය වෙලයි තියෙන්නේ. අනෙක් කරුණ තමයි උගේ නාසය අවශ්‍ය විටෙක වසාදැමීමට හැකිවීම.ඒවගේම ජිරාෆ්සත්ව ලෝකයේ ගොලු සතෙකු ලෙසයි සැලකෙන්නේ.වෙනත් සතුන්ට මෙන් ඌට කිසිදු ශබ්දයක් පිට කිරීමේ හැකියාවක් නැත. කුඩා පැටවුන්ට මුල් කාලයේදී වසු පැටවුනට මෙන්හඩක් නැගිය හැකි නමුත් වයසින් වැඩෙන කොට ඒ හැකියාව නැතිවෙලා යනවා. ඒ නිසා ජිරාෆ්ටනැගිය හැකි එකම ශබ්දය නයෙකු මෙන් පිබීම පමණයි.මොවුන් රංචුලෙස නිදැල්ලේ හැසිරෙන සත්ව කොටසක්. බොහෝ විට තැනිතලා බිමවල තමයි ගැවසෙන්නේ. අප්‍රිකාවේ තැනිතලා බිම්වල දහ දොලොස් දෙනාබැගින් කොළ අතු කඩා කනවා නිතරම දකින්න පුළුවන්.ජිරාෆ් ලා වැඩියෙන්ම කන්න කැමති ඇකේෂියා ගසෙහි කොළ අතුයි. ඔවුන් රැදෙන්නට වැඩියෙන්ම ප්‍රියකරන්නේ උස් ගස්තැන තැන වැඩුනු මදක් කාන්තාර ස්වභාවයක් උසුලන පෙදෙස් වලයි. හේතුව තමයි දික්වූ ගෙල කෙලින් තබාගෙන ඒ මේ අතයාමේ පහසුවත්, සතුරන් ඉන්නවා නම් ඔවුන් ලෙහෙසියෙන් දැකීම හා එවුන්ගේ පැමිණීම දැකඋවදුරු වලින් වැලකී සිටීමේ පහසුවත් නිසාය. මේ වගේපරිසරයන්ගෙන් ගහන අප්‍රිකාවේ ඇබීසිනියාවේ ඉදලා දකුණු කොංගෝවේ නැගෙනහිර පෙදෙසදක්වාම ජිරාෆ් වර්ග ගණනාවක්ම විසිරිලා ඉන්නවාලු.නිරක්ෂය ආසන්නයට වන්නට ජිවත් වන්නවුන්ගේ ශරීර පැහැයේ තද ගතියක් ඇති බවත්පෙනෙන්නට තියෙනවා. ජිරාෆ්ලා ආහාර වැඩිවශයෙන් තියෙන පෙදෙස් වල වාසය කරන්නට කැමැත්තක් දැක්වූවාට ආහාර ගන්නේ සුළුවශයෙන්. අනෙක් කාරනය තමයි වතුර නොබී දිනගණනාවක් වුනත් ඉන්නට හැකි වීම.ඒ වගේම තමයි ඉතින් වතුර බොන්න ගියාමත් ටිකක් හිරිහැරවිදින්න වෙනවා. ඉදිරි පාදයන් දිගු වීමනිසා ජලය ඇති පෙදෙස් වලට පහසුවෙන් පහත් විය නොහැකි වීම මෙයට හේතුවයි. ඒ වෙලාවට දියකඩිති ලගදි පෙර පාදයන් එකිනෙකින් පුළුවන් තරම් ඈත් කර ජලය පානය කරන්නට ඔවුන්උනන්දු වෙනවා. ඒ නිසාම තමයි සත්තු වත්තේමොවුන් වෙනුවෙන් වතුර තබන්නේ අඩි 10 ක් 15ක් උසිනුයි. ජිරාෆ් කියන්නේ අනෙක් සතුන්ට හිරිහැරයක් කරනසතෙක් නොවෙයි. ඒ වගේම ජිරාෆ්ලාට සතුරන්අඩුයි. ඉදහිට හෝ හිරිහැරයක් සිදුවන්නේසිංහයන්ගෙන් පමණයි. අනෙක් සතුන් හුගාක්වෙලාවට දිය කඩිති අසලදී ඔවුනට ඉඩ දෙති.ජිරාෆ්ලා පොරබදන අවස්ථා තියෙනවා නමුත් ඒ තමන්ගේ ශක්තිය මැන බැලීමට හෝ ප්‍රතිමල්ලවයන් මෙල්ලකිරීමේ අරමුණින් පමණයි. හිසට හිස තබා හෝගෙලට ගෙල තබා මෙසේ පොර අල්ලති. පහරදීමක්සිදුවුනොත් ඒ ඉතාමත් කලාතුරකිනුයි. නමුත්වෙනත් සතුරන්ගෙන් හිරිහැර වනවිට වේගයෙන් පා පහර දී ඔවුන් එලවා දමනවා. ජිරාෆ්ලාටඅශ්වයන්ට මෙන් වේගයෙන් දිවීමේ හැකියාවක් තියෙනවා.නමුත් අතුපතරින් ගැවසී ගත් ගස් ලගදී නම් සතුරාට පහසුවෙන් හසුවෙනවා. ජිරාෆ් ලාගේගමන් විලාශය අනෙක් සතුන්ට වඩා වෙනස්.ඔවුන් එකම පැත්තේ පාදයන් එකවර චලනය කරමින් ගමන් කරනවා. ඌට නැලවෙන අන්දමේ ගමන් තාලයක් ඇත්තේ මේනිසාමයි. ජිරාෆ්ලා ඇති කරන්න ඕනනම් ඔවුන්කුඩා කාලයේදී අල්ලා ගතයුතුයි. මොවුන් ඉතාඉක්මනින් හීලෑ කරගන්න පුළුවන්. ඒ වගේමතමයි පහසුවෙන් රෝග වලට ගොදුරු වෙන්නෙත් නැහැ.උගේ මනස එතරම් දියුණු තත්වයක් නැත.නමුත් තමන්ගේ ආහාර වේල හා ස්වාමියා පිළිබදව මතකය ඔවුන් සතුව ඇත. ජිරාෆ්ගේ මුල්නෑයින් යුරෝපය, ආසියාව හා උතුරු ඉන්දියාවේත් විසිරී සිටි බවට සාක්ෂි තියෙනවා. නමුත් දැන් දැන් ජිරාෆ්ලා බොහෝ දුරට වදවීගෙන යනබවක් පෙනෙන්නට තියෙනවා.
BLOG
2014.06.26
http://malmiart.blogspot.com
පෙම් පත
malmi
4pt 0in 5. මටහිතුනා පෙම්පත ගැන පොඩ්ඩක් කට්ටියගේ අදහස් දැනගන්නත් එක්ක මං දන්න කරුණු ටිකක්ලියන්න. මේ ගැන ඔයාලා දන්න දේවලුත් මටලියන්නකෝ.තමන්ගේ හැගීම්අදහස් හුවමාරු කරගන්න අපි කාලයෙන් කාලයට විවිධ උපක්‍රම භාවිතා කරනවා. ඉස්සර කාලේ මිනිසුන් නිතර ගැවසෙන තැන්වල සතුන්ගේරූප ඇදලා තියන්නත් ගස්වල පොත්තේ සටහන්කොටන්නත් පුරුදු වෙලා හිටියා. මේ ඉතිංබොහෝම කාලෙකට ඉස්සරනේ.මිනිස්සු ප්‍රේමයවගේ මානුෂීය හැගිම් හුවමාරු කරගත්තෙත් මේ විදියට තමයි. මල් කඩලා සිඹින්න, මල්වල වගේම ලස්සන කුරුල්ලන්ගේරූප සටහන් කෙටීම ඒ කාලයේ මිනිසුන්ගේ ප්‍රේමයේ සංඥා ක්‍රම වෙලා තිබුණා. පහු කාලෙදි මිනිස්සු දියුණු වෙනකොට ලේඛන කලාවසොයා ගත්තා. මේ කොයි කාලෙදිත් මිනිසුන්ගේප්‍රේමය පිළිබදව සටහන් දකින්න ලැබෙනවා.ආදි කාලයේදීකුරුල්ලන්ගේ උදව්වෙනුත් අදහස් හුවමාරු කරගන්නට පුරුදු වෙලා හිටපු විත්තිය අපේඉතිහාසය දිහා බලනකොට දැනගන්න පුළුවන්.සැළලිහිණි සංදේශය, කොවුල් සංදේශය ගිරා සංදේශය වැනි සංදේශ කාව්‍යයන් මේවාටහොදම උදාහරණ.අපේ ගීතසාහිත්‍ය දිහා බලනකොටත් මේ ගැන ලියැවුන ගීත තියෙනවානේ. ප්‍රකට පුවතක් වන නල දමයන්ති කතාවේ ඔවුන්ගේපෙම් හැගුම් හුවමාරු කරගැනීම සදහා හංසයෙක් යොදා ගත් බව සදහන් වෙනවා. මරණාසන්නව සිටි පුද්ගලයෙක් තමන්ගේ බිරිදටකපුටෙකු අත පණිවුඩයක් යැවූ බව පන්සිය පනස් ජාතක පොතේ සදහන් වෙනවා.මේ ලේඛන කලාවකරදාසියක සටහන් වෙන්න කලින් මැටි පුවරු වල , සටහන් කරපු කාලයකුත් තිබුණා. එක්තරා කාලයක මිසරයේ වාසය කල රජකුමරෙක් තමන්ගේපෙම් සටහන් කොටලා තියෙන්නේ ගඩොල් කැටයක.මේවා බ්‍රිතාන්‍යෙය් පුරා විද්‍යා අංශයට සොයා ගත හැකිවෙලා තිබුණා. ඔවුන්ගේ විශ්වාසය වෙලා තිබුනේ ලෝකයේ පැරණිමපෙම් හසුන එය බවටයි.තල්පත් මගින්පෙම් පණිවුඩ ලියූ රසවත් කතාවන් අපේ සාහිත්‍යෙයන්සොයා ගත හැකියි. කැළණිතිස්ස රජුගේ කාලයේදීලියැවුන පෙම් පතක් නිසා මුහුද ගොඩ ගැලූ බවත්එය ලංකා ඉතිහාසයේ බොහෝ වැදගත් සිද්ධීන් ගණනාවකටම මුල් වූ සිද්ධියක් බවත්රහසක් නොවෙයි.ලේඛන කලාවේඉතිහාසය ගැන සොයාගෙන යනකොට පෙම්පතටත් ඒ තරම්ම දීර්ඝ ඉතිහාසයක් ඇති බවට සාධක දකින්නලැබෙනවා. ධනපති පංතියේ ඉදලා නිර්ධන පංතියදක්වාම දිවි ගෙවන හා ගෙවූ තරුණ තරුණියන්ගේ සිත්ගත්ම අංගයක් තමයි පෙම් පතකියන්නේ. විවිධ බාධාවන් නිසා ඔවුනොවුන්හමුවීමට නොහැකි අවස්ථාවන් වලදී පෙම්පත දිව්‍යමය ආශිර්වාදයක් වුනා. දුස්මන්ත රජුකෙරෙහි වසගවූ සකුන්තලාවන් මේ හේතුව නිසාම අසනීප වූ විටදී ඇයගේ ආත්මීය වේදනාව සිය පෙම්වතා වෙත දැනුම්දුන්නේ නෙළුම් පතක ලියූ පෙම් හසුනක් මගිනුයි. මහා කවි කාලිදාසයන්ගේ මේඝදූතය සංස්කෘත සාහිත්‍යෙය්පමණක් නොවෙයි සිංහල සාහිත්‍යයටත් අලුතින් පිටුවක් එක් කල නිමැවුමක් වුනා. ව්‍යාංගාර්ථයෙන් ලියන ලද පෙම්පතක් ලෙස මේඝදූතයසැලකිල්ලට ගන්න පුළුවන්.මේඝදූතයට ප්‍රස්තුතයවී ඇත්තේ අලුතින් විවාපත් රකුසෙක් තමන්ගේ ප්‍රියාවිය කෙරෙහි ආලයෙන් වෙලී සිදුවූ ප්‍රමාදයන්නිසා රාජකාර්යයන් පැහැර හැරීමේ වරදට දඩුවමක් වශයෙන් සිරකරනු ලැබු අවස්ථාවේ වලාවක්අත ප්‍රියාවිය වෙත යැවූ පණිවුඩයයි.‍්එන්න මදනලේගොස් පවසන්න දුක මගේයන්නට හැකිඔබට පමණි සිරගෙයට ඇගේදිවා රැයේවැලපිලා දෑස ඈගේ රතු වෙලාකියන්නකෝ මගෙදුක ඇගේ කණට කොදුරලා.......අපේ අගනා කලාකෘති අතරට ගැනෙන සීගිරි කුරුටු ගී අතරත් පෙම් හසුන් ඇතැයි සිතන්නට පුළුවන්. සීගිරි රූපිකාවක් කෙරෙහි සිත බැදුනු කවියෙක්වලාවක් ආමන්ත්‍රණය කොට ඇයට දන්වන ලෙස හස්නක් පවසා ඇති බව සදහන් වෙනවා. එක් එක් පුද්ගලයා තමන්ගේ හැකියාවන් සැලකිල්ලටගෙන තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමට පෙළඹෙනවා.කවියන් කවිය මගිනුත්, ලේඛකයන් ග්‍රන්ථයන් මගිනුත්, චිත්‍ර ශිල්පීන් විවිධකලා නිර්මාණයන් මගිනුත් මෙවැනි අදහස් ප්‍රකාශ කරනු ලබනවා. ඉතින් මේ විදියට බලන කොට පෙම්වතා තමන්ගේ අදහස්ප්‍රකාශ කරන්නේ පෙම්පත මගිනුයි. ඒ විදියටබලනකොට පෙම්පතත් එක්තරා කලා නිර්මානයක් තමයි.ඉස්සර කාලේඇතැම් විශේෂ පුද්ගලයන් අතින් ලියැවුන පෙම්පත් අද කෞතුක භාණ්ඩ විදියට සුරක්ෂිත කරලාතියෙනවා. ඊට හේතුව ඒවායේ ඇති කලාත්මක භාවයවෙන්න ඇති. ලෝක ප්‍රසිද්ධ පුද්ගලයෙක් වනනැපෝලියන් අධිරාජයා යුධ පිටියේදී පවා පෙම් හසුන් ලියූ බව සදහන් වෙනවා. නැපෝලියන් විසින් ලියන ලද පෙම්පත් 8ක් 1931 දීලංඩනයේ පැවති ප්‍රසිද්ධ වෙන්දේසියකදී රන් පවුම් හාරදහසකට විකිණී ඇති බව සදහන්වෙනවා.රණශූරයෙකු ලෙසවිශ්ව කිර්තියට පත්වෙච්ච නැල්සන් සාමිවරයාත් යුධ පිටියේදී පෙම්පත් ලියූ තයත්පෙම්වතෙක්. යුධ පිටියේදී මිය ගිය ඔහුවිසින් මියයන්නට දෙදිනකට පෙර හැමිල්ටන් නම් වූ සිය බිරිදට එවූ පෙම්පතක් අද බොහෝවිචාරකයින්ගේ ප්‍රශංසාවට ලක්වෙලා තියෙනවා.යුධ බිමේ තත්වය හා තමන්ගේ අධිෂ්ටානය ගැන එම පෙම්පතෙහි සදහන් වෙලා ඇති අතර ඒඅදහස් දාර්ශනිකයෙකුගේ භාව ප්‍රකාශයන්ට බොහෝ දුරට සමාන බව එය කියවූ විචාරකයින්ගේමතය වී ඇති.ශ්‍රේෂ්ටසංගීතඥයෙක් වන බිතෝවන් තමන්ගේ පෙම්වතිය වන ගිලටා ගයිසේරදි නම් සුරූපි තරුණියට පෙම්පත් බොහෝමයක් ලියා ඇත්තේ කාව්‍යමයශෛලියකින් බව පැවසෙනවා. ඔහු විසින් ලියනලද පෙම්පත් සමහරක් අද වනවිට ඉතාලියේ කෞතුක වස්තූන් බවට පත්වෙලා තියෙන්නේ ඒවායේඅන්තර්ගත වෙලා තියෙන කාව්‍යමය ලක්ෂණනිසාලු.අටවැනි හෙන්රිරජු තමන්ගේ ප්‍රියාවිය වූ ඈන් බොලීන් කාන්තාව වෙත ලියන ලද පෙම්පතක් ලන්ඩනයේ කටුගෙයක තැන්පත් කර ඇත. එහි ඇති සාහිත්‍යමයවටිනාකම සැලකිල්ලට ගෙන එය කෞතුක භාණ්ඩයක් ලෙස නම් කර ඇති බව පැවසෙනවා.එක්තරාඅවස්ථාවකදී යුරෝපීය ජාතික දුප්පත් තරුණයෙක් අතින් ලියැවුනු පෙම්පතක් හොරිස් හීලි නම් නයිට් වරයා අතටපත්වුනා. එය කිවැවූ ඔහුගේ අදහස වුනේ තමන්මෙතෙක් කියවු පෙම්පත් අතුරෙන් ඉතාමත් රසවත් පෙම්පත එය බවයි. නයිට්වරයා එය අනගි සාහිත්‍ය කෘතියක් ලෙසහදුන්වා දුන්නා. ඒවගේම තමයිජෝර්ජ් බර්නාඩ් ෂෝගේ පෙම්පතක්ද ලෝකයාගේ අවදානයට ලක්වුනා. උපහාස රසයෙන් යුතු එම පෙම්පත ජින්ජර් රොජර්ස්නම් නළගනක විසින් ෂෝ වෙත එවූවක් බව සදහන් වෙනවා.සාහිත්‍යමයවටිනාකම පමණක් නොවෙයි තමන් අතින් ලියැවුන පෙම්පත් ප්‍රමාණය ගැන සැලකිල්ලට ගනිමින්දසමහර පෙම්වතුන් පෙම්වතින් ඉතිහාසයට එක්වෙනවා.එක් අවස්ථාවක එක්සත් ජනපදයේ යුද සෙබළෙකුට එක්සත් ජනපද හමුදාවේ පෙම්පත්ලිවීමේ ශූරයා යන නාමයත් ලැබුණා. එයට හේතුවවෙලා තිබුනේ සාම පහක් තුලදී තමන්ගේ පෙම්වතියට ආදර හසුන් හයසිය හැත්තෑ හයක් ලියායැවීමයි.චාකෝස්කි නම්රුසියානු කවියා නඩේජා වොන්මෙක් නම් වැන්දඹු කාන්තාවකට අවුරුදු 13ක් ඇතුළත පෙම්පත්පන්දහසකට අධික සංඛ්‍යාවක් ලියා ඇති බව සොයාගෙන තියෙනවා.පොරොන්දු කඩකිරීමේ චෝදනාවක් මත පැවරුනු නඩුවකදී විත්තිකරුවෙක් විසින් පෙම්පත් මිටි මත්සියයක්පමණ ඇමෙරිකාවේ අධිකරණය වෙත ඉදිරිපත් කලා.මේ පෙම්පත් ගොන්න ඔහුගේ ඇත්වුන පෙම්වතිය විසින් ඔහුවෙත එවන ලද ඒවා බවසැලවුනා.තවත්අවස්ථාවකදී දික්කසාද නඩුවක් පැවරූ කාන්තාවක් පෙම්පත් එක්දහස් පන්සීයක් පමණ උසාවියටඉදිරිපත් කරනු ලැබුවේ තමන්ගේ ස්වාමියා විසින් අනියම් බිරියන් දෙදෙනෙකු වෙත වරින්වර ලියන ලද ඒවා බව පවසමිනුයි. ඉස්සර කාලේපෙම්පත් තැපෑලෙදි නැතිවෙන බව සැලකිල්ලට ගෙන ඇතැම් පුද්ගලයින් තමන්ගේ පෙම් පණිවුඩයැවීම සදහා පරවියන් පුරුදු පුහුණු කරගෙන සිටියා.බ්‍රසීල්ජාතික එක්තරා ධනවත් වෙළද ව්‍යාපාරිකයෙක් දුර බැහැර යනවිට තමන්ගේ පරවියන් දෙදෙනාත්කැටුව යනවා.තමන්ගේ පෙම්වතිය වෙත එවිය යුතු ලිපි හා තුටු පඩුරු ආදිය ඒ පරවියන්දෙදෙනා අත එවීම තැපෑලෙන් එවනවාට වඩා සුරක්ෂිත හා ඉක්මන් බව ඔහුගේ විශ්වාසය වීතිබුණා. මෙසේ පරවියන් අත පෙම්පත් යවන්නටපුරුදු වෙලා හිටපු ජපානයේ චිත්‍ර ශිල්පියෙක් ගැනත් සදහන් වෙනවා. ඔහු කිසිම දිනෙක පෙම්පත් තැපෑලෙන් යවානැහැ. ඒ වගේම තමයි ඔහුගේ පෙම්වතිය පවා සැමහසුනක්ම ඔහු වෙත එවීමට යොදාගෙන ඇත්තේද පරවියෙක්මයි.මේ අතරදුක්මුසු කතාපුවත් ද නැත්තේම නැහැ. සර්ජෝර්ජ් රොඩ්නි නම් පුද්ගලයාගේ අවසානය සටහන් කරන්නේද පෙම්පතක සිද්ධියකිනුයි. ඔහුගේ පෙම්වතිය ඔහුගේ සතුරෙක් විසින් විවාහකරගන්නවා. ඒ පුවත සැලවුන විට ඔහුට තමන්ගේජිවිතය එපා වෙනවා. ඔහු තමන්ගේ පරාජිත ප්‍රේමයගැන ගීතයක් තමන්ගේම රුධිරයෙන් ලියා ඇය වෙත යවා එය ඇයගේ නෙත ගැටෙනවාත් සමගම ගෙල සිදගැනීම ඔහුගේ බලාපොරොත්තුව වුනා. එය එසේමසිදුවුනා.රිචඩි ලව්ලේස්කවියෙන් තමන්ගේ සෑම පෙම්පතක්ම ලියා ඇත්තේ සිරගෙය තුලදීයි. ඒ කවි සියල්ල එකතු කර ඔහු කවි පොතක්ද සකස්කලා. එය නම් කර තිබුනේ ‍්සිරගෙදරින් ඇල්කියාට... යනුවෙනුයි. ලෝකයේ දිගම පෙම්පත ලියූ පෙම්වතා ලෙස දැනගන්නටලැබෙන්නේ පළමුවැනි එළිසබෙත් මහ රැජිනගේඇමතිවරයෙකි. ඇරබෙලා වෝගන් නම් කුමරියක වෙතඔහු ලියන ලද පෙම්පතේ පිටු ගණන හාරසිය ගණනකි.මෙතෙක් ලියවී ඇති ලෝකයේ දිගම පෙත්පත ලෙස මෙය සලකනු ලබන අතර බ්‍රිතාන්‍යකෞතුකාගාරයක එය තැන්පත් කර ඇත.හෂගි කුකෝ නම්ජපන් තරුණයා බොහෝ කාලයක් ප්‍රේමයෙන් පසුවූ ඔහුගේ පෙම්පතිය අවසාන මොහොතේදී විවාහයප්‍රතික්ෂේප කිරීම නිසා වේදනාවට පත්ව වචන පේළි හයදහසකින් යුත් විශාල පෙම්පතක් ඇයවෙත ලියා තියෙනවා. එය ලෝකයේ අතිශය ශෝචනීය පෙම්පත ලෙස වාර්තා වෙනවා. මෙය ලියා නිමකිරීමට වසරකට අධික කාලයක් ගතකොට ඇති අතර එය ලියා ඇත්තේද ඔහුගේම රුධිරයෙනි. පෙම්පත ලියා අවසන් වනවිට ඔහුගේ සිරුරේ රුධිරයසිදීයාම නිසා ඔහුගේ මරණය සිදුව තිබෙනවා.ඒවගේම තමයිනිදන් වස්තු බවට පත්වූ පෙම්පත් තියෙනවා මිසරයේ කරානිස් පෙදෙසේ නටබුන් සොයමින්හිටපු පුරා විද්‍යාඥයින් පිරිසකට පොළව යටින් පැරනි කරදාසි මිටියක් සොයාගැනීමටහැකිවෙලා. ඒ කරදාසි මිටි ගැන සොයා බලද්දීඒ අතර තිබුණ ලියුම් කිහිපයක්ද හමුවෙලා.මිසර තරුණියක් යුදෙව් ජාතික පෙම්වතෙකුට ලියන ලද පෙම්පතක් ඒ අතර තිබීසොයාගෙන තිබුණා.මුසෝලිනීවිසින් කැලරීටා පැටවි නමැති තරුණියට ලියපු පෙම්පත් රැසක් ඊයම් පෙට්ටියක දාලා වළලාතිබියදී සොයාගෙන තියෙනවා. ඒවා පුරා විද්‍යාඥයින්පිරිසක් විසින් සොයාගෙන ඇත්තේ කෝමෝ විල අසළ පොළව කැනීමේදීයි. අද කාලයේ නම්මේ තරම් නහින්න ඕන නැහැනේ නේද. ලාබම ලේසිම වැඩේ එස්.එම්.එස්. හරියට නිකන් එසැනින් පුවත් වගේ තමයි.
BLOG
2014.02.28
http://malmiart.blogspot.com
පුදුමයි නේද!!!
malmi
4pt 0in 5. මේ අතරින් කොරියන් කතාවලට විශේෂඅවදානයක් තිබෙන බවත් පෙනී යනවා. ඇත්තමයි ඒකතා ලස්සනයි තමයි. මෙව්වා බලාගෙන බලාගෙනයන අතරේ මට මේ ලිපිය පොතක තිබිලා කියවන්න ලැබුනා. ඉතින් ඒක කාටත් දැනගන්නත් එක්කලියන්න හිතුවා.කොරියාවේකියමි කියන ගංගාවේ තියෙනවලු නක්වහම් කියලාපර්වතයක්. මේ පර්වතයේ හැම අවුරුද්දකමවිශේෂ සිදුවීමක් සිදුවෙනවා.ක්‍රි.ව. 600දි විතර චීන ජාතිකයෝ කොරියානු රාජ්‍යය ආක්‍රමණය කලාලු. පසුව පාක්ජේ කියන කොරියානු රජතුමන් ඇතුළු ඔහුගේපුතුන් වගේම ඇමතිවරුත් අල්ලාගෙන සිරකරුවන් විදියට චීන දේශයට ගෙනිහින්තියෙනවා. මේ හේතුව නිසා දුකට පත්වුනරජමෙහෙසියන් 71 දෙනා ඉහත සදහන් කල නක්වහම් කියන පර්වතයෙන් කියුම් ගංගාවට පැනලාදිවි නහගෙන.ඉතින්ඉන්පස්සේ වසරක් පාසා අද වනතුරුත් වසන්ත කාලයේදී මේ පර්වතය මුදුනේ හරියටම මල් 71ක්පිපෙන බව සදහන් වෙනවා. ඒ විදියට පිපෙන මල්සියල්ල මුළු දවස තිස්සෙම සුවද විහිදුවමින් තිබිලා එදිනම පරවෙලා ගගට වැටෙනවාලු.
BLOG
2013.12.25
http://malmiart.blogspot.com
තවත් නත්තලක්
malmi
4pt 0in 5..කාලෙකින්මොනවත් ලියන්න බැරිවුනා. අම්මා නැතිවෙලා ගෙවීගෙන යන පළමු නත්තල් දිනය. පාලුවකුත් එක්ක දැනෙන්නේ හරිම දුකක්. ඒත් ඉතිං ජිවිතේ කියන්නේ මේකටනේ.පුංචි කෙල්ලදැන් දින ගණනාවක ඉදන් නත්තල් සීයාට ලියුම් ලියනවා එයාට ඕන කරන තෑගි ගැනකියලා. ඔන්න මොකද්ද මන්දා අතේ ඇලවෙනබෝලයක් ගැන කියනවා. ඒකත් බොහෝම අමාරුවෙන්අහගත්තේ. එයාට පුංචි සැකයකුත් තියෙනවාඅම්මයි තාත්තයි තමයි මේ නත්තල් සීයා වෙලා තෑගි ගෙනත් දෙන්නේ කියලා. ඒත් දැන්ම ඇත්ත කියන්න හොද නැහැනේ. එතකොට කිසිම විශේෂයක් නැතිව මේ දවස ගෙවිලායාවි. හරියට අපි පුංචි කාලේ වගේ.ඉස්සර මමත්ඔහොම තෑගි ගැන හිතේ තියාගෙන නිදා ගන්නවා.උදේට ලැබෙන තෑගි බලන්න. අනේ ඉතිංමටනම් ලැබුන ල... නැහැ. ඒත් පුංචි කෙල්ලගේහිත රිද්දන්න හොද නැහැනේ. කැලේ කොල අතුහොයාගෙන ඇවිත් ඊයේ හවස නත්තල් ගහක් ලස්සනට හදලා සරසලා බල්බ් එහෙම දාලා දුන්නා.අද උදේපාන්දරින්ම නැගිටලා එයාට ලැබුන තැගි දැකලා මූනේ සතුට උතුරනවා. එයාගේ පුංචි මූණෙ තිබුණ සතුට දැක්කම අපිටත්හරිම සතුටුයි. මොනවා වුනත් කෙල්ලනත්තල් සීයාට ලියපු ලියුමේ ගෙදර වැඩිහිටි අයගැනත් මතක් කරලා තිබුණ නිසා අපිටත් ඉතිං ඔය මොන මොනවා හරි ලැබුනා. ඒත් කෙල්ලගේ ඇලවෙන බෝලෙ නම් ලැබුනේ නැහැ. කෙල්ල නොදන්නවා වුනාට අපි දන්නේ අතේ ඇලවෙන බෝලගැන නෙමෙයි අතේ නැලවෙන බෝල ගැනනේ. බෝලෙ වෙනුවට එයාට බයිසිකල් රේස් පදින්නෙක්ලැබුනා. ඒකත් නියමයි. අතේ සල්ලිඇත්නම් හැමදාම නත්තල් තමයි.
BLOG
2013.07.30
http://malmiart.blogspot.com
අම්මා
malmi
4pt 0in 5. එසේමවිදග්ධ සංස්කෘතිය යනු කුමක්දැයි යන විනිශ්චයේ දී බොහෝ කොට බැණුම් අසන ලද්දෙකි.මුල් කාලයේඅතිශය දරිද්‍රතාවෙන් පෙළුණු සන්නස්ගල කොළොම්තොට පාදඩයන් අතරේ ද කලක් ජීවත් විය.ලෝකය හා ජීවිතය වඩාත් සුන්දර තැනක් කිරීම අරබයා අදත් වැර වෑයමක යෙදෙන ඔහු තමමෑණියන් පිළිබඳ ‘මතකය’ මෙසේ අව්‍යාජවහෙළිකරයි. අපි සරල කටවහරින් කැරෙන මෙබසට ඇහුම්කන් දෙමු.මම අදත්විශ්වාස කරනවා මගේ ජීවිතය නිර්මාණය කෙළේ ආදරය සහ කුසගින්න කියලා. හරියට වම් අත යි,දකුණු අතයි වගේ. ‘මැක්සිම් ගෝර්කි’කියලා තියෙනවා ‘ලොව සියල්ල නිර්මාණයවන්නේ මවගේ කිරිවලින් සහ හිරුගේ රැස්වලිනි’ කියලා. ඒ වගේ මගේ ජීවිතේ නිර්මාණය කරන්නෙආදරය සහ කුසගින්න.අම්මා පිළිබඳවමට මුලින්ම මතක් වෙන්නෙ, අපි ඔක්කො මඅම්මගෙ චීත්තෙ පොරවගෙන රෑට නිදාගන්න එක. අපේ පැත්ත සීතලයි. අපේ නිවෙස්වල පොරවන්නරෙදි තිබුණෙ නෑ. ඒ නිසා අම්මගේ චීත්තයට පොරකනවා ඒක පොරවගන්න. අපේ පවුලේ දහදෙනයි.අම්මගෙ උණුසුම දැනෙන නිසා සුවඳ දැනෙන නිසා ඒක ලබාගන්න අපි පොර කනවා.මට පස්සෙ කාලේඅවබෝධ වුණා අම්මගෙ චීත්තය කියන්නෙ බොහෝ ම සුවඳ වස්ත්‍රයක් නෙමෙයි කියලා. ඒ වගේමඅම්මගෙ සුවඳ කියලා අපි කියන්නෙ අම්මගෙ සොටු, දහදිය, උයලා පිහලා ඉඳුල් දැලි ගෑවුණ සුවඳට. අපිඑතකොට ආදරෙයෙන් වැලඳගෙන තියෙන්නෙ අම්මගෙ වේදනාව. අම්මගේ චීත්තය එයින් අපිට අම්මගෙසුවඳ දැනෙනවා.මම උපන් දාඉඳන් අම්මගේ ආදරය මට ලැබුණා. මම උපදින කොට අපේ අම්මට 48යි. මම පවුලේ 11 වැනියා. අවු. 6දී මම පාසල් ගිහින් ආවා ම මම මව්කිරිබිව්වා. මට තවම හොඳට මතකයි ගමේ ගෑනියෙක් කිව්වා “ඕකෙ කොහොඹ ගාපං කියලා” ඒ මම හැමතිස්සෙමඅම්මගෙ තනය උරන නිසා. මම තනයෙ එල්ලිලා මව්කිරි බිව්වට අපේ අම්මගෙ තනයේ මට දෙන්නමව්කිරි තිබිලා නෑ.ඒ නිසා අම්මාකරන්නෙ කහට කෝප්පයක් හදාගෙන තියන් කහට බිංදු ඇඟිල්ලට අරන් මගෙ කටේ තියන එක. ඒ මගේබඩගිනි නිවන්න. කිරි නැති වෙන්න හේතුව අපේ පවුලෙ 10 දෙනෙක්. මම 11 වැනියා. මට අවු.12 වෙනකොට අම්මට 60ක් විතර. මට මතකයි ඉස්සර අම්ම ඉස්කෝලෙටඑනකොට යාළුවො කියනවා Qමේ එන්නෙ උඹෙඅම්ම නෙවෙයි ආච්චි’ කියලා. නිකංහරි උර උර ඉන්න අම්ම තනය දුන්න එකෙන් මා අදහස් කරන්නේ අම්ම මට තිබුණු ආදරේ තරම.අප්පච්චිගොවියෙක් වුණත් අපි දරිද්‍රතාවේ පතුළට ම ගියා. මට තවමත් හොඳට දැනෙනවා මැටිමුට්ටියේ බත ඉදෙන සුවඳ. තියෙන අප්‍රමාණ කුසගින්න නිසා ලුණු ටිකක් ඉහලා ඉක්මනට බත්කනවා.මිනිස්සුලුණුයි බතුයි කන්නෙ හීල් බත් එක්ක නෙමෙයි. උණු බත් එක්ක. දැඩි ම කුසගින්න නිසාලුණුයි බතුයි කෑවා. දුප්පත් මිනිස්සු ලුණුයි බතුයි කනවා කියන කතාව ඇත්ත.අපේ පවුලෙපිරිමි 05යි. ගැහැනු 05යි. දුප්පත්කම කොච්චරවුණත් අම්මා කතරගම දෙවියන්ට ගිහින් බාර වුණාලු ඊළඟ එකා පුතෙක් වෙන්න කියලා. දරුවොසමාන වෙන්න.ඊළඟට මට තියෙනමතකය චූටි කුස්සියේ අපි දහදෙනා පෝළිමට වාඩි වෙනවා. කෑම කන්න. අපි කන්නෙ බෙලෙක්පිඟන්වල. එක එක්කෙනාගෙ පිඟන් එක එක තරමෙ. ලොකු අයියට ගොඩක් කන්න ඕනෙ. මොකද ඌකුඹුරෙ යනවා.මහන්සි වෙනනිසා. ඒගොල්ලන්ගෙ පිඟාන ගැඹුරුයි. අම්මා මුලින් ම බෙදන්නෙ අප්පච්චිට. ඊට පස්සෙඅපිට. පිඟන් අඩු වුණා ම අක්කලා කන්නෙ මඩක්කුවේ. (අඩි වළඳේ) හැමෝට ම බෙදලා අම්මාකවදාවත් බෙදාගන්නෙ නෑ. අපි 10 හරි 8 හරි ඉන්න අය කනතුරුඅපේ අම්මා බත් බෙදාගන්නෙ නෑ.අපි බත් ටිකමුලින් ම වේගෙන් කාලා අන්තිමට ඇටේ ඇටේ කනවා. අපි දෙවෙනි පාර කන්න ආස වුණත් බෙදාගන්නෙ නැත්තෙ අපෙ අම්ම කෑවෙ නැති නිසා. අම්මට කන්න තරම් බත් මුට්ටියේ තියෙනවදකියලා දන්නෙ නැති නිසා. එතකොට අම්මා දන්නවා අපි නොකා ඉන්නෙ අම්මට නැති නිසා කියලා.අන්න ඒ වෙලාවට බත් මුට්ටිය පෙන්නලා අම්මා ලස්සන වචනයක් කියනවා.”මට තියෙනවාමයෙ පුතේ, උඹලා තවචුට්ටක් කාපං” කියලා.දැන් අප්‍රමාණවඅම්මට තියෙන ආදරය වැඩිවෙනවා. බඩගින්න ජීවිතය උගන්වනවා. අන්න එහෙම තමයි කුසගින්නඑක්ක ආදරේ ගොඩනැඟෙන්නේ.රෑට හිල්වෙච්චටකරං අස්සෙන් එළිය වැටෙනවා ‘ටෝච්’ එක ගැහුවා වාගේ ගොමපොළොවට. අපි අඟුරු කෑලි අරන් ඒවා රවුම් කරනවා. එතකොට ටික වෙලාවක් ගියා ම ගොමපොළොවෙ ලස්සන රටාවක් මැවෙනවා. අපිට බිම අඳින්න අඟුරු කෑල්ල දෙන්නෙ අම්මා. අම්මට අකුරක්වත්බෑ.මෙහෙම යනකොටශිෂ්‍යත්වේ පාස්වෙනවා මම. යහළබැද්ද කනිටු විදුහලින්. ඒ කාලයේ මගේ ශිෂ්‍යත්වපන්තියේ ගුරුවරු වුණේ කරුණාරත්න ගුරුතුමා සහ මල්ලිකා දාබරේ ගුරුතුමිය. ඈ දැන්වත්තල පැත්තේ ඉන්නවා.මම හපුතලේනගරයේ. ගම යහළබැද්ද. අම්මගේ නම පුංචි මැණිකා.දරුවෙක්ටතියෙන ලොකු ම ආසාව තමයි තමාව අගය කිරීම. හැබැයි දුප්පත් අකුරු නූගත් දෙමව්පියෝ දරුවා රටේ නායකයා වුණත්ඇත්තද බොල. කියලා අහයි.ඉතින්, ශිෂ්‍යත්වෙපාස් වුණාම අම්මා මාව අගය කළා.ගෙවල් ගාවහිටියා මනි අම්මා කියලා ගෑනියෙක්. ඒ කාලේ එයා බිත්තර විකිණුවා. බිත්තරයක් සතහතළිහයි. ඒ කාලේ බිත්තර හරියට අධිනිශ්චය වෙලා තිබ්බේ. අපේ අම්මා එක බිත්තරයක්ගෙනල්ලා තම්බලා බත් එකේ හංගලා මට දීලා කියනවා”පුතේ, ඕක අයිනට ගිහින් කාපං”කියලා. ශිෂ්‍යත්වෙපාස්වීම නිසාත්, මම පවුලේබඩපිස්සා නිසාත් ඒ බිත්තරේ මට ලැබුණා වෙන්න පුළුවන්. අම්මා අනිත් අයටත් බිත්තරඅරන් දෙන්න පුළුවන් නම් අරන් දෙනවා. ඒත් දුප්පත්කම ඒ සියල්ල මඬිනවා. අනික මට පොඩිකාලේ මන්දපෝෂණය හැදුණා. මම පස්ස පැත්තෙන් ගියා කියලා තමයි කට්ටිය කිව්වෙ.ගමේ කට්ටියකිව්වෙ ඔළුව ලොකු කොල්ලා කියලා. ගමේ එවුන් එහෙම කිව්වෙ මට මන්දපෝෂණය හැදුණා ම ඔළුවලොකුªවෙලා ඇඟ පුංචිවුණ නිසා. ඒ කාලේ මට ඇවිදින්න බැරි නිසා මාව කරත්තයක දාගෙන තල්ලු කරගෙන ගියේ ජයන්තකුමාර බන්දුලාච්චි කියන මගේ යාළුවා. දැන් හලාවත නල්ලදරංකට්ටුවේ පදිංචි වෙලා ඉන්නේ.මට ඒ යාළුවා දවසක් මුණගැහුණ ම කියනවා,”උපුල් ඔයාටපොඩි කාලේ මන්ද පෝෂණයනේ. මම තමයි ඔයාව කරත්තෙ තියාගෙන තල්ලු කරන් ගියේ” කියලා.ඒ නිසා අම්මාබත් එකේ හංගලා බිත්තරයක් දෙන එක ඇතුළේ ‘පෝෂණය මදි’ කියන අර්ථයත් තියෙනවා. අම්මා මෙතැන දී ආදරය, මාතෘත්වය, අගය කිරීම උගන්වනවා.උඩරට පළාත්වලසිරික් තියෙනවා සාමාන්‍යයෙන් කෝඩුකාරයෝ සිරීපාදේ නැඟල ආවාම උණු කැවුමක් හදාගෙන”මයෙ අප්පා,කිරි කෝඩු කකුල්වලින්මහගිරිදඹේ නැංගද”කිය කියා උණුකැවුමෙන් කකුල් තවනවා. ඒක අපේ අම්මා මටත් වෙනත් විදියකට කළා. අපෙ අම්මා මම ශිෂ්‍යත්වෙපාස් වුණා ම පොඩි කැවුමක් හදාගෙන මගෙ අත් දෙකම තවන ගමන් අම්මා කියනවා;”පුතේ, උඹ විභාගයක් පාස් ලු.මයෙ අප්පට කෝටියක් දේවල් ලියන්න ශක්තිය ලැබෙන්න ඕන. මහ මුහුද ගොඩ ගලනවා වාගේසම්පත් ලැබෙන්න ඕක.”කිලා අම්මාසිරීපාදේ ගිය එකෙක්ගෙ කකුල් තවන විදියට මගෙ අත් දෙකම තවනවා.ඒ දවස්වලඇතිවෙනවා මහා දුර්භික්ෂයක්. වර්ෂ වශයෙන් කිව්වොත් මට අවු.09දී විතර. 73 විතර. විශාලදුර්භික්ෂයක්. මේ ගැන මහාචාර්ය පුංචි බණ්ඩාර සන්නස්ගල මහතාගේ ‘සිංහල සාහිත්‍ය වංශය’කියන පොතේ විශාලවශයෙන් දක්වල තිබ්බා. නමුත්, පසුකාලීනවදේශපාලන ආදී වූ විවිධ බලපෑම් නිසා ඒක ඉවත් කළා.මේදුර්භික්ෂයේ තරම කොයිතරම් ද කිව්වොත් පාන් කෑල්ලක් ගන්න පෝලිම්වල හිටපු මිනිස්සුඇදගෙන වැටුණා. ඒ තරම් කුසගින්න. අපේ ගම්වල මිනිස්සු හබරල අල තම්බලා කෑවා. කෙසෙල්බඩතම්බලා කෑවා බඩගින්නට. මේ කාලේ අපි දවස් 02ක් 03ක් විතර බඩගින්නෙ හිටියා.මේ කාලේ අපිඅක්කලා එක්ක ගිහින් එහා පැත්තෙ වත්තෙ වැවිලා තිබ්බා ‘බුත්සරණ’ කියලා අල ජාතියක්. මේ බුත්සරණ අල තම්බලාකෑවා. මේවා ගොඩක් කෑවම මත්වෙනව. මම අදටත් ආසාවට කන්න මේ පැළ ටිකක් හිටවගෙනතියෙනවා. මේ දවස්වල අපි වේල් 10,15 ඉරිඟු තම්බලා කෑවා.එක දවසක් උදේකතුවායක් කරේ දාගෙන අම්මා උදේ 6ට 6.30ට විතර හපුතලේ කන්දමුදුනෙන් ඉර පායනකොටම වගේ ගෙදරින් පිටත් වෙලා යනවා. ළමයින්ට කන්න දෙන්න කෑමහොයන්න.අපි අඳුරවැටෙනකං බලන් හිටියා. අම්මා ආවෙ නෑ. රෑ 7.30ට 8ට විතර හපුතලේ කෝච්චිය හූවක් කියාගෙන පහළටබහිනවා ඇහෙනවා. ඒක තමයි සංඥාව අපි වෙලාව දැනගන්න. අම්මා තවම නෑ. අපි ඇඬුවා. හපුතලේපහුකරගෙන ඉදල්ගස්හින්න පැත්තට බඩු කෝච්චිය ගියා ම අපි දන්නවා දැන් මධ්‍යම රාත්‍රියටළඟයි කියලා. ඒක මුළු ගමට ම සංඥාවක්.ඊට පස්සෙ රෑ 12.00ට විතර අම්මා ආවාගෙදර. අම්මා උදේ ඉඳන් හපුතලේ ගම, වෙලන්හින්න, පහළ කඳුරුගමුව, විහාර කැලේ, දියතලාව, හපුතලේ, තංගමලේ කියන මේ හැම තැනකම ගෙවල් ගානේ ගිහින්ළමයින්ට කන්න මොනවා හරි අරන් එන්න. හැතැප්ම 10 – 15ක් උදේ ඉඳන් ඇවිදලා අම්මා අරං ආවේ එක පිටිගුලියක්.ඒ ගෙදර රොටිහදන්න අනපු පිටි ගුලියක් අම්මා අරන් ආවා. අම්මට ඒ පිටි ගුලිය දීලා තියෙන්නෙපොඩිහාමිනේ නැන්දා. ඉතින් අම්මා මේකෙන් රොටියක් හදලා දීලා හැමෝටම කෑල්ල කෑල්ල කන්නදීලා අපිව නිදි කෙරෙව්වා.ඒ තරමට මහාදුර්භික්ෂයක් තිබුණ කාලයක් ඒ.ඊට පස්සෙ මටඅම්මා ගැන කම්පාවෙන දවසක් එනකොට මම කැම්පස් එකේ දෙවන වසරේ. නිවාඩුවට ගමේ ගියකාලෙක. ඒ දවස්වල ඉතින් ගමේ කොල්ලොත් එක්ක රස්තියාදු ගහලා, කෙල්ලො බලන්න ගිහිල්ලා,චිත්‍රපටි බලලාඇවිල්ලා නිදාගන්නවා. ඒ කාලෙ හරියට සිගරට් බොනවා. මේ කාලේ මහ තක්කඩි කාලයක් විදියටමම දකින්නේ. ඉතින් මෙහෙම ගිහිල්ලා ඇවිත් නිදාගත්තම උදේට නැගිටින්න පරක්කු වෙනවා.තරුණ වයසනේ.ඉතින් එක දවසක් උදේ නැගිටිනකොට හොඳට ම පරක්කුවෙලා චිත්‍රපටිය බලන්න යන්න. ඒ කාලේරීගල් ශාලාවෙ තමයි අපි චිත්‍රපටි බලන්න ගියේ. ඒ නිසා ඉක්මනට මුහුණකට හෝදගෙන බැලුවාකන්න මොනවද තියෙන්නෙ කියලා. රොටියක් තිබ්බා. දඩබඩ ගාලා රොටිය කාල ඇඳගෙන මිදුලටබහිනකොට අම්මා වත්තෙ තේ දළු කඩ කඩ හිටියෙ. (වත්තෙ කිව්වෙ අපේ ගේ ඉස්සරහ වවලා තිබ්බතේ පාත්ති කිහිපයේ) මම එළියට බහිනකොට ම අම්මා ඈත ඉඳන් කෑ ගහලා මට කියනවා;”මයෙ පුතේ,කුස්සියේ රොටියක් හදලාඇති. මටත් කෑල්ලක් තියලා කාපං මයෙ අප්පා” කියලා.අම්මා මේකකියනකොට මම මුළු රොටියම කාලා ඉවරයි.දැන් අරසුගතපාල ද සිල්වා ගේ ‘මරාසාද්’නාට්‍යයේ කියනවා වාගේතමන්ගෙ ම කෙස් වල්ලෙන් තමන්ව ම අල්ලන් කණපිට ගහනවා වාගේ හැඟීමක් ඇතිවුණා. මමමොහොතක්වත් ගෙදර හිටියෙ නෑ. ඒ වෙලොවෙ ම ගියා චිත්‍රපටිය බලන්න.දැන් මට මගේබඩවැල් ටික අල්ලලා වමාරන්න තරමෙ ශක්තියක් ඇතිවුණා. ඇයි. අම්මට නොතියා මුළු රොටියම මම කෑවට.මිනිස්සුස්වයං දඬුවම් දී ගන්නවනේ. මමත් එදා දවල්, රෑ, පහුවදා උදේ දවල්, රෑ කෑවේ නෑ. මම කුසගින්නේ සිටිය හැකි ප්‍රමාණයකොතරම් ද මම එතරම් හිටියා අර වරදට වන්දි ගෙවන්න. ඒක තක්කඩි රොටි කෑමක් විදියට මටපෙනෙන්නෙ.පහෙන් පස්සෙමම ජනානන්ද මධ්‍ය මහා විද්‍යාලයෙන් සාමාන්‍ය පෙළ කරනවා. ඊට පස්සෙ මම ගෙදරින් පැනලායනවා. ඊට පස්සෙ තමයි මම තර්ස්ටන් යන්නෙ.පිංපියොත්එක්ක, ගණිකාවෝ එක්ක,කුඩුකාරයො, ගංජා කාරයෝ, රස්තියාදුකාරයෝ,සමලිංගිකයෝ, තක්කඩියොත් එක්ක හිටපුඑකේ ප්‍රතිඵලය තමයි මම කොළඹ සරසවියට යන්නෙ. ඒ කාලෙ මං ගාලු මුවදොර පිටියේ බණ්ඩාරනායකප්‍රතිමාව යට නිදාගත් දවස් තියෙනවා.කෝච්චිපෙට්ටිවල නිදාගත්තා. තර්ස්ටන් වලට එන්නේ විවිධ උපක්‍රම යොදලා. ඒක හෙළි කරන්න බෑ.තර්ස්ටන් එකේ යාළුවො ඒක දන්නවා. ඒ වගේ ම මා ගාව තියෙන සහතික මිටියත් ඒකට සාක්ෂි.ඒ කාලේ (කොළඹඉන්න කාලේ) මම වියදමට සල්ලි හොයාගත්තෙ ගල්කිස්සෙ බෞද්ධ බාලිකාව ළඟ තිබ්බ පොළේඉරිදා සෙනසුරාදා ක්‍රෝටන් වගේ පැළ විකුණලා. තර්ස්ටන් එකේ ඉන්නකොට මගේ කෑම බිලගෙව්වෙ දැන් ඇමෙරිකාවෙ ඉන්න මගෙ යාළුවා.පියල් සසංකතවම බත්තරමුල්ලේ ඉන්න ගිහාන් ශ්‍රීනාත් අල්විස් මගේ යාළුවෝ තමයි ඒ කාලේ මගේ රැකවරණයාළුවෝ. එතකොට බ්‍රිගේඩියර් සත්‍යප්‍රිය ලියනගේ, මේජර් සමුදය, මහේන්ද්‍ර, මදන් මේ ඔක්කොම තර්ස්ටන් එකේ මගේ යාළුවෝ.තර්ස්ටන් එකේ්දී මගේ පෞරුෂය හැදුවෙ මේ යාළුවෝ.මම විශ්වවිද්‍යාලෙටගිහින් ලියනවා මගේ මුල් ම පොත ‘සරසවි දියණියෝ’.ඒක එළිදක්වන දවසෙඅම්මවයි, තාත්තවයිදෙන්නව ම මම කොළඹ එක්කන් එනවා. අම්මට අකුරක්වත් බෑ. අප්පච්චි අන්ධයි. ඉතින් මම මගේමුල් ම පොතේ ‘පිදුම’ලියන්නෙ අම්මටයි.අප්පච්චිටයි.”දෑස නොපෙනෙනාහින්දාමගේ පොතේඅකුරක්වත්අප්පච්චීදකිනු කොයි ලෙසින්අකුරු නොදන්නාහින්දාඅප්පච්චිටඅහන් ඉන්නඅම්මාකියවන්නෙ කොයි ලෙසින්”(සරසවි දියණියෝපිදුම)රංග කලංසූරියතමයි මගෙ අම්මවයි අප්පච්චිවයි වේදිකාවට අරන් එන්නෙ. ඒ කාලේ රංග ආනන්දේ A/L ලියනවා.අප්පච්චි ගැනමුල් කාලයේ මට තිබ්බෙ ද්වේෂයක්. අම්මා දුක් විඳින ස්වරූපය පෙනෙන්න පෙනෙන්නදරුවෙකුගෙ හිතේ තාත්තට තියෙන ආදරය නැතිවෙනවා. වෛරයක් ඇතිවෙනවා. මට මගේ ජීවිතේ අපේඅප්පච්චි අවස්ථා දෙක තුනකදී හැර පැන්සලක් පෑනක් අරන් දුන්න කෙනෙක් නෙවෙයි. අම්මාගේදුක් විඳින ස්වරූපය වැඩිවෙන්න වැඩිවෙන්න තාත්තා ගැන තියෙන වෛරය වැඩිවෙනවා. ඒකසාමාන්‍යයි.මගේ අප්පච්චිටඇස් දෙක පේන්නෙ නෑ කිව්වම මම එයාව නයනාරෝග්‍ය ශාලාවට ගේනවා කොළඹ. මම හැමදා මයුනිෆෝම් එක ගහගෙන යනවා අප්පච්චි බලන්න. අප්පච්චිට වෙන ම ඇඳක් තිබුණෙ නෑ.ඇස්වාට්ටුවේ වැසිකිළිය ගාව පැදුරක් දාගෙන අප්පච්චි නිදි. මම යුනිෆෝම් ඇඳලා යන නිසාඩොක්ටර් එක දවසක් මට කතා කරලා කියනවා;පුතා, ඔයාගෙ තාත්තගෙ ඇස්වලස්නායු මැරිලා තියෙන්නෙ. ලෝකෙ කොහේ රටක ගියත් මේක හොඳ කරන්න බෑ. මෙතනින් එහාටඅප්පච්චිව හොඳින් බලාගන්න.”ඊට පස්සෙ ඒදෙන්නා ජීවතුන් අතර ඉන්නා තාක් කල් මම ඒ දෙන්නව කොළඹ ගෙනල්ලා තියෙනවා මගේ හැමපොතක් ම එළිදක්වද්දි.අප්පච්චිබුද්ධි ගෝචර චරිතයක්. අම්මා භාව ගෝචර චරිතයක්.ඊට පස්සෙකාලෙදි, අවුරුදු පහකවිතර කාලයක් මට අම්මව මගහැරෙනවා. ඒ නගරෙ ඇතුළෙ මම තනිවෙච්ච කාලයේ. ඕන ම කෙනෙකුටඅම්මව මඟහැරෙන කාලයක් තියෙනවා. ඒක සාමාන්‍යයි. ඇත්තට ම මේ මගහැරීම එන්නෙ කාර්යබහුල ජීවිතෙත් එක්ක. ගෙවල් හදන්න පටන් අරන්, ආර්ථිකය ගොඩනඟාගන්න කාලයේ දී මට අම්මව මගහැරෙනවා. හැබැයි ඒක අමතක වීම නෙමෙයි. මග හැරීමක්. ‘ලතා මංගේශ්කාර්’ කියනවනේ ‘කසාද බඳින්න අමතක වුණා’ කියලා. ඒ නිසා අතිශයකාර්ය බහුලත්වය කාලකණ්ණි මගහැරීමක් කරනවා.මේ කාලය ගැනමම කාරණා 2ක් මතක් කරන්නකැමැතියි.1. මේ කාලයේමත්තෙගොඩ ගෙදර හදන කොට අම්මටයි, අප්පච්චිටයිවෙන වෙන ම කාමර 2ක් හදනවා. මංගාව ගෙනැල්ලා තියාගන්න. තවමත් මගේ ගෙදර ඒ කාමර දෙක තියෙනවා.2. අම්මාට තරම් මමම අදත් ගරු කරනවා බිබිලේ ඉන්න මගෙ ප්‍රේමා අක්කාට. එයා විවාහ වෙලා ඉන්නෙ ඇන්ටන්කෲස් මරියදාස කියන ද්‍රවිඩ වෛද්‍යවරයෙක් එක්ක. අක්කට මම ණයගැති වෙන්න හේතුව මගේඇල්ම බැල්ම තියෙන කාලයේ නෙමෙයි මට අම්මව මගහැරුණු කාලයේ අම්මව හොඳින් බලාගත්ත එකගැන.ඒ මඟහැරුණුකාලයේ ඒ කිව්වෙ අක්කා ගාව අම්මා හිටිය කාලේ හිටපු ගමන් අම්මා කඳුළක් හලල කියනවලු”මට පොඩි එකාබලන්න යන්න ඕන” කියල.අම්මා ගැනකියනකොට මට මතක් වෙන අනෙක් ලස්සන ම සිද්ධිය තමයි පොඩි කාලේ අපේ අම්මා අක්කලාටයිඅයියලාටයි උගන්වන්න අම්මගෙ සාරි විකුණලා තියෙනවා. කුලී වැඩ කරලා තියෙනවා. කරාබු,මාල විකුණලා තියෙනවා.දරුවන්ගේ අධ්‍යාපනය උදෙසා මම උපදිද්දී අම්මා කණකර ආයිත්තම් කිසිවක් නැතිගැහැනියක්. ඒ නිසා අම්මා හරි ආසාවෙන් හිටියා ‘අගස්ති මාලයක්’ පළඳින්න.අම්මා කියනවා ‘පොඩි එකා කවදහරිඉගෙනගෙන මට අගස්ති මාලයක් ගෙනැල්ලා දෙයි’ කියලා.අගස්ති මාලයතමයි අම්මාගේ හිතේ අධිනිශ්චය වෙලා තිබුණේ. ඒ තුළ තිබුණේ අගස්ති මාලයක් ලබාගැනීම මනෙමෙයි. ඌ හොඳට ඉගෙන ගනියි කියලා. අගස්ති මාලය තුළ මේ පැනනඟින්නේ අම්මා තුළ මා ගැනතිබූ විශ්වාසය. අනික අම්මා බලාපොරොත්තුවෙන් හිටියා කවදාහරි දඹදිව යන්න.බිබිලේ අක්කාබැන්දේ කතෝලිකයෙක්. ඒ නිසා එයා නත්තලට වෑන් එකේ කොළඹ එනවා පල්ලියට. මේ ගමන් අම්මයිඅක්කයි අයියයි අපේ ගෙදර එන නිසා මමත් ලෑස්ති වුණා අම්මට සැපදෙන්න. කට්ටිය දැන්කෙසෙල් කැන් අරගෙන මුං ඇට කැවුම් අරගෙන ආස්මී, කැවුම් අරගෙන එන්න ලෑස්තිය.බිබිලේ අයමෙහේ එද්දි බිබිලේ ගේ බලාගන්න කවුරුත් නැති නිසා හපුතලේ කට්ටිය බිබිලෙ ගෙදරට එනවාගේ බලාගන්න කියලා. වෑන් එකේ මෝටරේ බුෂ් ගිහින් කියලා අක්කයි අයියයි ගරාජයට ගිහින්තියෙනවා වාහනෙත් අරන් බුෂ් එක හදන් එන්න කියලා.මේ නිසා හිටපුඅනිත් අය අම්මට විහිළු කළා”හූ, හූ, අපි කිව්වනේ අම්මවඑක්කන් යන්නෙ නෑ කියලා. ඒ දෙන්නා තනියම ගියා.”අම්මා හෙමිහිටනැගිටලා අතගගා ගිහිල්ලා බැලුවා. පහල වාහනේ නෑ. එකපාරටම අම්මගෙ මොළයේ නහරයක්පිපිරුවා.එදා මම මහනුවරපන්ති. කැප්පෙටිපොළ ශාලාවේ. මම පන්ති ඉවර වෙලා පේරාදෙණියෙ මල්වත්ත පහුකරනවත් එක්කම මට දුරකතන ඇමතුමක් ලැබෙනවා. අම්මට අසනීප වෙලා ඉස්පිරිතාලෙට ඇතුළු කළා කියලා.අසනීප වුණා කියපු ගමන් ම අවිඥානිකව මගේ හිතේ ඇතිවෙනවා අම්මා මැරුණා කියලා. මම ඒවෙලාවෙම වාහනේ හරවගෙන බිබිලෙ යනවා. දහඅට වංගු පැනලා බිබිලෙට යද්දී එදා මධ්‍යම රාත්‍රියවිතර වෙනවා.මම ගෙදර ගියාම මම කිව්වා මට අම්මව බලන්න ඕන කියලා. කට්ටිය කිව්වා බෑ දැන් යන්න වෙන්නෙ නෑ හෙටඋදේ තමයි ආයෙ ලෙඩ්ඩු බලන්න පුළුවන් කියලා. මම කොහොම හරි අම්මව බලනවයි කියලා හිතාගෙනතව දෙන්නෙක් තුන් දෙනෙක් එක්ක ඉස්පිරිතාලෙ තාප්පෙන් පැනලා ගියා වාට්ටුවට අම්මවබලන්න. ඒ වෙද්දි අම්මා හුස්ම ගන්නවා පේන්නේ නෑ. ඇස් වැහිලා. ඇඟ හොඳටෝම සීතල වෙලා.බෙහෙත් පොවන්නත් බෑ. හැබැයි හෘද ස්පන්දනය වැඩ කරනවා. අම්මා මැරුණේ නැති මළ මිනියක්වෙලා.අනික් අය වටවෙලා‘අම්මා’‘අම්මා’ කියලා කෑ ගහනවා. ඒත්අම්මා ඇස් ඇරලා බැලුවෙ නෑ. මම හෙමිහිට අම්මා ළඟට ගිහිල්ලා ‘අම්මා, අම්මා’ කියලා දෙපාරයිකතාකෙරුවෙ. අම්මගේ හෘද ස්පන්දනය එක පාර ම වැඩිවුණා. අම්මා හෙමින් සැරේ ඇස් ඇරලායන්තම් අත උස්සලා මගේ අත අල්ල ගත්ත. මෘත දේහවලටත් දරුපෙම නිසා පණ එනව‘යි කියන කතාවත් ඇත්ත.1997.12.26 දා ඒ කියන්නෙඊට පස්සෙ දවසෙ අම්මා මැරෙනවා. ඒ වෙද්දි අම්මට වයස අවුරුදු 81යි. අම්මට උප්පැන්නයක්නැති නිසා මං ඉපැදුණු වසරෙදි අම්මට 48යි කියන මතකයෙන් තමයි වයස හැදුවෙ.අම්මව වළේදානකං මම ගියේ නෑ අම්මගේ මෘත දේහය බලන්න. කොටින්ම කිව්වොත් මම අම්මගේ මෘත දේහයබලන්න ආසවුණේ නෑ. අම්මා පවුලේ වැඩිපුර ම ආදරේ මට කියන එක මම තහවුරු කරගත්තා අම්මාමැරෙන්න මොහොතකට පෙර හරි. මම කැමැති වුණේ නෑ අඬලා දුක්වෙලා ඒ මතකය නැතිකර ගන්න. ඒනිසා මම අම්මගේ මෘත දේහය බැලුවෙ නෑ.අම්මාටතාත්තාට ණය ගෙවන ක්‍රම තියෙනවා.1. මානසික ලෙස2. භෞතික ලෙසමම මානසික ණයගෙව්වා. ශිෂ්‍යත්වය පාස් වුණා. පොත් ලිව්වා. ‘සන්නස්ගල’ කියලා පත්තරේක තිබ්බත් ඒ මගේ පුතා කියලාසතුටු වෙන්න, ආඩම්බර වෙන්නපුළුවන්කම ඇති කළා. නමුත්, මට භෞතික ණයගෙවන්න බැරිවුණා.අම්මට අගස්තිමාලයක් අරන් දෙන්න මට බැරිවුණා. අම්මට අඳින්න සාරි ගෙනැත් දෙන්න අම්මව දඹදිව එක්කයන්න මට බැරිවුණා. ඊට පස්සෙ කාලෙක මම ඉන්දියාවෙ ගියාම අගස්ති මාල 50ක් බෙදුවා. සාරිබෙදුවා. 2007 ජනානන්දපිංකමේ දී ගමේ ගෑනුන්ට සාරි දුන්නා.දෙමාපියොමැරුණම දරුවො පශ්චාත්තාප වෙන්නෙ අර මගහැරුණු කාලෙ ගැන විතරයි. අපි කිසිවිටෙකහිතන්නෙ නෑ අම්ම තාත්තා දැන් මැරෙයි කියලා. මොහොතකටවත් අම්මා තාත්තා අතාරින්න එපාඒ මොහොතෙදි අම්මා තාත්තා මැරේවි.එතකොට තමයිහිතෙන්නෙ ‘ෂඞ මට මොකුත්කරන්න බැරිවුණානේ’ කියලා ඒ නිසාමගේ මේ ජීවන අත්දැකීම ගැන යම් කෙනෙක් හරි හිතනව නම් මොහොතකටවත් අම්මා තාත්තාඅතාරින්න, මඟහරින්න එපාකියලයි කියන්න තියෙන්නෙ.ආදරය, සෙනෙහස වගේ දේවල්කිසිවිටෙක මඟහරින්න එපා. ආදරය මඟහැරුනම මරණය ළං වෙනවා. ආදරය අපිව දාලා යනවා. මගේපපුව තවමත් කැක්කුම තියෙන්නේ අම්මව මට මඟහැරුණ නිසා. ඒක මේ ආත්මයේ ගෙවලා ඉවර කරන්නබෑ.ලි. (මේලිපිය පළ කරන්න හිතුන ප්‍රධාන කාරණාව ‍් අම්මා‍, අනෙක් ප්‍රධාන කරුණ තමයිසන්නස්ගලයන් මගෙත් උසස් පෙළ සිංහල ගුරුතුමා වීම. එතුමන්ට අදත් මා ගරු කරනවා. සැබවින්ම මේ ලිපිය සියළුම අම්මාවරුන්ට උපහාරයක්වේවි....).
BLOG
2013.06.14
http://malmiart.blogspot.com
අපූරු දෙවොලක්.......
malmi
4pt 0in 5.බලන්න මේ ගැන ඔබත් අහලා තියෙනවාද කියලා.ඉන්දියාවේ රාජස්තාන්හි බිකනාර් කියන නගරයෙන්සැතපුම් 16ක් විතර ඈතට වෙන්න දෙවොලක් පිහිටා තිබුණා. (තිබුනා කිවුවේ දැන් තියෙනවාද යන්න නොදන්නානිසයි)ග ඒ දෙවොලේ පූජාවස්තුවක් විදියටමීයන්ට සලකනවා කිවුවොත් පුදුම හිතෙනවාද. මේ දේවාලයේ ඉතාමත් පරිස්සමෙන් උන් ආරක්ෂාකිරීමට නීතියකුත් පනවා තිබුනාලු. ඒ කාලයේඋන්ගේ කෑම බීම සදහා පමණක් රු. 20,000ක පමණ මුදලක් වැය කල බවයි සදහන් වෙලා තිබුනේ.මේ දේවාලයට වන්දනාවේ එන බැතිමතුන් මෙහිගැවසෙන මීයන්ට කිසිදු කරදරයක් හිරිහැරයක් නොවන්නට වග බලාගත්තාලු. එක විදියකින් එය දේවාලයේ තියෙන නීතියක්නිසා. ඇගේ මීයෙක් යන එකත් සුබ ලකුනක්විදියටවි මේ දේවාලයට වන්දනාවේ එන මිනිසුන් හිතාගෙන ඉදලා තියෙන්නේ. බැරිවෙලාවත් කෙනෙක් මීයෙක් මැරුවොත් එහෙම ඒවෙලාවෙම එයට නිසි දඩුවම් ලැබෙන බවටයි මෙහි වැසියන්ගේ විශ්වාසය.කාලයකට පෙර බික්නාරිහි රජ පවුලක් හිටපු බවත්ඒ රජ පරම්පරාවේ කර්නි දේවි නම් කුමරිය ආගමට ලැදි කාන්තාවක් විදියටත් සදහන්වෙනවා. මර්වාර්හි දීප කුමරු සමග මේ කුමරියවිවාහ වෙලා තියෙන්නේ ඇයට අවුරුදු 27 දීයි.නමුත් ඒ විවාහය එතරම් සාර්ථක එකක් වූයේ නැහැ. ඒ නිසා එම කුමරිය තමන්ගේ බාල නැගණිය විවාහ කරගන්න යැයි තමන්ගේ ස්වාමියාගෙන් ඉල්ලාසිටියලු. පසුව මේ කුමරු ඇගේ කීමට එකග වෙලා ඇයගේ නැගණියවිවාහ කරගෙන බොහෝම සතුටින් ජීවත් වුනා කියලයි කියන්නේ.මේ කර්න දේවි කුමරිය ඇයගේ අවසන් කාලයේදීආරාමයක් හදාගෙන ආගමට බොහෝම ලැදියාවෙන් කටයුතු කල අතරම දුගී මගියන්ට අසරණයන්ට පිහිටවුනා. ඇය මිය ගිය දිනයේ ඇගේ මල සිරුරින්නිකුත්වුනාය කියන ගිනි දැල්වලින් ඇගේ ශරීරය පිළිස්සි ගිය බවක් සදහන් වෙනවා. එදා ඉදන් ඒ ප්‍රදේශයේ වැසියන් ඇය ශාක්ති කියනදෙවියන්ගේ අවතාරයක් ලෙසින් විශ්වාස කරන්නට පටන් ගත්තා.ඉන් වසර ගණනාවක් ඉකුත් වුනාට පස්සේබික්නාර්හි රජ කල එක්තරා රජ කෙනෙකුට දෙව් කුමරියක් සිහිනෙන් පෙනී කියා සිටියේදෙවොලක් තනා එහි මීයන් ඉතා ආරක්ෂා සහිතව ඇති කරන ලෙසයි. ඉන් පස්සේ ඒ රජු දෙමහල් ගොඩනැගිල්ලක් සාදවා එහිමැද ඇති කුටියක කුඩා කුටියක් හදලා එහිමුදුන රනින් සෑදූ කුඩයකින් අලංකාර කලාලු.ඉන් පස්සේ දෙවොල ගංගායිං මහාරාජ්‍ය විසින්කිරිගරුඩින් අලංකාර ලෙස කැටයම් කරලා හදවලා තියෙනවා. පසුව දිනපතාම එම දෙවොලට එන බැතිමතුන් කර්තිදෙවියන්ගේ ආරක්ෂාව ඉල්ලා පුද පූජා පවත්වනවා.ඉතින් මීයන්ගේ පාරාදීසයක් වෙලා තියෙන්නේ මේ දෙවොලයි.
BLOG
2013.05.25
http://malmiart.blogspot.com
ඇය කොහිද????
malmi
4pt 0in 5.0pt; font-family:"Calibri","sans-serif"; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin; mso-bidi-font-family:Latha; mso-bidi-theme-font:minor-bidi; mso-bidi-language:AR-SA;}මල් ඔසරියෙන්සැරසී හැමවිටම වගේපොත් ටිකතුරුළු කරගෙන අපෙ දෙවට දිගේතැන්පත් කමටතාලෙට පා තබපු අගේඔබ ගිය අයුරුතාමත් පෙනෙනවා වගේසිසුකැළ වෙතටපොවමින් සිප් මනාවන්නිතරම මුවගරැදි පෙම්බර සිනාවන්අමතක කරපුහැමදුක් වේදනාවන්ජාතිත් මගේඅම්මා වාසනාවන්පැහැබර අනාවක්නැති බව සිහිවෙනවාදුක්බර හැගුම්හැමවිටකම මතුවෙනවාදුක් කදුළැලිපිරී දෙනයන නලියනවාපෙම්බර අම්මෙඔබ ගැන තව වැලපෙනවානැටුවෙමිසිනාවිමි නගමින් රස දෝතදුක්වීමිහැඩිමි හැමුවෙන් සැඩනල බීතදිව්වෙමිබැලුවෙමි පාලුයි සතර අතසෙව්වෙමිසොයමි අම්මා අද ගෙදර නැතඅපගේ ගෙපැලඔබටහ අමිහිරි විදමිහිකත ඔබටසුව යහනක් දුන්නාදමුමුනන සුළංරැළි සමගින් වී හාදගෙදරදි වගේතවමත් කවි ලියනවදඅව්වැසි සුළංනිති පීඩා නොම දේවානිසසල රැයේතනිකම නම් නොදැනේවාතරුවැල් සමගහද ආලෝකය දේවාඔබගේ සොහොනෙදහසක් මල් පිබිදේවා.
BLOG
2013.05.17
http://malmiart.blogspot.com
ඇය සමුගෙන......!!!!!!
malmi
4pt 0in 5.... මගෙන් සමුගෙන , අපෙන් සමුගෙන හෙටට දින තිහක්. කාලය ගෙවි යන වේගයෙන් මතකයන් අමතක කලනොහැකි නිසා සිත්හරිහැටි ගලපන්නට මගේ සිතට තවමත් දිරියක් නැහැ.ලෝභ හිතෙනවාබොහෝ දේවල් මතක් වෙනකොට. අම්මාට සැලකුවේනැහැ කියලාවත්, ඇය ගැන සොයා බැලුවේ නැහැ කියලාවත් මගේ හිතට දුකක් නැහැ. හේතුව ඇයට සියල්ල ලැබුණ නිසා. ඇය සතුව සියල්ල තිබුණ නිසා....නමුත්, ඇයට තිබූදිරිය, ආත්ම ශක්තිය, දරා ගැනීමේ අසීමිත හැකියාව මා සතුව තිබේදෝ සැකයි. හිතට ලොකු දුකක් දැනෙනවා අම්මා දැන් නැහැ කියලාහිතෙනකොට. මගේ හිත තවමත් සූදානම් නැහැ ඇයඅපව හැරගිය බව පිළිගන්නට. වෙලාවකට මටබොහෝම දඩබ්බර සිතුවිලි පහල වෙනවා. අම්මාඉන්න තැනකින් කොහොම හරි හොයාගෙන එන්න හිතෙනවා.කියවන ඔබ මොන දේ හිතුවත් ඇත්තටම මට එහෙම හිතෙනවා. මට මාවම පාලනය කල නොහැකි බවක් දැනෙනවා. උදේ කාලය තනියම ගතවෙනකොට අම්මා ගැන හිතට දැනෙනදේවල් බොහෝමයි.දන්නවද. බොහෝදෙනෙකුට නොලැබුන භාග්‍යයක් මට ලැබුනා.ඉපදෙන්නට මාස නවයකට කලින් සිටම දිනපතා පාසැල් යන්නට. උගන්වන දේට ඇහුන් කන් දෙන්නට. ඒ අවස්ථාව මට ලැබුනේ මගේ අම්මා ගුරුවරියක් වූනිසාමයි. නමුත් පුංචි කාලේ ඉදන්ම මට ටිකක්කනස්සලු ගතියක් දැනුනා. අම්මා මා ගැන සොයාබලනවා මදි කියලා. මගේ පොත් පත් ගැන අවධානය යොමු කරන්නේ නැහැකියලා. ඇත්තටම හිතලා බලනකොට එවැනි අවශ්‍යතාවයක්නොතිබුනා වෙන්නට ඇති. මම සියල්ල හොදින් කල නිසා.අම්මා බොහෝම කැපවුනේ ඇගේ පාසැලේ දැරියන්ගේ පොත් පත් ගැන. පාසැලේ කටයුතුගැන. අසනීපයකටවත් මගේ අම්මා ගෙදර හිටිදිනයක් මට මතක නැහැ.කවි ලියන්නට ,ලස්සනට ගායනා කරන්නට ඇය බොහෝම දක්ෂයි.වෙලාවකට මට පුදුම හිතෙනවා අම්මා ආදරේ කරපු අම්මාගේ පාසැලේ දැරියන් අදවැඩිහිටියන් වෙලා. අම්මාත් වියපත් වෙලා විශ්‍රාම ගිහින් වසර 15ක් විතරවෙනවා. නමුත් ඔවුන් මෙවරත් ආවා අවුරුද්දටබුලත් දෙන්නට. එතකොට මගේ අම්මා ලෙඩ ඇදටවෙලා දින 5ක් විතර. ඒ බොහෝ දෙනෙක්, අම්මාසමග එක පාසැලේ ඉගැන්වූ ගුරුවර ගුරුවරියන් බොහෝ දෙනෙකුත් අවසන් මොහොතේ ඇයටසමුදෙන්නට ඇයව ඇරලවන්නට පැමිණ සිටියා.මම තවමත්හිතනවා ඇත්තටම ඇය අපෙන් සමුගෙනද කියලා. මමමගෙන්ම විමසනවා මගේ අම්මා ගැන .
BLOG
2013.04.17
http://malmiart.blogspot.com
කිරි කදුළ
malmi
4pt 0in 5.0pt; font-family:"Calibri","sans-serif"; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin; mso-bidi-font-family:Latha; mso-bidi-theme-font:minor-bidi; mso-bidi-language:AR-SA;}සෙනෙහසින් ලෙයකිරට හැරවූහඩන කල දී වඩානැලවූවැටෙන විටනැගිටින්ට දිරි දීපිය නගන්නටදෑත දිගු කල,ගුරුන් අතරින්ගුරු තරුව වීපොත පතින් ලදදැනුම සමගින්නැණ නුවන දීයෙහෙන් හිදිනටමැසි මදුරුනෙක රුදුරු පීඩානොම දැනෙන්නටරැකවරණ දුන්,පැරදුමකදීදිරි ලබාදීදිනුම අභියසතුටින් ඉපිලුනයනෙන මගතොට සවියඅවියක්සෙවනැල්ලක්හිසට සෙවනක් -ගතට සිහිලක් වුකිරි කදුළ ........නුඹ ලෙඩඇදේ.
BLOG
2013.04.12
http://malmiart.blogspot.com
අවුරුද්දත් කිට්ටු කිට්ටු
malmi
4pt 0in 5. මේ අවුරුද්ද පටන් ගත්තත්හරි පුදුම අවිවේකී බවකුයි තියෙන්නේ. ඒත්ඉතිං කරපු වැඩකුත් නැද්ද මන්දා. කොහොමවුනත් දැන් අප්‍රේල් මාසෙ නිසා සිංහල අවුරුද්ද ගැන පුංචි පුංචි කරුණු ටිකක් ලියන්නඕනේ කියලා හිතුවා.සිංහල අවුරුද්ද කියන්නේ අපේ ජාතියේ අභිමානය මනාවපෙන්නුම් කරන උත්සවයක්නේ. අපේම සිරිත්විරිත්, අපේ කෙළි සෙල්ලම් එළි දක්වන්න තියෙන හොදම කාලේ තමයි සිංහල අවුරුදුසමය. හරියටම කියනවා නම් ජාතියක තියෙන ශ්‍රේෂ්ටත්වයමනින මිනුම් දණ්ඩක් තමයි අපේ සිරිත් විරිත් හා කෙළි සෙල්ලම්. හැබැයි ඉතිං අවුරුදු උත්සවය අපේ රටට විතරක්සීමාවුන දෙයක් නම් නොවෙයි. ඔය ඉන්දියාවේදකුණු දික්භාගය, බුරුමය, පාකිස්තානය වගේ වෙනත් රටවලත් අවුරුදු උත්සවය ඉතාමත්හොදින් පවත්වනවා. බුරුමයේ ජල උත්සවය කියලාහැදිනවෙන අවුරුදු උත්සවය පාකිස්තානයේ කියන්නේ බයිෂාකි කියලයි. බුරුමයේ වගේම කාම්බෝජයේ හේ අවුරුදු උළෙලේදී පාටගල්වන ලද සුවද ජලය ඉස ගැනීම චිරාගත චාරිත්‍රයක්.අස්වැන්න කපා ගෙන අටුකොටු පුරවා ගන්න කාලයනිසා තමයි බොහෝම රටවල මේ කාලය උත්සව කාලයක් ලෙස සැලකෙන්නේ. කාගේත් ඉසුරුමත් කාලය මෙයයි. ඒ නිසා රිසි සේ කාල බීලා විනෝද වෙන එක උත්සවපවත්වන එක අප්‍රේල් මාසයට ආවේනික දෙයක් වෙලා.අවුරුද්දේ සතුටු වෙන්න මේතරම් සුදුසු කාලයක් නැති තරම්.සිංහල අවුරුදු කාලය සූර්ය මාස නැකැත් කෙළියඑහෙමත් නැත්නම් කෝණ යන නම් වලිනුත් හැදින්වෙනවා.ඒකට හේතුව තමයි සූර්ය දිව්‍ය රාජයා රාශි දොළහේ ගමන් කරලා මීන රාශියේ ඉදන්මේෂ රාශියට සංක්‍රමණය වීම. අවුරුදු උත්සවයමේ විදියට උත්සවශ්‍රීයෙන් පවත්වන්නට පටන් ගෙන තියෙන්නේ බොහෝ ඈත කාලයේ භාරත දේශයේ කණිෂ්කරජුගේ කාලයේ ඉදන් කියලයි පොත පතේ සදහන් වෙන්නේ.අපේ රටට මේ උත්සවය පැමිනෙන්නේ හිංදු සභ්‍යත්වයේ ආභාෂය නිසාවෙනුයි.මුල් කාලයේදී දෙවියන් මුල්කොට ගෙන අවුරුදුඋත්සවය පැවැත්වුනත් පස්සේ කාලෙක බුදු සසුන පිහිටුවීමෙන් පස්සේ අවුරුදු චාරිත්‍රබෞද්ධ ප්‍රතිපත්ති අනුව හැඩගැසෙන්නට වුනා.පොළොන්නරු යුගයෙන් පස්සේ එය සිංහල ජාතික උත්සවයක් බවට පත්වුනා කියලයිවිද්වතුන්ගේ මතය වෙලා තියෙන්නේ. ඉස්සරකාලේ රාජ්‍ය අනුග්‍රහය ඇතිව පවත්වපු උත්සව අතර සිංහල අවුරුදු උළෙලට ලැබුනේ ප්‍රමුඛස්ථානයක්. අළුත් අවුරුදු උළෙල ඉතාමත් ඉහලින් පවත්වපුකාලයක් තමයි මහනුවර යුගය. රොබට් නොක්ස්ගේවාර්තාවල සදහන් වෙන විදියට නම් ඒ කාලයේදී රටවැසියන් සියලු දෙනාම තමන්ගේ සියලුකටයුතු වලින් ඉවත්වෙලා නැකැත් චාරිත්‍ර විදි හොදින් අනුගමනය කරමින් බොහෝම කෙළිදෙළෙන් ගතකරපු කාලයක් තමයි ඒ. අවුරුද්දක් ගෙවිලා අලුත් අවුරුද්දක් උදාවෙනකොට රජතුමා දළදා හිමියන් වැද පුදා ගන්නේ මුළු රටේම ජනතාවටත් රටටත් සෙතක් ශාන්තියක්අත්කරගනු සදහායි. අනෙක් කරුණ තමයි මහා නාහිමිවරුන්ගේ ආශිර්වාදය ලබා ගන්නත් රජවරුන් අමතක කලේ නැහැ. අලුත් අවුරුද්දට ආගමික මුහුණුවරක් දීමටත්ස්වාමීන් වහන්සේලා අමතක කලේම නැහැ.පොත්පත්වල කියවෙන අන්මට මුලින්ම අවුරුදු නැකත් පතක් සකස් කරලා තියෙන්නේපුලතිසි කිවයන සෘෂීන් වහන්සේයි. මේ සූර්යසංක්‍රමනය අනිවාර්යයෙන්ම ස්වභාව ධර්මයෙන් සිදුවන්නක්. ඒ අවස්ථාවේදී වායු මණ්ඩලයේ සිදුවන වෙනස්කම් හානව වාතාවරණයක් බිහිවෙනවා. එය මිනිස් ජිවිතකෙරෙහි බලපානවා. ඉතින් ඒ නිසා තමයි අපේජීවිතත් ඒ වෙනස්කම් වලට අනුකූල වෙන විදියට සකස් කරගන්න අවශ්‍ය වෙන්නේ. ජේ‍යතිශයේ කියන ආකාරයට වැදගත් අවස්ථාවලදී සුබමොහොතක් බලා කටයුතු ආරම්භ කිරීම උසස් ප්‍රතිපල ලබා ගැනීමට උදව්වක් වෙනවා. ඉස්සර කාලේ මේ නැකත් සකස් කරලා තියෙන්නේරජවාසලේ ඉන්න නැකැත් රාළ විසින්. අළුත් අවුරුද්දට පේවීමට ස්නානය කිරීම, නව සදබැලීම, වැඩ අත්හැරීම, වැඩ ඇල්ලීම, ලිප ගිනි මෙලවීම, ගනුදෙනු කිරීම, ආහාර අනුභවය,හිස තෙල් ගෑම, රැකියාවන් සදහා පිටත්වීම, වැනි අපේ එදිනෙදා ජීවිතයේදි සිදුකරන බොහෝමවැදගත් කටයුතු නැකත් අනුව පටන් ගන්නට කටයුතු කෙරුනේ මේ විදියටයි. එය සම්ප්‍රදායක් බවට පත්වුනා. නැකත් නොමැති කාලය එසේත් නැත්නම් නොනගතයයනුවෙන් හදුන්වනු ලබන වෙලාවකුත් මේ අවුරුදු නැකත් අතර තියෙන බව අපි කවුරුත්දන්නවා. ඒ වෙලාව කිසිම සුබ කටයුත්තක් සදහායොදා ගන්නේ නැහැ. ඒ ගැන විවිධ මතිමතාන්තරතිබුනත් මේ කාලසීමාවේදී ආගමික කටයුතු වල යෙදෙමින් හිත පිරිසිදුව තබා ගැනීම අතින්මහොද බවයි පැවසෙන්නේ. නමුත් මේ තත්වයවර්තමානයේදී නම් වෙනස් වෙලා තියෙනවා.විවිධ දුරාචාරයන් සදහා මේ කාලය යොදා ගැනීමට බොහෝ පිරිස් උනන්දුවක්දක්වනවා. අලුත් බලාපොරොත්තු වලින් පිරුනුවසරකට පිය නගන සුබ මොහොතක සිත කිලිටි කරගැනීම උචිත නැහැ. ඒක අවාසනාවන්ත අනාගතයකට මුලපිරිමක් වගෙයි.වර්තමානයේ නැකැත් කෙරෙහි එතරම් උනන්දුවක්දක්වන්නේ නැහැ. උත්සවය විතරක් ඉහලින්ගන්නවා. සිරිත් විරිත් ගැන තැකීමක්නැහැ. ඉතින් අනාගත පරම්පරාවට දකින්නලැබෙන්නේ සාම්ප්‍රදායයන්ගෙන් පිරුනු අලුත් අවුරුද්දක් නම් නෙවෙයි. ඒ ගැන කියන්නත් කනගාටුයි. අනෙක් කාරනාව තමයි අලුත් අවුරුදු නැකත් පිළියෙලකරන විදියේ යම් පිළිවෙලක් තියෙනවාද කියන එක.ඇතැම් අවුරුදු වල ලිත් වල තියෙන නැකැත් සහ වෙනත් මාධ්‍යයන්ගෙන් ප්‍රචාරයකරන නැකත් අතර වෙනස් කම් තියෙනවා.අපි අතර පවතින සිංහල සිරිතක්නේ අවුරුද්දක්ගෙවිලා අවුරුද්දක් ලබන මොහොතෙදි වැඩිහිටියන්ට බුලත් හුරුල්ලක් දීලා වැරදි සමාකරගන්න එක. ඇතිවෙලා තියෙන නොයෙක්අමනාපකම්, අවුල් වියවුල් අසමගිකම් නැතිකරගන්නට කටයුතු කිරීමෙන් කාගෙත් හිත්වල සතුටසමාදානය රෝපනය වෙනවා. එවැන්නකට හොදම කාලයතමයි සිංහල අවුරුදු කාලය.ඒ වගේම තමයි අපිට පුංචි නිවාඩුවක් ලැබෙනකාලයක් නිසා නැදෑ හිතමිතුරන් වගේම ගමේ උදවියත් එකතු වෙලා නොයෙකුත් කෙළි සෙල්ලම්කරන්නට පෙළඹෙනවානේ. මින් ප්‍රධාන තැනක්ගන්නේ රබන් පැලිල්ල තමයි. දෙපිරිසක් හෝ ඊටවැඩි පිරිසක් එකතුවෙලා තරගයට රබන් කවි කියමින් රබාන වාදනය කරනවා. බාල තරුණ මහළු හැමෝම මේ වාදනයට සහභාගීවෙනවා. තරගයට තමයි රබන් කවි කියන්නේ. ඒවා පලාතෙන් පළාතට වෙනස් වෙනවා.තවත් තැනෙක ඔන්චිල්ලාවක් බැදෙනවා. ගමේ කෙළි පැටික්කියෝ ටික මෙතැනට රොදබැදෙනවා. ඔන්චිලි වාරම් කියනවා. අන් ඇදීම, පොර පොල් ගැසීම, අංගම් කෙටීම, ඇත්පොර ගව පොර, මල්ලව පොර, මේ වගේ බොහෝ ක්‍රීඩාවන් එළි දකින්නේ මේ කාලයේ තමයි. ඉවසීම ආත්ම සංයමය, පරෝපකාරය, නිර්භීත කම වගේගුණාංගයන් වර්ධනය කරගන්නත් හොද අවස්ථාවක් වෙනවා මෙය.මේ අවුරුදු සිරිත් විරිත් වගේම කෙළි සෙල්ලම්දිහා හොදින් විමසිල්ලෙන් බැලුවොත් පෙනී යන දෙයක් තමයි අධ්‍යාත්මික ගුණ වගාව වගේමමානසික සහනය, ශාරීරික සෞඛ්‍යය ප්‍රිතිය, වගේ බොහෝ කරුණු කාරණාවලදී ක්‍රමානුකූලපැවැත්මක් දිහාවට ඉලක්ක වෙලා තිබීම. ඉතින්මම නම් හිතන්නේ මේ පැරණි සිරිත් විරිත් හා කෙළි සෙල්ලම් බැහැර නොකොට ඒවාට නව පණක් ලබා දෙමින් සැබැ අවබෝධයකින් යුතුවකටයුතු කරනවා නම් අපට අභිමානවත් ජාතියක් ලෙස ඉදිරියට යාමේ හැකියාව හොදින්මතියෙනවා. ඔන්න හැමෝටම සුභ අළුත්අවුරුද්දක් හොදේ.
BLOG
2014.07.02
http://jbasnayaka.blogspot.com/
අන්තිමවතාව...
බස්සා
සිගරට් බොන්නෙපා ඔය හැටි.... පපුව පිච්චෙයි.... ගිණිගන්න තැනක.. තව මොනවා පිච්චෙන්නද... බොන්නෙපා ඔය හැටි... විඳවලා මැරෙන්න වෙයි... විඳවමින් ජීවත් වෙනවට වැඩිය... මැරෙන එක සැප නැද්ද... ඇයි මැරෙන්නම හදන්නේ... වටිනාකමක් නැති තැන... ජීවිතයක් තියනවද.... මට ආසයි අන්තිම පාරට මුන බලන්න.... එපා.. එපා... ඒ ඇයි.... එතකොට මට... මැරෙන්න හිතෙනෙකක් නැහැ.
BLOG
2014.04.05
http://jbasnayaka.blogspot.com/
මාවත් හලාල් කරන්න.. (අග මුල නැති සටහනකි)
බස්සා
ඝානසාර හාමුදුරුවෝ ප්‍රසිද්දියේශ්‍රී ලංකා කැබිනෙට් අමාත්තිය වරයෙකුට පත්තර-රේඩියෝ-ටීවී නාලිකා ඉදිරියේ"පරයා,...පරයා...පරයා" කියා ගරුනම්බුව නොහොත් රෙස්පෙක්ට් කිරීම.(ඊයේ පොස්ට් එකේදී ගොඩාක් සිංහල සහෝදරයෝ කියලාතිබුනා සිංහලෙන් පරයා-කියලා කීම වැරදි වචනයක් නොවෙයි කියලා, එක තමයි රෙස්පෙක්ට් කියලා දැම්මේ)1.ලංකාවේ සිංහල-බවුද්ද කැබිනෙට්අමෙතිවරයෙකුට මෙහෙම ගරු කලොත් ප්‍රතිචාරය කෙසේ ඇද්ද.2.ප්‍රභාකරන් මැරෙන්න ඉස්සර ඔහුටපරයා කීමට හැකි මිනිහෙක් ලංකාවේ හිටියද.3. සුළු ජාතීන්ට ප්‍රසිද්දියේ අවනම්බු කිරීමට ලාංකික මහජාති සිංහල බවුද්දයෝඅනුබලදෙනවාද.4.ලෝකයා ඉදිරියේ ලාංකිකයාගේසිවිලයිස් තත්වේ මොකක්ද.5.ලාංකිකයෝ වශයෙන් අපි හැමදාමමේවගේ එකිනෙකාට පාච්චල් කරගන්නවාද.//මෙම සන්ග්වාදයට සහභාගිවුණුසියලුම සහෝදර-සහෝදරියන්ට ස්තුතියි. අද උදේ වෙනකොට කොමෙන්ට්ස් 107යි, ලයික් 22(කොච්චර ආඩම්බරයක් ද මන්කියන්නේ)අද හවස මේක ඩිලීට් කරනවා, හේතුව මම හවස මක්කම-උම්රාවන්දනාවේ යනවා,විශේෂයෙන් මගේ රටටත් රටේ සියලුජාති-ආගම් වලට අයිති හැම කෙනාටත් අධි විශේෂයෙන් අපේ ගරු පුජ්ජිය ගලබඩ ඇත්තේ ඝානසාරස්වාමින් වහන්සේටත් හරි මග පැදේවා, සාමය පැතිරේවා සියලුම සැපසම්පත් හිමිවේවා , මගේ රට ශ්‍රී ලංකා බැබලේවා කියාප්රාත්තනා කරමි. ඔබට අස්සලාමුඅලයික්කුම්,වනක්කම්, ...ආයු-බෝවන්.////////////////////ඥාණසාර හාමුදුරුවෝ “පරයා“ කියලා සඳහන් කලේ හකීම් ගැන නම් ඒක වරදක් නැහැ... ප්‍රශ්ණේ වෙලාතියෙන්නේ හකීම්ගේ පරකම දැන දැනම අපේ දේශපාලකයෝ හකීම් එක්ක අතවැල් බැඳගන්න එක..හකීම්ට කොයිතරම් හයියක් තියනවද කියලා මෑතකදී හකීම් ප්‍රසිද්ධ වේදිකාවක කියලා තිබුනකථාවක්...“මේ රටේ ආණ්ඩු පිහිටවන්නේ අපි... චන්ද්‍රිකා ගෙනාවෙත් අපි...රනිල් නැවත ගෙනාවෙත් අපි...මහින්ද බලයට පත්කලෙත් අපි...අනාගත ආණ්ඩු බිහිකරන්නෙත් අපි...“ඇත්තටම හකීම්ට එහෙම ප්‍රකාශයක් කරන්නතරම් හයියක් ආවේ කොහොමද...ලංකාවේ මුලු ජනගහනයෙන් 74.88 ක් ඉන්නේ සිංහල.. මුස්ලිම් ප්‍රජාව මුලුජනගහනයෙන් 9.2%. එහෙම වතාවරණයක හකීම්ට ඔය කියන ආකාරයේබලයක් ලැබෙන්නේ කොහොමද...උත්තරය බොහොම සරළයි...හකීම් ඇතුලු මුස්ලිම් දේශපාලණයපාවිච්චි කරන්නේ මෝඩ “සිංහලයාගේ“ දුර්වලකම්... අපි ජාතියක් විදියට අවස්ථා කීපයදී හැරඑකා වගේ කෙලින් ඉඳලා නැහැ... නිදහසලබාගත්ත කාලේ ඉඳලා අපේ පාලකයෝ අපිව පුරුදු කලේ පක්ෂය මුල්කරගත්ත දේශපාලණ ක්‍රියාවලිකට...ආණ්ඩුව මොන දේ කලත් විරුද්ධ පක්ෂයේ කාර්යභාරය උනේ “විරුද්ධ“ වෙන එක... වරුද්ධ පක්ෂේ මොන යෝජනාවගෙනවාත් ආණ්ඩුවේ උත්සහාය ඒක නිෂ්ප්‍රභා කරන එක... මහජනයා තමන්ගේ සිතුම් පැතුම්ගොඩනගාගන්නේ ඒ ඒ පක්ෂ හැසිරෙන ආකාරයත් එක්ක... ආණ්ඩුව අත්තනෝමතික ලෙස ලයිට් බිලවැඩිකරනවට විරුද්ධ වෙන පිරිසක් වගේම ඒකට එකඟ වෙන පිරිසක් ඉන්නවා... මොකද ඒ එකඟ වෙනපිරිසට වෙනම ලැයිට් බිලක් එනවද... නැහැඑතන තියෙන්නේ දේශපාලනේ... තමන්ට යම් හානියක් වෙන තැනකදී පවා ඒකට විරැද්ධ වෙන්නතරම් අපි සිංහල කියාගන්න ජාතිය තුල සමගියක්.. එකමුතුභාවයක් නැහැ....ඒ දුර්වලකම තමයි හකීම් පාවිච්චි කරනආයුධය...මුස්ලිම් ජනතාව එකතුවෙන එක තැනක්තියනවා.. ඔවුන් කුමන මතයක්.. කුමන දේශපාලයක්.. දැරුවත් ඔවුන් පල්ලිය තුල එකාවන්වඉන්නවා... ඉහල සිට පහලට එකම මතයක් ගලාගෙන යනවා.. ඒ යාන්ත්‍රනය ක්‍රියාත්මක වෙන්නේපල්ලිය හරහා...අනිත් කාරනේ දේශපාලකයින්ට දැක්මක්තියනවා.... තමන්ගේ ජාතියට සේවය කරනවාය කියන එක... මොන ආණ්ඩුව බලයට පත්වුනත් ඔවුන්ඒකේ කොටස්කාරයෝ වෙලා තමන්ගේ ජාතියට සලකනවා... අද හකීම් කරන දේම හොදම උදාහණයක්...හකීම් අධිකරණ ඇමති උනාට පස්සේ නීති විද්‍යාලයේ තිබුන ජාතිය අනුව ජනඅනුපාය වෙනස්වෙලා... නැඩිපුර මුස්ලිම් ශිෂ්‍යෙයා් නීති වද්‍යාලයට ඇතලුත් වෙනවා...හකීම් ආණ්ඩුව ඇතුලේ ඉඳගෙනම ආණ්ඩුවටවිරුද්ධව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට ආණ්ඩුවට විරැද්ධව පෙත්සම් යවනවා...එහෙම අවස්ථාවක පවා අපේ පාලකයින්ට කොන්ඳක් නැහැ හකීම් බෙල්ලෙන් අල්ලලා එලියටදාන්න... වෙන මුකුත් නෙමෙයි බලයට ියන කෑදර කම නිසා... බලය පවත්වාගැනීම උදෙසාතමන්ගේ ජාතිය පාවලා දෙන්න උනත් පාලකයෝ පසුබට වෙන්නේ නැහැ...එහෙම උනත් අනිත් අතින් තමන්ට විරුද්ධවලියන.. ආණ්ඩුව විවේඡනය කරන මාධ්‍යෙව්ධින් මර්ධණයට ආණ්ඩුවට වැඩපිළිවෙලක් තියනවා...තමන්ට විරුද්ධව ප්‍රවෘත්ති පලකරන පුවත්පත් වාරණය කරනවා... වේඩ් අඩවි විාරණයකරනවා..... ඔන්න ඕකයි ආණුඩුවේ තත්වේ....මේ දෙවල් වලට මුස්ලිම් පාලකයින්ට දෙස්තියලා වැඩක් නැහැ... අපේ ජාතියේ වල කපාගන්නේ අපි විසින්මයි...දැන් ඥාණසාර හාමුදුරුවෝ අරගෙන බලමු...උන්වහන්සේ ගේ හැසිරීම පිළිබඳ ප්‍රශ්ණතිබුනත් ඒ මතකරන කරුණු පට්ට ඇත්ත... හලාල් ප්‍රශ්නේ ඇතිවුනේ බොදු බලසේනාව ඒක මතුකරපු නිසා... එහෙම නොවුනා නම් අදටත් අපි නොදැනුවත්ම අපි හලාල් බද්ධක්ගෙවනවා... (දැන් දැන දැනම ගෙවන එක වෙනම කථාවක්)....බෞද්ධ සිද්ධස්ථාන අත්පත්කරගන්න එක... ඒඅවට පල්ලි ඉදිකරන එක ගැන අවධානය යොමු වුනේ බොබොසේ ඒක මතු කලාට පස්සේ.. එහෙම නොකලානම් තවමත් ඒ ක්‍රියාවලිය සිද්ධ වෙනවා....දැන් කෙනෙක්ට තර්ක කරන්න පුලුවන් ඒකආගමික නිදහස සීමා කිරීමක් එහෙමත් නැත්නම් ඒක ප්‍රජානත්ත්‍රවාදයට විරැද්ධයිකියලා...ඒත් දකුණු මධ්‍යම සහ දකුණු ආසියාතිකරටවල ඉතිහාසය ගත්තාම,ඒ විරුද්ධත්වය එසේ නොතිබුනොත් අපිටත්වෙන්නේ ඒ සංසිද්ධියම තමයි... අද ඇෆ්ගනිස්ථානය 100%මුස්ලිම් රටක් වුනත් ඇෆ්ගනිස්ථානය කියනනේ බෞද්ධ රටක්... බොහොමසිය්මුව ආක්‍රමණය කරලා අද වෙනකොට තිබුන අන්තම බෞද්ධ නටඹුන් වුන බාමියන් බුදු පිළිමපවා විනාශකරලා දැම්මා... බංගලාදේශය බෞද්ධ සම්බවයක් පැවතිරටක්.... අද වෙනකොට බෞද්ධයිනට පාරක යන්න බැරි තරමට රට තුල මුස්ලිම් ආගමික ක්‍රියාකාරකම්වර්ධනය වෙලා තියනවා....මියන්මාරය මුස්ලිම්කරණය වෙමින්පවතිනවා....බුදුන් ඉපදුනු... බුද්ධත්වුනු..පිරිනිවන්පාපු ඉන්දියාවේ අද බෞද්ධයෝ් නැත්තටම නැති තරම්...මාලදිවයින තනිකරම මුස්ලිම් ආගමිකකරණයවෙලා....අද ආසියා මහද්වීපයේ මහජාතිය බෞද්ධයකියන්න තියන ඉතුරුවෙලා තියෙන එකම රට ලංකාව...අද ඒකත් බොහොම සියුම්ව මුස්ලිම්කරණයවෙමින් පවතිනවා....ලංකාවේ ගමක ගෙවල් 10 ක් 15 ක් මුස්ලිම්වරු පදිංචි වුනොත් ඔවුන් මුලින්ම කරන්නේ එක ගෙදරක තියනඉඩක තමන්ගේ වන්දනාමාන කරනන් ස්ථායනක් වෙන්කරගන්නවා... හාම සිකුරාදාම කට්ටිය එකතුවෙලා යාඥාකරනවා... වන්දනාමාන කරනවා... පස්සේ එක් පල්ලියක් වෙනවා... ඒ පල්ලිය ආශ්‍රිතවතව තව මුස්ලිම් ප්‍රජාව එකතු වෙනවා.. පසුකාලීනව පල්ලියට ඉතිහාසයක් ඇතිවෙනවා... ගමමුස්ලිම් වෙනවා.... සිංහල අපි මුස්ලිම් උදවියට වැඩිගානට ඉඩම් විකුනලා වෙන වෙනපැතිවල පදිංචියට යනවා... ඔන්න ඒ ගම මුස්ලිම් වෙලා හමාරයි.... අද මුස්ලිම්වරු නැතිපලාතක් හොයන්න.. අද වෙනකොට උතුර දකුන නැගෙනහිර බස්නාහිර මධ්‍යම වයඹ සබරගමුව කියනකොයිපලාත ගත්තත් මුස්ලිම්කරණය වෙලා....ඔය කියන ප්‍රජාතන්ත්‍රවාදය හෝ ආගමිකනිදහස මුස්ලිම් රටවල්වල නැත්තේ ඇයි.... අද අපිට ගිහින් සෞදි ආරාබියේ හරි ජොර්දානේහරි පන්සලක් විවෘත කරන්න පුලුවන්ද.... අඩුමගානේ රැකියාවකට ගිහින් ඉන්න බෞද්ධයෙක්ට තමන්ගේ කාමරේ බුදු පිළිමක් තියාගෙනවන්ඳනාමාන කරන්න කිදහසක් තියනවද.... ඇයිඑතනදී ප්‍රජාතන්ත්‍රවාදය හෝ ආගමික නිදහස ගැන කථා නොකරන්නේ....දැන් දැන දැනම අපිත් යන්නේ බංගලාදේශය හෝඅෆ්ගනිස්ථානය යන පාරට නම් ඒකට වගකියන්න ඕනේ අපේ රටේ පාලකයෝ.... සහ සර්ව සාධාරණ ප්‍රජාතන්ත්‍රවාදීජනතාව... අද සමහරු මේ ගැන කථා කරන්න පවා බයයි... ඇයි තමන්ගේ ජාතියට වෙන වින්නැහියකථා කරන කෙනා “ජාතිවාදියෙක්ය“ කියලා වටකරගෙන පිරිසක් අපේ රටේ ඉන්නවා... ඒ අයටතියෙන්නේ සර්වාගමික බඩේ අමාරුවක්... අපි හැමෝම එක අම්මාගේ දරුවෝ.... බුද්ධාගමේකියනනේ සතුරටත් මෛත්‍රිය කරන්න කියලා.... මේක ප්‍රජාතමන්තවාදී රටක්... වගේකුණුහබ්බ කියලා කථා කරන එකාව පාගලා දානවා....අපේ රට සර්වාගමික රටක් බහුජාතික රටක්නම් ඇයි අන්‍යජාතිකයෝ ඒ විදියට නොහිතන්නේ... ඇයි උන්ට මේ රට ශ්‍රී ලංකාව සහ තමන්ශ්‍රී ලාංකිකයි කියන එක වෙනුවෙන් පෙනී නොසිටින්නේ....ඇයි ක්‍රිකට් මැච් එකක දී පාකිස්ථානෙටහුරේ දාන්නේ....ඇයි තමන් පත් වුනේ තමන්ගේ ජාතියට වැඩකරන්න කියලා ප්‍රකාශ කරන්නේ....ඇයි තමන්ගේ ජාතියට වෙන ආසාධාරණ කියලාජීනීවා ගිහින් පෙත්සම් ගහන්නේ...එහෙම කලාම අපහසුතාවයට පත්වෙන්නේ තමන්නියෝජනය කරන තමන් ඉපදුන තමන් ජීවත්නෙව මේ ශ්‍රී ලංකාව කියලා ඇයි උන්ට කැක්කුමක්නැත්තේ....පහුගිය ආසියා ශුරතාවෙදී පකිස්ථානයට ජයපතලා කෑගැහැව්වේ ඇයි...අපේ විකට් එකක් යන යන ගානට රතිඥ්ඥාපත්තු කලේ ඇයි.....උඹලා උන් පකිස්ථානේ ජීවත් වෙන නිසාද....එතකොට කෝ ඔය කියන සර්වාගමික.. බහුජාතිකපූට්ටුව....මටත් ඔබතුමාගෙන් යම් ප්‍රශ්ණ කීපයක්අහන්න තියනවා...- හකීම්ට පරයා කියලා ආමන්ත්‍රනය කරපු එකට මේ මහත්මයාට මේ වගේ ප්‍රශ්ණවැලක් අහන්න පුලුවන්, ඔය මහත්තයා සරුවාගමික බහුජාතික නම් ඇයිමුස්ලිම් සහෝදරයෝ පකිස්ථානෙට “චියර්“ කරපු එක ගැන යමක් කියන්න බැරි උනේ....- හකීම් ජීනීවා වලට යැව්ව පෙත්සම ගැන ඇයිජාතිහිතෛශිව බලන්න බැරීවුනේ...- සිංහල මිනිස්සුන්ට නැති මුස්ලිම් වීමමත පදනම් තියන ප්‍රශ්ණ මොනවාද...- නැගෙනහිර ජීවත්වන සුළුතරයක් වෙන සිංහලමිනිස්සුන්ට මුස්ලිම් මිනිස්සුන්ගෙන් වෙන පීඩා ගැන ඔබතුමාට යම් මතයක් ගොඩනගන්නබැරි ඇයි...- මම පල්ලි කඩනවා කියලා චෝදනා කරන ඔබතුමාබාමියන් බුදු පිළිම වලට කරපු විනාශය ගැන දරන අදහස කුමක්ද....- අවසාන වශයෙන් මට අවශ්‍යනම් මගේවියදමින් ඉරානේ, ඉරාකේ, ඇෆ්ගනිස්ථානයේ හෝ වෙනත් මුස්ලිම් බහුතරය වෙසෙන රටක පන්සලක් ආරම්භ කරනඅවසර ලබාගැනීමට හැකියාවක් තියනවාද... එහෙම තියනවා නම් ඒ ‍කොයි රටේ ද...(බුකියේ සංවාද සටහනකින් උපුටා ගැනීමකි).
BLOG
2014.03.13
http://jbasnayaka.blogspot.com/
උක්කුංට ලියමනක්.....
බස්සා
මගේ බ්ලොගේ කියවන බොහෝ දෙනෙක්ට මතකයි නේ “උක්කුං“ ගැන... ඔව් අර ගෑණු නාන තැන හිටපු “උක්කුං“ තමා... කොහොමෙන් කොහොම හරි මේ ගොයියා පෙළවහකුත් කරගත්තා කියමුකෝ.. උක්කුං ගේ පවුල උනේ සඳා.. ඒත් වැඩි කාලයක් පවුල් කන්න ලැබුනේ නැහැ.. සඳාට ඩුබායි යන්න සිද්ධ උනා... පස්සෙන් පහු ආදර ගණුදෙනුව සිද්ධවුනේ තැපෑලෙන්... උක්කුං වගේම සඳාත් කවියට දස්ස නිසාම මෙයාලාගේ ලියුම් බොහොම රසවත් උනා...දැකගන්නට නැති නිසා කලකින් සුදු මුණ...නිදි නැති කලට මම දකිනවා පෙම් හීන...තනිවී නිදන නුඹ මට නොපෙනෙන මාන...අමාවකය මහිතට කෝ හඳ පාන..ඉන්නට බදා නුඹේ වත උණුහුමට ලයේ...මහ ලොකු හිතක් මගේ ගාවත් තවම තියේ...එන්නට හැකි උනොත් මහ රෑ දොලොස් පැයේ..එනවා නේද ඇවිදිමු අපි අරාබියේ...තනිවම නිදන නුඹ දැක ඇවිලි සෝක..සිතමින් හීන දකිනෙමි මම හැම රෑක...දවසක් ඇවිත් හීනෙන් කළුවර දාක...මොහොතක් නුඹේ ලඟින් ඇල වුවා මා ද..උණුසුම් හාදුවක් දෙතොලට දොතොල තියා...දෙන්නම් තුරුලු කරගෙන මම දෙනෙත පියා...සීතල හදවතට උණුහුම ගෙනෙන ඔයා...හිරවී තදකරන් ඉමි මම ඉඩ නොතියා....සිහිනෙන් මගේ නම කීවා මට ඇසුනා...මදහස පිපී දෙතොලේ මතු වනු දුටුවා..නොදැනිම වගේ නෙතඟට කඳුලක් ආවා..දිලිසෙන පිණි බිඳක් නුඹේ වත මත පිපුනා...තිසරැන් පොඩි කරන් පොට්ටුව මිරිකන්න...දෙතනේ උණුහුමේ සැනසුම විඳගන්න...යන්තම් කණ විකා ලාවට රිද්දන්න...ආසයි සොඳුරියේ නුඹ මත සැතපෙන්න...දෙතොලට දෙතොල තද වෙන ඒ සොඳුරු පැයේ...වැසෙනා දෙනෙත් තුල නුඹ ගේ රුවම මැවේ...තව තව තුරුලු වෙමි ලොම් පිරි නුඹේ පපුවේ...මට ඉඩ දෙන්න ආදර සිත තෙමෙයි මෙහේ...යංතං මොදු වෙනකොට නුඹේ සෙනෙහේ ලඟ...තෙමනවා ඉවුරු දන්නවා පෙම් අමා ගඟ..එය අම රසකි දැනුනේ මට දිවේ අග...එන්නට හිතයි දැන්මම ලත නොවී මග...මෝරන පපුව නුඹේ දෙතොලම ඉල්ලනවා...පොඩිකර මතක්කර මෙට්ටෙට තදවෙනවා...තද වෙන මොට්ටු හිමි හිමිහිට උල්වෙනවා..“උක්කුං“ ආවොතින් මම “කුක්කුං“ දෙනවා...වටකුරු දෙතන දෑතට ගෙන එකට බදා...පෙම් රස වින්ඳ හැටි මතකෙට නැගේ එදා...පන්සල් පොලේ හඳපානේ තදින් බදා...උන් හැටි මතක් වෙනකොට මට දුකයි “සඳා“...රසවිල ඈත් කර ගිණියම් ඇඟිලි වලින්...යන්තම් මිරිකලා මදටිය ඇටය හිමින්...නුඹ කලේ වැඩේ “අම්මෝ“ හැම දෙනට හොරෙන්...තව කොයි කලක් ඉවසන්නද මන්දා ඉතිං...ඇත්තයි “සඳෝ“ උඹ හැම වැඩදම දස්සී...මම වහුපැටියා වගෙයි නුඹ එළ වැස්සී...ඹබාගෙන මුන හිටියට මම ඉස්සි...උඹ රස වුනේ හරියට වාගෙයි පිස්සී...අනේ රත්තරනේ මට යන්න වෙනෝ......අපේ “බාබා“ ඇහැරිලා....ආයිත් ලියන්නම්...හරිය.....(කථාව ඉවර නැහැ).
BLOG
2014.03.02
http://jbasnayaka.blogspot.com/
“ලොකු බේබිගේ වීර ක්‍රියා“ අංක 1 - කකුල පිච්චු දැරිය..
බස්සා
(ඡායාරෑපය ශෙහාන් ගුනසේකර සහෝදරයාගේ මුනු පොතෙනි)දැන් දැන් අපට අසන්නට ලැබෙන්නේ අමුතුම ආකාරයේ පුවත්ය... රජයේ නාළිකා වලින් පමනක් තොරුතුරු දැනගන්නා මහජනයාට අසන්නට දකින්නට ලැබෙන සුරපුරය ලොව අන් කිසි රටකට නොදෙවැනිය... එය ඒ තරමටම ආශ්චර්යමත්ය.... ඊට අමතරව දවසින් දවස “බේබි“ ලාගේ වීර ක්‍රියා ගැනද අසන්නට ලැබේ... මේ වීරයන් අතීතියේ අප අසා ඇති, අපේ රටේ බිහිවු ජාතික වීරයන් යයි සම්මත කොටසට වඩා ප්‍රාතිහාර්යය පාන්නට දක්ෂය... ගලිවර්ට වඩා යෝදය... ටින් ටින් ගේ වීර ක්‍රියා වනට වඩා ඥාණසම්පන්නය.... ෂර්ලොක් හෝල්ම්ස් ගේ රහස් පරීකෂණ වික්‍රමයන්ට වඩා තීක්ෂණය.....මේ වීර ක්‍රියා ගත්කල අතීත වීරයන් කල කී දෑ හී වටිනාකම “පයිසෙට“ වඩා ටිකක් වැඩිය....මේවායිනුත් වැඩියෙන්ම අසන්නට ලැබෙන්නේ “ලොකු බේබි“ ගේ වීර ක්‍රියා ය... එක් පසකින් ගත් කල මේවා කථාංගය...... එකිනෙකට සම්බන්ධය.... “කකුල පිච්චු දැරිය“ එහි නවතම කථාංගයයි... එය ෂර්ලොක් හොල්ම්ස් ගේ තීක්ෂණ බුද්ධියට කරන අභියෝගයකි... කථාව සරළව මෙසේය.... ගුරවරයෙක් විසින් සාමාන්‍ය පෙල පන්තියේ දැරවියක මෙහෙකාර සේවයේ නොහොත් “වැඩකාරකමට“ යොදවයි... අපට නොකිව්වත් ඒ තුල අපහරනයක් හෝ කුට්ඨනයක් නොහොත් සුද්ද භාෂාවෙන් “සොර අඹු“ කමට තබාගැනීමක් සිදුවිය හැක... පසුව ඇයට සිදුවන අසීමිත පීඩා හමුවේ ඇය නිවසින් පැනයාමට තීරණය කරයි... එසේ පැනයන දැරියට ගුරුවරයා විසින් තර්ජනය කරනු බලන්නේ ඇය නැවත කෙසේ හෝ තම නිවසට ගෙන්වන බවට අනතුරු අඟවමිනි.... ඔහුගේ කියමන සනාථ කරමින් ඒ දැරිවියට ඇතිවන යම් කායින හෝ මානසික රෝගී තත්වයක් හමුවේ ඇයව නැවතත් අර ගුරුවරයා ලඟටම ගෙනයාමට සිදුවන්නේ ඇයට යම් ශාන්තිකර්මයක් වැනි යමක් කරවා ගැනීමටය.... මේසේ ගෙනයන දැරිවියට වැහුනු යක්ෂයා පැන්නවීම සඳහා ගුරුවරයා විසින් ඇයලේ දෙපතුල රත්කරන ලද යකඩයකින් පුළුස්සනු ලබයි.... කථාව ඉවර නැත... අවසානයේ යක්ෂයා පැන්නීම කෙසේ වෙතත් දැරිය රෝහල් ගත කිරීමට දෙමව්පියන්ට සිදුවේ... මෙය පැහැදිලිවම ශ්‍රී ලංකාවේ බලාත්මක අපරාධ නඩු විධාන සංග්‍රහය ප්‍රකාර වරදකි.... එය එසේ වුවත් ගුරුවරයා සතු යම් ආකාරයක “බලයක්“ හමුවේ නීතිය නිසියාකාර ක්‍රියාත්මක නොවේ....(බස මරා අවසන්... මෙතනින් පස්සේ තමයි “පයිට්“ කෑලි පටන් ගන්නේ...)මේ සිද්දිය අමු අමුවේම ආරංචි වෙනවා මොනරවාහිණියට... මොනරවාහිණියේ රිපෝටර් ඇත්තෝ සිද්ධිය අඩු වැඩියත් සපයලා “ලයිව් ඇට් එයිට්“ එකේ දානවා.... අැත්ත තමයි සිද්ධිය. කෙල්ලගේ කකුල් දෙක පතුරු ගහලා.... ගුරුවරයා පොලිසියේ කට්ටියත් එක්ක සෙට්ලු... ඒක නිසා පොලිසිය නිහඩයි ලු......දවසක් දෙකක් යනවා.... ඔන්න ඔය සිද්ධිය නිසා අපේ ලොකු බේබිගේ ලැම්බෝගිනි යේ සීට් එක රත්වෙනවා.... ලොකු බේබි කෙලින්ම කෙල්ලව හොයගෙන කෙල්ලගේ ගෙදරටම යනවා... කකුල් දෙක පරීක්ෂා කරලා බලලා වහාම රෝහල් ගත කරන්න කියලා දෙමව්පියන්ට උපදෙස් දෙනවා... දොස්තරලා කඩියෝ වගේ වැඩ.... කෙල්ලගේ එක කකුලක් එක දොස්තර කෙනෙක් බලනවා... අනිත් කකුල තව දොස්තර කෙනෙක් බලනවා.... නර්ස් කෙනෙක් කෙල්ලගේ කකුල් දෙක මැද්දෙන් අත තියාගෙන ඉන්නවා... කෙල්ලගේ ගවුම ඉස්සලා අපයෝජනයට ලක්වෙයි කියලා..... දොස්තරලා තීරණය කරනවා වහාම කෙල්ලව කොළඹ මහ රෝහලට යවන්න ඕනේ කියලා... දොස්තර හිතනකොට ඇම්බියුලන්ස් එක වේගෙන් ඇවිත් “කරාස්“ ගාලා බ්රේක් ගහගෙන දොර පඩිය ගාව නවත්වනවා... දොස්තර කෙනෙක් එක්කම කෙල්ලව දාගෙන ඉගිල්ලෙනවා.... (කථාව තාම ඉවර නැහැ)“ලොකු බේබි“ වහාම පොලිසියට නියෝග කරනවා මේ ගැන පරීක්ෂණ පවත්වලා ගුරුවරයා අත්අඩංගුවට ගන්න කියලා.... ඕඅයිසී ටෙලිෆෝන් එක බිම තියන්න කලින් ජීප් එක දොර ගාව.... යනවා කට්ටයි... ගිහින් ගුරාව කුදලගෙන එනවා.. .එන ගමන්ම ජාතික ළමාරක්ෂක අධිකාරියට කොල් එකක් දාලාම වැඩේ ගැන කියලා.... එයාලා කොළඹින් පිටත් වෙනවා පරීක්ෂණය කරන්න..... මේ මුලු ක්‍රියාවලියම සිද්ද වෙන්න ගතවෙන්නේ දවසයි...දැන් මේ සිද්ධිය ඒ ගමේ මිනිස්සුට ආරංචි වෙනවා... මිනිස්සු ලොකු බේබි ගැන මහා ශ්‍රද්ධාවක් ඇතිකරගන්නවා.... පොඩි මිනිහාගේ වැඩකට ලොකුම තැනින් වෙච්ච මැදිහත් වීම ගැන... අර දැරිවිගේ අම්මයි තාත්තයි බේබිට මල් තියලා වඳිනවා... සමහර විට අර බෙදපු පොතක් එහෙම ඒ දැරවි ගාව තිබ්බා නම් ඒකේ මුල පිටුව කඩලා බුදු පිළිමෙට උඩින් එල්ලාවි.... ගමේ ලිඳ ගාව, කඩ පිළ ගාව, බණ මඩුවේ බේබිගේ වික්‍රෙම් ගැන කථා කරනවා... අනේ අපේ බේබිට පින් සිද්ධ වෙන්න අර කෙල්ලට බෙහෙතක් හේතක් කරගන්න පුලුවන් උනා... ගුරාව පොලිසි ගෙනිච්චා..... බේබි ට පින් සිද්ධ වෙනවා... වයසක අම්මලා කියනවා.....---------------------------------------------මේ අපේ රටේ සබෑ තත්වයයි... පසුගිය වසර කීපයක සිටම මෙවැනි සිද්ධින් ගනනාවක් අපට අසන්නට දකින්නට ලැබිනි... මාස කීපයකට පෙර බෝගම්මර බන්ධනාගාර රැඳවියන් පිරිසක් වහලයට නැග උපවාස කරමින් ඉල්ලා සිටියේ “ලොකු බේබිව“ ගෙන්නවා තමන්ගේ ප්‍රශ්ණය විසඳා දෙන ලෙසයි.... රටේ ජනතාව තේරුම්ගත යුතු කරුණක් ඇත... රටේ පාලකයින් යනු කරවන්න් නොව කෙරවීමට අදාල ක්‍රමවේද සකසන්නන්ය.... පොලිසියේ රාජකාරිය නීතය බලාත්මක කිරීමය... අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමය... ඔවුන් පිළිබඳ පරීක්ෂණ සිදුකිරීමය.... අදාලා අංශ දැනුවත් කිරීමය.... සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමය.... අධිකරණයේ වගකීම වන්නේ අදාල කරුණට අනුව පවතින පරිවේශණීය සාක්ෂි හා වාචික ප්‍රකාශ කරුණ තර්ක පදනම් කරගෙන නඩු කටයුත්තට ආදාල පුද්ගලයින් වැරදිකරුවන් යැයි ඔප්පු වුවහොත් ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහය අනුව දඬුවම් පැමිනවීමය... එසේත් නැත්නම් නිදෝස් කොට නිදහස් කිරීමය.... මේ ක්‍රියාවලිය නිිසියාකාරව සිදුවෙනවා දැයි පරික්ෂාකරන්නට වෙනම කණ්ඩායමක් පත්කර ඇත... බේබිලා ඇතුලු ආණ්ඩුව විසින් කල යුත්තේ මේ පවතින පද්ධතිය නිසි පරිදි ක්‍රියාත්මක කරවීමට අවශ්‍ය වටපිටාව සකස් කිරීමය... පොලිසියට ස්වාධීන්ව තමන්ගේ රාජකාරීන් ක්‍රියාත්මක කල හැකි පරිසරයක් නිර්මාණය කරදීමය... දේශපාලන අතපෙවීම් වැලක්වීමය.... ස්වාධින අධිකරණ පද්ධතියක් බිහිකිරීමය... කොටින්ම කිව්වොත් පවතින ක්‍රමවේදය නිසිපරිදි ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පරිසරය සකස් කිරීමය......අපිට නොතේරෙන්නේ ද ... උන් නොකරන්නේ ද ... එයමය.
BLOG
2014.02.23
http://jbasnayaka.blogspot.com/
බුකියේ පෙන්නන දෙක....
බස්සා
දැන් අලුත්ම රැල්ල නැගිලා තියෙන්නේ බුකිය තහනම් කිරීම ගැන නේ... කාලෙකට පස්සේ මටත් හිතුනා ඒ ගැනම ලියන්න... දැන් නම් මේ ගැන පට්ට ගහලා තියන නිසා ලියන්න තියන දේත් බොහොම සීමිත උනත් මටත් ඒ ගැන යම් මතයක් තියනවා...මම “බුකි තහනම“ දෙආකාරයකින් දකිනවා.... එකක් තමයි එක්තරා කාලයකදී පැය 24 න් තුනෙන් දෙකක් විතර කාලයක් බුකියේ රැඳුනු... බුකියේ ජීවත් වුනු... බුකියේ ආතල් ගත්ත.. ගහගත්ත.. වාද කරගත්ත කෙනෙක් හැටියට...අනිත් කෝණය තමයි යන්තමට දැළි රැව්ල වැවීගෙන එක... ටික ටික කට හඬ වෙනස් වේගෙන යන..‍ යෞවනයට අත වනමින් ඉන්න කොළු පැටියෙක් ගේ තාත්තෙක් හැටියට..... ඔය දෙකෙන් කොයිකට සාධාරණයක් ඉෂ්ඨ කරන්නද කියලා නොතේරුනත්.. ඔය දෙකෝනේම සාධාරණ විදියට මම දකින දේ ලියන්න බලමු....බුකියේ ප්‍රශ්ණ තියනවාද....ඇත්තටම බුකිය අප්සට් තැනක්ද.....මේකද කෙනෙක්ට 100% නිවැරදි පිළිතුරක් තියේය කියලා මම විශ්වාස කරන්නනේ නැහැ... නමුත් මට නැහැ... බුකිය හොඳයි.... අපි බුකිය හොඳයි කියලා දකින්නේ අපි ආශ්‍රය කරන... අපි ගැවසෙන.. අපේ මිතුරු ලැයිස්තුවත් එක්ක සම්බන්ධ පරාසය තුල... නමුත් ඔය කියන පාරාසය මුලු ලෝකය පුරාම ඉන්න බුකිගත වන්නන්ගෙන සීයට කොච්චරක් විතර වෙයිද... . අපි “හොඳ“ යැයි සම්මතය දකින්නේ අපේ පරාසය ඇතුලේ... අපි දන්නවා බුකිය හරහා වෙන “සත්කාර“ සමාජ මෙහෙවර වගේම බිහිවෙන නිර්මාණ ගැනත්... ඒත් ලංකාව ඇතුලෙම බුකිගත වෙන තව කොටසක් ඉන්නවා උන් බුකිය “කැටපත් පවුරක්“ ද යන්න වත් නොදන්න..... උන් ජීවත් වෙන ලෝකේ වෙනස්...උන්ට තියන ආතල් වෙනස්....දැන් අහන්න එපා “බස්සා“ කොහොමද ඒ පැත්ත දන්නේ කියලා...ඔය මටත් තවත් ප්‍රොෆයිල් එකක් හෝ ඊට වැඩි ගනනක් තියනවා....ඒ නිසා මට සහතිකව කියන්න පුලුවන් අපි දකින “බුකියේ“ මේ පැත්ත නොදකින පිරිසක් ඉන්නවා වගේම උන් බුකිය භාවිතා කරන ආකාරය අපි දන්නේ නැහැ...මේක බොහොම සරළ දෙයක්...හරියමට අපි ජීවතවෙන සමාජය වගේමයි... අපි දකින අපිට “ඇක්සස්“ තියන කොටස විතරයි අපි දකින්නේ... ඒ තුල තියන හොඳ හෝ නරක අපි විඳිනවා වගේම විඳවනවා... ඒත් අපිට “ඇකසස්“ නැති කොටස ගැන අපිට පැහැදිලි චිත්‍රයක් නැහැ.... කොටන්ම කිව්වොත් බුකිය කියන්නේ අපි ජීවත් වෙන සමාජ ක්‍රමයේ එක් පැතිකඩක්.. ඒ තුල “හොඳ“ සහ “නරක‘ කියන කොටස් දෙකම තියනවා....නමුත් තාත්තා කෙනෙක් විදියට මම මගේ පුතාට බුකිය අනුමත කරන්නේ නැහැ... යම් කාලයක් යනකම්... ඒකට හේතු තියනවා... එකක් තමයි මම මීට කලිනුත් කියප අපි “හොඳ“ යැයි දකින සීමාවට එහා තියන කොටස අපේ පාලනයෙන් තොර වීම..අනිත් කාරනේ තමයි බුකිය තුල බොහොම ඉක්මනට “කොපි“ කිරිල්ල සිද්ධ වෙනවා... අනුගමනය කිරීම නෙමෙයි අනුකරණය කරන එක... ඒකේ සිමාවන් නැහැ.. ඇඳුම් පැළඳුම්... වචන භාවිතාව... හැසිරීම... විවිධාකාර මෝස්තර.... කොටින්ම කිව්වොත් මුලු ජීවන රටාවම “කොපි“ කරන්න පෙළඹෙන, පෙළඹවිය හැකි තැනක්....ඒකට හේතු වෙන බොහෝ දේත බුකිය තුල ෂෙයාර් වෙනවා... අපි බොහොමයක් අවස්ථවල දකිනවා බුකියේ තියන පොඩි පොඩි ගෙට්ටු... ගෘප් එකක සෙට් එකක් සෙට් වෙලා තන්න ආතල්... දාන පිංතූර... කේ එෆ සී.. මැක්ඩොක්ල්ඩ්ස්... මුහුදු වෙරළේ ගන්න ආතල්... කෙල්ලෝ කොල්ලෝ යන ට්‍රිප්... හැබැයි කවුරුත් ඔය ආතල් කොටස් ෂෙයාර් කලාට ඒ ඇතුලේ තියන “කුහක“ කෑල්ල් එළියට දාන්නේ නැහැ... ඒත් සමහර වෙලාවට දරාගැනීමේ සීමාව පැන්නාම ඒ පොඩි පොඩි ඒවා එළියට එනවා..... මොකක් උනත් ඔය ගන්න “ආතල්‘ දකින පොඩි පොඩි කොලු කෙලිත්තියෝ ගෙඩිය පිටින්ම මේවා “අනුකරණය“ කරන්න පෙළඹෙනවා.... ඔය යන බොහොම “ට්‍රිප්“ වල පිංතූර බලද්දී අපි දකිනව ඔය සමහර නංගිලා මල්ලිලා “දෙක“ පෙන්නගෙන ඉන්නවා... නිකමට අහලා බලන්න ඇයි ඔය “දෙක“ පෙන්නන්නේ කියලා... බොහෝ විට නිහඬ වෙන්න පුලුවන්.... ඇත්තටම එයාලා ඔය “දෙක“ පෙන්නීම දැකලා තිබ්බාට එහි සැබෑ අරුත “වී“ අකුරු හැබය නොහොත් “වික්ටරි“, එහෙමත් නැත්නම් ජයග්‍රහනය කියන එක නොදන්නවා වෙන්න පුලුවන්... මේ බුකිය තුල “ඇන්ඳීම“ කියන එකට බොහොම සරළ උදාහරයක් විතරයි....මීට අමතරව බුකිය තුල “හන්ටර්ලා“ නොහොත් දඩයක්කාරයෝ ඉන්නවා...ඔවුන් බුකියට එන්නේ කවි ලියන්නවත් පිංතූර බලන්නවත් එහෙමත් නැත්නම් සංවාද කරන්නවත් නෙමෙයි.. ඔවුන්ගේ මුලික අරමුණ “බිලී බාගැනීම“.. ඔවුන් ඉල්ලන්ගේ “මස්“... ප්‍රශ්නේ තියෙන්නේ ඒ වරිත බුකිය තුල හඳුනාගැනීමේ අපහසුව... ඔවුන එන්නේ විවිධ වෙස් අරගෙන.. බොහෝවිට ඔවුන් එන්නේ රෑපසම්පතියෙන් වැඩි ගෑණු චරිත ඔස්සේ.. එහෙමත් නැත්නම හිත් ඇඳගන්න පිරිම රෑප ඔස්සේ... ඒ වගේ “බිලි බාගැනීම්“ කෙලවර වෙන්නේ එක්කෝ මුලු ජීවත කාලෙම විඳිවන්න සිද්ධ වෙන දේත එක්ක.. එහෙමත් නැත්නම් අවසානය වන්දි ගවෙන්නේ ජීවිතෙන්... අපි බුකිය කියන කොටස දකින්නේ සිංහල කථා කරන, සිංලෙන් කවි ලියන කොටස උනත් බුකිය ඊට එහා ගිය පාලනයෙන් අසීමාන්තික නිදහසක් තියන තැනත් විදියටමයි මම දකින්නේ....ඒ කියන්නේ “බස්සා“ පුතාට බුකිය තහනම් කරනවද....උත්තරය ඔව්.....දැන් කෙනෙක්ට තර්ක කරන්න පුලුවන් “ඊට වැඩිය හොඳ නැද්ද ඒ තුල ආරක්ෂාකාරීව හැසිරෙන ආකාරය“ කියලා දුන්නා නම් කියලා...නැහැ.. මම පිළිගන්න දෙයක් තියනවා... “ප්‍රිවෙන්ෂන් ඊස් බෙටර් දෑන් ප්‍රටෙක්ෂන්‘ කියන එක.. ආරක්ෂා කරනවට වැඩිය වලක්වා ගැනීම හොඳයි.....ඒ එක පැත්තක්....නමුත් රජය බුකිය තහනම් කරන්න හදන මුලික කාරණය විදියට ඔය දේ පෙන්නුවත් ඇත්තටම බුකිය තහනම් කරන්න හදන්නේ ඒ නිසා නොවන වග අපි හැමෝම දන්නවා....ලංකාවේ තියන බොහොමයක් අමාත්‍යංශ වල ඉන්න “ඩොකියුමන්ටේෂන් ඔෆිසර්“ කියන චරිතයේ එක රාජකාරියක් තමයි බුකිය ඇතුල අන්තර්ජාලය තුල සිද්ධවෙන දේවල් ගැන අදාල පාර්ශවයන්ට වාර්ථාකරන එක... සමහර විට ඔය කියන අය අපි අතර ඉන්නත් පුලුවන්... අපි කරන සංවාද ගැන වාර්ථා සකස් කරන්නත් පුලුවන්..මුල් කාලේ බුකිය තුල සිදුවෙන රජයේ ප්‍රතිපත්ති සහ වැඩ පිළිවෙල විවේචනයන් ලොකු බලපෑමක් නැති උනාට දැන් දැන් අන්තර්ජාලය ජනප්‍රිය වීම සහ එදිනෙදා ජීවිතයට නැතිවම බැරි.. බොහෝ දෙනෙකට පිවිසිය හැකි තැනක් වීම නිසාම බුකිය තුල ටවෙන සංවාද රජයේ ජනප්‍රියත්යට යම් බලපෑමක් එල්ල කරනවා... කොටන්ම අන්තර්ජාලය සාමාන්‍යකරණය වීම තුල බුකිය තුල සිදුවෙන සංවාද වලින් මේ රජය පිහිටුවීමේ ලා ලොකු බරක් ඇද්ද නිර්ධන පන්තියේ මනැසට යම් බලපෑමක් එල්ල වෙනවා... සමහර විට ඒ බුකිගත වෙන ඔවුන්ගේ දෙවැනි පරම්පරාව නිසා වෙන්න පුලුවන්... අපේ රටේ පාලනය වෙනස් කරන්නේ පිළිගත්ත පක්ෂ වලට වැඩ කරන කොටස නෙමෙයි... අලුතින් එකතුවෙන ඡන්දදායකයෝ සහ පාවෙන ඡන්දදායකයෝ... කැපුවත් කොල හෝ කැපුවත් නිල් කියන කොටසනි කවදාවත් රජයක් පත්වෙන්නේ නැහැ.... මේ තුල වැඩි වශයෙන් ගැවසෙන කොටස බුකිය තුල සිද්ධ වෙන විවිධාකරයේ සංවාද තුල ඇතිකරගන්න ආකල්පය රජයේ පැවැත්ටම බලපාන්න පුලුවන්...පහුගිය කාලේ සිද්ද උන සිද්ධින් වලින් උනේ “අඬන්න ඉන්න මිහිනාට ඇහැට ඇඟිල්ලෙන් ඇන්නා“ වගේ වැඩක්.... ඒ සිද්ධ වුන සිද්ධින් රජයේ ප්‍රයෝජනය පිණස පාවිච්චි වීමක් තමයි දැන් සිද්ධ වෙන්නේ....අපේ රටේ සිය දිවි නසාගැනීම් ඇත්තටම ප්‍රශ්ණයක්....ලංකාවේ අවුරුද්දකට අවම වශයෙන් පුද්ගලයින් 100,000 වත් සිය දිවි නසාගනෑමීට උත්සහා කරන බව වාර්ථා වල සඳහන් වෙනවා.... ඒ අතරින් දිනකට පුද්ගලයින් 10 ත් 12 ත් අතර ප්‍රමාණයක් සියි දිවි නසාගන්න පව තමයි වාර්ථා වෙන්නේ... පහුගිය කාලේ ලංකාව ලොකේ සිය දිවි නසාගගැනීමේ වාර්ථාව පවා පිහිටුවලා තිබුනා.... ආණ්ඩුවට ඇත්තටම ලංකාවේ සිද්ධ වෙන සිය දිවි නසාගැනීම් අවම කරන්න කටයුතු කරන්න අවශ්‍යතාවයක් තියනවා නම් බුකිය තහනම් කිරීම කියන එක එන්නේ ඒ ලැයිස්තුවේ වාටිය හරියට... ඊට කලින් කරන්න බොහෝ දේ තියනවා... ඉතාම සරළ දේ තමයි අපේ රටේ තියන “සිස්ටම්“ එකේ ප්‍රශ්නෙට නිසි පිළිතුරක් ලබා දෙන්න ඕනේ... උඩ ඉඳන් පහලටට සිස්ටම් එකේ ප්‍රශ්ණ තියනවා.. පහුගිල කාලේ අම්මා කෙනෙක් තමන්ගේ දරුවන්ට කන්න දෙන්න විදියක් නැතිව දරුවනුත් එක්කම ගඟේ පැන්න.. .ආණ්ඩුව මොකද කලේ.. අඩුම ගානේ එ් ගැන නියමිත පරිදි පොලිස් පරීක්ෂණයක් කලාද කියලාවත් සැකයි... ගොවියෝ ණය ගෙවාගන්න බැරිව “මැහි තෙල්“ බිව්වා..... විශ්ව විද්‍යාලේ ළමයි පීඩනය දරාගන්න බැරිව බෙල්ලේ වැල දාගන්නවා.... තමන්ගේ බිරිඳ රට ගියා කියලා සැමියි දරුවනුත් තුරුල් කරගෙන ලිඳට පනිනවා....මේ දේවල් වලදී නිහඬ පිළිවෙතක් අනුගමනය කරන රජය ඇයි මේ බුකියේ ප්‍රශ්නෙදී මෙච්චර උනන්දුවක් දක්වන්නේ.....මෙතනින් එහාට ලිව්වොත් නැවතත් ලියන්න වෙන්නේ මේ ආණ්ඩුවයි ඒ හා බැඳුන් “කුඩු“.. “බඩු“ සහ “සුදු“ යන තුන් ආකාරික ක්‍රියාවලිය ඇතුලු අනෙකුත් “පජාත“ වැඩ ගැන නිසා ඒ ගැන වැඩි යමක් නොකියා ඉන්නම්... ඡන්දයක් අස්සේ ඕවා ලියලා ආණ්ඩුවට වැටෙන ඡන්ද ටික නවත්වන්නේ මොකටද.... (පුකෙන් මටම හිනා)....මේක සංවාදිතද නැද්ද යන්න තීරණය කරන්න කියවන ඔබට බාරයි.... හැබැයි මේ ලිව්වේ මගේ පෞද්ගලික මතය... ඒක අප්සට් වගේ නම් මුලු පෝස්ට් එක පුරාම “අපි“ කියලා ලියලා තියන තැන් වලට “මම“ කියලා දාලා කියෙව්වත් කමක් නැහැ.
BLOG
2013.09.10
http://jbasnayaka.blogspot.com/
රතුපස්වල නැවත කියවීම (කෙටි සටහනකි)
බස්සා
පසුගිය දින කීපය පුරා බුකියේ බොහෝ දෙනාගේ එකම මාතෘකාව වුයේ "රතුපස්වල" සිද්ධියයි... එක එක අය එම සිද්ධියට විවිධාකාරයේ අර්ථකථනයන් ලබා දී තිබුනි.... ඒ බොහෝ ‍දෙනා තුල ඇත්තේද මා තුල ඇත්තා වු වෛරයමය... බීමට වතුර ඉල්ලු විට ලැබුනු වෙඩි උණ්ඩ සහ ගුටි බැට ගැන ගැන මා තුල නැගුනු තවමත් පිට නොකල වෛරමය... හිතේ කැකෑරෙන... ඇස් වලින් ගලන වෛරයමය... තව දින කීපයකින් ඒ වෛරය පහව යනු ඇත.. මීට පෙර සිදුවු වෙළඳ කළාප සොහොයුරාගේ ඝාතනය, මෙතෙක් නොවිසඳුනු විශ්ව විද්‍යාල ශිෂ්‍ය නායක දෙපලගේ අනතුරද, මීට පෙර කීප වතාවක් සිදුවු පොලිස් සිර මැදිරි තුල සිදුවු ගෙල වැල ලා ගැනීම ඇතුලු බොහේ දේ මෙන්ම මෙම සිද්ධියද මතකයෙන් පහව ගොස් හෝ පහව යමින් පවතින බව දැනෙනුයේ ඒ සිද්ධිය සම්බන්ධයෙන් පෙර තිබු කථිකාවත මෙන්ම ලෙළදුන් කළු කොඩි ද ගැලවී යන බවක් දක්නට ලැබෙන හෙයිනි... නමුත් මෙම සිද්ධිය හුදෙක් එසේ ලේසියෙන් මතකයෙන් පහ කල යුතු කාරණයක් නොවේ... ඒ මෙම සිද්ධිය හුදෙක් තවත් එක් සිද්ධියක් ලෙස ගනන් ගැනුනන ද මෙය තවත් මෙවැනි සිදුවීම් වැලක, එසේත් නැත්නම් ක්‍රමවේදාත්මක මර්ධණකාරී වැඩ පිළිවෙලක ආරම්භක සටහන විය හැකි බැවිනි.. අද අප මේ භුත්ති විඳිනුයේ අප විසින්ම රෝපණය කර.. සාත්තු කර... පල දරා රස විඳි පලදාවේ අතුරු ඵලයයි... එදා යම් ‍කිසි කොටසක්ගේ පරාජය හෝ මරණය වෙනුවෙන් ජය ඝෝශා කල අපි.... රතිඥ්ඥා දල්වා ප්‍රීති උන අපි.... පන්සල් පල්ලි කෝවිල් පුරා සෙත්පැතීම් ආශිර්වාද පුජා කල අපි විසින්ම අද ඒ විරුවන් හෙලා දකිමින් සිටිමු.... එදා දන් දුන් ලෙය අද අපි නැවත් ඉල්ලමින් සිටිමු.... මෙය නැවත සිතා බැලිය යුතු කාරණයකි... එදා මෙන්ම අද ද ඔවුන් කලේ පාලකයන් ගේ "අණ" ක්‍රියාකරීමය.... එය ඔවුන් විසින් කල යුතු මෙන්ම කරවිය යුතු රාජකාරියකි.... ඔවුනට වැටුපක් ලැබෙන්නේ එම රාජකාරිය හේතුවෙනි.... පසුගිය දශක දෙක තුල හමුදා පුහුණුව ලබන සාමාන්‍ය සෙබළුන්ට මුලිකවම ලබා දුන්නේ "පොයින්ට් ඇන්ඩ් ශුට්" පුහුණුවයි.. ඊට අමතරව "ලෝ ඇන්ඩ් ඕඩර්" කොටසට වැඩි අවධානයක් යොමුකර තිබුනේ උසස් නිළධාරීන් ගේ අණ නොපමාව නොසිතා පිළිපැදීමටත්ය... එමෙන්ම පසුගිය යුධ සමයේ ඇතිවු හා සිදුවුයේ යැයි උපකල්පණය කල හැකි බොහෝ සිද්ධීන් හමුවේ හමුදාව ක්‍රියාකල ආකාරය ඉහල අණ පිළිපැදීමට එහා ගිය ආකාරයක් පෙන්නුම් කරවයි... එය යම් ආකාරයක නිදහසක් අයුතු ලෙස භුක්ති විඳීමක් ලෙසද සිතිය හැක.... එදා අප කොතෙක් සාධාරණිකරණය කලද, අ‍ප හමුදාවන් ඉතා විනය ගරුක නීති ගරුක ලෙස උදම් ඇනුව කටවල් වලින් අද වනවිට අපට අසන්නට ලැබෙනුයේ "අද අපිට මෙහෙමෙ කරනවා නම්, මුන් එදා කොහොම කරන්න ඇතිද.." යන්නය.... හමුදාව පුහුණු කරන්නේ යුද්ධය සඳහාය... ඔවුන්ට ඇති රාජකාරිය සතුරා විනාශ කිරීමය.... ඒ ඉහලින් ලැබෙන අණ ක්‍රියාත්මක කිරීමක් මෙන්ම ලද පුහුණුව ක්‍රියාවේ යෙදවීමකි.... යම් ලෙකින් ලැබෙන අණ නිසි පරිදි තෝරාබේරා ගැනීමේ හැකියාවක් හෝ අපැහැදිලිතාවක්... අපහසුවක් ඇති අවස්ථාවකදී හමුදාව ක්‍රියාකරන්නේ "ලද පුහුණුව" ආකාරයටය.... එය පාලකයින්ට පහසුවකි.... අවසානයේ දී ඔවුනට අවශ්‍ය මර්ධනය ක්‍රියාකරවීම "ලොක්කාගේ ඕඩර් එකක්" නොමැතිව වුවද සිදුවන බැවිනි.... මේ සිදුවීමද එසෙය... දැන් හමුදා පරීක්ෂන කරනුයේ අදාල තුවක්කුව පත්තු කල පුද්ගලයා හෝ පුද්ගලයින් සොයන්නනටය... සිවිල් ජනතා උද්ගෝශණයක් මර්දනය හෝ පාලනය කිරිම සඳහා හමුදාව හෙදාගැනීමට නියෝගය ලබදී ඇත්තේ බොදු බල සේනාවය....එය එසේම වී නම් එයටද වගකිව යුත්තේ අපය... එදා හම්බයන් මර්ධණය කරන විට... "අපේ හාමුදුරුවන්ට" සේනා සැපයුයේද.., අනුබල දුන්නේද අපය... තවත් කාරණය නම් තවමත් පහව නොගිය පශ්චාත් යුධ මානසිකත්වයයි... පවතින රජයට එරෙහි ඕනෑම ක්‍රියාවලයකදී හෝ විවේඡනයදී රජය අනුගමනය කරනු ලබන්නේද යුද ජයග්‍රහනය විකුණාගෙන කෑමේ පිළිවෙතයි. එයින් ගම්‍ය වන කාරණය නම් නැවත නැවත යුද්ධය සිහිගැන්වීම තුලින් ඔවුන ලබන තෘප්තිය නොව අපට තවත් දශක ගනනකට යුද්ධය අමතක කරලිය නොහැකි බවයි. එමෙන්ම වසර 30 පුරා යුද්ධය විඳි අප මෙන්ම වසර ගනක් පුරා යුධ ක්‍රියාවිතතයන් හී නියැළුනු හමුදාවෝ වසර කීපයක් තුල ඒ මානසිකත්වයෙන් මුදවාලීය හැකිදැයි නැවත සිතිය යුතු කාලය මෙයයි... අප එල් ටී ටී ඊ සාමාජිකයින් පුනුරුත්ථපනය කරන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කලද.... හමුදා සාමාජිකයින් පුනුරැත්ථාපනය කරන වැඩ සටහනක් ක්‍රියාත්මක වෙනවා දැයි අසා නැත.... ‍පසුගිය කාලය පුරාවටම අපට අසන්නට ත්‍රිවිධ හමුදා පොලිස් සිවිල් ආරක්ෂක සාමාජිකයින් සම්බන්ධ ඝාතන වලින් මෙය වඩාත් පැහැදිලි වනු ඇත.... තම පෙම්වතිය හැරයාම.... වැටේ මායිම වෙනස් වීම.... උසස් නිළධාරීන් ගේ අණ....අධික කළකිරීම වැන අවස්ථාවලදි පවා ඔවුන් පිළිතුර සොයන්නට උත්සහා කලේ තුවක්කුවෙන් සහ උණ්ඩයෙනි.... මෙවැනි සිද්ධින් විට සිදුවුවද... මංකොල්ලා කෑම්... සොරකම් වැනි නිති විරෝධි ක්‍රියාවන්ටට... අවසාන වශයෙන් කුලියට මිණිමැරීම දක්වා ද මෙම ක්‍රියාවලිය වර්ධණය වී තිබුනද තවමත් "ආරක්ෂක අංශ" සාමාජිකයින් යුධ මානසිකත්වයෙන් සිවිල් මානසිකත්වය වෙත යොමුකිරීමේ ක්‍රියාවළියක් නැත...එල්ටීටීඊ සාමාජිකයින් පුනුරුත්ථාපනය කරනු ලබන්නේ ඔවුන් ජීවත් වු පරිසරය සහ ඔවුන් ලද පුහුණුවත් ඔවුන්ට දෙනු ලැබුවාවු මානසික පරිකල්පන සිතුවිලි වලින් ඔවුන් මුදවා ගෙන යහපත් පුරවැසියන් ලෙස සමාජගත කිරීමේ අරමුණු කරගෙනය... 80 දශකයේ මුල් භාගයෙන් පසු උපත ලද උතුරුකරයේ එල්ටීටීඊ පාලන ප්‍රෙද්ශයන් හී ජීවත් වු දරැවන් පසුකාලීනය යුද්ධය එකම අරමුණ කරගෙන සටනට පිවිසියේ ඔවුන් කුඩා ලක සිටම ලද අත්දැකීම යුද්ධයම වන හෙයිනි.. එහිදි ඔවුන සිංහලයා සහ සිංහල හමුදාව දුටුවේද ඔවුනට නිර්වචනය කරනු ලැබුයේද තමන් මරා දැමීමටත් තම නිජබිම අත්පත් කරගැනීමටත් මාන බලනා කොටසක් ලෙසටය... එම කාරණය සනාථ කිරීමට උදාහරණ අවශ්‍ය නොවුයේ එදා සිට යුද්ධය අවසානය දක්වාම ඔවුන් විඳි පරිසරයයි... යලිත් යුද්ධයක් කෙරෙහි යොමු නොවීම උදෙසා එවැනි පිරිසක් සමාජගතකිරීමෙහි ලා මනා සැළසුම් සහගත පුනුරුත්ථාපන වැඩපිළිවෙලත් අනුගමනය කිරීම වැදගත් වේ.අනෙක් කාරණය වන්නේ මෙවැනි මිනිස් උවමනාකම් උදෙසා කරන ලබන සටන් මර්ධණය කිරීමේලා යොදවන්නේද යෙදවෙන්නේද පීඩිතයින්ගේ පන්තියේ උන්ම වීමය.... මෙය හුදෙක් අපේ රටේ පවතින දේශපාණයයි.... පහල ස්ථරයන් තුල ගැටුම් ඇතිකිරීම තුල තමන්ගේ බලය සනාථ කරගැනීම නිර්ලජ්ජිත උවමනාවයි... එය අද එක් එක් ආකාරයෙන් එළිබසිමින් තිබේ... ආගමික සහජීවනය පළුදු කරමින් සහ එකිනෙකා අතර වෛරය පතුරවමින් මේ එළියට එන්නේ ඔවුන්ගේ පැලැන්තියේ පැවැත්ම උදෙසා ක්‍රියාත්මක කරන්නා වු සැලැස්මේ පියවරයන් බව තේරුම් ගැනීම වැදගත්වේ... නමුත් පහල ස්ථරය තුල අමතක වීම බොහොම භයානක රෝගයක්ව පවතින හෙයින් පාලකයින්ට තම පදනම රැක ගැනීම ඒ තරම් අමාරු නොවේ... නිදහසින් පසුද... නිදහසට පෙරද අපේ රටේ බලය අත්පත්කරගත්තේ කපටින් අතරින් වඩාත්ම කපටියා වීම මහත් විශ්මයට කාරනාවකි.... එදා සිට අද දක්වාම මේ පෙරළියේ ඉත්තන් වන්නේ පීඩිත පන්තියයි.... මෙම සිද්ධියෙන් පාලකයින් අපට උගන්වන්නට උත්සහා කරන හෝ අප ඉගෙනගත යුතු පාඩම් බොහොමකි...නමුත් අවසානයේ අපට යලිත් මතක් කරදෙනු ලබන්නේ එකම කාරණයකි....එදා ජර්මනියේ නාසිවාදීහු..පලමුව ඝාතනය කලේ යුදෙව්වෝය..මම නිහඬව සිටියෙමි..මන්ද මම යුදෙව්වෙකු නොවන නිසාය..ඉන්පසු ඔවුන් කොමියුනිස්ට්වාදීහු සොයා පැමිනියහ..මා කුමක් කියම්ද..මා කොමියුනිස්ට්වාදියෙකු නොවන නිසා..ඊලඟට ඔවුන් සොයා පැමිනියේ වෘත්තීය සංගම් නියෝජිතයන්ය..මා නිකං බලා සිටියෙමි..මා වෘත්තීය සමිතියකට අයිති නැහැ නොවැ..ඉන්පසු ඔවුන් කතෝලිකයන් සොයා පැමිනියේය..මා බිය නොවුයේ මා පොතෙස්තන්ත්‍රයෙකු වූ නිසාය..ඔවුන් අවසානයේදී..මා සොයා පැමිනියේය...එවිම මා‍ වෙනුවෙන් කථාකරන්නට කිසිවෙකු සිටියේ නැත..(මාටින් තිමලෝර් පියතුමා - ජර්මනියේ සිරගෙදරකදී)එය අපටද යම් දිනයක් එක සේ විඳිය හැකි බවයි.
BLOG
2013.07.17
http://jbasnayaka.blogspot.com/
වැරදි නම්.. මට ගල ගහන්න.....
බස්සා
අනේ යකෝ.....මට ගහන්න ඕනේ තෝ වගේ එකියකට ආ‍දරේ කලාට......ලැජ්ජා නැති කම... තොට යන්න ඕන්නම් පල.....තෝ නැහැයි කියලා මම මැරෙන්නේ නැහැ....උඹ මට ලොකු නැහැ යකෝ.... ‍ආදරේ කියලා ‍දුන්නා...විඳින්න කියලා දුන්නා....ජීවිතේ දුන්නා....ඒ හැම දේටම උඹ මට දුන්න දේ තමයි මේ....ඔව් වෛරය.....මම උඹට වෛර කරනවා.....ආදරේ කරපු හිතින්ම ආදරේ කරපු තරමටම...මම උඹට වෛර කරනවා....තොට ඔන වෙලාවට එන්නයි.....තොට ඕන වෙලාවට යන්නයි...මේක හරි කෙළියක්නේ....උඹට විතරද රිදෙන්නේ...එතකොට මගේ හිත...ඒක ගලක්ද .හොඳට හිතේ තියාගනින්....උඹව නැතිකරන්න හිතෙනවා මට....කුඩුපට්ටම් කරලා දාන්න ම‍ගේ හිතින්.....ආයි පස්පාගන්න හිතන්නෙපා....මේ පැත්ත පලාතේ....යන එකෙක් එක්කම පල.
BLOG
2013.05.08
http://jbasnayaka.blogspot.com/
ගල... තන සහ රෑප රචන.....
බස්සා
මෑතකදී දෙරණ නාලිකාවේ පැවතුනු දෙරණ "Music video awards 2013" හිදී සෝමරතන් දිසානායකයන් විසින් බොහොම මතබේදාත්මක වගේම විවේචනාත්මක අදහසක් පල කලා.. විශේෂයෙන්ම අද අපේ රටේ බිහිවෙන ගීත සඳහා නිෂ්පාදනය කරන රෑපරචනා සම්බන්ධයෙන්... ඔහුගේ අදහස අනුව එම සම්මාන උළෙල සංගීත රෑප සඳහා සම්මාන දෙන උළෙලක් නම් ලංකාවේ සංගීත රෑප කියන එක ප්‍රශ්ණයක්... ඒ අවස්ථාවේ දී ඒ කථාව අහලා එතනින් අවසන් කලත් අද මම බලපු සංගීත රෑප රචනා කීපයක් දැක්කමා හිතුනා සෝමරත්න දිසානායකයන් ගේ ප්‍රකාශයේ යම් ඇත්තක් තියනවා කියලා.... මගේ මතකයේ හැටියට මේ සංගීත රෑප රචනය කියන සංකල්පය අපේ රටේ බිහිවෙන්නේ අනුව දශකයේ මුල් භාගයේ දී.... ජාතික රෑපවාහිණියේ විකාශය වුනු තරුණ තරුණියන් වෙනුවෙන් වෙන් වුනු “යාත්‍රා“ කියන වැඩසටහනින් තමයි මුල් වරට ගීත සඳහා රෑප රචනය කිරීම අපිට හඳුන්වා දුන්නේ... (මගේ මතකේ වැරදි නම් ඒ ගැන දැනුවත් කරන්න). ඒ තුලින් ඒ කාලේ බිහිවෙච්ච නව ආරේ ගීත පදරචනයන්ට යම් සජීවී බවක් ඇතිවුනා. එදා ඒ ආරම්භ උන සංගීත රෑප රචනය අද අපේ සමාජය තුල වෙනමම කලාවක් දක්වා වර්ධනය වෙලා තියනවා. සංගීත රෑප රචනය වෙනුවෙන්ම බිහි වුනු ආයතන, අධ්‍යක්ෂවරු වගේම නිෂ්පාදකවරුත් අද අපේ රටේ බහුලයි. නමුද අද සංගීත රෑප රචනයයේ භාවිතාව ගැන නැවත සිතා බැලීම වැදගත්.. එදා යාත්‍රා හී අපි නරඹපු රෑප රචනයන්ට වඩා අද රෑප රචනයන් හාත්පසින්ම වෙනස් වෙලා. එදා රෑප රචනයේ දී වැදගත් උනේ ගීතය. ගීතය සජීවිකරණය කරන්න තමයි රෑප රචනය යොදාගත්තේ. නමුත් අද අද බිහිවෙන රෑප රචානා දැක්කමා හිතෙන්නේ මේ රෑප රචනා වලට හරියන්න ගීත ලිව්ව ද කියන හැඟීමක්.මම සාමාන්‍යෙයන් ප්‍රවෘත්ති ඇරුනාම ලංකාවේ වැඩ සටහනක් බලන්නේ බුකියේ පලවෙන ලින්ක් එකක් ඕස්සේ දකින්න ලැබෙන දෙයක් විතරයි. නමුත් ටික දවසකට උඩදී අතුල සමිතා ගායනා කරපු “ඉවසයිද මන්දා“ කියන ගීතයේ රෑප රචනය බලන්න ලැබුනා.ඒ රෑප රචනාවත් එක්ක ඒ ගැන මගේ හිතේ මැවුනු අදහස මම බොහොම සරළව කිව්වොත්. “කෙල්ලෙකුයි කොල්ලෙකුයි එකට ජීවත් වෙනවා. කෙල්ල වෙන කොල්ලෙක් එක්ක යාළු වෙනවා. ඒක කොල්ලට අහු වෙනවා. කෙල්ල කොල්ලාව දාලා යනවා. දාලා ගිහින් අළුත් කොල්ලත් එක්ක එකට ජීවත් වෙනවා. ටික කාලයක් යනකොට කෙල්ල බලාපොරොත්තු වෙන ආදරේ අළුත් කොල්ලාගෙන් ලැබෙන්නේ නැහැ. ඒ හේතුවෙන් කෙල්ල පරන කොල්ලා ගැන හිතනවා. එක අවස්ථාවක දී අළුතු කොල්ලා කෙල්ලව රවට්ටලා කියලා කෙල්ලට තේරෙනවා. ඒක අහපුවාම අළුත් කොල්ලා කෙල්ලව එළියට දානවා. කෙල්ල සතියකට විතරක් ඇති වෙන්න රෙදි අඩුක්කරපු බෑග් එකත් අරගෙන ගෙදරින් එළියට බහිනවා. කෙල්ල පරණ කොල්ලට කොල් කරනවා. කොල්ලා අන්සර් කරන්නේ නැහැ. පස්සේ කෙල්ල කොල්ලාව හොයාගෙන යනවා. හැබැයි එතකොට පරණ කොල්ලා අළුත් කෙල්ලෙක් එක්ක ජීවත් වෙනවා.“ඒ රෑප රචනය නැරඹුවාම මට දැනිච්ච කථාව බොහොම සරළව මේ විදියට අකුරු කරන්න පුලුවන්. මේ කාරනා එකින් එක අරගෙන බැළුවොත් මට දැනෙන්නේ මේ කියනනේ අපේ ලංකාව ගැනද කියන එක මට නම් ප්‍රශ්ණයක්. ඔය වගේ දේ ඇමරිකාව වගේ රටවල් වල වෙන්න පුලුවන්. හැබැයි ඒවා වඩාත්ම දකින්නේ ඒ රටවල් වල බිහිවෙන චිත්‍රපටි වල විතරයි. ඇත්ත සමාජේ ගත්තාම ඇඳුම් මාරැ කරනවා වගේ ගෑණු මිනිස්සු මාර් කරන ක්‍රමයක් මේ රටවල් වලත් නැහැ. අනිත් පැත්තෙන් මට දැනෙන්නේ මේ ප්‍රෙමෝට් කරන හදන තියරිය මොකක්ද කියන එක. සාමාන්‍යෙයන් අපේ රටේ පැවතුන පවතින සංස්කෘතික රටාව තුල ගෑණියෙක් මිනිහෙක් එකට ජීවත් වෙනවා කියලා කියන්නේ යම් නිශ්චිත බැඳීමකට යටත්ව සිද්ධ වෙන දෙයක්. එතනදී නීතිමය වශයෙන් හෝ වේවා සමාජීයමය වශයෙන් හෝ වේවා යම් බැඳීමක් තියනවා. හිතෙන හිතෙන වෙලාවට ගෙවල් වලින් එළියට බහින්නවත් ඇතුලට ගන්නවත් අපේ සමාජ ක්‍රමය අනුව හැකියාවක් නැහැ. ඇත්තටම අපිට එහෙම කරන්න අවශ්‍ය උනත් අපි වටා පවතින අපේ සමාජ ක්‍රමය අපේ සමීපතමයන්, දෙම්වපියෝ ඒ දෙවල් අනුමත කරන්නේ නැහැ. එවැනි තත්වයක් යටතේ මේ ගීතයෙන් ප්‍රෙමෝට් කරන්න හදන්නේ බටහිර රටවල තියන “Living together"කියන සංකල්පයක ද කියලා මට හිතෙනවා. අනිත් කාරනේ එකට ජීවත් වීම තුල උනත් එහි යම් අධ්‍යාත්මික වශයෙන් බැඳීමක් තියනවා. අඩුම ගානේ එකිනෙකා තුල ඇතිකරගත්ත අවබෝධයක්. එකිනෙකා වෙනුවෙන් කැපවීමේ එකඟතාවයක්. එකිනෙකා වෙනුවෙන් පෙනී සිටීමේ අවශ්‍යතාවක් තියනවා. නමුත් මේ රෑප රචනයේ දී අදාල අධ්‍යක්ෂවරයා ඒ සියළු හැඟීම් සම්බන්ධතා බිඳලා “එකිනෙකාගේ හැඟීම් සංතර්පණය“ කියන බැඳීම පදනම් කරගෙන රෑප රචනය කරලා තියන බව තමයි මට හැඟෙන්නේ. ඒක එසේ නොවෙනවා නම් එක ගෑණියෙක් අත් අරින කොට තව ගෑණියෙක් ගන්නත් එක මිනිහෙක් අත් අරිනකොට තව මිනිහෙක්ගේ ඇඟේ එල්ලෙන්නත් හැකියාවක් නැහැ. මේ ගීතයට වඩත් ගැලපෙන රෑප රචනයක් කරලා තිබුනා කව්දෝ වෙනත් කෙනෙක්. ඔරිජිනල් අධ්‍යක්ෂවරයාට වඩා ගීතය මනා ලෙස තෙරැම් අරගෙන ඔහු ඒ රෑප රචනය කරලා තිබුනා.ඒ වගේම තවත් බොහොම අපුරු රෑප රචානාවක් අද අහම්බෙන් බලන්න ලැබුනා. ඒ රෑප රචනාව බැළුවාම මට දැනුන දේ බොහොම සරළව මෙහෙමයි..“මුලු හදින් ඔබ“ කියලා ආරම්භ වෙන ගීතයේ රෑප රචනය ගටන් ගන්නකොටම තියන රෑප රාමුව කෙල්ල දාලා යන අවස්ථාව. කොල්ලයි කෙල්ලයි එකට ජීවත් වෙනවා. ඒ එක්කම කෙල්ලගේ යාළුවෙක් දෙන්නා “දරුකමට“ වගේ හදාගන්න අරගෙන තියනවා. ඒ දරැවා කෙල්ලට වඩා ටිකක් පැහැපත්. කෙල්ලට වඩා විසේ ගතියක් තියනවා. (සමහර විට දරුකටම හදාගත්ත හින්ඳා වෙන්න ඇති) කෙල්ලයි කොල්ලයි යන හැම තැනම දරුවාවත් එක්කගෙන යනවා. කෙල්ල කොල්ලාගේ අතින් ඇල්ලුවත් දරුවාගේ මුන හොඳ නැහැ. කොල්ලා කෙල්ලව ඉම්බොත් අර දරැවා ඈතට යනවා. පස්සේ කොල්ලා ගිහින් අතින් අල්ලා සනසනවා. කේකට ඒ වෙන කිසි දෙයක් ගැන පැහැදිලි වැටහීමක් නැහැ. මෙතනදී මට තේරුම් ගන්න බැරි ලොකු ප්‍රශ්ණයක් තියනවා. මට නම් දැනෙන්ම මේ කෙල්ලෝ දෙන්නාගේ “ආප්ප“ කේස් එකක් තියනවා කියලා. දරුවා අර කෙල්ලව කොල්ලගෙන ගලවන්න හදන්නේ එක නිසා. කොල්ලා ගේ මොකක්දෝ නපුන්කස ගතියක් තියනවා. කොල්ලට හොඳටම අවස්ථාව තියනවා දෙකම තියාගෙන “රජෙක්“ වගේ ඉන්න. ඒත් ඒක එහෙම වෙන්නේ නැහැ. දරුවා කොල්ලට කොච්චර බැල්ම දැම්මත් කෙල්ලට ගානක් නැහැ. කෙල්ලට කොල්ලාව කොච්චර විශ්වාසයිද කියන්නේ උදේ පාන්දර දරුවා සුටි කොට කලිසමක් ඇඳලා ඉන්න වෙලාවේ අර අහිංසක කොල්ලාව තනියම දාලා යනවා.“මේ රෑප රචනා දෙකේදිම මම දැක්කේ අර මම මුලින් කියපු ලිවින් ටු ගෙදර් කියන සංකල්පය ලංකාව තුල ප්‍රචලිත කිරීම සඳයා පල නිෂ්පාදනය කරපු දැන්වීම් දෙකක් විදියට. ඊට අමතරව “මුලු හදින් ඔබ“ කියන ගීතයේ විශේෂත්වය තමයි කාලයක් අපේ රටේ තිබිලා වැලලිලා ගිය අයියා මලෝ එක ගෑණි බෙදාගත්ත “එකගෙයි කෑම“ කියන සංකල්පයේ අනිත් අන්තය හෙවත් “චන්නයි කෙල්ලෝ දෙන්නයි“ ක්‍රමය ප්‍රමෝට් කරන්න හදවාද කියන එක. කොහොම නමුත් අනිත් කාරනේ මේ රචනා සඳහා භාවිතා කරන පන්තිය. උදේට මුහුද අයිනේ කැෆේ එකක සෙට් වෙන, හවසට බීච් එකේ ෆන් ගන්න... ක්ලබ් එකකට සෙට් වෙලා බිලියට් ගහන පන්තිය ගැන ප්‍රමෝෂන් එක්ක ද කියලාත් හිතෙනවා....(මුළු හදින් ගිතය බලන්න මෙතනට කොටන්න)මේ මොන දේ කොයි විදියට ප්‍රමෝට් කලත් මේවා ගැන යම් පාලන යාන්ත්‍රනයක් බිහිවෙන්න සුදුසු කාලේ ඇවිත් කියන එකයි මගේ මතය. අද මගේ දරුවන් ඇතුලු මුලු රටේම දරුවන් පොතට වැඩිය යොමුවෙලා තියෙන්නේ රෑපවාහිණියට. උදේ ඉඳලා රෑ වෙනකම් එකක් මාරැ කරන කොට එකක් වශයෙන් තියන චැනල් හැට හුටා මාරේම ප්‍රචාරය වෙන්නේ මේ ගීත. අද ගීයක් මාකට් කරන්නේ ගීතයේ පද රචනාවෙන්වත්, සංගීතයෙන්වත්, ගායකයගේ කටහඬින්වත් නෙමෙයි. “පට්ට කෑල්ලක්“ “හැන්ඩි කොල්ලෙක්“ අරගෙන කෑල්ලට කකුල් දෙක පේන කොට ජංගි කෑල්ලද අන්දලා... කොල්ලා ඉස්සරහා කකුලක් පිට කකුලන් දම්මලා.. කැමරාව කකුලෙන් පටන් අරන් තන් දෙක මැද්දෙන් ගිහින් රවුමක් දාලා... පස්සේ හුලඟට උඩයන ගවුමක් ඇඳගෙන මුහුදු වෙරලට ගිහින් උඩ යන රෙද්ද අතින් අල්ලගන්න හදලා... බුරුත කොට වගේ කලවා කෑලි දෙක එළියට එන්න අල්ප දයන්න වගේ නිදි කරවලා... පොඩි පොඩි විෂුවල් එෆෙක්ට් ටිකක් දැම්මාම අපි ඒකට මියිසික් වීඩියෝ කියලා බලනවා. ඉස්සර අපි රෑපවාහිණිය ඉස්සරහා වාඩි උනාම නයිට් රයිඩර් කෙල්ලගේ කට කන්න යන කොට අපි ඇස්වහලා ඇඟිලි අස්සෙන් බලනවා. අද ළමයි ඇඟිලි අස්සෙන් බැලීම කෙසේ වෙතත් පොඩි කාලේ ඉඳලාම දකින්නේ වැල්ලේ පෙම් කෙළින ඒවයි... ගෑණු දාලා යන සිද්ධියි. මොහොතක් හිතන්න මේවා ළමා මනසට බලපාන්නේ නැහැ කියලා ඔබට දෙන්න පුලුවන් සහතිකේ මොකක්ද... අද බිහිවෙන තරැණ පරම්පරාව ඇයි වල්මත් වෙන්නේ. ඔවුන් හොයාගෙන යන්නේ අද අපිට උදේ හවා රැපවාහිණියේ පෙන්නන ආතල් ලෝකෙට. අපි ඉස්සර 1.25 ට තෝසේ කෑවට අද තරුණ දරුවෝ චේන්ජ් එකට යන්නේ කේඑෆ්සී... කෙල්ල එක්ක යන්නේ මැක්ඩොනල්ඩ්ස්... මොකටද අයිස් ක්‍රීම් කන්න....මම මේ දෙවල් වැරදි කියනවා නෙමෙයි... සමහර අයට හිතෙයි මේ ලිං මැඩි ආකල්ප කියලා.... ඒක එහෙම වෙනවා... මොකද හැමදාමත් එක් පරම්පාරවක් තවත් පරම්පරාවක් දිහා සංසන්දනාත්මකව බලනකොට දකින අඩු පාඩු හෝ වැරදි, වැරදි විදියට දකින්න අළුත් පරම්පරාව කැමති නැති නිසා.... ඒත් මේවා ගැන නැවත හිතලා බලන්න.. අද ගැන නෙමෙයි.. හෙට ගැන.. හෙට උපදින දරුවෝ ගැන.... අපේ රටේ මේයාකාරයෙන් සිද්ධවෙන දේ ගැන ලියන්න ගියොත් තව පිටු කීපයක් ලියන්න පුලුවන්.. ඒත් අද මම උත්සහා කලේ අපේ රටේ “මියිසික් වීඩියෝ“ වල “ට්‍රෙන්ඩ්“ එක ගැන මට දැනෙන දේ ඔයාලත් එක්ක බෙදාගන්න.....අපි මේ හැමදාම සෙල්ලම් කරනේ රටේ අනාගත දරුපරම්පරාවත් එක්ක කියන එක විතරක් මතක තියාගන්න.....(සංවාදයට ඉඩ).
BLOG
2013.04.29
http://jbasnayaka.blogspot.com/
අනේ මට කොන්ඳක් දෙන්න....
බස්සා
නිරැවත් වෙලා ලෝකයටම ඇගේ වත...දෙවියන් පවා බිය වි ඇය ඇතැර ඇත....වට වී බලා සිටිනා සේ නොම දත්ත....නොදකින් අපි වගේ කොන්ඳක් නැති හැත්ත...තිස්තුන් කෝටියක් දෙවිවරු වඩින රටේ...වංචා දුෂණය බැලු බැලු හතර වටේ...පෑගෙන එකා පාගාගෙන හැටට හැටේ...නැගලා පියාබති ලොක්කෝ මොනරු පිටේ....දුප්පත් එකා මහ උළු ගෙදරට යනවා....බලේ තියන තැන උන් නිති වැජඹෙනවා...දෙවියනි කෙසේ නම් අපි තව ඉවසනවා....රතු ලේ සුදු වෙලා ඇඟතුල නලියනවා....ඇත්ත දැන දැනම බොරුවට රැවටෙන්න...ආසාධාරණය දැක දැක තව නිදියන්න....රට වනසන එවුන් මේ ලෙස අගයන්න...ඒ වැනි වෙන පවක් නැහැ, බැහැ ඉන් ගැලවෙන්න...බඩ පොතු ඇලී පිට පොතු එළියට එනවා....අපි පත්කල එවුන් අපිටම බැට දෙනවා...අපි කන වේල් තුන එක වේලට කනවා...අපි කෙට්ටුවට උන් හරහට උස යනවා...බෙදිලා දෙකට හතරට සහ හය හතට...ඉන්නා නිසා උන් හරි කැමතියි අපිට...එකතුව එකා මෙන් දෑතම එකතු කොට...නැගිටින තුරා නැහැ කිසි සෙත අප රටට...බලයත් උන්ටමය නිලයත් උන්ගෙමය...තීරණ උන්ගෙමය උන්හට වාසිමය....දුරදිග සිතන්නේ බලයට පමණමය....අපි රට ගැන හිතද්දී උන් හිත උන් ගැනය...පගා කොමිස් හොර ජාවාරම් හැමත....නීතිය රකිනෙකා හට මරණය මය නියත...නියවා විළිස්සා දත්, දිගහැරලා දෙඅත...එළවා පහර දී එල්ලයි හතර අත...ඇඳිවත ඉරා පාගාගෙන එකා මෙන....උරාගෙන ඇගේ සාරය පෙරාගෙන...කන්නට හදන කල මුන් ඈ මේ ලෙස මරාගෙන..ඇයි අපි තව තවත් ඉන්නේ බලාගෙන...ඇස් කන් වසාගෙන හැම දුක ඉවසගෙන...තව හිටියොතින් නම් නැහැ මරණය මිසක් වෙන...එකතුව එකා මෙන් එක පෙළ හැදීගෙන....වරෙව් යමව් මැරෙමුද මුන් මරාගෙන.
BLOG
2013.04.13
http://jbasnayaka.blogspot.com/
අම්මා ගත්ත ආදර යතුර.... (The online love..)
බස්සා
බොහොම අමාරුවෙන් වෙලාවක් හොයගත්තේ ඈ හමුවෙන්න.... අපේ අපේම ලොකෙකට යන්න.... දුර නිසා ලැබෙන වෙලාවල් බොහොම අඩුයි... එයා එකතැනක, මම තව තැනක.... ලැබුනු මොහොතත් උදුරගන්න තරම් එයාගේ අම්ම ක්‍රෑර (ෘ දෙකයි) උනා.... ඒ ගැන මගේ හිතේ මැවිච්ච දුක කවි කරන්න හිතුවා... මේවා දුකට කියවෙන කවි....පෙම්මබර හදක් ලඟ උපදින ආල හැඟුම්..වලකනු කෙලෙස හද උපදින අනඟ රැඟුම්...ලංවී තොදොල් බස් තෙපලා කනට හොරෙන්...කන් පෙති තද කරමි නොරි දෙන සෙලට සෙමින්...ආලය සිතේ මොරන විට නොඉඳ දුරින්...දුවගෙන ඇවිත් තුරැළු වෙන්න බැරි ද ඉතිං...ලංකර දෙතොල් උණුහුම දෙතොලඟට තදින්...ගුලි වී වෙලී ඉමු අපි නොගැලවෙන ලෙසින්...මෝරණ කලට හිත යට ආලේ තදට...බණ්ඩක්කා මොරණවා වැනි යලට....ලංකොට තුරුළු කොට ඉන්නට බැරි පවට...දුන්නේ වැඩිය ලං වෙන්නට දකුනතට...දෙන්නට පපුව සතපා නෙක හංස රැඟූම්....ලංවෙමු තුරුල්ලට ගෙන හද තුල ආල රඟුම්...පාදා තුරුණු ළැම රඟදෙන රුහිරු පෙමන්..එනවා ලඟදී දකිනට මුදු හංස රෑඟුම්...දනවා හදවටත රස පිරි හැඟුම් ලයේ...නුඹ ගැන හදේ පිරි ආලය දැඩිව තියේ...ඉන්නට තුරුළු වී දවසක නිසල රැයේ...සිත තුල කිව නොහැ කි තව තව දේ ද තියේ...ගලවා සිරව ඇති තිසරුන් හනික අතින්...ලෙලවා දෙකොන ඈතට ගෙන මළවිසරින්..හිදුවා දෙපා පාදා අඩ සඳ මැනැසින්...විඳිනට හිතයි රස විල හිත ඇවැසි ලෙසින්...අඬ සඳ වගේ බාගෙට නැමි රස ගුල්ල...ඇතැඟිල්ලට දැනෙන අම රස මසැවිලල්...තෙත බරි ගතිය මතු වෙන කොට සැනසිල්ල...කවදා මෙල්ල කර ගතහැකි වෙද දඟමල්ල... දිව අග කොනට රස මසවුල්ලක් වැන්න....අම රහ කිසිම දින නැහැ මට ලතැවිල්ල...දෙතොලට දෙපස තෙත වුනි නම් නොම පල්ල...ඇත්තට මැවේ ඔබ හා එක් වුනු කල්ල...පුන් සඳ වගේ වටකුරු වට හොඳින් සැදු...හාවා අයින් කර මැද්දට රවුම් යෙදු...පිවිතුරු ගතිය දෑතට අසු නොවෙන බදු...පුන් පියයුරට ලොබ නොබඳුනු කෙලස සුදු....ගොමු ගොමු හඬට කන් දෙනු මිස නොම බඹරා...තන් කල් බලා පැණි ගොමුවට මුව අතුරා...රස තැන් බලා ඉව කර පැණි බොනු ඉඳුරා...මම වෙමි නොවෙඳ නුඹේ හිත ගත් වල් බඹරා...කවි සිත පුරා නුඹ හොල්මන් කරන විට...පෙම් කවි අමා රස දහරක් ගලනකොට....ගොනු කොට අකුරකට පෙන්වනු ලෙස එවිට...වෙන මොන අනාවැකි කියනුද බැඳී පෙමට...කවිකම ගන්නේ හද තුල රිද්මයට....මම කවියෙකු නොවේ බැඳි පෙම නැතිනම් නුඹට...හදවත පලා පෙරලා දුන්නත් අතට....නුඹ පෙම තරම් නැහැ වටිනා දෙයක් මට...කවිකම කලාවකි මම නිති ගරු කරන...මැවෙනා සිත්තමකි පින්සලකින් අඳින...සුන්දර රටා හැඩ තල එකිනෙක රැගෙන...ගලපනු කෙලෙස කවියෙකු නොමවී ම වෙන..සොඳුරුම සිත්තමක් ලෙස නුඹ සොඳුරුය මැණිකේ...නුඹේ හිත මගේ හදවත් ගත්තා හනිකේ...හදවත තරම් නුඹේ ලස්සන වෙන මොනකේ...නැහැ මට කෙනෙක් හමුඋනේ නම් මයේ මැණිකේ...දැල්වී පහන් වෙන වැටියක් ගෙන නෙතසිතින...දැල්වෙනු වලක්වා නවතාලනු අතින....අම්මා ඇවිත් නම් නොම යාහැකි කෙලෙස...එහෙනම් ගිහින් හෙට දල් වනු හැකි ලෙසිනතුත්තුරි ගහත් ගස් වෙන කල් මේ ලෝකේ...තටු නැති ගසකි නුඹ මට මේ තුන් ලෝකේ...ලඟ නැති පවට හදවත නැගෙනා සොකේ...ඉවසා දරා ඉමි නොලැඹුන පෙම් සෝකේ... උදා වුනු හෝ වෙන්න තියන සිංහල දෙමළ අළුත් අවුරුද්ද සුභම සුභ එක්ක වේවා කියලා ප්‍රාර්ථනා කරන්නම්... මගේ හිතවත් සහෝදර සහෝදරියෝ සියළුම දෙනාට.
BLOG
2014.07.05
http://dasunxd.blogspot.com/
දෙවියන් මැරීම :: අසාධාරණ හා ආත්මාර්ථකාමී මිනිස් සිත
දසුන්
ඒ 2007, මම AL කරල නිදහසේ ගෙවන කාලය. කඩ්ඩ හදා ගන්න කියල තිබිරිගස්යායේ කඩු ක්ලාස් ගිය කාලය. මට ඒ ක්ලාස් එකේදී සෙට් උනා යාළුවෙක්, සිත්තරෙක්, ඒ වගේම ඌ කළාකරුවෙක්. වෙනස් අදහස් තියෙන සංවාදයට කැමති පුද්ගලයෙක්. හැමදාම ක්ලාස් ඉවර වෙලා පාර එහා පැත්තේ තියෙන කඩයට රිංගල සිගරට් එකක් උරන ගමන් මොකක් හරි දෙයක් ලොකුම ලොකු කරල, සාහිතය එක්ක කියවන එක තමයි මුගේ එකම සතුට. තිබුන යාළුකම වැඩි නිසාම උබේ සමාජවාදී හිතට ඕන උනේ හැම තිස්සෙම ගණිත තර්ක දාන මාව ටිකක් වෙනස් කරන්නෙ. :Pඒත් උඹ කියපු කතා හිනාවක් දා ගෙන අහන් ඉන්නවට වඩා මට උඹ කියනවන තරමටම අහන් ඉදීමේ උවමනාවක් ඒ දවස් වල තිබුනේ නෑ, විහිළුවක් කරල 'එහෙම වෙන්නත් බෑ නේද මචං .' කියල ඇහුවට. ;-)මට තාමත් මතකයි, ඒදාත් මොකක්දෝ සිංහළ පොතක් දිග ඇරගෙන මට 'දෙවියන් මැරීම' ගැන වචනයෙන් වචනය කියල දුන්නු අපූරුව. උඹ මගේ අවධානය බිඳෙන කොට, ආයිත් පේළිය මුලින්ම පටන් අරන් කියල දුන්නා. කොච්චර කලක් ගියාද...උඹ එදා මොන ගැඹුරු තේරුමකින් මේ දෙය කියල දුන්නද කියන්න මම තාමත් දන්නේ නෑ. මේ දෙය උඹ එදා හුගාක් උවමනාවෙන් කියවපු හෙතුවත්, මෙහි මුල් රචකන් මේ වගේ නිමිත්තක් වචනකරන්නහේතුවත් මම දන්නේ නෑ. ඒ වගේම මේ දේවල් කතා කරපු තර්ක කරපු කාලයත් දැන් අපෙන් ඈත් වෙලා. ඒත් මට හිතෙනව මේ දේවල් නිකම්ම අහක දමිය යුතු දේවල නොවන බව. උඹ එදා ගත්තු උත්සහය අපතේ ගියෙ නෑ මචං....බුද්ධිය මිත‍්‍රයෙකැයි, සිතු මමදිනක් මග රැක සිටමගේ දෙවියන් මරා හෙලීමි,දැවැන්තයකු වන බුද්ධියඅඳුරෙහි මහ අඩි තබමින්මා පිටි පසින් එනුමට ඇසෙයි.එහෙත් දෙවියන් සිටි කල මෙන්දැන් මටසැක හැර ගමන් කළ නොහැකමා වැටුණු කලදැන් දෙවියන් නැති හෙයින්මමනැඟී සිටිය යුතු ය.යළිත් දෙවියන් සොයා ගිය මටඋන්වහන්සේගේ රන්වන් මළ සිරුරමඟ අසල,නුග ගස යට තිබී සම්බ වියස්වාමීනි, යළිත් නැඟී සිටමා හා පෙර මෙන්එනු මැනවයි මම කීමිඋන්වහන්සේ නැඟී නොසිටින්නේ...බුද්ධියතමදත් දෙපළ පෙන්නාවිලිස්සමින්මා පිටිපස සිටින හෙයින් බවමම දනිමි"එහෙත් මට බුද්ධිය ගසා පලවා හැරිය නොහැකියඔහු මා අතහැර නොයයි. "දෙවියන් මැරීම,-ජී බී සේනානායක-.
BLOG
2014.04.21
http://kurundha.blogspot.com/
ගොදුරක්වූ දඩයම්කරු නොහොත් වෘත්තීමය කැපවීම...
සෙන්නා
2014ක්වූ බක් මස 21වෙනිදාඒ,සිකුරාදා හවස එක්තරා පුද්ගලයෙක් ගාලු කො‍ටුවේ ඇවිදිමින් සිටියා. අපි ඔහුට සෙබ්කා කියමු. විශාල ගස් වලින් ආවරණය වෙලා තිබුණ ගාලු කො‍ටුව සෙබ්කාගේ හිත නොගත්තා කිව්වොත් බොරුවක් වගේම ඒ වෙලාවෙ ඔහු හිටියේ තනියමයි කිව්වොත් ඒකත් බොරුවක්. සිහිල් සුවය විඳිමින් සෙමින් සෙමින් ඇවිද ගිය සෙබ්කාගේ අවධානය අමුතු දසුනකට යොමු වුණා. මුලු ලෝකයම අමතක කරදමා සිය වෘත්තියෙහි, භාවනාවකට සමවැදුණු භාවනායෝගියෙක් සේ යෙදී සිටිය ඒ අපූරු තරුණයා සෙබ්කාගේ හිත ඒක්ෂණයෙන් පැහැර ගැනීමේ උපරිම ප්‍රතිඵලය වුණේ සෙබ්කාගේ අතේ තිබුණ කැමරාව "සට" "සට" අනුකරණයෙන් ක්‍රියාත්මක වීමයි. කැමරාව ක්‍රියාත්මක වෙමින් තිබූ ඒ නිමේෂයේම සෙබ්කාගේ මුවෙහි මද හසක් නැගුණා. ඒ, ගොදුරකට කුරුමානම් අල්ලමින් සිටින විලෝපීයෙකු මතට කඩා පනින තවත් විලෝපීයකුගේ දසුනක් ඔහුගේ මනසේ ඇඳී යාම නිසයි.රාජකාරිය දේවකාරියකි.මුළු ලොවම අමතක කරසාර්ථකත්වයමනිමින්OOOOOOමේ සියලු උත්සහයන් මේ සඳහාය. ඔහු සිය ගනුදෙනුකරුවනට සාධාරණයක් ඉෂ්ට කරන්නට ඇත්ද .....¥සිය ජීවිතයේ අවසාන නිමේෂයත් අන් අයගේ යහපත වෙනුවෙන්ම වැය කොට, අනතුර පෙනි පෙනීත් එයින් පලා නොගිය දුම්රිය රියදුරෙක්.¥සිය ආත්මාර්ථකාමී පරමාර්ථයන් උදෙසාම වගකීමකින් තොරව ක්‍රියා කළ කාන්තාවක්.¥සිය වෘත්තිය පිළිබඳ නිසි දැනුමකින් යුක්ත නොවූ තවත් දුම්රිය රියදුරෙක් සහ සහායකයෙක්.¥සිදුවූ කිසිත් නොදැන සිය ජීවිත වලින් වන්දි ගෙවූ ජීවිත 56ක්....සිනමා පටයක්ද . ප්‍රබන්ධයක්ද . ප්‍රබන්ධ පරදන සත්‍ය කතාවක්ද .
BLOG
2014.04.13
http://kurundha.blogspot.com/
තීන්දුව...............
සෙන්නා
2014ක්වූ බක් මස 13වෙනිදා,බිමට ගොම මැටි ගෑ, වරිච්චි ගෙය කඩා දමා ගඩොල් හා සිමෙන්ති මගින් නිවස තැනීම,කුඹුර අස්වැද්දවීමට කෘෂිරාසායන හා පොහොර වර්ග භාවිතා කිරීම,සීසෑමට හා කොළ පෑගීමට ගවයන් වෙනුවට යන්ත්‍ර පරිහරණය කිරීම,ලාම්පු, පහන්, හුළුඅතු හා පන්දම් වෙනුවට විදුලිය, විදුලි පන්දම් භාවිතා කිරීම,දරුවන්ට අධ්‍යාපනය ලබා දීම මගින් ඔවුන්ව උසස් ‍රැකියා වෙත යොමු කිරීම,කුඹුරු පුරන් වීමට හැර සිය දරුවන් ‍රැකියා සඳහා නගරයට හා පිටරටට යොමු කිරීම,බිරිඳව ගෘහ සේවය සඳහා පිට රට පැටවීම.පාරම්පරික රස කැවිලි හා ආහාර වර්ග නොසෑදීම තුළින් එවන්වූ ආහාර වර්ග ජාතියට අහිමි කිරීම,අලුත් අවුරුදු සිරිත් විරිත් නිසි පරිදි ඉෂ්ට නොකිරීම,ආයුර්වේද ප්‍රතිකාර වෙනුවට බටහිර ප්‍රතිකාර ක්‍රම වෙත යොමු වීම තුළින් වෙද මහතාව සමාජයෙන් ඉවත් කිරීමයන ඉහත කී භයානක අපරාධයන් හේතුකොටගෙන, යුශ්මතා විසින් මේ උත්තරීතර රාජ්‍යයේ නගරවාසී, ඉහළ මධ්‍යම පාන්තිකයන් හා ධනවතුන් හට;රූපවාහිනිය මගින්වත් ගොම මැටි ගෑ වරිච්චි නිවසක් දැකිමේ අවස්ථාව අහිමි කිරීම,වස විෂ නැති ආහාර ගැනීමට තිබූ අවස්ථාව අහිමි කිරීම,ගවයන් මගින් ගොවිතැන් කරනාදර්ශනයහාඒ හා බැඳුණු සිරිත් විරිත් අධ්‍යයනයට, වින්දනයට තිබූ අවස්ථාඅහිමිකිරීම,සිය බැලමෙහෙවර සඳහා පිරිස් අහිමි කිරීමඅලුත් අවුරුදු සිරිය විඳ ගැනීමේ අවස්ථාව අහිමි කිරීම,වාර්ෂිකව ඔවුන් විසින් සංවිධානය කරනු ලබන ක්‍රීඩා උත්සව සඳහා සහභාගී වීමට පිරිස් නොමැති කිරීම,ඔවුන් විසින් නිෂ්පාදනය කරනු ලබනා රූපවාහිනී වැඩසටහන් සඳහා, රස කැවිලි, ආහාර වර්ග, ආයුර්වේද වෛද්‍ය ක්‍රම, අලුත් අවුරුදු සිරිත් විරිත් පිළිබඳවූ දැනුම අහිමි කිරීම,සහ තවත් නොකී වැරදි ගණනාවක් මගින්, ඔවුන්ගේ සිත් රිදවීම, ඔවුන්ව අපහසුතාවයට පත් කිරීම, ඔවුන්ගේ බලාපොරොත්තු කඩ කිරීම, කෙටියෙන්ම, නගරවාසී ඉහළ මධ්‍යම පාන්තික හා ධනවත් ජනතාවට, ගම විඳීමට, සිය නිවාඩුව ගත කිරීම උදෙසා ගමට යාමට, එසේ නැතහොත් ඔවුන්ගේ පහසුව, අධ්‍යාපනය, වින්දනය, අලෙවිය සඳහාම වූ ගම විනාශ කර දැමීමේ අති භයානක, අති අමානුෂික වරදට, ස්ව්භාවධර්මෙලාගේ ගැමියා නම් වූ යුෂ්මතාව ප්‍රාණය නිරුද්ධ වනතෙක් එල්ලා තැබීමට මේ උත්තරීතර අධිකරණය වෙනුවෙන් මම මෙසේ නියෝග කරමි.ඔබ සැමට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ..~~ සෙන්නා / 13.04.2014.
BLOG
2014.03.24
http://kurundha.blogspot.com/
බුදු තාත්තේ බොන්න එපා !
සෙන්නා
2014 මැදින් මස 24 වනදාඑදා ඉරිදාවක් බව මට හොඳට මතකයි. ඒ, එදා මම වැඩට ගියේ ටිකක් පරක්කුවෙලා නිසා හා කලින්ම ආපු බව මතක නිසා. ෂිපින් කරන අපිට වෙලාව, අවෙලාව, සති අන්ත, ඉරිදා, පෝය, අවුරුදු, නත්තල්, වෙසක් ඔය මුකුත්ම හිමි නෑ. නැව් එන්නේ කවදද එදාට සුදානම් වෙලා ඉඳීම අනිවාර්‍යයි. අතේ බැඳපු ඔරලෝසුව බල බල, වෙලාව ගෙවෙනකම් බලන් ඉන්න, සති අන්තේ හරි නිවාඩු එනකම් හරි ඇඟිලි ගනින අයට මේ ජොබ් එක කරන්න බෑ. අපි කතාවට කියන්නේ ෂිපින් කරන උන්මැරුණගමන් කෙලින්ම දිව්‍ය ලෝකේ යනවා කියලා.එදා උදේ මම වැඩට යනකොටත් තාත්තා අසනීපෙන් හිටියේ. හරි හමන් කෑමක් නැතුව, බඩේ අමාරුවක් කිය කිය තැම්බුම් හොදි බිබී හිටියේ. බඩ කොච්චර ඉදිමිලාද කිව්වොත් දිලිසෙනවා. අන්තිම පාර දොස්තර මහත්තයා ගාවට ගියාම කිව්වේ "පණට ආසාවක් ඇත්නම් ආයේ කටේ තියන්න එපා"කියලා. ඕන්නම් දවස් තුනක් පිළිපදින්න ඇති ඒ නියෝගය. ආයේත් පටන් ගත්තා ජරාව බොන්න. මෙච්චර අමාරුවෙන් ඉද්දිත් ගිහිල්ලා අරන් ඇවිත් හංගගෙන බීපු එකනෙ වැඩේ කියන්නේ. මේ ජරා බීමට ඇබ්බැහි වුණාම ආයේ ගැලවිල්ලක් නෑ. තාත්තා බීමට ඇබ්බැහි වුණ විදිහ මට හොඳට මතකයි. මුලින්ම බිව්වේ පඩි දවසට විතරයි. කාලක් ගෙනල්ලා තියාගෙන පැත්තකට වෙලා බිව්වා. කාටවත් කරදරයක් නෑ. අම්මා වුණත් ඒකට දොසක් කිව්වේ නෑ. බයිට් එකක් එහෙමත් හදලා දුන්නා කණු කුණු නොගා. ඊට පස්සේ සති අන්ත වල බොන්න පටන් ගත්තා. ඒකටනම් අම්මා එහෙන් මෙහෙන් පොඩි කරු කුරුවක් දැම්මා. ඊටත් පස්සේ සතියට දවස් දෙක තුනක් බොන්න ගත්තා. ඊළඟටපෝය හැර හැමදාම බොන්න පටන් ගත්තා. අන්තිමට පෝයටත් පස්වෙනි සිල් පදේ කඩන්න තාත්තා බය වුනේ නෑ. ඇබ්බැහියේ තරම එහෙමයි. ඒ කියන්නේ තාත්තා දැන් බේබද්දෙක් වෙලා අහවරයි.හැබැයි ඔය බිව්වේ රෑට විතරයි. ජොබ් එකෙන් අයින් වුණාට පස්සේ උදේටත් බොන්න ගත්තේ ඉරණමෙන් තීන්දු වෙලා තිබුණේ එහෙම නිසා වෙන්න ඕනා. ඊට පස්සේ තාත්තගේ මුළු ජීවිතේම වුණේ බීමත් කම තමා. කොටින්ම, ජීවත් වුණේ බොන්න. බීම වැඩිවීමට සමානුපාතිකව පවුලේ සමගියත් ටික ටික දියවෙලා ගියා. අම්මා හැම තිස්සේම ඇඬු කඳුළින්. ඒත් ඒ කඳුළු වලට පුළුවන් වුණේ නෑ තාත්තව ඒ නරක ඇබ්බැහියෙන් මුදව ගන්න. බීමත් කමට ඇබ්බැහි වුණ තාත්තා කෙනෙක්ගේ දරුවෝ විඳින මානසික පීඩනය මම සහ මගේ සහෝදර සහෝදරියන් නො අඩුව විඳලා තියනවා. තාත්තගේ බීමත් කම නිසා සමාජය ඉදිරියේ ලැජ්ජාවට පත්වෙන්න වෙයි කියන බය බොහොම තදින්ම දැනෙන දෙයක්. "උඹලෑ තාත්තා හෙන බෙබේ නේද." එහෙම නැත්නම් "ඒ බං අපි ඊයේ උඹලෑ තාත්තා බීලා වැනි වැනි යනවා දැක්කා" කියලා කවුරුහරි කොයි වෙලේ හරි අහයි, කියයිකියන බය නිතරම අපිව පෙලුවා. අම්මා අඬනවා දකින දේත් ළමයින්ගේ හිත්වලට එච්චර සුවදායක නෑ. තාත්තගෙ බීමත්කම නිසාම අපි මුහුණදීපු ආර්ථික අමාරුකමුත් එමටයි.ඒවා බීමට ඇබ්බැහිවුණ තාත්තා කෙනෙකුට කවදාවත් තේරුම් ගන්න පුළුවන් දේවල්ද ..මම වැඩට ගිහින් එනකොට තත්ත්වය දරුණු අතට හැරිලා. තාත්තා ලේ වමනේ දාන්න පටන් අරන්. දැන්නම් ඉතින් තවත් බලන් ඉන්න බෑ. තාත්තා බෑ කියනකොටම බලෙන්ම වගේ ස්පිරිතාලේට ගෙනියන්න අපි තීරණය කළා. වෙලාව හවස හතරට විතර ඇති. ත්‍රීවීල් එකක් කතා කරගෙන අම්මයි මමයි තාත්තව මැදි කරගෙන ඒකට නැග්ගා. අයියා මෝටර් සයිකලෙන් අපිත් එක්කම වගේ ආවා. ස්පිරිතාලෙට ගෙනියනකොටත් තාත්තා හොඳට හිටිය බව මතකයි. සිහි කල්පනාව එහෙම හොඳට තිබුණා. ඕපීඩී එකේදි ලියාපදිංචි කරලා තාත්තව වාට්‍ටුවට යොමු කෙරුවා. ඒ, කලින් දෙවතාවක් හිටපු එකම නිසා තාත්තා යන්නත් ටිකක් අදිමදි කළා දොස්තරලගෙන් බැණුම් අහන්න වෙයි කියලා. කොහොම හරි අපි තුන්දෙනා ගිහින් තාත්තව වාට්‍ටුවට භාර දුන්නා. හොඳ වෙලාවට ඇඳකුත් හම්බුනා. ඒ වෙනකොට ලෙඩ්ඩු බලන වෙලාව ඉවර වෙලා තිබුණ නිසා "එක්කෙනෙක් ළඟ ඉඳලා අනිත් අය යන්න" කිය කිය සිකියුරිටි කාරයොයි, ඇටෙන්ඩන්ලයි බුරන්න පටන් ගත්ත නිසා අපි තුන්දෙනාටම එතන ඉන්න හැකියාවක් තිබුණේ නෑ. මම, එදා රෑ තාත්තා ළඟ නවතින්න තීරණයකරපු නිසා අයියා කිව්වා මම පහළට ගිහින් මොනවා හරි කාලා එනකම් එයා තාත්තා ළඟ ඉන්නම් කියලා. අම්මයි මමයි තාත්තට ගිහින් එන්නම් කියලා පල්ලෙහාට බහිනකොටත් තාත්තා ඇඳේ වාඩි වෙලා හොඳට හිටියා. "හා" කියලා ඔළුව වැනුව හැටි මට තාම මතකයි. ඒ මේ භවයෙදී අම්මයි, මමයි තාත්තා එක්ක කතා කරපු අන්තිම වචන කිහිපය කියලා අපි මොහොතකටවත් හිතුවේ නැත්තේ තාත්තට ලේ වමනේ ටිකක් යනවට වැඩිය අමාරුවක් නොපෙන්නුව නිසා හා කොහොම හරි සුවකරගෙන නැවත එක්කන් යන බලාපොරොත්තුව අපේ හිත්වල තිබුණ නිසා වෙන්නඕනා.අම්මව නතරකරගෙන හිටපු ත්‍රීවීල් එකටම නග්ගලා ගෙදර යවලා, මම රාගම ස්පිරිතාලේ පල්ලෙහා තිබුණ හෝටලයට රිංගුවේ මොනවා හරි බඩට දාගන්න. හේතු දෙකක් නිසා මට කන්න පිරියක් තිබුණේ නෑ. එකක් පැවතුණු වාතාවරණය නිසා හිතේ තිබුණු අවිවේකී බවයි ආතතියයි. අනෙක් එක, මේ හෝටල්වල තියන අපිරිසිදුකම. මට පෙන්නන්නම බැරි වැඩක් තමා තියන ඔක්කොම කෑම ජාති ගෙනල්ලා මේසෙ උඩ තියන එක. කන එවුන් ඔක්කොම අල්ල අල්ල ආයෙ පිගානටම අතාරිනවා. කාපු නැති ටික ආයෙ වීදුරු කූඩුවට යනවා. වෙන කවුරු හරි ඉල්ලුවම ආයේ ඒවම ගෙනත් දෙනවා. මොන ඌරු වැඩක්ද කියලා මටනම් තේරෙන්නෑ. සෞඛ්‍ය පරීක්ෂකයන්ට මේවා පේන්නැද්ද . නැත්නම් ජරාවෙන් ඒගොල්ලන්ගේ දෑස් වැහිලද.හංවෙලා තිබුණ බිත්තර රොටියක් කාලා, නහය වහගන්නැතුව බොන්න බැරි නිසා තේ එකක් නොබී, කූල් බීම බෝතලයක් බීලා මම දනි පනි ගාලා ආයේ කන්ද නගින්න ගත්තේ අයියව ඉක්මනින් ගෙදර යවන්න ඕනා නිසා. මම පඩි පෙළත් නැගලා තාත්තා හිටපු වාට්‍ටුවට ඇතුළු වෙනකොටම ටිකක් අමුතු දෙයක් දැක්කා. එක ඇඳක් වටේ කට්ටිය වට වෙලා ඉන්නවා. මම ඒත් හිතුවේ වෙන කවුරු හරි ලෙඩෙකුට අමාරු වෙලා කියලා. ළඟටම ගියාම තමා දැක්කේ ඒ තාත්තගේ ඇඳ තමා කියලා. ඕන් එතකොටයි මට හීන් දාඩිය දාන්න ගත්තේ. මම බැලුවා අයියා කෝ කියලා. එයත් දොස්තරලට, නර්ස්ලට පිටි පස්සෙන් ඉඳගෙන බයවෙලා වගේ තාත්තා දිහා බලන් හිටියා. දොස්තර කෙනෙක් තාත්තගේ පපුව ඔබ ඔබ කෘතිම ශ්වසනය දෙනවා."මොකද වුණේ . " මම අයියගෙන් ඇහුවේ බය වෙලා."එක පාරටම මට අමාරුයි කියලා ඇඳේ දිගා වුණා. මම කෑ ගහපුවම තමා කට්ටිය දුවගෙන ආවේ."වෙන්නේ මොනවද කියලා මමයි අයියයි ඇස් උඩ තියාගෙන බලන් හිටියේ. ඒක මගේ ජීවිතයේ අවිනිශ්චිතවම ගෙවුණු තත්පර කිහිපයක්. තාත්තගේ වෙලාවද නැත්නම් හැමදාම රාගම ස්පිරිතාලේ එහෙමද කියන්න මම දන්නැ, වාට්‍ටුව භාරව නිසි දැනුමක් තියන වෛද්‍යවරයෙක් ඒ වෙලාවේ හිටියේ නෑ. හිටිය ඔක්කොම වෛද්‍ය ශිෂ්‍යයෝ විතරයි හිටියේ. අපි අරක දීලා බලමුද, මේක දීලා බලමුදා කියලා පොත් පෙරළ පෙරළ දෙන්න ඕනා බේත් ජාති හොයමින් නටපු නාඩගමක් . ෂොක් ට්‍රීට්මන්ට් දීලා බලමු කියලා තීරණය කරලා ඒකත් කෙරුවා. ඒත් තාත්තගේ නැවතුන හදවත නැවත පනගන්වන්න ඔවුන්ට බැරුව ගියා."හරියන්නෑ" කියන්න තොල පෙරළන ගමන් කරණ ඔළුව දෙපසට වැනීම, කනගා‍ටුව මුසු වූ බැල්ම, සුදු පිරුවටය තාත්තාගේ හිසත් වසාගෙන ඉහළට ගමන් කිරීම, මුලු ලෝකයම කැරකෙමින් පෙරළෙමින් කඩා වැටීම, ඔක්කොම සිදුවුණේ එකටම වගේ. තාත්තා අපිව දාලා යන්න ගිහින් කියන සත්‍යය පිළිගන්න බැරුව අයියත් මමත් තාත්තගේ නිසල දේහය බදාගෙන කෑගහලා ඇඬුවා. එහෙම කළාට තාත්තා ආයේ නැගිටින්නෑ කියන එක තේරුම් ගන්න තරම් අපේ තර්ක බුද්ධිය ඒ වෙලාවෙ නිරවුල් නෑ. යාළුවන්ගේ තාත්තලගේ මලගෙවල් වල ගියාට අපේ තාත්තා මැරෙයි කියලා කවදාවත් නොහිතුණ හැටි. ඒක කොහෙත්ම වෙන්ඩ බැරිදෙයක් හැටියට අපේ හිත් විසින් දිගින් දිගටම ප්‍රතික්ෂේප කිරීම එක අතකින් හරිම පුදුමයි. මේ ලෝකේ හැම මිනිහෙක්ම මැරෙනවා කියන සත්‍ය අපි කවුරුත් දැනන් හිටියට ඒක අපිට සහ අපේ සමීපතයින්ටත් පොදු බව අපිට නොහැ‍ඟෙන හැටි. ඒක තමා අපේ කෙනෙක් නැතිවුනාම අපිව ගල් ගැහෙන්නේ. විශ්වාස කරන්න බැරුව තුෂ්ණිම්භූත වෙන්නේ. මේ වගේ අකල් මරණ වලදී මේ හැඟීම දෙගුණ තෙගුණ වෙලා දැනීම අහන්නත් දෙයක්ද . අපි ඒ හැඟීම නොඅඩුවම විඳිමින් හිටි මොහොතක් තමා මේ ගෙවෙමින් පැවතුණේ.ඒ වෙලාවේ වාට්‍ටුව භාරව හිටපු ප්‍රධාන හෙද නිලධාරිය ඇතුළු කට්ටිය අපිව සනසන්න මොන මොනවදෝ කිව්වා වගේ මතකයි. ඒත් ඒ කියපු කිසි දෙයක් අපේ කන්වලින් ඇතුළට නොගිය නිසා කිව්වේ මොනවද කියලා මට මේ මොහොතේ ලියන්න දැනුමක් නෑ. ඔය වගේ වෙලාවට භාවිතා කරණ සාම්ප්‍රදායික වදන් මාලාවම භාවිතා කරන්න ඇති කියන උපකල්පනයක් විතරක් කරන්න පුළුවන්.ටිකකින්, ට්‍රොලියක් තල්ලු කරන් ආපු රෝහල් සේවකයෝ දෙන්නෙක් තාත්තගේ දේහය උස්සලා ඒකෙන් තියාගෙන යන්න ගියා. වාට්‍ටුවෙන් අපිට කිව්වේ දැන් ගෙදර ගිහින් මිනිය භාර ගන්න හෙට එන්න කියලා. රෝගියව රෝහලට ඇතුළත් කරලා පැය විසිහතරකට වඩා අඩු නිසා අනිවාර්යයෙන් මරණ පරීක්ෂණයක් සිදු කෙරෙන බවත් දැනුම් දුන්නා..අයියයි මායි කොහොම ගෙදර ආවද කියන එකත් මට නිනව් නෑ. රෑ ළඟ නවතින්න ගිය මිනිහා මොකද ගෙදර ආවේ කියන විස්මයාර්ථය අම්මටත් අනෙක් අයටත් ඇතිවුණා කියලා ඔවුන්ගේ මුණු දැකපු ගමන් මට හිතා ගන්න පුළුවන් වුණා."ඇයි පුතේ . . " කියලා අම්මා ඇහුවේ හොඳටම බයවෙලා කියලයි මට හිතුණේ. ඒත් ඒකට උත්තර දෙන්න කලින් මගේ කඳුළු ඉස්සර වුණා. ඒකෙන් කියන්න ඕනා ඔක්කොම ඔවුන් වටහා ගන්න ඇති. ඊළඟ නිමේෂයේදී අසල්වැසියෝ අපේ ගේ වට කරගත්තේ පළාතම දෙදුරුම්කන තරමින් නැගුණු විලාපය නිසා. අපි ඔක්කොම එකට ගුලි වෙලා ඇති වෙනකම් ඇඬුවා. ඊළඟට මොනවද කරන්න ඕනා කියන එක වටහා ගන්නත් අපිට ටික වෙලාවක් ගියා. අනාරාධිතවම අසල්වැසියෝ වැඩට බැහැලා. සමහරු ඉස්සරහා මිදුල අස්පස් කරනවා, මඩු ගහන්න. ගැහැණු අය අම්මයි නංගිලයි එක්ක ඔවුන්ගේ දුක බෙදා ගන්නවා. එකම කතාව නැවත නැවත ප්‍රතිරාව කරන්න වුණත් ඒකෙන් වේදනාව තුනීවෙන හැටි හරිම පුදුමයි . තාත්තගෙන් පස්සේ ගෙදර වැඩිමහලු පිරිමි දෙන්නා හැටියට අයියටයි, මටයි කටයුතු සංවිධානය කිරීමේ වැඩි වගකීමක් පැවරුණා. මස්සිනා නවරත්නත්, ගෙදර නැවතිලා හිටපු මගේ යාළුවා ඉන්දිකත්, මල්ලිත් හිටපු නිසා අපිට කටයුතු බෙදාහදාගෙන කරණ එකනම් කොහෙත්ම ගැටලුවක් වුණේ නෑ. පහුවදා අම්මයි මමයි ස්පිරිතාලෙට ගිහින් මිනිය නිදහස් කරගන්න අතරේ, අයියා අනිත් අයත් එක්ක ගෙදර වැඩ ටික එකලස් කරගන්න කතා කරගත්තා. හෙට කාර්යය බහුල දවසක් නිසා ටිකක් නිදාගන්න බලන්න කියලා හැමෝම කිව්වත් නින්ද අහලකවත් නෑ. එදා රෑ එළිවෙනකම් කුරුන්දෙන් නරි කෑ ගහනවා මම අහගෙන. උන්ට ඒ වගේ දේවල් දැනෙනවා කියලා මම අහලා තියනවා.පහුවදා උදෙන්ම වගේ අම්මයි මමයි ස්පිරිතාලේට ආවා. ලෙඩගානේ හිටපු අම්මව එක්කන් එන්න වුණේ ලෙඩාව ඇතුළත් කරනකොට අපි කරපු මෝඩ වැඩක් නිසා. ඒ රෝගියාගේ භාරකාරයා හැටියට අම්මගේ නම දාපු එක. භාරකාරයට විතරලු පුළුවන් ලියකියවිලි වලට අත්සන් කරලා මිනිය භාර ගන්න. අපිත් එක්ක ඔය වගේ කටයුතු ගැන හොඳ අවබෝධයක් තියන අසල්වැසියෙක් වුණ ක්‍රිස්ටි මාමත් එකතු වුණා. ඇත්තටම ඒ වෙලාවේ ඒ මනුස්සයා ආපු එක අම්මටයි මට ලොකු පහසුවක් වුණා.එතනට ගියාම සුපුරුදු විදිහට රස්තියාදුව. අතනට යන්න, මෙතනට යන්න, අතෙන්ට කට උත්තර දෙන්න, මෙතෙන්ට කට උත්තර දෙන්න කිය කිය උපරිමෙන්ම අපිව මැඩෙව්වා. ඒක හිතාමතා කරන දෙයක් නෙමේ වෙන්න ඇති, ඒත් නිසි පිළිවෙළක් නැති කම නිසා මානසිකවත් වැටිලා ඉන්න මිනිස්සු තවත් අසරණ වෙනවා. අනිත් කාරණය රාගම රෝහලේ භූවිෂමතා ලක්ෂණ. අසනීපෙන් ඉන්න අම්මා වගේ කෙනෙකුට ඒකෙ තියන කඳු පල්ලම් නගිමින් බහිමින් හක්කලන් කරන්න ලේසි නෑ. මරණ පරීක්ෂණේ ඉවර වුණාම මෝචරියට ගිහින් මිනිය භාර ගන්න කියපු නිසා අපි තුන්දෙනා ආයේත් පල්ලෙහාට බැහලා මෝචරියට ආවා. අයියලා කතා කරලා හර්ස් එකක් එවලා තිබුණා මිනිය අරගෙන යන්න. එතන ගිහින් මිනී කුණුගඳ දරාගෙන ටිකක් වෙලා ඉන්නකොට කපලා කොටලා විරූපී වෙච්ච තාත්තගේ සිරුර ට්‍රොලියක දාගෙන අපි ලඟින්මඅරගෙන ගියා හර්ස් එකට දාන්න. තාත්තගෙ පපුව මැද්දෙන් බඩ දක්වාම පළලා බොත්තම් ඇරපු කමිසක් වගේ දෙපැත්තට දාලා තියන විදිහ මගේ දෑසින්ම දකින්න තරම් පුතෙක් හැටියට මම අවසනාවන්ත වුණා. ඒ දර්ශනය අම්මගෙන් හංගගන්න මම පුළුවන් උත්සහා කළාට ඒක හරි ගියාද කියලා මට දැන් මතක නෑ. අන්තිමට එතනිනුත් ලියකියවිලි වගයකට අත්සන් අරගෙන තවත් මොකක්ද කොළයක් දුන්නා තව ඔ‍ෆිස් එකකට ගිහින් දෙන්න කියලා. ඒකට ආයෙත් උඩට නගින්න ඕනා වුණා. එතනට ගියාට පස්සේ අම්මවයි මාවයි වෙන වෙනම ප්‍රශ්න කළා වගේ මතකයි. ඊට පස්සේ එතනින් නිකුත් කළා මරණ පරීක්ෂණසහතිකය. මරණයට හේතුව : Alcoholic Liver Disease කියලා බොහොම පැහැදිලිව ඒකේ ලියවිලා තිබුණා. ඒක අපි නොදන්න දෙයක්වත්, බලාපොරොත්තු නොවෙච්ච දෙයක්වත් නොවන නිසාඅපිට ඉතුරුවෙලා තිබුණේ ඒකත් අරන් පල්ලම් බහින්න විතරයි.මමයි අම්මයි ගෙදර එනකොටත් ගෙදර සෑහෙන පිරිසක් ‍රැස් වෙලා හිටියා. සීයලත් ගමේ ඉඳන් ඇවිත් තිබුණා. සියව දැකපු ගමන් මට හිතුණේ තාත්තා කෙනෙක්ට අකාලයේ තමන්ගේ දරුවෙක් නැති වුණාම දැනෙන දුක, පුතෙක්ට තමන්ගේ තාත්තා අකාලයේ මියැදුණාම දැනෙන එකමද කියලා. හොඳ බෞද්ධයෙක් වුණ සීයා, බුද්ධ ධර්මයෙන් ලැබුණ හික්මීම නිසාද මංදා එච්චර දුකක්නම් පෙන්නුවේ නෑ. අම්මා එක්ක කතා කරන ගමන් අම්මාගේ හිත හදන්නත් එයා සෑහෙන්න උත්සහ කළා.දැන් ඉතින් අපට තියෙන්නේ මිනිය ගේනකම් බලා ඉන්න විතරයි. එතකම් අවශ්‍ය වෙන සුළු සුළු දේවල් ටිකක් සකස් කරමින් අපි කාලය ගත කළා. ඊයේ තාත්තා මිය ගිය බව දැනගත්ත වෙලාවේ ඉඳලා මේ වෙනකම් කිසිම අවස්ථාවක මට තාත්තා මිය ගිහින් කියන එක පිළිගන්න හැකියාවක් තිබුණේ නෑ. හිතෙන්නෙම තාත්තා අපි අතර ඉන්නවා කියලා විතරයි. සමීපතමයෙක් මිය ගිය කෙනෙක්ට මම මේ කියන අත්දැකීම වටහා ගන්න එච්චර අපහසු වෙන එකක් නෑ. මරණය කියන භයානක සත්‍ය පිළිගන්න අපි එතරම්ම අදිමදි කරනවා.හවස හතරට විතර තාත්තගේ මෘත දේහය තැන්පත් කරපු හර්ස් එක නිවසට ළඟා වුණා. හීනියට පටන් ගත්තු ඉකිබිදීම් මහා විශාල විලාපයක් වෙන්න වැඩි වෙලා ගියේ නෑ. හර්ස් එකෙන් අපේ කර මතට ආපු තාත්තගේ දේහය තැන්පත් කරපු පෙට්ටිය, සාලේ මැද්දේ මල්ශාලාවේ අය විසින්ම පිහිටවපු කණු හතරක් මත තැන්පත් කළේ බටහිරට ඔළුව තියන විදිහට. ඒක එකම කලබලයක්. එහෙන් අම්මලාගේ ල‍තෝනිය, මෙහෙන් අපි පෙට්ටිය වැටෙන්න නොදී කණු උඩ රඳවන්න ගන්න උත්සහාය. ඔය කලබල සියල්ල අස්සේ තමා හදිසියේම ඒ අසලම ඉඳන් අඬන සීයව දැක්කේ. කොච්චර ලෝක ස්වභාවය ගැන නිතර මෙනෙහි කළත්, තාත්තා කෙනෙක් හැටියට තමන්ගේ දරුවෙක්ව මිනී පෙට්ටියක බාහලා ඉන්නවා දකින්න කවදාවත් බලාපොරොත්තු නොවිච්ච සීයටත් ඒ වෙලාවේ තමන්ව පාලනය කරගන්න බැරුව යන්නැති. ඒකයි ඔහු හඬාවැටෙන්න ඇත්තේ.සීයා අඬනවා මම ඊට කලින් කවදාවත් දැකලා තිබුණේ නෑ. ඒක මගේ හිත තදින්ම කම්පනයට ලක් කළා. ඊට පස්සේ අනිච්ඡානුගව මගේ කටින් පිට වෙච්ච වචන කීපය මට මගේ ජීවිතය තියෙන තුරාම මතක තියේවි. ඒක, කවදාවත් මට ඇසට කඳුළක් එන්නැතිව සිහි කරන්න බැරි සිද්ධියක් වුණා. මේක ලියන මේ මොහොතේත් මගේ දෑස් කඳුළින් තෙමිලා."තාත්තේ, අර සීයා අඬනවා පොඩ්ඩක් බලන්නකො." මම කිව්වේ තාත්තව හොයන්න වටපිට බලන ගමන්මයි.ඊළඟ නිමේෂයේදීහෙණයක් ගැහුවා වගේ මම කියපු වචන වල බරපතල කම මටම වැටහෙනකොටම තාත්තා තවදුරටත් අපි කවුරුවත් අඬන ඒවා බලන්න, අපේ කඳුලු පිහදාන්නඅපි අතර නෑ කියන සත්‍යත් මට මුල්ම වරට තදින්ම අවබෝධ වුණා.oooooඒ අවාසනාවන්ත, කනගා‍ටුදායක ඉරිදාව උදා වුණේ අද වගේ මාර්තු 24 වෙනිදාවකයි. වෙන විදිහකට කිව්වොත් තාත්තා අපිව සදහටම හැරගිහින් අදට අවුරුදු 12ක්.මේ සටහන ඒ වෙනුවෙන්.මෙය, මතට ඇබ්බැහිවූ එක් පියෙකුගේ හා ඔහුගේ අඹුදරුවන්ගේ කතාවක් පමණක් නොව, අඩු වැඩි වශයෙන් එවන් සියලු පියවරුන්ගේ හා ඔවුන්ගේ අඹුදරුවන්ගේ කතාව විය හැකිය. අම්මාගේ ධෛර්‍යය හේතුකොටගෙන පියාගේ මතට වූ ඇබ්බැහිය අප කෙරෙහි බලපෑවේ සුළු වශයෙන් වුවද, එම නිසාම සිය ජීවිතයම අවාසනාවන්තවූ, අවාසනාවන්තවන දරුවන් කොතෙක්ද නම් වේද . එවන්වූ සියලු දරුවන්ගේ නාමයෙන්, මෙලොවෙහි මතට ඇබ්බැහිවූ සියලු පියවරුන් එයින් මිදෙත්වා ..මත්පැන් නිසාම අකාලයේ අප හැරගිය ආදරණීය තාත්තේ, කෙතරම් අඩු පාඩු සහිත වූවද ඔබ අපේ පියාණන් යැයි යන සත්‍යය වෙනස් කිරීමට මෙලොව කිසිඳු බලවේගයකට නොහැකිය. සසර සැරිසරන තුරාවටත් ඔබ අපගේ පියාණන්ම වේවායි යන්න අපගේ එකම පැතුමයි ...~~ සෙන්නා / 24.03.2014.
BLOG
2014.03.12
http://kurundha.blogspot.com/
අත්භූත අමුත්තා
සෙන්නා
2014 මැදින් මස 12වනදාතිරිවානා පැහැති ගල් ජාතියකින් නෙලලා තිබුණු බුද්ධ රූපේ දකුණු පැත්තට වෙන්න තිබුණ සමරු ඵලකයේ වාක්‍ය පේළිය කියවන්න තමා මම උත්සහ කරමින් හිටියේ. කාගේදෝ අදහසකට අනුව, තව කෙනෙකුගේ ආරාධනයෙන්, තවත් කෙනෙකුගේ මැදිහත් වීමෙන්, තවත් කෙනෙකුගේ අධීක්ෂණයෙන් ඉදිවූ ගොඩනැගිල්ල තවත් කෙනෙකු අතින් විවෘත්ත වුණා කියලා කොටලා ඇති, ආයේ ඒකෙ සැකයක් නෑ. ආර්. ප්‍රේමදාස, බී සිරිසේනකුරේ, ජේ.ආර්.ජයවර්ධනකියනව වචන ලොකුවට කොටලා තිබුණ නිසා මම ඉන්න තැන ඉඳන් පහසුවෙන් කියව ගන්න පුළුවන් වුණාට අනිත් අය ගැන දැන ගන්න ඕනානම් ඉතින් ළඟටම යන්න වෙනවා.මම වාඩි වෙලා හිටියේ පබ් එක ඉස්සරහා තිබුණ ඕවලාකාර බැම්මේ පබ් එකේ ඉදිරි පසට මුහුණ දාලා. අසංක එනකම්. පබ් එකේ පාඩම් කරන එක පැෂන් එකක් වෙලා තිබුණ හින්දද කොහෙද අපිත් පබ් එකට ඇවිල්ලා පාඩම් කරන්න පුරුදු වෙලා හිටියේ ‍රැල්ලට ගහගෙන ගිය හින්දා මිසක් ගෙදර පාඩම් කරගන්න බැරිකමක් නිසා නෙමේ. නැත්නම් මුහුද අද්දර තිබුණු අපේ ගේ ගාව නිස්කලංකව පාඩම් කරන්න තැන් එමටයි. අසංක එනකම් මට වෙන කරන්න වැඩක් නොතිබුණ නිසා මම ළඟ තිබුණ බුදු පිළිමය දිහා බලාගෙන අනිමිසලෝචනයේ යෙදෙමින් ඉන්න කොට තමා පබ් එක හදවපු අයගේ විස්තරේ මගේ ඇහැ ගැ‍ටුණේ. හදවපු අය ගැන මිසක් හදපු අය ගැනනම් කිසිම සඳහනක් එහි තිබුණේ නෑ.මේ ලෝකේ කොහොමත් වැඩකරන මිනිහට වඩා වැඩ කරවන මිනිහගේ තමා නම යන්නේ. රුවන්වැලි මහ සෑය හැදුවෙත් දු‍ටු ගැමුණු රජ්ජුරුවෝ නෙමේනෙ. අනිත් ඔක්කොමත් ඔහොමම තමා.කවුරු හරි අපි දිහා එක එල්ලේ බලා ඉන්නකොට, අපිට ඒ මනුස්සයා ඉන්න දිහා බලන්න හිතෙන ඒ අරුම පුදුම හැඟීම ඕගොල්ලොත් විඳලා ඇති නේද . ඔන්න ඔය මොහොතෙම මට ඒ හැඟීම තදින්ම දැනුණ නිසා තමා මම බෙල්ල හරවලා වම් පැත්තෙන් පිටි පස්ස බැලුවේ. මම දිහා කන්න වගේ බලාගෙන මට ටිකක් එහායින් වාඩි වෙලා හිටපු මනුස්සයාව දැක්කම මාව එක පාරම ගැස්සුණා. මට එයා එනවා කියලා හාන්කවිසියක්වත් තේරුන්නෑනෙ .බැලූ බැල්මට එයාට වයස අවුරුදු හතළිහකට කිට්‍ටු කරලා ඇති. කොණ්ඩේ කොටට කපලා, මොනවා හරි ජෙල් වගයක් ගාලා නීට් එකට පස්සට වෙන්න පීරලා තිබුණා. රැවුල ෆුල් ෂේව් කරලා. හරිම ප්‍රසන්න පෙනුමක් මම එයාගෙන් දැක්කේ. ඒ එක්කම මනුස්සයව කවදා හරි කොහේදී හරි මීට කලින් හම්බෙලා තියනවාය කියන හැඟීමත් මට ඒ වෙලේ තදින්ම දැනුණා. මම පොඩ්ඩක් කල්පනා කරේ කොහෙදිද මීට කලින් මෙයාව දැක්කේ කියලා මතක් කර ගන්න. ඒත් මට එහෙම මතකයක් සිහියට නගා ගන්න බැරි වුණා.එයා මාත් එක්ක හිනා වෙච්ච නිසා මමත් හිනාවකින් සංග්‍රහා කරන ගමන් සිරස් බැම්මට පිට දීලා හරි බරි ගැහිලා වාඩි වුණා."මොකද බුදු පිළිමෙ දිහා බලාගෙන කරන්නේ . ගිහි ගෙය අතාරින්නද කල්පනාව ."එයා මගෙන් ඇහුවේ හිනා වෙන ගමන්. මම ඒකටත් ලාවට හිනා වුණා මිසක් උත්තර දෙන්න ගියේ නෑ."පුතා සමන්ත නේද ." මේ ප්‍රශ්නෙන් මම තවත් හොල්මන් වුණා. එයා කොහොමද මගේ නම දන්නේ කියන ප්‍රශ්නෙ නිකන්ම මට මතුවුණා."ඔයා කොහොමද දන්නේ. ඔයා කවුද.""මම දන්නවා, ඒත් ඒ කොහොමද කියලා අහන්න එපා." එහෙම කියපු ඔහු කට කොනකින් හිනා වුණා.."අසංක එනකම් නේද ඉන්නේ . පාඩම් කරන්න යන්න ." එළියට පනින්න ඔන්න මෙන්න තරමට ලොකු වුණ මගේ ඇස් ගෙඩි දෙකෙන් මම එයා දිහා කන්න වගේ බලන් හිටියේ "මොකෙක්ද මූ. " කියලා මගෙන්ම අහ ගන්න ගමන්."ඔයා කවුද . කොහොමද මාව දන්නේ .""මම කවුද කියලා පුතා දවසක දැන ගනියි." මම දිගටම පුදුමයෙන්.එයත් එක්ක කතා කරනකම්ම මම හිතෙන් උත්සහා කරේ මෙයා කවුද කියලා මතක් කරගන්න. මගේ නම, අසංකගේ නම, මම මෙතන ඉන්න හේතුව දන්නනිසා මෙයා මම ගැන හොඳින් දන්න කවුරුහරි වෙන්න ඕනා කියලා මම අනුමාන කළා. සමහර විට මම නොදන්න අපේ නෑයෙක් වෙන්නත් පුළුවන් . සාමාන්‍යයෙන් මම අදුනන්නැති අය එක්ක එච්චර බජනෙකට යන්නේ නෑ. වචනෙන් දෙකෙන් උත්තර දීලා නිකන් ඉන්නවා. හැබැයි මෙයා එක්ක කතා කරන්නනම් මට කිසිම චකිතයක්වත්, අකමැත්තක්වත් තිබුණේ නෑ. බර වෙලා තිබුණ අහස දිහා බලලා "වහින්න වගේ නේද."කියලා ආයේ පටන් ගත්තු අපේ කතාව අතරින් පතර නැවතෙමින්, විවිධ මාතෘකා ඔස්සේ ඇදිලා ගිහිල්ලා අන්තිමට වර්ෂාවසානයේ පැවැත්වීමට නියමිත අපේ විභාගේ දක්වාම ආවා."හැබැයි පුතාට මේ අවුරුද්දේ විභාගේ කරන්නනම් වෙන්නේ නෑ."මේ පාරනම් පුදුමය වැඩි කමට මගේ කටත් ඇරුනා.ඒත් ඊලඟට මම ඒක විහිලුවක් හැටියට තමා සැලකුවේ."ඇයි ඒ .. ඔයා කොහොමද දන්නේ . ""මම වැඩි විස්තර කියන්නේ නෑ. යම් හෙයකින් ඔයා වෙන්න තියනදේ වලක්වන්න හැදුවොත් ඒක ඉතාම නරක විදිහට අනාගතයට බලපාන්න පුළුවන්. කොහොමත් ඒකෙන් ඔයාට ලොකු හානියක් වෙන්නේ නෑ.""මම යන්නම්, යාළුවා එනවා."අසංක ආපු හින්දා මම එයාගෙන් වෙන්වෙලා පබ් එක ඇතුළට යන්න අසංක එක්ක එකතු වුණා. තමන් කවුදැයි හඳුන්වා දීම දිගින් දිගටම මගහැරපු නිසා මම ආයෙ එයාගෙන් ඒ ගැන අහන්න ගියේ නෑ."කවුද බන් ඒ .""අනේ මංදා බන්, මහ අමුතු පොරක්. මිනිහා කියනවා මට මෙදාපාර විභාගේ කරන්න හම්බෙන්නෑල්ලු."ඒ මනුස්සයාව පිස්සෙක් කියලා හඳුන්වන්න තරම් මම ඉක්මන් වුණේ නෑ.මොකක් හරි නොතේරෙන හේතුවක් නිසා මම මේ මනුස්සයට ලොකු ලෙන්ගතු කමක් දක්වනවා. ඒ මොකද කියලා මටම හිතා ගන්න බෑ."මිනිහා කොහොමද එහෙම කියන්නේ. එයා සාත්තර කාරයෙක්ද."කොහෙද යන පිස්සෙක්ද කොහෙද .""අනේ මංදා බන් මටත් තේරෙන්නෑ.""මම හිතුවේ උඹලෑ අයියා කෙනෙක් වෙන්නැති කියලා. මිනිහා ටිකක් උඹ වගේමයි."අසංක එහෙම කිව්වේ හිනා වෙවී."මොකාක් .. මම වගේ ..." මාව ආපසු හැරුනේ ඉබේමයි. ඒ එයාව ආයෙත් දැකගන්න. ඒත් ඒ වෙනකොටත් එයා එතනින් අතුරුදහන් වෙලා.එහෙනම් මම හිතුවා හරි. එයා අපේ නෑ කෙනෙක් වෙන්නෝනා. ඒත් එහෙනම් මම එයාව නොදන්නේ කොහොමද .විභාගය වෙනුවෙන් දිගින් දිගටම මහන්සි වෙච්ච නිසා, මේ සිද්ධිය මට එහෙම් පිටින්ම අමතක වෙලා ගියා. ඒත් නොවැම්බර් මාසේ අන්තිමදා වෙච්ච මෝටර් සයිකල් අනතුර නිසා ආයෙත් ඔහුව මතක් වුණේ මාසයක් එකහාමාරක් විතර යනකම් දකුණු අතෙන් වැඩක් ගන්න බැරිවෙනවා කියලා දැන ගත්තමයි. මේ වෙනකම් වෙච්ච මහන්සිය වතුරේ . ඊට පස්සේ අසංකයි මමයි කවුද මේ මනුස්සයා කියලා වරු ගණන් කතා කරන්න ඇති. දවස් ගාණක් පබ් එක ඉස්සරහා මුර කළත් ආයෙ එයාවනම් දකින්න ලැබුණේ නෑ. මේ ලෝකේ අරුම පුදුම මිනිස්සු ඉන්නවා කියලා හිතහදා ගන්නවා ඇරෙන්න අපිට වෙන විකල්පයක් ඉතුරු වෙලා තිබුණේ නෑ.මාස කිහිපයක් ඔහොම්මම ගෙවිලා ගියා. දැන් මට තනියමම විභාග කඩුල්ල වෙනුවෙන් ලක ලෑස්ති වෙන්න වෙලා තියන නිසා පබ් උණ එහෙම හොඳ වෙලා තිබුණේ. ගේ ගාවම තිබුණ බීච් එකේ, හෙවණක් යට පොල් කොටන් හිටෝලා අටව ගත්තු තාවකාලික බංකු කෑල්ලකුයි,ඒ විදිහටම හදාගත්තුමේස කෑල්ලකුයි එක්ක මම ආයෙත් වැඩේට බැස්සා. පබ් එකට වැඩිය මේක බොහොම නිස්කලංකයි. යන්න එන්න යන වෙලාවයි, සල්ලියිත් ඉතුරුයි.එදා මගේ අවධානය තදින්ම ගාණකට යොමු වෙලා තිබුණ වෙලාවෙ කවුදෝ මගේ පිටිපස්සේ ඉඳන්"පුතා කොහොමද . පාඩම් කරනවා වගේ ." කියනවා ඇහිලයි මම පිටිපස්ස හැරිලා බැලුවේ. දෙවියනේ . එයා .. ආයෙත් .. මගේ ඇස් ගෙඩි දෙක දොඩම් ගෙඩි දෙකක් විතර ලොකු වෙන්න ඇති මේ බලාපොරොත්තු නොවුනමේහමුවීමෙන්."අපි ඔයාව කොච්චර හෙව්වද . ඊට පස්සේ නිකන්වත් දකින්න ලැබුණේ නෑනෙ ..""මට ඊට පස්සේ එන්න බැරුව ගියා. ඉතින් කොහොමද. ආයේ පාඩම් කරනවා වගේ ..""ඒකනෙ . අපි හිතුවේ ඒක විහිළුවක් කියලා. ඔයා කියපු එක එහෙම් පිටින්ම අමතක වෙලයි තිබුණේ මේ සිද්ධිය වෙනකම්ම. ඔයා ඇත්තටම කවුද. කොහොමද එහෙම අනාවැකියක් හරියටම කිව්වේ."මට ඔයිටවැඩිය අනාවැකිත් කියන්න පුළුවන්. හරියටම හරි යන ඒවා. ඔයාට ඒක දැන ගන්න ලැබෙන දවසක් තියනවා පුතා. එතකන් ඉන්න. මම ඒ ගැන මොකුත්මකියන්නෙ නෑ.""එහෙනම් ඉතින් කියන්න පුළුවන් කියපු අනාවැකිවත් කියන්න."මම කිව්වේ හිනාවෙන ගමන්. හිනාවුණේ ඔහුට මම කියන දේ විහිළුවක් කියලා පෙන්වන්න. ඒත් ඇත්තටම අනාගතයේදී වෙන්නේ මොනවද කියලා දැනගන්න කාටත් තියන කුතුහලය මටත් අඩු නැතුවම තිබුණා.ඒත් ඊට පස්සේ එයා අපේ පවුලේ විස්තරයි වෙන වෙන දේවලුයි පැත්තට කතාව අරගෙන ගියා. එයා එහෙම අනාවැකි කියන්න එච්චර මනාපයක් පෙන්නුවෙ නෑ කියලා තමා මට හිතුනේ. ඒත් මගේ කුතුහලය ඊට වැඩිය වැඩියි. ඒක නිසාම ඒ ගැන මම එයාට ආයෙත් මතක් කළා."හරි කියන්නම්, හැබැයිඔයාගේ පුද්ගලික ජීවිතේ ගැන වෙන මුකුත්ම මම කියන්නේ නෑ. ඒක ඔයාට ලොකු මානසික වදයක් වෙයි. හෙට මොනවද වෙන්නෙ කියලා අද දැනගෙන ජීවත් වෙන එක විශාලා මානසික පීඩනයක්. ඒකයි අනාගතේ අපි හැමෝගෙන්ම වහලා තියෙන්නේ."එහෙනම් ඇයි එදා කියුවේ. මම විභාගෙට ලෑස්ති වෙන වෙලාවක වෙලත් ." මේ වෙලාවෙනම් මට ඔහු ගැන ටිකක් කේන්ති ගියා කියුවොත්වැරදි නෑ.."ආහ් ඒක ., මට නිකමට හිතුණා ඔයාට මම ගැන පොඩි ඉඟියක් දෙන්න. අනික මම දැනගෙන හිටියා ඔයා ඒක විශ්වාස නොකර අමතක කරලා දාන බව. ඒත් දැන් තත්ත්වය වෙනස්. දැන් මම කියන හැම අකුරක්ම ඔයා විශ්වාස කරනවා.""හරි මට තේරුණා. එහෙනම් ඉතින් ඔයාට කියන්න තියෙන්නෙ රටට ලෝකෙට වෙන්නෙ මොනාද කියලා තමා.""ඔව්, මේ ටික අහගන්න. ඕනනම් කොහෙ හරි ලියා ගන්න. හැබයි කා එක්කවත් ඕවා කියන්න යන්න එපා. කවුරුවත් විශ්වාස කරන්නේනෑ. ඔයාට පිස්සු කියලා හිතනවා මිසක්. හරිද." මම හා කියලා ඔළුව දෙපැත්තට වැනුවා."අනිත් එක මම වෙන අවුරුද්ද විතරයි කියන්නේ, දිනේ කියන්නෑ. ඔයා මොකක් හරි වෙනසක් කරන්න හැදුවොත් ඒක අනාගතේට දරුණු විදිහට බලපාන්න පුළුවන්. තේරුණාද. ඔයා මේවා නිකන් හිතේ තියා ගන්න. එච්චරයි. කොහොමත් වෙන්න තියනදේ වෙනවා." මම ආයෙත් ඔළුව වැනුවා."1993දී, ඒ කියන්නේ ලබන අවුරුද්දේ ජනාධිපතිවරයා මියයනවා.බෝම්බෙකට අහුවෙලා.""නෑහ්...."ඒකටඔහුනහයෙන් පිඹින ගමන්කට කොනකින් හිනා වුනා."නෑ නෙමේ ඔව්. බලාගෙන ඉන්නකෝ ඒකට තව වැඩිකාලයක් නෑනෙ.""ඊට පස්සේ....1996දී ඕගොල්ලන්ට බොහොම සතු‍ටු වෙන්න පුළුවන් දෙයක් වෙනවා.""නෑහ්... ඒ මොකක්ද.""ලංකාව ක්‍රිකට් ලෝක කුසලානය දිනාගන්නවා.""මොකාක් .. වෙන්න බෑ . අපි කොහොමද ලෝක කුසලානයක් දිනන්නෙ . වෙන්න බෑ. " මගේ වචන අහපු ඔහු හිනා වුණා. "හරි දැන් ඔයාට තේරෙනව නේද මේවා කාට හරි කියුවට කවුරුවත් පිළිගන්නේ නෑ කියලා. අත්දැකීමෙන් දන්න ඔයත් පිළිගන්නේ නැති කොට. හෙහ් හෙහ්.. අඩුම ගානේ ඔයාගෙ යාළුවටවත් කියන්න යන්න එපා.""අනිත් එක තමා2004දී මුහුද ගොඩ ගලලා විශාල විනාශයක් වෙනවා. දාස් ගාණක් මැරෙනවා එකෙන්.""දෙවියනේ . ඒ මොකද ඒ . අඩුම ගානේඒකවත් කාටවත් කියන්න එපාද . වෙන්න තියන විනාශය වළක්වගන්නවත් . ""එපා. වෙන්න තියන දේවල් වෙන්නම ඕනා. ඒවා වෙනස් කරන්න හොඳ නෑ. ඒවා එහෙම වෙන්න හොඳ හේතු ඇති. අපි නොදන්නවා වුණාට.""එතකොට මේ යුද්දෙට මොකද වෙන්නේ . කවද්ද මේක ඉවර වෙන්නෙ. ""ආහ්..ඒක මට අමතක වුණානෙ. ඔව්, යුද්දේ ඉවර වෙනවා. හැබැයි අද හෙට නෙමේ 2009දී. සෑහෙන විශාල කැපකිරීම්, විනාශවීම් ගොඩකට පස්සේ හමුදාව ත්‍රස්තවාදීන්ව පරාජය කරලා දිනනවා. ඒත්... ""ඇත්තද . ඒකනම් බොහොම සතුටට කාරණයක්. ඇයි ඒත් කියලා නැවැත්තුවේ.""යුද්දේ ඉවර වුණාට, ලංකාවට කරන්න වෙන යුද්ධයක් ඉතුරු වෙනවා. ඒ තමයි මානව හිමිකම් කඩ කිරීමේ චෝදනා වලට උත්තර හොයන්න වෙන එක. ඒක හරියට කළමනාකරණය කර නොගත්තොත් යුද්ධෙන් බැරි වෙච්ච ඊළම ඔවුන් ඒ මගින් දිනා ගැනීමේ අවදානමක් තියනවා.""ඇත්තටම එහෙම මානව හිමිකම් කඩවීමක් වෙනවද . ""හෙහ් හෙහ්... මානව හිමිකම් ‍රැකගෙන කරන්න පුළුවන් හෝ කරපු යුද්දේ මොකක්ද පුතා .. යුද්දේ කියන වචනෙම ඒක අන්තරගත වෙලා තියනවා. ඒවා ඉතින් ලෝක බලවතුන් තම තමන්ට අවශ්‍යය විදිහට පරිහරණය කරනවා. කන්න ඕනා වුණාම කබරගොයාව තලගොයා කරගෙන කනවා. දුකට කාරණේ ලංකාවෙම මිනිස්සුත් ඒවට උල්පන්දම් දෙන එක තමා. ""ඉතින් ඒකට මොකද වෙන්නේ කියලා ඔයාට කියන්න බැරිද . ""බෑ, ඒක මගේ දැනුමෙන් එහා තියන කාරණයක්."ඒක වෙන්න ඇති මගේ ජීවිතේ විස්මිතම මිනිත්තු කිහිපය. ඒ වෙලාව අතරතුර මම නොකඩවාම පුදුමයට පත් වෙච්ච එක තමා වුණේ. අන්තිමට ඔහු මගෙන් සමුඅරගෙන වෙරළ දිගේ ඇවිදගෙන යන්න ගියා. ආයේ එන්නෙ කවදද කියලා ඇහුවම කියුවේ "කියන්න බෑ" කියල තමා. ඇත්තටම කවුද මේ මනුස්සයා .xxxxxxxxජීවිතයේ විවිධාකාරවූ හැලහැප්පීම්මැදින්, මා වැඩිහිටියකු බවට පත් කරමින් කාලය ගලා ගියේය.බිරිඳගේ අකාල මරණයත්, ඉන් ටික කළකට පසු සිදුවූ පියාගේ මරණයත්මා දරුණු කම්පනයකට ලක් කොට ජීවිත ආශාව නැති කෙරුවේ වුවද,ඔත්පලව සිටින මවරැකබලා ගැනීම උදෙසා මා හට ජීවත්වීමට සිදුවී තිබුණි. ඒ අපූර්ව පුද්ගලයා, අත්භූත අමුත්තා, ඉන්පසු කෙදිනකවත් මා හට මුණ නොගැසුණි. එහෙත් ඔහුගේ අනාවැකි එකින් එක සත්‍යවන විට මා සිතෙහි ඔහු කෙරෙහි වූ ගෞරවය දිනෙන් දින දළුලා වැඩුණි. එම අනාවැකි කිසිවකුත් සමඟ පැවසීමෙන් වළකින ලෙස ඔහු කීවද මා හට එම පොරොන්දුව ඉ‍ටු කිරීමට නොහැකීවීමේ ප්‍රතිඵලයක් ලෙසින් මා විහිළුවට ලක්වූ වාරයන් අනන්තවුවදඒවා එලෙසින්ම ඉ‍ටු වූ විට මා හට හිනාවූ පුද්ගලයින් මා දෙස අමුතු සතෙකු දෙස බැලූ බවත් මතකය. එහෙත් සැවොම මෙන් ඒවා "කණා ෂොට්" ලෙසට සැලකූ බවට සැකයක් නොමැත.අධ්‍යාපනයෙන් ඉහළටම ගිය මගේ අතිජාත මිත්‍රයා, අසංක, යුරෝපයේ පිළිගත් පර්යේෂණායතන කිහිපයකම භෞතික විද්‍යාඥයෙකු ලෙස සේවය කිරීමෙන් පසු ලංකාවට නැවත පැමිණියේ ලොකු සැලැස්මක්ද සහිතවය. ඔහුගේ නවතම පර්යේෂණයට සහායකයකු ලෙස එක්වීමට කළ ඉල්ලීම මා විසින් ඉවත දැමුයේ රෝගී මවගේ උවටැන් කිරීමට එයින් සිදුවන අවහිරය නිසාවෙනි. කෙසේ වෙතත් අවසන මවගේ අභාවයත් සමඟින් මෙලොවෙහි හුදකලා වූ මා ඔහුගේ ඉල්ලීම සලකා බලා ඔහු හා එක්විය. මුලු ලොවම මවිත කළ හැකි වූ එම නිර්මාණයෙහි සාර්ථක ප්‍රතිඵල අත්කරගැනීමට හැකිවූයේ අසංකගේ නොපසුබස්නා උත්සහාය නිසාම බව මාගේ විශ්වාසයයි. ඔහු මේ වෙනුවෙන් දිවා රෑ නොබලා වෙහෙසුනි. අසංක මාගෙන් බලාපොරොත්තු වූයේ විශ්වාසදායක මිතුරෙකු ලෙස ප්‍රථම අත්හදාබැලීම උදෙසා සහභාගී වීමයි. එය ජීවිතය පිළිබඳ අතිශය තීරණාත්මක කරුණකි. සියල්ල යහතින් සැලසුම් කළ පරිදිම සිදු වුවහොත් යහපත්ය. නැතහොත් ප්‍රතිඵලය විනාශකාරීය. ක්ෂීරපත මංදාකිනියෙන් පිටතට ගොස් නැවත පැමිණෙන අභ්‍යාවකාශ පර්යේෂණයකට සහභාගී වන විට ඇති අවදානම කොතෙක්ද, මෙහි ඇති අවදානමද එයින් බිඳුවක් හෝ අඩු නැත. එහෙත්, ඒවන විට මෙලොවෙහි හුදකාලාවී සිටි මා හට එවැනි තීරණයක් ගැනීම සඳහා බාධාවක් නොවුණි.xxxගමනාන්තට පැමිණි මා මුලින්ම සිදු කෙරුවේ කිසිවකු හෝ මාගේ පැමිණීම නිරීක්ෂණය කළේදැයි පරික්ෂාකර බැලීමයි. කිසිවකුගේ හෝ විශේෂ අවධානයකට මා ලක්වී නොතිබුණි. මා පැමිණ තිබුණේ කොළඹ මහජන පුස්තකාලය ඉදිරිපසටය. එය ඉදිරිපසවූ ඕවලාකර ගල් බැම්මෙහි අසුන් ගෙන ඉදිරියෙන්වූ බුදු පිළිමය දෙස නෙත්යොමාගෙන සිටි වයස දහසයක් තරම් වූ ළමයකු දු‍ටු මට එම අවස්ථාවෙහි යම් හුරු බවක් දැනුණි. මින් පෙර මේ හා සමාන සිද්ධියක් සිදුවී ඇති බව තදින්ම දැනෙන්නට විය. මදක් සිත යොමු වීමේදී ඒ අපූර්ව අතීත සිද්ධිය ඒක්ෂණයෙන් මාගේ සිහියට නැගුණි."මම කවුද කියලා පුතා දවසක දැන ගනියි." ඔහුගේ වදන් මා සිතෙහි නින්නාද විය."දෙවියනේ, මේක වෙන්න පුළුවන් දෙයක්ද . මේ ගැන නිකමට හරි මීට කලින් මට නොහිතුණේ කොහොමද. "මම මාගෙන්ම අසාගතිමි.මින් බොහෝ කලකට පෙර මා හමුවට පැමිණි ඒ අත්භූත අමුත්තා කවුරුන්දැයි වටහා ගැනීමට මේ මොහොත දක්වාම මාහට නොහැකි වීම එක අතකින් විශ්මයජනකය. අනෙක් අතින් එහි එතරම පුදුමයක්ද නොමැත. මන්දයත් අප කිසිවකුටත් එවැනි අනුමානයක් සිදු කළ නොහැකි හෝ එවැනි දෙයක් විය හැකියැයි අනුමාන නොකරන බැවිනි. එහෙත් මේ සම්බන්ධයෙන් මා අසංකට සහය දක්වන වේලේ අප කෙතරම් මෙවැනි දෑ පිළිබඳසාකච්ඡා කරන්නට ඇතිද . ඒ එකඳු අවස්ථාවකවත් මේ අත්භූත පුද්ගලයා කවුරුන්දැයි තේරුම් ගැනීමට නොහැකි වීම ඇත්තෙන්ම විශ්මයජනකය. සමහර විට ඒ වන විටත් ඔහු මාගේ මතකයෙන් බොහෝදුරට ගිලිහී සිටීම නිසා වන්නත් පුළුවන.මම මෙලොවෙහි ඉතාම කලාතුරකින් සිදුවිය හැකි අතිශය විශ්මයජනක සිදුවීමක පංගුකාරයෙකු වෙමින් සිටියෙමි.ඔහුට නොදැනෙන ලෙස ඔහු අසලට ගිය මම ඒ අසලින්ම අසුන් ගෙන මවිතයෙන් ඔහු දෙස බලාසිටින්නට වීමි. සිදුවෙමින් පවතින දේ තවමත් නිසි අයුරින් ග්‍රහණය කරගැනීමට මම වෙර දරමින් සිටි අතර මෙය මෙලොවෙහි කිසිඳු මිනිසකු මින් පෙර නොවිඳි අත්දැකීමක් බව මට ඉඳුරා කිවත හැකිය. බුදු පිළිමය දෙස අවධානය යොමාගෙනසිටිඔහු, එකවරම හැරීමා දෙස බැලුවෙමාගේ පැමිණීම ඔහුටසංවේදනය වූ නිසා විය යුතුය.මා ඔහු හා සිනාසුණ බැවින් ඔහුද පෙරළා සිනාවකින් සංග්‍රහ කළේය."මොකද බුදු පිළිමෙ දිහා බලාගෙන කරන්නේ . ගිහි ගෙය අතාරින්නද කල්පනාව ." මම ඔහුගෙන් ඇහුවේ සිනාසෙමින්. එහෙත් ඔහු යාන්තමින් සිනාසුණා හැර පිළිතුරක් නොදුන්නේය."පුතා සමන්ත නේද .""ඔයා කොහොමද දන්නේ. ඔයා කවුද."මෙයින් ඔහු පුදුමයට පත් වෙනු මා නිරීක්ෂණය කළෙමි."මම දන්නවා, ඒත් ඒ කොහොමද කියලා අහන්න එපා.""අසංක එනකම් නේද ඉන්නේ . පාඩම් කරන්න යන්න ." මේ ප්‍රශ්නෙන් ඔහු පුදුමයෙන් පුදුමයටම පත්වුණා කියුවොත් නිවැරදියි. ඔහුට ජනිතවෙන සිතුවිලි පිළිබඳ අවබෝධයක් තිබූබැවින්මාගේමුවගට සිනාවක් නැගුණේ නිතැතිනි."ඔයා කවුද . කොහොමද මාව දන්නේ .""මම කවුද කියලා පුතා දවසක දැන ගනියි."-- නිමි --රූප රහිත අවවාදය : ප්‍රස්තුත සංසිද්ධිය සම්බන්ධයෙන් දිගින් දිගටම සිත වෙහෙසීම මගින් මොළයෙහි පරිපථ බිඳවැටීමකට ලක් විය හැකිය. :Dලියුවේ;~~සෙන්නා / 12.03.2014.
BLOG
2013.12.20
http://kurundha.blogspot.com/
ඔව්, මේ ඇය තමා...
සෙන්නා
2013 උඳුවප් මස 20වනදාකොන්ටෙයාන්ස් යනු යුරෝපයේ ඈත කොනක හුදකලාව පිහිටා තිබුණු පෞරාණික නගරයකි. කෙතරම් පෞරාණිකද යත්, දහසයවන ලුවී රජගේ බිසව ජනතාවට "පාන් නැත්නම් කේක් කාපල්ලා" යැයි කීමටත් පෙර, එසේත් නැත්නම් ක්‍රිස්ටෝපර් කොලම්බස් ඇමෙරිකාව සොයා ගැනීමටත් පෙර, කොන්ටෙයාන්ස් නගර වැසියෝ සර්ව සාධාරණ නොවුනද තමන්ගේම යුක්තිය පසිදලීමේ ක්‍රියාදාමයකටද, පාසල්, පල්ලි රෝහල් සහිත ජීවන ක්‍රමයකටද උරුමකම් කීහ. කෙසේ වෙතත් ඒ යුගයේදී යුරෝපයේ බොහොමයක් රට වලට පොදු වූ චාරිත්‍ර වාරිත්‍ර, මිත්‍යා විශ්වාස ඔවුන් අතරද හිඟ නොවූහ. අංග විකල, මන්ද බුද්ධික දරුවන් උපන් ගමන් මරා දැමීමට හෝ කැලයකට විසි කිරීමටත්, යක්දෙස්සියන්යයි හඳුනා ගත් කාන්තාවන් පණපිටින් පුළුස්සා දමා ඔල්වරසන් නැගීමටත් ඔවුන් මොහොතකට හෝ නොපැකිළුණහ. සොරකම් පාලනය කිරීම උදෙසා දරුණු දඬුවම් නියම කර තිබුණද අධික දරිද්‍රතාවය හේතුවෙන් සොරකම් නිතරම වාර්තා වූ අතර සතියකට දෙතුන් දෙනෙකු සොරකම් කිරීමේ වරදට ප්‍රසිද්ධියේ එල්ලා දැමීම සුලභ දසුනක් විය. පල්ලියේ පියතුමාද ජනතාවට සොරකමෙහි ආදීනව කියා දී ඔවුන් එයින් මුදවා ගැනීමට උත්සහ කළද එයින් පලක් නොවන බව දුටු කල්හී දේශනා කිරීම නවතා දැමූ පියතුමා වහ වහා පල්ලියෙහි දෑ රැක ගැනීමට අවැසි පියවර ගනු ලැබීය. අනෙකුත් අපරාධද අඩු වැඩි වශයෙන් සිදු වුණද, සමස්තයක් වශයෙන් ගත් කළ ඔවුන් යුරෝපයේ අනෙක් නගරවසීන්ට වඩා මදක් ඉදිරියෙන් සිටියහ.මේ පවුකාර ජනතාව අතරට වන් දේව දූතියක්ද වූවාය. ඒ, පල්ලිය අසල කන්‍යාරාමයේ විසූ ප්‍රධාන කන්‍යා සොයුරිය වූ මේරි තෙරේසා කන්‍යා සොයුරියයි. කුඩා කල සිටම දැහැමි දරුවෙකුගේ ලක්ෂණ පෙන්නුම් කළ ඈ, තුරුණුවියට වන් කල්හී ස්ව කැමැත්තෙන්ම කන්‍යා සොයුරියක් බවට පත්වුණාය. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඇය දැහැමි භක්තිමත් කාන්තාවක් වූවාය. ඇය අතින් කෙරුණ කිසිඳු පවක් හෝ නපුරු ක්‍රියාවක්පිළිබඳ ඇසූ බවට කිසිඳු නගර වාසියෙකුට මතක නොමැත. ඇය පිළිබඳව දනන් තුඩ තුඩ රැව් පිළිරැව් දුන්නේ හොඳක්ම මිස නරකක්නම් නොවුණේය. මේරි තෙරේසා කන්‍යා සොයුරිය කිසිදා කිසිඳු හේතුවක් නිසා මුසා බස් නොදොඩන්නියක වශයෙන් ඉතා විශාල කීර්තියක් නගර වාසීහු අතර ලබා තිබුණාය. මේ සම්බන්ධයෙන් ඇය සතු වූ කීර්තිය පල්ලියෙ පියතුමාවද අභිබවා යන්නකි.ඇය රහසින්වත් පවු නොකළාය.එයට අමතරව මේරි තෙරේසා කන්‍යා සොයුරිය කරුණාවන්තකම පිළිබඳවද ඉමහත් කීර්තියක් ඉසුලුවාය. නගර වාසින් විසින් මහ මග හෝ අගු-පිල්වල දමා යන අසරණ ළදරුවන් ඇති දැඩි කිරීම උදෙසා ඇයගේ ප්‍රධානත්වයෙන් ඉඳිවූ ළමා නිවාසය එයට හොඳ නිදර්ශනයකි. මුලින් මුලින් නගරවාසීන් වෙතින් ඒ සඳහා දැඩි විරෝධයක් එල්ල වූ නමුදු "මෙලොවට බිහිවන සියලුම දරුවන් දෙවියන්වහන්සේගේ ත්‍යාගයන්" යැයි කියමින් ඇයගේ ස්ථාවරයෙහි පසු වීම තුළින්ම ඇය නගරවාසීන්ව මෙල්ල කරනු ලැබුවාය.ඉරිදා දිනය නගරවාසීන්ට ප්‍රීතිමත් දිනයකි. දිව්‍ය පූජාවෙන් පසු පැවැත්වෙන අධිකරණ සභා වාරය හා එයින් පසු චූදිතයන්ට දඩුවම් දීමේ වාරය, අහිංසක, අවංක නගරවාසීන් හට ඉමහත් විනෝදය ගෙන දෙන්නක් විය. තමනට සිදුවන තෙක් සියලුම ව්‍යසනයන් රස විදීමෙහි ගූඨ මිනිස් ස්වභාවය නිසාම මෙම අහිංසක මිනිසුන් හොරෙක්, වංචා කරුවෙක්, මිනී මරුවෙක් එල්ලා මරන විට ප්‍රීතියෙන් අත්පුඩි නොගැසූවද සිත යටින් රහසින් එහි ආනන්දය උපරිමයෙන් ලැබීමට පුරුදුව සිටියහ. එයින් ප්‍රමුදිතව, එහෙත් සිතෙහි පවත්නා සැබෑ හැඟීමට හාත්පසින්ම විරුද්ධ හැඟීමක් මුහුණෙන් පෙන්වමින් ඔවුන් නිවෙස් බලා ගියහ. දැඩි අදහස් ඇත්තෙකු වූ නගරයෙහි අග්‍රවිනිශ්චකාරතුමාද සෑම ඉරිදා දිනකම අඩුම වශයෙන් එක් අයකු හෝ එල්ලා නගරවාසීන් ප්‍රීති ප්‍රමෝදයෙහි ගිල්ලවීමට වග බලා ගත්තේය.දැන් ඔබට කොන්ටෙයාන්ස් නගරය, එහි වාසීන්, ඔවුන්ගේ විශ්වාසයන් හා සිරිත් විරිත් පිළිබඳව දළ අදහසක් ඇතැයි මම සිතමි. එය ප්‍රස්තුත කතාව කියවා තේරුම් ගැනීමට සෑහේ.ඒ ඉරිදා, මේරි තෙරේසා කන්‍යා සොයුරියට අකරතැබ්බයක් සිදුවිය. ඇයව නඩුවක සාක්ෂිය වෙනුවෙන් අධිකරණය ඉදිරියට කැඳවනු ලැබුවේය. අධිකරණයට හා එහි ක්‍රියාන්විතයන්හට සම්පුර්ණයෙන්ම ආගන්තුක තැනැත්තියකු වූ ඇය, මෙම කැඳවීමත් සමඟම මදක් වෙව්ලා සිටියාය. පසු ගිය සතියේ දිනෙක පල්ලියෙහි පූප දමන රත්‍රන් මංජුසාව හොරකම් කිරීම සම්බන්ධයෙන් සැකපිට නගරයට අලුතින් පැමිණි වැන්දඹු ස්ත්‍රීයක් වූ ක්‍රිස්තියානාව බාලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබුණි. සොරකම් සිදුවන අවස්ථාවෙහි මංජුසාව සොරාගත් හෙර විසින් පල්ලියෙහි ප්‍රධාන ශාලාව මැදින් දිව ගොස් ඇති අතර මේරි තෙරේසා කන්‍යා සොයුරිය එම අවස්ථාවෙහි එහි යාඥා කරමින් සිටි බවට සිද්ධිය ඇසින් දුටූවන් පවසා තිබුණි. ඒ අනුව කන්‍යා සොයුරිය විසින් අදාළ ස්ත්‍රියව හඳුනා ගන්නට ඇතැයි යන අනුමානය ඔස්සේ ඇයව උසාවියට කැඳවා තිබුණි.ඇය උසාවිය මැදින් සාක්ෂි කූඩුව වෙත හිස බිමට නැබුරු කරගෙන පිය නගනා විට මුළු උසාවියම ඇල්පෙනෙත්තක් බිම වැටෙනා තරම් ශබ්දයක් උවද ඇසෙනා ආකාරයේ නිහඬතාවයක් ඉසිලීය. විනිසුරු තුමා ඇතුළු සියලු දෙනම ඇයට ගරු කරනු වස් නැගී සිටියහ. ඒ, ඇය සිය සත්‍යගරුකභාවය හා කරුණාවන්තබව ඇසුරෙන් ගොඩනගාගත් ධනය වේ. සාක්ෂි කූඩුවට නැගී ඉදිරිය බැලූ කන්‍යා සොයුරියට සම්පූර්ණ කලු අවරණයකින් හිස වැසූ ස්ත්‍රීයක් විත්ති කූඩුවෙහි සිටගෙන සිටිනාකාරය දිස් විය.නිශ්ශබ්ධතාවය නිශ්ශබ්දතාවය බිඳිමින් ප්‍රධාන විනිසුරු තැන විසින් කන්‍යා සොයුරිය ඇමතීය."ගරු කන්‍යා සොයුරිය, මෙතැනට ඔබව කැඳවා ඔබට සිදුකළ හිරිහැරය සම්බන්ධයෙන් මුලින්ම මම ඔබෙන් උදක්ම සමාව ඉල්ලා සිටීමට කැමතියි. නමුත් සාධාරණ විනිශ්චයක් උදෙසා ප්‍රබල සාක්ෂිකාරියක් වශයෙන් අපිට ඔබ මෙහි නොකැඳවා සිටීමට කිසිම හැකියාවක් තිබුණේ නෑ. ඔබ තත්ත්වය තේරුම් ගනු ඇතයි අප අපේක්ෂා කරනවා. නැවතත් මම ඔබෙන් මේ හිරිහැරය පිළිබඳව මේ ගරු අධිකරණය වෙනුවෙන්ම සමාව ඉල්ලා සිටිමට කැමතියි." මෙහිදී කන්‍යා සොයුරිය විසින් එය තමන්ට කරදරයක් නොවේයැයි දක්වන ආකාරයේ මද සිනාවක් දක්වා සිටියාය."සමහර විට ඔබ දැනටමත් දන්නා පරිදි ගිය සතියේ පල්ලියෙහි සොරකමක් සිදුවී තිබෙනවා. ඇසින් දුටු සාක්ෂිකරුවන්ට අනුව, මිනිසුන් ලුහුබඳින විට අදාළ හෙර රත්‍රන් මංජුසාව රැගෙන පලා ගොස් ඇත්තේ පල්ලියෙහි ප්‍රධාන ශාලාව මැද්දෙන්. එවිට ඔබ එහි යාඥා කරමින් සිටි නිසා ඔබ ඇයව හොඳින්ම දුටුවා වන්නට ඇතැයි ඔවුන් අනුමාන කරනවා. ඊට දිනකට පස්සෙ අපි මෙහි සිටින සැකකාරියව සැකපිට අත් අඩංගුවට ගනු ලැබුවා. දැනටමත් ඇයට එරෙහිව සාක්ෂි දෙන අයවලුන් සිටිනවා. නමුත් ඒ සාක්ෂි විශ්වාසයෙන් තොරයි. ඔවුන් පරස්පර ප්‍රකාශ නිකුත් කරනවා.""ඔබගේ සත්‍යගරුකභාවය මේ නගරයෙහිම ප්‍රචලිත දෙයක්. ඒ පිළිබඳව මේ ගරු සභාවෙහි සිටින කිසිවකුටත් අබමල් රේණුවක තරම්වත් සැකයක් නෑ. එමනිසාම මේ ගරු අධිකරණයෙහි පැවති චාරිත්‍රයෙහි යම් වෙනසක් ඔබ වෙනුවෙන් කිරීමට මා සූදානම්. එය ඔබේ සත්‍යගරුකභාවයට කරණ ගෞරවයක් හා මෙමසුපුරුදු චාරිත්‍රය පිළිපැද්දොත් ඒක ඔබේ සත්‍යගරුකභාවයට කරණ අගෞරවයක් හා එය අවිශ්වාස කිරීමක්. සාමාන්‍ය සාක්ෂිකරුවන් කරනා පරිදි ඔබ බයිබලයෙහි අත තබා පවසන දෑ සත්‍යයැයි දිව්රිය යුතු නොවේ. මම ඔබව එයින් නිදහස් කරනවා." කන්‍යා සොයුරිය නැවතත් උපේක්ෂා සහගත මද සිනාවක් නැගීය."ගරු කන්‍යා සොයුරිය, මම එසේනම් කාරණයට යොමු වෙනවා. එදා ඔබ ඒ හෙර දුටුවාද . ඔබ ඈ හඳුනනවාද . ""ඔව් මම ඈ දුටුවා. එහෙත් මම ඈ හඳුනන බවක් මට මතක නෑ. ""ඔබට ඇයව නැවත දුටුවොත් අඳුනා ගත හැකිද .""ඔව් මට පුළුවනි.""එසේනම් අප මෙහි සිටින සැකකාර ස්ත්‍රියගේ මුහුණු ආවරණය ඉවත් කරනවා. බලන්න මේ එදා පල්ලියෙහි ප්‍රධාන ශාලව මැදින් මංජුසාව රැගෙන පලා ගිය හෙරමද කියා. ඔය ස්ත්‍රියගේ මුහුණු ආවරණය ඉවත් කරනු . "ආවරණය ඉවත් කෙරිණි. සැකකාරියව හඳුනා ගැනීම උදෙසා කන්‍යා සොයුරිය උනන්දුවෙන් දෑස් අයා ඈ දෙස බැලුවාය. එවිට නෙත් සතරක් එකිනෙක ගැටුණි. තත්පරයකටත් අඩු කාලයක් තුළ නෙත් සතරම එකි නෙකට ප්‍රතිවිරුද්ධ සිතුවිලි දාමයන් හේතුකොටෙගෙන දීප්තියෙන් බැබලී විශාල වූහ. දෙනෙතක්, ක්ෂණික හඳුනාගැනීමක්, කාලයේ වැලිතලාවෙන් යටව අමතකව තිබූ අමිහිරි සිද්ධියක ක්ෂණික මතකයක්, ක්ෂණිකව පහළවු පළිගැනීමේ සිතුවිල්ලක් නිසා දීප්තිමත් වන විට අනෙක් දෙනෙත ක්ෂණික හඳුනා ගැනීමක්, ඒ ඔස්සේ ඇතිවූ නව බලාපොරොත්තුවක සේයාවක් හේතු කොටගෙන දීප්තිමත් වූහ.ක්‍රිස්තියානාගේ සිත, ඇතිවූ නව බලාපොරොත්තුව හේතු ගොටගෙන ප්‍රහර්ෂයෙන් පිම්බී යද්දී, මේරි තෙරේසා කන්‍යා සොයුරිය මානසික ඝට්ටනයකට මැදි වූවාය. දුෂ්ටත්වය, කාරුණිකබව, සත්‍යගරුකභාවය, නැවත කිසිදා නොලැබෙන අපූරු අවස්ථාව, පළිගැනීමේ දුෂ්ට චේතනාව, සමාජයේ තමනට ඇති ප්‍රතිරූපය, දෙවියන් වෙත ඇති බිය ආදී එකිනෙකට පරස් පර සිතුවිලි දාමයක එකෙල මෙකල වෙමින්, විශාල මානසික අරගලයක නිරතව අතීරණව එක් නිමේෂයක් පසු වූවාය. මේ මොහොතේ ඇයගේ මනසට සම කළ හැකි කිසිවක් මෙලොවෙහි නොමැත. එය සමාන කළ හැක්කේදුෂ්ටත්වය හා සභ්‍යත්වය අතර දෝලනය වන තවත් එවැනිම වූ මනසකටම පමණී. ඒ අතර සිහිනයකින් මෙන් ප්‍රධාන විනිසුරුගේ කටහඬ ද ඇයට ඇසුණි." ගරු කන්‍යා සොයුරිය, ඔව් අපිට කියන්න ඔබට මැය හඳුනා ගත හැකිද . එදා පල්ලිය මැදින් දිව ගියේ මැයද . "මේරි තෙරේසා කන්‍යා සොයුරිය පාෂාණිභූතව එක එල්ලේ ක්‍රිස්තියානා දෙස බලා සිටියා මිස පිළිවදන් නොදුන්නාය. ක්‍රිස්තියානාගේ හදවත කල්පයක් තරම් දිගුවූ මේ නිමේෂයේදී වේගයෙන් ගැහෙමින් තිබුණි. කන්‍යා සොයුරියගේ මුවින් නික්මෙන වදන මත තම ජීවිතයෙහි ඉදිරිය තීරණයවන බව ඈ හොඳින් දැන සිටියාය. කොන්ටෙයාන්හීදී පූජනීය දෑ සොරකම් කිරීමට එරෙහිව ලැබෙන දඬුවම ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදු වන්නකි. නගරයට ළඟදී පැමිණියා වුවද ඇය මේ පිළිබඳ දැනුවත්ව සිටියාය. මේ දක්වා තමන්ට එරෙහිව ඇති සාක්ෂි ප්‍රබල බැවින් ඈ ජීවිත ආශාව අත්හැර සිටියාය. අත්හැර තිබූ ජීවිත ආශාව කන්‍යා සොයුරිය දුටු මොහොතේ සිට නැවත දළුලා වැඩෙමින් තිබුණි.පියාත් නොමැති සිය දරු දෙදෙනා ඇයගේ දෑස් ඉදිරියෙහි මැවී පෙනුණි."ඔව් මම එහෙම කියනවා. කවුද දන්නෙ . මම විතරයි. කවුරුවත් මම කියන එක විශ්වාස කරනවා මිස වෙන මුකුත් පිළිගන්නෙ නෑ. මම මේක රහසක් වශයෙන් තියාගත්තාම ඉවරනෙ. ඒත් එහෙම කරන එක හරිද . ඒක අපරාධයක්. මේ වෙනකම් මම ගොඩ නගපු සියල්ල විනාශවෙලා යනවා එතකොට. .........." ඔව්, ගරු කන්‍යා සොයුරිය මේ ගරු අධිකරණය ඔබගේ පිළිතුර බලාපොරොත්තුවෙන් ඉන්නව....".........මම වැඩකට නැති ගැහැනියක් වෙනවා ඊට පස්සෙ. දෙවියන් වහන්සේ මට ශාප කරාවි. මාව සදාකාලික නරකාදියට දමාවි. ඒත් මේක හොඳ අවස්ථාවක්. කිසිදා නොලැබෙන අපූරු අවස්ථාවක්. ඔව් මම ඒක තමා කරන්න ඕනා."" ගරු කන්‍යා සොයුරිය.. අප ඔබගේ........ ""ඔව්.. නෑ.. නෑ ඔව්, මේ ඇය තමා..."දුෂ්ටත්වය, සභ්‍යත්වය පරයා නැගී සිටියේය.කන්‍යා සොයුරියගේ මුවින් ගිලිහුණ වදන් ක්‍රිස්තියානාට අදහා ගත නොහැකි විය. එක් වරම හෙණයක් පතිතවූවා වැනිය."අයියෝ සිස්ටර්.. අයියෝ සිස්ටර් ඇයි මේ ඔබ බොරු කියන්නෙ.... ඔබ හොඳටම දන්නවා ඒ මම නොවන බව... අයියෝ සිස්ටර් ඔබට මාව හඳුනගන්න බැරිද ." හයියෝ දෙවියන් වහන්ස මට පිහිට වන්න. මම කිසි දෙයක් හොරකම් කළේ නෑ.. අයියෝ අනේ මගේ අසරණ දරු දෙදෙනා.." යි කියමින් ක්‍රිස්තියානා විසින් සිය පපුවට ගසා ගනිමින් මුළු අධිකරණය දෙවනත් වන සේ විලාප තැබීය. ඒ මැදින් ඇසුණ, ක්‍රිස්තියානාට නිහඬවන ලෙස කරන තර්ජනය කිරීම්, සාප කිරීම් අතරින්, අගවිනිසුරුවරයා විසින් ක්‍රිස්තියානාව ප්‍රාණය නිරුද්ධ වන තෙක් එල්ලා තැබීමේ නියෝගය නිකුත් කොට අදාළ ලියවිල්ලට අත්සන් තැබීය.නියෝගය ශ්‍රවණය වූවහාම කන්‍යා සොයුරියගේ හැසිරීමෙහි ප්‍රබල වෙනසක් වූ අතර කුමක්දෝ පැවසීමට වෙර දරනු පෙනිණ. ඒ සමඟම කන්‍යා සොයුරිය සිහි මුර්ජාවී ඇද වැටුණාය.පැයකින් පමණ සිහිය ලබා දෑස් අරින විට දුෂ්ටත්වයේ යක්ෂයා ඈ වෙතින් පලාගොස් තිබුණි. සිදුවූ සියල්ල සිහියට නැගෙන විට මේරි තේරේසා කන්‍යා සොයුරිය උමතු බවේ ආසන්නයටම පැමිණියාය." ඒ ඇය නෙමේ.. ඒ ඇය නෙමේ.. කෝ ඇය. කෝ ඇය." යි කියමින් වහා නැගී සිටි ඈ අවට සිසාර බලන්නට වූවාය. ඒ වන විටත් වැඩි පිරිසකට අභ්‍යන්තර ගූඨ නිහඬ විනෝදය සපයමින් ක්‍රිස්තියානාගේ ප්‍රාණය නිරුද්ධ සිරුර කඹයෙකින් එල්ලෙමින් තිබුණි. ඉන් මොහොතකට පසු කන්‍යා සොයුරිය උමතු වෙසින් පල්ලියේ පිය තුමා වෙත දුවයමින් සිටිනු දක්නා ලදී."අයියෝ ෆාදර් මම මහා පවුකාරියක්, මම මහා අපරාධයක් කළා. දෙවියන් වහන්සේගෙන් මට කවදාවත් සමාව ලැබෙන එකක් නෑ.""කලබල නොවී මොකද වුණේ කියන්න සිස්ටර්""මම බොරුවක් කිව්වා ෆාදර්. ඒකෙන් ඇතිවෙන ප්‍රතිඵලය ගැන අවබෝධයකින් තොරව මම බොරුවක් කියුවා ෆාදර්. දැන් මම බොරුකාරියක් විතරක් නෙමේ ෆාදර්, මිනීමරුවෙක්.""ඔබ කළ පාපය ගැන ඔබ මුලු හදවතින්ම පසු තැවෙනවානම් ඔබට දෙවින්ගේ සමාව ලැබෙවි සිස්ටර්.""නැහැ ෆාදර් මට කවදාවත් සමාව ලැබෙන එකක් නෑ. මම හිතාමතාම බොරුවක් කිව්ව. අයියෝ මම මේ කරපු අපරාධය මොකක්ද . " යි කියමින් ඇය පල්ලිය දෙසට දිවයාමට සැරසෙන විටම පියතුමා විසින් ඈ ඇමතීය."සිහි එළවා ගන්න සිස්ටර්. දැන් සිදුවූ දේ සිදුවී අවසානයි. ඊළඟට කළ යුතු දේයි අප සොයා බැලිය යුත්තේ. එයට පියවි සිහියෙන් සිටීම අත්‍යවශ්‍යයි." මෙයින් කන්‍යා සොයුරියගේ කලබල ගතිය මදක් සන්සිඳුණි." මට ඔබෙන් යමක් අහන්න අවසරද ." ඈ නිහඬව විමතිය සහිත දෑසින් පියතුමා දෙස බලා සිටියය. එය අනුමැතිය ලෙස සැලකූ පියතුමා සිය පැනය යොමු කළේය."මට දැන ගන්න පුළුවන්ද ඔබ ඇයි කවදාවත් නැතුව බොරුවක් කිව්වෙ කියලා."මොහොතක් නිහඬව, කල්පනාබරිතව සිටි කන්‍යා සොයුරිය කඳුළු අතරින් සිය හඬ අවදි කළාය. "එයා පොඩි කාලෙ දවසක් මට පිරිසක් ඉදිරියේදී කම්මුලට ගැහුවා. ඊට පස්සෙ මගෙ මුලු ගවුමම ඉරලා මාව ලැජ්ජාවට පත්කළා. අයියෝ මට ඒ කාලකණ්ණි සිද්ධිය ඒ මොහොතෙදි මතක් වුණා ෆාදර්, මට ඒක මතක් වුණා. හයියෝ මම මහා පවුකාරියක්... මම මහා පවුකාරියක්" යි කෑ ගසමින් ඈ දෙවියන්ගේ පිළිසරණ සොයා උමතුවෙන් මෙන් පල්ලිය දෙසට දිව යනු පිය තුමා බලා සිටියේ බොහෝ හැඟීම බර මුහුණකිනි. එහෙත් එම මොහොතේම ඔහුගේ හදවතෙහි එක් අඳුරු මුල්ලක ඔහුටද තේරුම් ගත නොහැකි, දෙවියන් වහන්සේට පමණක් තේරුම්ගත හැකි, සතුටත්, නොසතුටත් අතර හැඟීමක් තිබුණි.~~නිමි~~.
BLOG
2013.12.12
http://kurundha.blogspot.com/
බිළාල ශාපය....
සෙන්නා
20.03.20__නිවසේදීය,මා ප්‍රිය හිතවත / හිතවතිය, ඔබ මේ බ්ලොග් සටහන කියවන විට මා ජීවිතයට සමුදී සදාකාලික නිද්‍රාවට පිවිස අවසානය. මෙය මෙහි පළවන අවසාන බ්ලොග් සටහන බව ඉතා කරුණාවෙන් සලකන්න. පුරා දෙවසරකට මදක් වැඩි කාලයක් ඔබ හා රැදුණු හෙයින් මේ අවසන් නික්මයාම පිළිබඳව මෙසේ සටහන් කොට තබා යාම මාගේ යුතුකමක් යැයි මම සිතමි. සිදුවූයේ හා වන්නේ කුමක්දැයි පැහැදිලිව පවසා මම ඔබගෙන් සමුගනිමි. එහෙයින් මෙතැන් සිට අවසානය දක්වා සියල්ල ඉතා සාවධානව කියවන මෙන් ඔබෙන් ගෞරව පූර්වකව ඉල්ලා සිටිමි. මෙතෙක් ඔබ හා මා දොඩමළු නොවූ මාගේ තථ්‍ය ජීවිතයේ, මා හා බැඳුණු චරිත හා සිදුවීම්, අතිශය තීරණාත්මක සිදුවීම් කිහිපයක් ඔබගේ දැන ගැනීම සඳහා මෙතැන් සිට පෙළ ගස්වමි. මා දැන් සිටිනා මානසික වාතාවරණය හේතුකොටගෙන එය නිසියාකාරයෙන් කිරීමට හැකිවේදැයි මටම සැකය. එහෙත් මම උත්සහා කරමි. සිදුවීම් සිදුවූ ආකාරයෙන්ම ලියා තැබීමට උත්සහා කරමි. තව හෝරා කිහිපයකින්එළබෙන ඒ අවාසනාවන්ත දිනයේ කිනම් මොහොහොතක හෝ ඒ කාලවර්ණ නපුරු යක්ෂයා මා වෙත පැමිණෙන බව ඒකාන්තය. එයට පෙර මා ඉක්මන් විය යුතුය. එහෙයින් මෙම ලිපිය හැකිතරම් ඉක්මනින් ලියා අවසන්කොට ප්‍රසිද්ධ කිරීමට මම අදහස් කරගෙන සිටිමි.+++++එදා මාර්තු 21 වෙනිදාවක් බව කෙසේනම් අමතක කරන්නද . මේ දිනය දැන් මාගේ ජීවිතයට සම්බන්ධවී ඇත්තේ එය මාගේ උපන්දිනය නිසාම පමණක් නොවේය. එදා, උපන් දිනය සැමරීම සඳහා අප රාත්‍රී ආහාර වේල පිටින් ගත යුතුයැයි යෝජනා කෙරුවේ තාත්තාය. මුලු සන්ධ්‍යාවම පාහේ පිටත ගතකොට රාත්‍රී ආහාර වේලද ප්‍රසිද්ධ ආපන ශාලාවකින් රැගෙන අප පස් දෙන නැවත නිවස බලා ඒමට පිටත් වන විට රාත්‍රී එකොලහත් පසුවී තිබුණි. තාත්තා වෑන් රථය ධාවනය කළ අතර මම ඉදිරි පස වම් පස අසුනට බරවී සිටියෙමි. අම්මාත් අක්කාත් මල්ලීත් පිටුපස අසුනේය. වාහන නොමැති කමින් පාර පාළු ස්වාභාවයක් ගෙන තිබූ බැවින් තාත්තා සැලකිය යුතු වේගයකින් රථය ධාවනය කළේය. එය සිදුවූයේ ඉතා හදිසියේය. එක වරම වැන් රථයට මීටර දහයක් පමණ දුරින් පාර හරහා දිව යන කළුම කළු බළලෙකුවිය. ඌ කොහෙන් කෙසේ ප්‍රාදූර්භූත වූයේ දැයි අදහා ගැනීමටවත් නොහැකි වූ ඒ නිමේෂයේදී තාත්තා වැරදි තීරණයකට යොමු විය. හදිසි තිරිංග පහරින් පැත්තට විසිවී ගිය වෑන් රථය දකුණු පස වූ තාප්පයේ ඉතා තදින් වැදුණේ එයද අනිත් පසට පෙරළා දමමිනි. අනතුරින් සිහිසන් වූ මා රෝහලේදී නැවත සිහිය ලබා ටික වේලාවකින් තාත්තා හා අක්කා අප හැර ගොස් ඇති බව දැනගෙන රෝහලේ වහල ගැලවී යන තරම් හයියෙන් කෑ ගසා හඬා වැටුණි. මාගේ උපන් දිනය අප නිවසේ දෙදෙනෙකුටම සිය ජීවිතයේ අවසන් දිනය වී තිබුණි.හදවත්හී ඇතිවූ තුවාලයන් කෙමෙන් කෙමෙන් සුවපත් කරමින් කාලය ගලා ගියේය. නෑසිය මිතුරන්ගේ, අසල්වැසියන්ගේ සැනසිලිදායක වදන් අපට යථා තත්ත්වයට පත්වීමට මහඟු පිටිවහලක් විය. අනිත්‍යය හා අටලෝ දහමසිහිකොට එය අපට පමණක් සීමා නොවූ ඉරණමක්යැයි සිතා සිත් සාදා ගත්හ. අවසන තාත්තාත්, අක්කාත් නොමැති ජීවිතයකට අප හුරු වූහ.වසරක් ගෙවුණි. මාගේ උපන් දිනයත්, තාත්තාගේ හා අක්කාගේ සැමරුමත් එකට යෙදී තිබුණද උපන් දිනය සපුරා අමතක කළ අප වර්ෂ පූර්ණ පින්කම් සඳහා ලක ලෑස්ති වූහ. කිසිසේත් බලාපොරොත්තු නුවූ ලෙස එදිනම මාරාන්තික දෙවන ප්‍රහාරයද එල්ල වූයේ අපගේ ස්නායු භීතියෙන් හිරිවට්ටවමිනි. වර්ෂ පූර්ණය වෙනුවෙන් අම්මාත් මමත් මල්ලීත් කනත්තට ගොස් තාත්තාගේත් අක්කාගේත් සොහොන් අබියස ඉටි පන්දම් දල්වා, අලුතින් මල් පොකුරුතැන්පත් කොට ඔවුන් සිහි කර පින්පතා නැවත එමින් සිටිහය. අප කනත්ත අයිනෙන් වූ මාවතෙහි වම් පසින් ගමන් කරමින් සිටි අතර හදිසියේම කනත්තෙහි වැටෙන් රිංගා පාරට පැමිණ අප දෙසට එකිනෙකා ලුහු බැඳන් එන බළලුන් දෙදෙනෙකු වූහ. එකෙක් සුදු පාට බළලෙකු වූ අතර ඌව හඹා ආ අනෙකා තදම තද කළු පැහැති බළලෙකි. සුදු බළලා අම්මාගේ පාදයක් අසලින් දිව යන විට කළු බළලා ඇයගේ දෙපා අතරින් දිව ගියේ විදුලි වේගයකිනි. මෙයින් කලබලයට පත් ඈ කෑගසමින් අහකට පැන්නේ සතුන්ව මග හැරීම සඳහාය. අවාසනාවක මහත . කලබලවූ අම්මා එක් වරම පැන්නේ පාර දෙසටය. පිටුපසින් ආ බස්රථය ඇයව යට කරගෙන ඉදිරියට ගොස් නතර විය. අභ්‍යන්තර රුධිර වහනය හා සුසුම්නාව බිඳි යාම නිසා දින දෙකක් රෝහලෙහි අධික ලෙස වේදනා විධි ඇය අවසන මමත් මල්ලීත් මෙලොව හුදකලාකොට අප අත්හැර තාත්තා සහ අක්කා වෙතට ගියාය.එකිනෙකා විවිධි විවිධ මත ඉදිරිපත් කළහ. සමහරුන් මුහුණට නොකීවද එය මාගේ අවාසනාවක් නිසා වෙන දෙයක් බව කියා තිබූ බව මට කණින් කොනින් ආරංචි විය. ඒ මෙම සියලු මරණ වලට බලපෑ හේතුව මාගේ උපන් දිනය දවසේම සිදුවී තිබීම නිසාය. සමහරුන් බලි තොවිල් ශාන්ති කර්ම ආදී කටයුතු කිරීමට යෝජනා කළ අතර සමහරෙක්ගේ මතය වුයේ අප ප්‍රදේශය අත් හැර යා යුතු බවය. තාත්තාගේත් අක්කාගේත් මරණයට සහභාගී වූ පිරිසෙන් අඩක්වත් අම්මාගේ මරණයට නොවූහ. සිදු වන්නේ කුමක්දැයි මටවත්, මල්ලීටවත් නිසියාකාරයෙන් නිශ්චය කරගැනීමට නොහැක. කුමක් නමුත් අපගේ පාලනයෙන් තොර අමුතු දෙයක් සිදුවන බවක් අපට හැඟුණි. කාලය ගතවීමත් සමඟ අප දෙදෙනා නැවතත් සාමාන්‍ය නොවුණත් එදිනෙදා ජීවිතයට හුරු වූහ. නිවස එකම පාළු අම්බලමක් වී තිබුණි. අප දෙදෙනාම ගෙදර සිටින වේලාවකදී වූවත් අප අතර වැඩි කතා බහක් නොවුණි. දැන් දැන් අප ඇසුරු කරනා යාළු මිත්‍රාදීන්ද හිඟය. අප පවුලම කුමක් හෝ සාපයකට ගොදුරුවී ඇතැයි අනුමාන කළ ඔවුන් ක්‍රමක්‍රමයෙන් අපගෙන් ඈත් වෙමින් සිටියහ.ඊළඟ මාර්තු 21 වෙනිදාව උදාවූයේ අප දෙදෙනාගේම හදවත් භීතියෙන් සලිත කරවමිනි. එදින උදයේම අවදිවූ මා දෙවියන් බුදුන් සිහිකර අප දෙදෙනා වෙනුවෙන්ම ආරක්ෂාව පැතුවේය. කිසිඳු අතුරු අන්තරාවකින් තොරව මේ දිනය පහු කර ගැනීමට ලැබේවායි පැතුවෙමි. දෙදෙනාම එදින නිවාඩු දමා ගෙදරට වී සිටියේ අනතුරකට ලක්වීමේ ඉඩ අහුරාලනු වස්ය. නමුත් සිද්ධවීමට ලියවී ඇති දෑ කෙසේනම් වළකාලම්ද .එදින දහවල් දිවා ආහාරයෙන් පසුව අප දෙදෙනා සාලයේ අසුන් ගෙන රූපවාහිනී යන්ත්‍රය නරඹමින් සිටියහ. හදිසියේම ඇසුණු බළල් පොරයේ හඬට අවධානය යොමු කර පිටත බැලූ අපට, අපගේ බළලා ලුහු බැඳ එන කළු පාට බළලෙකු දිස් විය. අපගේ බළලා ආරක්ෂාව පතා ගෙට වැදී පුටුවක් යටට රිංගුවේය. එහෙත් කළු බළලාද ඌ හඹා විත් පුටුව යටදීම පෙරළාගෙන සපන්නට විය. මෙයින් කෝපාවිෂ්ට වූ මල්ලි අප බළලාව බේරාගැනීම සඳහා එතනට ලංවන විටදීම ඔහු වෙතට කඩා පිනූ කළු බළලා ඔහුව සපා කා පැන දිවීය. දත් පහරවල් හතරක් සමඟින් නියපොතු පහරවල් කිහිපයක් ඔහුගේ දකුණතෙහි විය. ඒවා එතරම් බරපතල තත්ත්වයේ නොවූ හෙයින්ඔහුබේත් දමා ගැනීමට යාම ප්‍රතික්ෂේප කොට ගොඩ වෙදකමකින් සෑහීමකට පත් විය. අප දෙදෙනාට කිසිඳු අනතුරකින් තොරව මාර්තු 21 ගෙවී ගියේය. ඒ ගැන අප බොහෝ සතුටට පත්වූ අතර කිසියම් හෝ අසුබ දෙයක් තිබුණිනම් එය අවසන් වී ඇතැයි අප අනුමාන කළහ.එතැන් සිට මාස දෙකක් ගෙවුණ තැන මල්ලීගේ හැසිරීමෙහි යම් අමුත්තක් මා හට දිස් විය. ඔහු සාංකාවෙහි හා විශාදියෙහි මූලික ලක්ෂණ පෙන්නුම් කර සිටියේය. එක දිගට පැමිණි කරදර වැල නිසා එසේ වන්නට ඇතැයි අපි අනුමාන කෙළෙමු. එහෙත් එන්න එන්නම තත්ත්වය නරක අතටම හැරුණි. ඔහු මහ රෑ හදිසියේම අවදිව භීතියෙන් කෑ ගැසීමට පටන් ගත්තේය. යම් යම් රූප හා ඡායාවන් පෙනෙන බවට සඳහන් කළේය. ඔහුට කිසිඳු දියර වර්ගයක් පානය කළ නොහැකි වූ අතර මුත්‍රා පිට කිරීමෙහි පාලනයද ඔහු වෙතින් ගිලිහී තිබු බැවින් නිතරම ඇඳ තෙමීම ඔහු අතින් සිදු විය. කිසිවකුගේ හව්හරණක් නොමැතිව මෙම කරදරයට මුහුණ දීමට මා හට සිදුවී තිබුණි. කළ යුතු කිසිඳු ප්‍රතිකර්මයක් නොදුටු තැන අවසන මා ඔහු රෝහලට ඇතුළත් කෙරුවේය. අවාසනාවකි . ඔහු ජලභීතිකා රෝගයෙන් ඔත්පලව සිටින බැව් වෛද්‍යවරුන් මාහට පවසා සිටියේ එයට කිසිඳු ප්‍රතිකර්මයක් මේ වන විට සොයාගෙන නොමැති බවද දන්වමිනි. මාගේ මුලු ලොවම නැවතත් මා හිස මත කඩා වැටෙමින් තිබුණි. මා හට මෙලොවෙහි වූ එකම හිතවතාද මා හැර යාමට සූදානම් වෙමින් රෝහලෙහි ඇඳක් මත දගලමින් සිටියේය. තවත් දින දෙකක් පෙරකී රෝග ලක්ෂණයන්ගෙන් බැට කෑ මලණුවන් අවසානයේදී මා තනිකර යන්නටම ගියේය. මෙම දරුණු ප්‍රහාරය ඉවසා දරා ගැනීමට තවමත් මාහට ශක්තිය තිබීම ගැන විටෙක මමම පුදුමයට පත් වීමි. වසරක් පාසා එකින් එක මාගේ සමීපතමයන් මා හැර යද්දීත් තවමත් මා නිරුපද්‍රිතව හොඳ සිහියෙන් පසු වීම විටෙක මටම අදහා ගැනීමට නොහැකි තත්ත්වයකි. සැබවින්ම මා ජීවත් වේද . නැතහොත් මා මේ දකින්නේ සිහිනයක්ද . මා ඔවුනට පෙර මිය ගොස් ඔවුන්ගේ මරණයන් කොහේ හෝ සිට නරඹමින් සිටින්නේද .මල්ලිගේ දේහය නිවසට ගෙන යාමට මම ප්‍රතික්ෂේප කළ බැවින් රෝහල මුල්වී අවසන් කටයුතු සිදු කර දමන ලදී. නෑ හිත මිතුරන් සියල්ලම පාහේ බොහෝ දුරට අප අත් හැර සිටි බැවින් මළ ගෙයි කටයුතු වෙනුවෙන් හෝ ඔවුන් සහභාගී වෙදෝයි මා හට වූයේ සැකයකි. මළ මිනියක් සමඟින් නිවසේ තනිවීම මා උමතු කරවන්නක් වීමට ඉඩ තිබුණි.මල්ලීගේ මරණයත් සමඟින් මෙතෙක් මා පිළිගැනීමට අදිමදි කළ එක් දෙයක් අකමැත්තෙන් හෝ පිළිගැනීමට වී තිබේ. ඔව්, අප පවුලට කිසිවකුගේ හෝ සාපයක් වැදි ඇත. එහෙත් ඒ කාගේ සාපයද . දන්නා තරමින් අප කා හට හෝ අහිතක්, නපුරක්, අනතුරක් සිදු කොට නොමැත.සිදුවන්නේ කුමක්දැයි අදහා ගැනීමට නොහැකිව අඳුරෙහි අතපත ගාමින් සිටි මාහට ඉතා අහඹු ලෙස ප්‍රහාරකයා හෙළිදරව් කරගැනීමට හැකි විය. මා දැන් විශ්වාස කරනා අන්දමට අවසාන ඉලක්කය වූ මා වෙත ප්‍රහාරය එල්ල කිරීමට පෙර තමාව හඳුන්වා දීමට ඌට උවමනා වූවා වැනිය. මෙතැන් සිට කතාව කීමට මම මදක් පැකිලෙමි. ඒ ඔබ මා අන්ධ විශ්වාසයන් ඇති මිථ්‍යාදෘෂ්ටිකයෙකුයැයි අනුමාන කිරීමට ඉඩ ඇති බැවිනි. නමුත් මාගේ ඉන්ද්‍රියනට වැටහෙනා පරිධිමෙම ඛේදවාචකයට මීට වඩා තේරුමක් දිය නොහැකිය.ඉතා අහඹු ලෙස ඔබගෙන් කෙනෙකු ( අදාල නොවන බැවින් මම ඔහුගේ නම හෙළි කිරීමෙන් වැළකෙමි ) හා කළ සංවාදයකදී මා හට එඩ්ගා ඇලන් පෝ නැමති ඇමෙරිකානු ලේඛකයාගේ කෘති අඩංගු අඩවියකට සබැඳියක් ලැබුණි. එහි වූ කතා විශාල ගණනක් අතරින් එකවරම මාගේ අවධානය The black cat කතාව වෙතම යොමු වූයේ මන්දැයි මම තවමත් සිතමි. එය කිසිවකුගේ අදෘශ්‍යමාන මගපෙන්වීමක්යැයි විශ්වාස කිරීමට මා කැමතිය.මා එම කතාව කියවා අවසන් කෙරුවේ ලොමුදැහැගැන්වීය. ඒ එම කථාවෙහි වූ කිසිඳු භයානක කමක් නිසා නොව එය මාගේ එක් දුෂ්ට ක්‍රියාකාරකමක් හා 100%ක් ගැළපීමේ අපූරු සමානකම නිසාවෙනි. එය එසේ සිදු විය හැකිද . මා විසින් සැබවින්ම කළ ක්‍රියාකාරකමක් එලෙසින්ම අතීතයෙහි වූ ලේඛකයෙකු ලියා තැබුවේ කෙලෙසද . මෙම කතාව කියවීමෙන් පසු මෙතෙක් මාහට සම්පූර්ණයෙන්ම අමතකව තිබූ, අතීතයේ මා කළ ඒ මහා පාපය මාගේ දෑස් ඉදිරියෙක් මැවී පෙනෙන්නට විය. ඒ සමඟම අපගේ පවුලේ සෑම සාමාජිකයෙකු මිය යාමට ප්‍රථම ප්‍රාදූර්භූත වූ ඒ මහා පොදු සාධකය, කාලවර්ණ නපුරු යක්ෂ බළලා මාගේ දැස් ඉදිරියෙහි මැවී පෙනුණි. ඔව් එය එසේම විය යුතුය. ඒ ගැන මා හට අබමල් රේණුවක තරම්වත් අවිශ්වාසයක්නොමැත.මෙම බිහිසුණු පලිගන්නාගේ අවසාන ඉලක්කය මා බව දැන් සක්සුදක් සේ පැහැදිලිය. තාත්තාව සහ අක්කාව මුලින්ම ක්ෂණිකව මිය යාමට සලස්වන්නේ අන් අයගේ මරණයන් තුළින් ඔවුනට ඇතිවෙන වේදනාව වැළැක්වීමට හා ඔවුන්ගේ මරණයන් තුළින් අප තිදෙනා වේදනාවට පත් කිරීමට බව දැන් මා හට ප්‍රත්‍යක්ෂය. මන්ද යත් ඔවුන් දෙදෙනා මේ මහා පාප කර්මයට කිසි ලෙසකිඳු හවුල් නොවූ බැවිනි. අම්මා මද කෙටිකාලීන වේදනාවකුත්, මල්ලී ඊට වැඩි වේදනාවකුත් විඳ මිය ගියේ ඔවුන් මෙම පාපයට හවුල් වූ ප්‍රමාණයේ අනුපාතයට බව සැකයක් නොමැත. මෙසේ බලන කළ මෙම පාපයේ ප්‍රධාන භූමිකාව නිරූපණය කළ මා වෙත මෙම පලිගන්නාගේ සැලසුම මොන තරම් බිහිසුණු එකක් වේදැයි හිතා ගැනීමටවත් නොහැක. එය අති බිහිසුණු සෙමෙන් සෙමෙන් ළඟාවන විනාශයක් බවනම් සහතිකය. මෙතෙක් සිදු වී ඇත්තේ අන් අයගේ මරණයන් තුළින් මා දරුණු චිත්ත පීඩාවකට ලක් කිරීම පමණකි. මා හට උරුම සැබෑම දඬුවම තවමත් මා වෙනුවෙන් බලා සිටී. ඒ දිනය එන තෙක් බලා සිටී.+++++මම ඌට ආදරයට කපූ කිවෙමි. ඒ කළු පූසා යන්න කෙටි කරය. මුළු ශරීරයේම වූ සෑම මවිල් ගසක්ම තද කළු පැහැයෙන් යුක්ත වූ මෙම බළලාගේ එකඳු සුදු හෝ වෙන යම් වර්ණයක් සොයා ගැනීමට නොහැකි විය. කට දෙපසින් වූ සන්වේදක ස්පර්ශකයන් පවා තද කළු පැහැයෙන් යුක්ත වූහ. මුලින් මුලින් ඉතා හුරතල් බළලෙකු වූ කපූ අප සැමගේ ආදරයට පාත්‍ර විය. උගේ ආගමනයත් සමඟින් නිවසෙහි අරක්ගෙන සිටි මීයන් අදෘශ්‍යමාන වීමෙහි ගෞරවයද අපි නොඅඩුවම ඌටම පිදුවෙමු. එහෙත් පසු කලෙක මෙම සත්වයාගේ ඇතිවූ නොමනා හැසිරීමක් නිසා අප හට ඌ එපා වෙමින් පැවතුණි. නිවසේ උයා පිහා තැබූ කෑම වලඳේ සිට මේසයට බෙදා තිබූ බත් පත දක්වා හොරා කෑමට ඌ පසු බට නොවීය. එතකින් නොනැවතී අසල්වැසියන්ගේ නිවෙස් වලින්ද සොරා කෑමට පටන් ගැනීම නිසා අප ඔවුන්ගේ දෝෂාරෝපණයටද ලක් වූහ. කෙතරම් දඩුවම් කළත් මෙම සත්වයාගේ මෙම කැත පුරුද්ද අත් හැරීමට සූදානම් වූයේ ඌ නොවේය. මේ සම්බන්ධයෙන් වැඩියෙන්ම ප්‍රකෝපව සිටියේ අම්මාය. එයින් වැඩියෙන්ම පීඩා වින්දේ ඇය බැවින් එය ස්වාභාවිකය.එය, උක්ත රිය අනතුර සිදුවී තාත්තාත්, අක්කාත් මිය යාමට පෙර වසරේ මාගේ උපන් දිනයයි. මෙවර උපන් දිනය යාළුවන් කිහිප දෙනෙකුටද අරාධනා කොට මදක් උත්සවාකාරයෙන් ගැනීමට අප සැලසුම් කළහ. එදින සවස මුළුතැන්ගෙයින් ඇසුණු අම්මාගේ ගෝරනාඩුව ඇසී මා එදෙසට යන විට පෙර දින ඈ විසින් පිළියෙල කොට කපුවාට විවෘත්ත කළ හොහැකියැයි විශ්වාස කළ ලෙස වසා ඉහළින් තබා තිබුණු කේක් ගෙඩිය බිම වැටී තිබුණ අතර එයින් සැලකිය යුතු ප්‍රමාණයක් ඌ විසින් කා දමා තිබුණි."මූව මැරුවත් හිත්වදින්නෑනෙ මේ කරපු වැඩේට. මටනම් මේ යක්ෂ බළලත් එක්ක තවත්නම් බෑ මේ වැඩේ කරන්න. එක්කෝ ඕකව කොහෙට හරි ගිහින් දාපල්ලා, නැත්නම් මරලා දාපල්ලා. කොච්චරක්නම් කියලා ඉවසන්නද මේ වදේ . " ඒ ආවේගශීලීව බැණ වදින අම්මාය. එය මෙයින් ප්‍රකෝපව සිටි මාගේ ගින්නට දැමූ පිදුරු විය. දඩුවම් කිරීමට සිතා සොයා බලන විට කිසිවක් නොවූ ආකාරයෙන් පුටුවක් උඩට වී අත පය දිගෑරගෙන නිදා සිටි බළලා දුටු මාගේ ප්‍රකෝපය දෙගුණ තෙගුණ විය. කෑ ගසන විටම බෙල්ලෙන් අල්ලා ගෙන රෙදි කඩකින් උගේ මුහුණ වැසූ මා ඌට දරුණු ලෙස පහර දුනිමි. මෙයට මල්ලීද හවුල් විය. බළලා අඩපණ වෙන තෙක්ම අපි ඌට පහර දුනිමු. එහෙත් තවමත් මාගේ සිතට මදිය. අතට හසු වු පටියකින් මා උගේ ගෙල සිර කොට බැඳ කුස්සියෙහි උළුවස්සෙහි එල්ලා නැවතත් තදින් පහර දුන්නේය. එල්ලා ඇති පන්දුවකට ක්‍රිකට් පිත්තකින් පහර දෙන්නාක් මෙන් ඌට පහර දුන්නේය. වදින සෑම පහරක දිම කොන්ද වකුටු කොට, අත් පා එකට ලංකරමින්, යටි ගිරියෙන් ඤාව් හඩ නිකුත් කරමින් බළලා කෑගැසීය. එය "අනේ මාව බේර ගන්න" වැනි ඉල්ලීමක් වන්නට ඇත. එහෙත් අවාසනාවකට මා හට බළල් භාෂාව නොතේරුණි. ටික වේලාවකින් බළලා නිශ්චල විය. ඒ ඌ අඩ පණ වූ නිසායැයි මම සිතුවෙමි.තාත්තාත්, අක්කාත් උත්සවයට අවැසි බඩු වගයක් ගෙන ඒමට කඩයට ගොස් නැවත පැමිණියේ අප මෙසේ චූදිතයාව එල්ලුම් ගස් යවා අහවර වූ පසුවය. කර ඇති අපරාධය දුටු තාත්තා දුන් කම්මුල් පහරින් මා විසිවී ගොස් බිම වැටුණි. අක්කා වහ වහා ලණුව ලිහා බළලාව නිදහස් කර ගත්තද ඒ වන විටත් ඌ අවසන් ගමන් ගොස් තිබුණි. මෙය මා කිසි විටෙකත් අපේක්ෂා නොකළ දෙයකි. බළලුන්ගේ පණ හයිය බැවින් ඔවුන් ලෙහෙසියෙන් නොමැරෙන්නන් ලෙස මමවිශ්වාස කළෙමි. එම විශ්වාසයම පෙර කී දරුණු දඬුවමට මා යොමු කළේය. එහෙත් මාගේ විශ්වාසය වැරදී තිබුණි. හිතවත / හිතවතිය මම ඔබට මේ අවසන් මොහොතේ සත්‍යයක් කියමි. මට කපුවාව මැරීමේ කිසිඳු චේතනාවක් නොතිබුණි. එය අප පවුලේ සිව් දෙනෙකු මේ වන විට මිය ගොස් ඇතැයි තරමටම සත්‍යයකි. මට ඒ සම්බන්ධයෙන් ඕනෑම තැනක දිව්රිය හැකිය, චේතනාව කුමක් වූවත් මා අතින් එම අපරාධය සිදුවී තිබුණි.ඔබ එඩ්ගා ඇලන් පෝ ගේ මතු සඳහන් කෘතිය කියවා ඇත්නම් බළලාට හිංසා කිරීමට ඝාතකයන් දෙදෙනාම යොදා ගන්නා ක්‍රමවේදයේවූ ඒ අපූරු සමානත්වය දකිනු ඇත. සමහරවිට එය කළු බළලෙකු මැරීම සඳහා කාල, ද්වීප, දේශ නොසලකා දෛවයෙන් නියමවී ඇති ක්‍රමවේදය වන්නටද හැකිය. ඒ සමානත්වය නොවන්නට මා පසු පස හඹා එන මේ ශාපය පිළිබඳව නොදැනුවත්වම මා එයට ගොදුරු වනු නියතය. අඩුම තරමින් මම එසේ විශ්වාස කරමි.+++++තව හෝරා කිහිපයකින් ඒ බිහිසුණු දවස උදාවනු ඇත. ඔව් හෙට මාගේ උපන් දිනයයි. මේ දක්වා වූ සියල්ල විශ්ලේෂණයකොට බැලීමේදී හෙට දිනයේදී ඒ කළු බලලා මා ඉදිරියෙහි දර්ශනය වන බව හෙට හිරු නැග එන්නාක් මෙන්ම නිශ්චිතය. මෙවර ඌ පැමිණෙනේ මාරාන්තික ප්‍රහාරයටය. තම නියම සතුරා වෙත ඉලක්කය බලා එල්ල කරනා, තම සතුරා අඩපණ කොට, දීර්ඝ කාලයක් විඳවීමට සලස්වා ක්‍රමක්‍රමයෙන් මරා දමනා ඒ බිහිසුණු ප්‍රහාරයටය. දාමාව කැපීමට ප්‍රථම ඌ වටා ඉන්නා ආරක්ෂක ඉත්තන් කපා ඉවත්කරන්නාක් මෙන්, මා වටා සිටි සියලු හිතවතුන් ඌ විසින් කපා ඉවත් කොට මා හුදකලාකොට තිබේ. මේ ප්‍රහාරය මට දරාගත නොහැකිය. ඒ ගැන සිහිවන විටත් මා සියොලඟම දහදියෙන් තෙත්ව, අප්‍රාණික වී යයි. ඔව්, මා ඉස්සර විය යුතුය. ඒ බිහිසුණු කාලවර්ණ මරණයේ දූතයා සම්මුඛ වීමට ප්‍රථම මා ඉස්සර විය යුතුය.ඉදින් ප්‍රිය මිතුර / මිතුරිය ඔබ මේ දක්වා කියවූයේ මින් පෙර මා ඔබට නොකී මාගේ සැබෑ කතාවයි. එකක් පැවසිය යුතුමය. මෙම දුෂ්කර,බිහිසුණු කාලපරිච්ඡේදයේ අවසාන වසර දෙක තුළ ඔබ හා දොඩමළු වීමට ලැබීම හේතු කොටගෙන යම් ඉසිඹුවක් ලදිමි. එසේ නොවන්නට මා උන්මන්තකයෙකු වී බොහෝ කල්ය. ඒ ගැන මාගේ ස්තූතියි පිළිගන්න.දැන් යාමට කාලය පැමිණ ඇත. මෙය ලියා ප්‍රසිද්ධ කළ වහාම උපක්‍රමිකව ලබාගෙන දැන් මේ මොහොතේත් මා ඇස් අබියස ඇති නිදිපෙති අහුරම පානය කොට මා සදාකාලික නිද්‍රාවට පත්වෙමි. ඒ බිහිසුණු යක්ෂයාට මුහුණ දීමට නොහැකිව මම බියසුල්ලෙකු සේ ජීවිතයෙන් පලා යමි.ඔබට රිසිනම් වෙනදා සේම මෙයට ප්‍රතිචාර දැක්විය හැකිය. රිසිනම් නොකර සිටින්න. කෙසේ වෙතත් ඒවා කියවීමට හෝ ප්‍රතිචාර දැක්වීමට නොහැකිවන බව කිව යුතු නොවේ.ප්‍රිය හිතවත / හිතවතිය වෙන්ව යාමට කලින් ලද අත්දැකීම් ඇසුරෙන් යමක් පැවසීමට අවසර . කිසි දිනෙක, කිසි විටෙක, කිසිම හේතුවක් අරභයා සම්පූර්ණයෙන් කාල වර්ණ බළලෙකුව ඝාතනය කිරීමට එඩිතර නොවන්න. එය ඔබව විනාශය කරා රැගෙන යනු ඇත. ඔවුන් වනාහී සූක්ෂම පළිගන්නන්ය. එද්මොන් දාන්තේ පවා අභිබවා යන අති සූක්ෂම පළිගන්නන්ය. එපමණක් නොව කිසිඳු කුඩා සතෙකු උවද ඝාතනය කිරීමෙන් වළකින්න. ඔබට එය සුළු සිදුවීමක් වූවත් ඔවුනට එය ජීවිතය පිළිබඳ ගැටලුවකි. අප සිදු කොට අමතක කරදමනා කුඩා වුවත් පාපකර්මයන්ගේ ප්‍රති විපාක කෙතරම් බිහිසුණුද යන්න වටහා ගැනීමට ඔබට මාගේ කතාව ඉවහල් වනු ඇතැයි සිතමි.එසේ නම් සදාකාලික සමු ගැන්මකට අවසරයි .මෙයට ඔබට සදා හිතවත් සෙන්නා.20.03.20__.
BLOG
2014.08.29
http://jiiwithayawachanayen.blogspot.com/
ගහේ කටු
සෝරෝ
ඉස්සර කාලේ බොහෝ අය රැකියාව විදියට කලේ තම පියාගෙන් උරුම වෙච්ච දේ. ඒ හේතුව නිසාම තමයි ඒ කාලේ කුල ගෝත්‍ර බිහි වෙලා තියෙන්නේ. ඉන්දියාවෙන් අපිට උරුම වුන මේ ක්‍රමය අඩු වැඩි වශයෙන් අදත් ලංකාවේ විවිධ ප්‍රදේශ වල විවිධ ක්ෂේත්‍ර වල දකින්න අහන්න ලැබෙනවා.රාජ්‍යත්ත්වයට පත්වීමේ ඉඳලා කසල ශෝධක කෙනෙක් දක්වා ඔවුන් බිහි වෙන්නේ තමන්ගේ වැඩැහිටි පරම්පරාව එම ක්ෂේත්‍රයේ නියැළිලා සිටිය නිසා. වර්තමානය වන විට ලංකාවේ රජ කෙනෙකු මූලික වුන පාලන ක්‍රමයක් නොතිබුනත් බොහෝ විට දේශපාලනය කියන විශයට එකතු වන නවකයන් වුනත් ඔවුන් පිවිසෙන්නේ තම පියා හෝ මව හෝ එම කාර්යයෙහි නියැලිලා සිටින නිසා. එහෙම නැතුව අලුතෙන්ම පිවිසෙන අය ඉන්නේ බොහොම සීමිත ප්‍රමාණයක්.යම කෙනෙකු ශ්‍රී ලංකා දුම්රිය සේවයේ නියාමකයෙක් වශයෙන් රාජකාරී කරන ලද අවස්ථාවක ඔහුගේ ඉවත්වීමෙන් පසුව තම පුතා හට එම රැකියාව උරුම වීමේ නෛතික තත්ත්වයක් ඉස්සර තිබුන වගේ මට මතකයි. සමහර විට වර්තමානය වන විට ඒවා වෙනස් වෙලා තියෙන්න පුළුවන්.බටහිර වෛද්‍ය වෘත්තිය සලකා බැලීමේදී ඔවුන් බිහි වන්නේ මේ ක්‍රමයට නොවුනත් පැරණි සිංහල වෛද්‍ය වරු ගැන සලකලා බැලුවම අපිට දැකගන්න පුළුවන් එම වෘත්තියේ නියැලිලා ති‍යෙන්නේ එක්තරා පරම්පරා කිහිපයක අය පමණක් බව.වර්තමානය වන විට ලංකාවේ සංගීත ක්ෂේත්‍රය තුල මේ පිය පුතු සම්භන්ධතාවය බොහෝ ලෙස දක්නට ලැබෙන්නවා. එහි ප්‍රථිපලයක් විදියට ඇතැම් පැරණි ගීත යම් යම් නවතාවයන් සමඟ නැවත නැවත අහන්න ලැබෙන අවස්ථා බොහෝ ඇති අතර එම ගීත වලට අඩු වැඩි වශයෙන් අප බොහෝ දෙනා ප්‍රියතාවයක් දක්වනු දක්නට ලැබෙනවා.මිල්ටන් පෙරේරා - ප්‍රියංකර / චලක, මිල්ටන් මල්ලවාරච්චි - රනිල් / තාරක, මායා දමයන්ති - කුෂාණි, ටී.එම් ජයරත්න - ඉසුරු, මර්වින් පෙරේරා - අමල් වගේ එකී මෙකී නොකී බොහෝ අය ඉන්නවා අද වනවිට මේ ක්ෂේත්‍රයට පිවිසුන. මෑත කාලයේ ඉඳලා වගේ වික්ටර් රත්නායකයන්ගේ පුතා වෙන ජයන්ත රත්නායකත් තම පියාගේ ගීත ගායනය කරන අවස්ථා දකින්න ලැබෙනවා.මේ විදියට සංගීත ක්ෂේත්‍රයට පිවිසලා තියෙන මේ අය බොහෝ විට පිරිමි කෙනෙක් නම් තම පියා ද ගැහැණු කෙනෙක් නම තම මව ද සංගීත ක්ෂේත්‍රෙය් නියැළී සිටි අය. නමුත් මම මේ ළඟදි දවසක දුටු දේ තමා මේ ක්‍රමයේ පොඩි වෙනසක් වෙලා අපේ ශ්‍රේෂ්ඨ ගායන ශිල්පියෙක්ගේ ගීත ඔහුගේ දියණිය විසින් ගායනා කරන ලබන අවස්ථාවක්. ඒ තමා සුනිල් එදිරිසිංහ මහතා සහ ඔහුගේ දියණිය සංඛනී එදිරිසිංහ.මේ පහලින් තියෙන්නේ ඒ විඩියෝ එක. අහලම බලන්නකෝ. ඇහුවම තේරේවි ගහේ කටු උල් කරන්න ඕන නෑ කියන්නේ මොකද කියලා.
BLOG
2014.05.11
http://jiiwithayawachanayen.blogspot.com/
සුභ ගමන් ජනිතා....!
සෝරෝ
2010වසරේ අවසාන කාලය කියන්නේ මම ගූගල් බස් වලට සෙට් වෙච්ච මුල් කාලය වගේ තමා මට මතක. එතනට යද්දී අඳුරගෙන හිටියේ දෙතුන් දෙනෙක් නිසා කස්ටිය අඳුරගන්නම සෑහෙන්න කාලයක් ගියා. හැබැයි ඒ අඳුරගත්ත ඇඳුරුම්කම අද වෙනකන්ම තියෙනවා. [එහෙම නැති අයත් නැත්තෙම නෑ.]ඒ කාලේ හිටියේ ගෙදරම නිසා කොයි වෙලෙත් කොම්පියුටර් එක දාගෙන ලවක් දෙවක් නැතුව බස් එකට වෙලා අනිත් අය එක්ක වල් පල් කතා කර කර තමයි කාලය නාස්ති කලේ. කාලය නාස්ති කලත් ඒ කාලේ අපරාදේ කියන්න බෑ හොඳ යාලුවෝ ටිකක් හම්බුනා. [ඊට පස්සෙත් නැත්තෙ නෑ.] ඒ හම්බුන අය එකිනෙකාට වෙනස් ‍ක්ෂේත්‍ර වල නිසා බොහොම උදවු ගන්න පුළුවන් වුනා. ඒ බොහෝමයක් ඒවා ඔන්ලයින් උදවු තමා ඉතිං. [අදටත් එහෙමයි.]ඔහොම කාලයක් බස් පැද පැද ඉන්න අතරේ තමා අපේ ඉලංදාරියා අසනීප වුන නිසා ඒ වෙනුවෙන් අපි ඉලං ට උදවු කරන්න පෙල ගැහුනත් නොහිතපු විදියට අපි දාලා යන්න ගියා. මම ආශ්‍රය කරපු යාලුවන්ගෙන් අවසන් ගමන් ගිය පළවෙනියා ඉලං නිසා ගොඩක් හිතට දැනුනා මට ඒ සිද්දිය. ඒ සිදුවීම වුනේ 2011 අවුරුද්දේ මැයි මාසේ. ඊට අවුරුද්දකට පස්සේ අපි කාගෙත් හිත දිනාගෙන හිටපු ඔබා මාමාහෘදයාබාධයක් නිසා අපෙන් සමුගෙන ගියේ 2012 අවුරුද්දේ මැයි මාසේ.දැං මේ ගතවෙන්නේ 2014 අවුරුද්දේ මැයි මාසය. මේ අවුරුද්දෙත් මැයි මාසේ පටං ගනිද්දී හම්බුනේ දුක්මුසු ආරං‍චියක්. ඒ අපේ බස් හිතවතියක් වන ජනිතා අසාධ්‍ය තත්ත්වයේ පසුවන බවත්, ජයවර්ධන පුර රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවත්, ස්වාභාවිකව ස්වසවය සිදු කල නොහැකි නිසා කෘත්‍රීමව ස්වසනාධාර ලබා දෙන බවත් ය. ඩුබායි සේවය කල ජනිතා එහේදී ආහාර විශවීමක් නිසා මෙම තත්ත්වය ඇතිවූ බවත් ඒ නිසා ප්‍රතිකාර සඳහා ලංකාවට ගෙන්වාගත් බවත් ජනිතාගේ මව සමඟ මුහුණු පොතේ කල සංවාදයකදී එතුමිය කියා සිටියා.හැකියාවක් ඇති නං රෝහලට පැමිණ ජනිතා බලා යන මෙන් එතුමිය කියා සිටියත් දැඩිසත්කාර ඒකකයේ සිටින රෝගියෙක් බැලීමට යාම එම රෝගියාට සිදුවන හිරිහැරයක් නිසා අප කතා කරගත්තේ ඇයගේ රෝගී තත්ත්වය සුව වී රෝහලෙන් පිටවූ පසු නිවසට ගොස් ඇයගේ දුක සැප බලා එමු යි කියා ය.ඒත්........................ඒත් නොසිතූ අයුරින් ඇයත් අප හැර යන්න ගොසින්. ඇයත් අපෙන් සමු අරන් ගියේ අනෙක් දෙන්නා වගේම මැයි මාසයේ වීම අහම්බයක් ද....මතු උපදින කිසිම අත්භවයක මෙවැනි උවදුරක් සිදු නොවෙන්නට මෙම ආත්මයේ දීම ඇයට නිවන් සුව ලැබේවා......‍ජනිතා ඇගේ මව සමඟප.ලි - දේහය තැන්පත් කර තියෙන්නේ බොරලැස්ගමුව මල්ශාලාවේ බවත් අවසන් කටයුත් 13 වන අඟහරුවාදා බවත් දැනගන්නට ලැබුනි.
BLOG
2013.07.25
http://jiiwithayawachanayen.blogspot.com/
ආදරණීය නොරිකො සං.
සෝරෝ
ආදරණීය නොරිකො සං,ඔහයෝ ගොසයිමසු,පාළුව මඟහැර ගැනීමට නොහැකිව පැය ගනන් එහෙ මෙහෙ ඇවිදීමෙන් දැණුන පිපාසය නිවා ගැනීමට මා එදා මිදොරියට ම ගියේ ඇයිදැයි මට සිතුනු වාර‍අ‍නන්තයි අප්‍රමාණයි. තවත් කොතරම් කෝපි හල් එදා මා ඇවිද ගිය වීදිය දෙපස තිබුනා ද. මා එදා, ඒ වෙලාවේ එහි නොගියා නම් මට ඔබත් ඔබට මමත් හමු නොවන්න ඉඩ තිබුනා. එසේ වූවා නම් ඇතැම් විට අප දෙදෙනාගේ අනාගතය අද අපි මේ විඳින ජීවිතයට බෙහෙවින් වෙනස්වන්නට තිබුනා නොවේද. එසේ නම් ඔබ ඔබේ ම ලොවක් තනා සතුටින් ජීවත් වනු ඇති අතර‍මා බොහෝ දුරට යලි පැවිදි ජීවිතයට ම ඇතුලත් වීමට බොහෝ ඉඩකඩ තිබුණී.එසේ නමුත් දැන් සිදුවූ දේ සිදුවී හමාරය. මුල්ම දිනයේ දී මා ඔබගේ කෝපි හලෙන් කෝපි බීමට පැමිණියා වුවත් ඉන් පසුව පැමිණි බොහෝ අවස්ථාවල මා පැමිණීයේ කෝපි බීමටම නොව. මා සිත සසල කල ඒ සොඳුරු ජපන් යුවතිය දැකගැනීමේ ආශාව නිසාය. ඇත්තෙන්ම කිවහොත් පැමිණියා නොව මා දෙපා, ඔබ සේවය කළ කෝපි හල දෙසට, මා රැ‍ඟෙන ගියා යැයි කීවොත් එය නිවැරදි ය. එදා ඔබ හැඳ සිටි කහ පැහැති චාන් කිමෝනාවට සහ බොහෝ විට ජපන් යුවතියන්ගෙන් නොදකින ආකාරයේ හිසකෙස් සහිතව උඩට පීරා තිබීම නිසා ඔබ, මා සිතෙහි රැ‍ඳෙන්නට ඇති.ටිකෙන් ටික අප බොහෝ හිතවත් වී, ඒ හිතවත් කම නිසා ඔබ, මා නැවති හුන් නවාතැන වෙත පැමිණීම දක්වා දුරදිග ගිය විටදී මා බොහෝ සෙයින් සතුටු වු බව ඔබට අමතක නැතුවා ඇති. දිනක් මින්දෝරියේදී ඔබ මගෙන් "දවසක් යමු ද කබුකි බලන්න" යැයි විමසූ විට මා සිතූවේ ඔබ එවෙලෙහි අපි කබුකී නැටුම් ගැන කතා කරමින් සිටි නිසා නිකමට කියූවක් බවයි. නමුත් පසු දිනෙක ඔබට විවේකය ඇති දිනයන් ද පවසා අපි දෙදෙනාම එක් වී දිනයක් වෙන්කරවා ගත්ත ද ඒ‍මොහොත මට සිතුනේ මා සිහිනයක් දකින්නේදැයි කියා ය. ඒ දිනයන්හී ඔබ මා එතරම්ම හිතවත් වී නොතිබුනා වුවත් කිසියම් ආත්මීය බැඳීමක් නිසා මා සමඟ ඔබ කබුකි නාට්‍ය බැලීමට ගියා විම‍ට පුළුවන. කොටින්ම කියතොත් ඒ වෙද්දී ඔබ, මා සිටින්නේ කොහේද, කියාවත් දැන නොසිටියේ ය.කබුකි බැලීමෙන් ඇරඹි අ‍ප බැහැර යාම බොහෝ දින වලට ගියේ කෝපි හල් වෙතය. ඇය සමඟ කෝපි හල් වෙත ගොස් ඒවායේ ඇති සංගීතයන්ට සවන් දීමට මා බොහෝ විට ප්‍රිය කළෙමි. එවිට අප බොහෝ ළංව ඇති බව මා සිතට දැනෙන්නට පටං ගනී. ඒ සිතුවිල්ලට මා කොතරම් ආසා කලා වුවත් ඔබ එතරම් මා සමඟ ඇවිදීමට යාමට‍ නොකැමැත්තක් දැක්වූ බව මට සිහි වේ. නමුත් ඔබ පසුව පැවසූ පරිධි එසේ කලේ අන් අය දකී යැයි බියෙන් වුවත් එ මොහොතේ දී මා සිත කෙතරම් කම්පා වූවා දැයි ඔබට කෙදිනවත් තේරුම්ගත නොහැකි වනු ඇත. ඇතැම් දිනයන්හී දී ඔබ නොපැමිණි විට මා ජීවත් වූයේ කෙසේදැයි මට දැන් සිහි කරගත් නොහැක.කාලය කෙමෙන් කෙමෙන් ගෙවී ගොස්, අප පෙරදාට වඩා ළං වුවත්, මා "තෝකියෝවේ" සිටි කාලය නිම කොට "කියොතෝ" යෑම දක්වා පැමිණි විට එහි යෑමට මා සිත සාදාගත්තේ මා වැනි පිටස්තර දේශයක මිනිසෙකු ඔබට නොගැලපෙන බැවින් ඔබට, ඔබ රටෙහිම පුද්ගලයෙකු සමඟ විවාහ වන්නට අවස්ථාව දෙමින්, මා මතකය සෙමෙන් සෙමෙන් මඟහැරීයාම සඳහා ඉඩ දීමට ය. නමුත් ඔබ නොදැක මා "කියොතෝවට" ගොස් කෙටි කලක් හෝ ජීවත් වන්නේ කෙසේදැයි සිතෙන විට මටත් නොදැනීම මා හදවත හැඬූ සැටි සිහි වන විට අද පවා මා දෙනෙතට කඳුලු උනයි. මා එසේ ඔබෙන් ඈත් වීමට ඉටා ගත්තේ ඇතැම් විට ඔබ මා මඟහරිනවා යැයි මා සිතට උපන් සැකය නිසාය. එය කොතරම් දුරට සාධාරණ දැයි මා නොදන්නාමුත් මා ඔබගෙන් දුරස් වීමට එය ප්‍රභල හේතුවක් විය. ඇතැම් විට ඔබ අන් අය සමඟ දොඩමළු වන විට මා හදේ ඇති වූ ඊෂ්‍යාව නිසා එය සිදු වූවා වීමට පුළුවන. කෙසේ නමුත් මා "තෝකියෝවෙන්" නික්ම යන්නේ ඔබට, මා සමඟ සිටිනවාට වඩා හොඳ අනාගතයක් උරුම කරදීමේ චේතනාව නිසා ය.මා "කියෝතෝවට" ගියායින් පසුව ඔබට එතරම් ලිපි නොලීවේ එසේ කළහොත් ඔබට මාත්, මට ඔබත් අමතක කිරීමට නොහැකි වන නිසා ය. මා "කියෝතෝවේ" සිටින කාලයේදී ඔබ සේවය කරන කාර්‍යාලයේ සේවකයෙකුගෙන් විවාහ යෝජනාවක් ලැබුණු බව ඔබ පැවසූ විට මා පිටතින් සතුටු වුව ද අභ්‍යන්තරයෙන් මා සිත හඬා වැටෙන්නට විය. ඒ කෙසේ නමුදු මා යළිත්‍"තෝකියෝවට" නොපැමිණීමට අදිටන් කරගෙන සිටිය ද ඔබේ පියාගේ මරණය ආරංචි වූ විට මට නැවත ඔබ දැකීමට උපන් ආශාව මැඬපවත්වා ගැනීමට නොහැකි වූ නිසා මා යළි "තෝකියෝවට" ඒමට හිත හදාගෙන ඒ බ ව ඔබටත් ඔබ සහෝදරයාටත් ලියා දැන්වීමි.එසේ මා නැවත පැමිණි විට ඔබ නිවසේ මා සඳහා නවාතැන් දීමට ඔබ සහ ඔබ සහෝදරයා ඉදරිපත් වීම නිසා මා සිත බෙහෙවින් ප්‍රීතියට පත් වූයේ එවිට මට නිතරම ඔබව දැකගත් හැකි නිසා ය. එහෙත් ඔබ සේවය කරන කාර්‍යාලයේ රාජකාරී බහුල බැවින් බොහෝ සිනයන්හි දී ඔබ පැමිණෙන්නේ අප නිදා ගැනීම සඳහා ගුදිරි වෙත යෑමට ආසන්න විටදී ය. ඉරිදා නිවාඩු දිනයක් වුවත්‍බොහෝ විට ඔබ මා ඉදිරියට නොපැමිණෙන්නේ, ඔබ සිතින් මා අමතක කර සිටින නිසා දැයි මට සි‍තුනු අතර එයට බොහෝ විට බලපෑවේ කාර්‍යාලයේ ඔබට විවාහ යෝජනාවක් ගෙනා පුද්ගලයා සමඟ ඔබ විවාහ‍වීමට ගිවිසගෙන ඇත්දැයි සිතුනු නිසා ය. තෝකියෝවට ඒමෙන් සිදු වූයේ මා චිත්ත සන්තාපය වැඩිවීම පමණි. "කියොතෝවේ" දී මා මොහොතක් වත් සැනසිල්ලේ නොසිටිය මුත් පෙනෙන මානයක ඔබ නොමැති නිසා මා සිත් වේදනාව මැඬපවත්ත්වාගෙන සිටියෙමි.දිනක් මා "ෂිබූයා" වෙත ගොස් කාලය කා දමා පැමිණ මොහොතක් ගිමන් හැර, හිදෙජි සං හා චියෙකො සං සමඟ රෑ කෑමට සැරසෙත්ම ඔබ හදිසියේ පැමිණිි විට මා සිත සතුටින් ඉපිළ ගියේ වෙනදාට වැඩියෙන් අද ඔබව දැක ගත හැකි නිසාත් ඔබ සමඟ මොහොතක් හෝ කතා කිරීමට පුළුවන් වූ නිසාත් ය. එදා සවස අපි ගී ගැයුවෙමු. වෙනදාටත් වටා සතුටු වූයෙමු. හිදෙජි සං හා චියෙකො සං නින්දට ගිය පසුවත් ඔබත් මාත් ටික වේලා ගී ගැයූවෙමු. අවසානයේ අපද නින්දට යෑමට සැරසී ඔබ නෑම සඳහා නාන කාමරයට යත්ම මා ඔබගේ අතින් අල්ලා "මාව මරණ එක මීට වැඩිය හොඳයි. මාව මරන්න" යැයි කියූ සැටි මට හොඳහැටි මතක ය. මෙතෙක් දිනක් මා සිතේ සිර කරන් සිටි සිතුවිළි සමුදාය මා එසේ නිදහස් කලේ තවත් මට එසේ සිටිය නොහැකි නිසා ය. අනතුරුව ඔබ අත ගසා දමා, පැවසූ දෙයින් මා මුළු සිරුරම දැවී යන්නාක් මෙන් මට දැනුණී. එය සිහි වන විට මෙ මොහොතේ ද මට එසේ දැණේ.ඔබ මෙලෙස මා ඇතුලතින් මරණයට පත් කරන්නේ නම් මා හට නැවත පැමිණෙන ලෙස දැන්වුවේ ඇයිදැයි සිතමින් මා නින්දට ගියෙමි. එහෙත් නින්ද මා අසලටවත් නොපැමිණි හෙයින් මගේ ලාච්චුව හැර, එහි තිබු මා නිදන බෙහෙත් ගුළි බෝතලය ගෙන එහි වූ බෙහෙත් ගුළි සියල්ලම ගිල මෙට්ටය මත වැතිරුණෙමි. කෙමෙන් කෙමෙන් මා නින්දට වැටුණී.එක දිගට දිගු ලිපියක් කියවීම ඔබට විඩා ගෙන දෙන්නක් විය හැකි නිසා මා මෙයින් නතර වෙමි. ලිපියේ ඉතුරු කොටස පසුව එවීමට පොරොන්දු වෙමි.වතකුෂි-ඔ වසුරෙනයි දෙ කුදසයි,මම දෙවෙන්දොරා සං,.
BLOG
2013.06.27
http://jiiwithayawachanayen.blogspot.com/
Homeland, The Afghan and Terrorism
සෝරෝ
ඉරාකයේ සිදු කල මෙහෙයුමකින් අවරුදු අටක් පමණ අතුරුදහන් වෙලා සිටි ඇමරිකානු මැරීන්හමුදා සෙබලෙක්ව මුදා ගැනීමට සමත් වනවා. නමුත් CIA නිළධාරිණියකට ලැබෙනඔත්තුවකින් දැනගන්න ලැබෙනවාඑක්තරා සිරකරුවෙකුගේ මොළ සේදීමකින් (Brain Wash) අනතුරුව ත්‍රස්ථවාදීන් සඳහා උදව් දීමට ත්‍රස්තවාදීඒ ජන්තවරයෙක් විදියට ඇමිරිකාවට නැවත පැමිණෙන බව.එනිසා මෙමඒජන්ත වරියගේ සම්පූර්ණ සැකය යොමු වන්නේ නිකලස් බ්‍රෝඩි ටහෙවත් ළඟදි මුදාගත් මැරීන් සෙබලා වෙත. මේ නිසා ඇය හෙවත් කැරී මැතිසන් විසින් තම රහස් කණ්ඩායමක් යොදවා බ්‍රෝඩි ගැන ඇහැ ගහගෙන සිටින්නේ තම සැකය තහවුරු කර ගැනීම සඳහා තොරතුරු ලබාගැනීම සඳහා ය.මුලු රටම, විරුවෙක් විදියට සිතා සිටින මෙමහිටපු මැරීන් සෙබළාගේ හැසිරීම කෙරෙහි රහසින් CIA නියෝජිත වරිය සැකයෙන් යුතුව බලා සිටියත් ඇයට තම ඉහළ නිළධාරියාගේ මැදිහත්වීම මත නිත්‍යානුකූල අවසරය කෙටි කාලයක් සඳහා ලබා ගැනීමට සමත් වන අතර වැඩි කල් නොගොස්ම ඇය තම සැකකරු කෙරෙහි පෙම් කිරීමට පෙළඹේ.ඇමරිකාවට ත්‍රස්ථවාදී බලපෑමක් ඇති බව හෙළිවන අතරඑය කුමන ආකාරයේඑකක් දැයි නිශ්චිත වශයෙන්හඳුනාගැනීමට නොහැකි වේ. කෙසේ නමුත් මුල් ප්‍රහාරය ඉතාමත් අදක්ෂ අන්දමින් ව්‍යර්ථ වන අතරඑහිදී තවත් චරිතයක් කරළියට පැමිණේ.පළමු කථා මාලාවඑතැනින් අවසන් වන අතර දෙවැන්න ආරම්භ වන්නේ ත්‍රස්ථවාදී අරමුණ සොයා යෑම තුලින්. මේ වන විට ත්‍රස්ථවාදීඔත්තු කරුවා, බ්‍රෝඩි බවට තහවුරු වන අතරඔහු තම සහාය CIA එක වෙත ලබා දීමට එකඟ වීමත් සමඟ ද්විත්ත්ව ඒජන්ත වරයෙක් බවට පත් වේ.ඒ නමුත් ත්‍රස්ථවාදී ඉලක්කය කුමක්දැයි යන්න ඔහු පවා නොදන්නා අතරඑය සොයා ගැනීමට උදවු වේ.කෙසේ නමුත් අවසානයේදී මොවුන්ට මෙම ඉලක්කය හඳුනා ගැනීමට හැකි වේද නැද්ද යන්න දැන ගැනීම සඳහා මෙම කතා මාලාව නැරඹීමට සිදු වේ.මොහොතින් මොහොත කුතුහලයෙන් පිරි මෙම කතා මාලාව මම ප්‍රිය කරනා ඝණයේඑකකි. කොටස් දොලසකින් යුක්ත මාලා තුනක් සහිත මෙය මේ වන විට මාලා දෙකක් නිකුත් වී ඇති අතර මෙය ලියා ඇත්තේ කණ්ඩායමක් වීම මෙහි ඇති විශේෂ ලක්ෂණයයි.අවශ්‍ය කෙනෙකුට මෙම Homelandකතා මාලාව සිංහල උපසිරුස සමඟව බාගත කරගන්න පුළුවන් උවමනා නම් බයිස්කෝප් අඩවියට ගියොත්.කාලෙකට ඉහත දීඕනයියාදුන්, යුධ බල්ලෝ නම් Frederick Forsyth ගේThe Dogs of War නම් සිංහල පරිවර්ථනය කියැවීමෙන් අනතුරුව මා මෙවැනි කතා වලට ප්‍රිය කිරීමට පෙළඹුනු අතරඑනිසාමඔහුගේ වෙනත් කෘති කිහිපයක්ම ගෙන කියවීමී.ඒවා නම්පලිගැනීමේමෙහෙයුම (Avenger)නාග මෙහෙයුම(The Cobra)සිරකරුවා සහඔත්තුකරුවා(The Afghan)මේ පොත් අතරින් 2006දී ලියා ඇති සහ 2013දී පරිවර්ථනය කර ඇති “සිරකරුවා සහඔත්තුකරුවා“හෙවත්The Afghanයන පොතේ ඇති කතාව Homeland කතා මාලාවට යම් සමානකමක් දක්වන අතරඑහි ඇත්තේ කතා මාලාවේ අනෙක් පැත්තය.අල්කයිඩා සංවිධානය විසින් එල්ල කිරීමට සූදානම් වන ප්‍රහාරයක් පිළබඳව CIA වෙත සැල වීමත් සමගම එය කුමක්දැයි සොයාගැනීම සඳහා ඇමරිකානු හමුදාවෙන් විශ්‍රාම ගිය නිළධාරියෙකු, ඇමරිකානු අත්තඩංගුවේ සිටින ඇ‍ෆ්ගන් ජාතික ත්‍රස්ථවාදියෙකු වෙනුවට නිදහස් වී ගොස් ඔත්තු බැලීම පිළබඳව අතිශය කුතුහලාත්මක කතාවක් මෙම පොත තුල අන්තර්ගත වේ.කෙසේ නමුත් මේ දෙක සංසංදනය කිරීම කල නොහැකි අතර දෙකම මාගේ සිත අතිශය ලෙස ඇදගැනීමට සමත් විය.
BLOG
2013.05.31
http://jiiwithayawachanayen.blogspot.com/
වැස්සට පෙම් බැඳි ගී...
සෝරෝ
උදේ පාන්දරම වහින්න ගත්තම දවසෙම කිසි වැඩක් කරන්න වෙන්නේ නැති වුනාට කූල් එකේ ඉන්න පුළුවන් නිසා වහින තරමට ඇඟට සනීපයි. ඒක නිසා වැස්ස කොච්චර වැස්සත් එපා වෙන්නේ නෑ. පහුගිය දවස්වල තිබුන ඇඟ කර වෙන රස්නේ නිසා වහින්න පටං ගත්තම දැනෙන සනීපය නම් කියලා නිම කරන්න බැරි තරම්.වහින වෙලාවත් හරියට හඳ තියෙන වෙලාව වගේ වැස්ස දිහා බලාගෙන කල්පනා ලෝකෙ පුරා සැරිසරන්න පුළුවන්. ඒක නිසාම වෙන්නැති මම වැස්සටත් ආස කරන්නේ. පොඩි දවස්වල ඉඳන් වහින වෙලාවට එළිය දිහා බලාගෙන ඉන්න මම ආසා කලා. සමහර දවසට හෙම්බිරිස්සාව හදාගෙන බැනුම් අහගත්ත වෙලාවල් නම් අනන්තයි. හැබැයි ඒ මොනව වුනත් වැස්ස දිහා බලං ඉන්න එක නම් එපා වෙන්නේ නෑ. ඒ වගේම තමා වැස්ස වෙලාවට තෙමි තෙමි යන එක. ඒකත් ජොලි වැඩක් වුනත් වෙන කරන්නම දෙයක් නැති වෙලාවට ඇරෙන්න තෙමි තෙමි යන්නේ නම් නෑ.වහින එකත් කලාවක් විදියට දකින පිරිසක් අපි අතරේ ඉන්නවා ඒ තමා කවියො, ගී පද රචකයෝ. ඔවුන් තම නිර්මාණ සඳහා වැස්සේ අලංකාර බව, සෞම්‍ය බව, ආදරණීය බව, එක් කරගෙන තියෙන්නේ එක එක්කෙනා වෙන වෙනස් විදියට. මේ විදියට වැස්ස එක්ක සම්භන්ධ වෙලා බිහි වුන ගීත කීපයක් අහලා බලමු. මේ ගීත කොයි තරම් අපේ ජීවිත වලට සම්භන්ධ ද කියලා හිතලා බලන්න.මුල්ම ගීතය ගායනා කරන්නේ "ඩබ්. ඩී. අමරදේව" ශූරීන්. මේ ගීතයට සංගීතය එක කරලා තියෙන්නේ "සනත් නන්දසිරි" මහත්තයා. ඒ වගේම මේ ගීතයේ ගී පද රචනාව කරලා තියෙන්නේ ගීතය තමා "මහ වැස්සක පෙර නිමිති පෙනෙනවා"දෙවෙනියට දෙන්නේ මා සදා කැමති ගායකයෙක් වන "වික්ටර් රත්නායකයන්" විසින් සංගීතවත් කර ගායනා කරන, පද රචනය මහාචාර්‍ර සුනිල් ආරියරත්න මහතා විසින් සිදු කර ඇති, "හිත මිතුරු සුළඟ" කියන සිංදුව.තුන්වෙනියට දෙන්නේ අපිට ඉන්න ප්‍රවීන සංගිතඥයෙක් වෙන රෝහන වීරසිංහයන් විසින් සංගීතවත් කරලා ගායනා කරන "මුතු කුඩ ඉහලන මල් වරුසාවේ" කියන ගීතය. මේ‍ගීතයේ ගී පද රචනාව සිදු වෙලා තියෙන්නේ ලූෂන් බුලත්සිංහල මහතා අතින්.ඊළඟට දෙන ගීතය ගායනා කරන්නේ නව පරපුරේ ගායකයෙක් හා වාදකයෙක් වන "සුමිත් ප්‍රියංකර". මොහු මේරියන්ස් සංගීත කණ්ඩායමේ කීබෝඩ් වාදකයා වේ. මේ ගීතයේ පද රචකයාගේ නම නම් හොයාගන්න බැරි වුනා.ඊළඟ ගීතය ගායනා කරන්නේ "විශාරද එඩ්වඩ් ජයකොඩි" මහතා. ඒ තමා "මිණි මිණි පොද වැටේවි" කියන ගීතය. මේ ගීතයේ පද රචනාව "රත්න ශ්‍රී විජේසිංහයන්ගෙන්" වන අතර සංගීතය "කරුණාරත්න විජේවර්ධනයන්ගෙන්"අවසාන ගීතය නව පරපුරේ ජනප්‍රිය ගායකයන් දෙදෙනෙක් වන "කසුන් කල්හාර" සහ "ඉන්ද්‍රචාප ලියනගේ" යන දෙදෙනා ගායනා කරන "මල් වරුසාවේ පාවි එන්නම්" කියන ගීතය.වැස්ස කොයි තරම් ආදරණීය ද කියලා මේ සිංදු ඇහුවම හිතේවි.
BLOG
2013.05.21
http://jiiwithayawachanayen.blogspot.com/
පරවුනත් මල් අතීතේ සුවඳ හදවත සමීපේ...
සෝරෝ
යාන්ත්‍රීකරණය වුන වර්ථමාන අප මනසට යම් හෝ සුවයක් ගෙන ඒමට බෙහෝ දෙනා විසින් සිදු කරනුයේ සංගීතයේ සප්තප් ස්වරයෙන් සැනසීම වුවත් වර්ථමානයේදී බිහිවන ගීත වලින් එවැන්නක් සිදු වීමට ඇති ඉඩකඩ ඉතා සීමිත නිසා නිරායාසයෙන්ම යොමුවන්නේ 70, 80 සහ 90 දශකයන්ගේ‍ගීතයන් කෙරෙහි ය. එම ගීතයන් වල ඇති අර්ථාන්විත භාවය සහ ළබැඳි සංගීතය නිසා අපගේ මනස ඒ කෙරෙහි ඇද බැඳ තබා ගැනීමට සමත් වනු ඇත.එබඳු ළයාන්විත ගීත කොතැනදී ඇසුවත් මතකයේ රැ‍ඳෙන්නේ ඇතැම් විට අපගේ ජීවිතයේ විවිධ අවස්ථාවන් වලට එම ගීතයන්හී යම් සම්භන්ධතාවක් ඇති නිසා යැයි විටෙක සිතෙන අතර, ඇතැම් ගීත කොතරම් ශ්‍රවණය කල ද තවත් වරක් හෝ ශ්‍රවණය කිරීමට සිතේ.පුරුද්දක් ලෙස, රාත්‍රි නින්ද සඳහා ඇඳට ගොස් ප්‍රථමයෙන් සිදු කරනුයේ ජංගම දුරකථනය ගෙන එහි කන් බනුව (Ear Phone)සම්භන්ධ කර දුරකථනයෙන් ගුවන්විදුළියට සවන් දීමයි. මා සවන් දෙනු ලබන්නේ රන් එෆ්.එම්., සිටි එෆ්.එම්., ලක්හඬ සහ ලක් එෆ්.එම් වැනි ගුවන්විදුළි නාළිකාවන්ට ය.බොහෝවිට මා නින්දට යන්නේ රාත්‍රී 8.00 - 10.00 අතර තුර කාලයේ නිසා එම වෙලාන්ට ගුවන්ගත වන වැඩසටහන් වලට සවන්දීමට මා ප්‍රියතාවයක් දක්වනු ලැබේ.රන් එෆ්.එම්. - රුවන් සඳැල්ල, සිටි එෆ්.එම්. - ආරාධනා, ලක්හඬ - ප්‍රේම තටාකය හා ලක් එෆ්.එම්. - ප්‍රේමණීය රාත්‍රිය මේ වෙලාවන්හිදී ගුවන්ගත වන වැඩසටහන් වේ. මෙම වැඩසටහන් අතුරින් රන් එෆ්.එම්. හි රුවන් සඳැල්ලට මා බොහෝ ඇලුම් කරන්නේ එහි වැඩසටහන ඉදිරිපත් කරන පුද්ගලයාගේ කෙටි විචාරයන්ට ඇති කැමැත්ත යැයි කිවුහොත් එහි වරදක් නොවේ. මන්ද ඔහු ඇතැම් අවස්ථාවන් වලදී ඉදිරිපත් කරන ඉතා කෙටි කතාවන් ඉතාමත් අලංකාර බව වරක් හෝ මෙම වැඩසටහන ඇසූ අයෙක් දන්නා අතර නොඇසූ කෙනෙකුට මා ඇරයුම් කර සිටින්නේ වරක් හෝ එය ශ්‍රවණය කරන මෙන් ය.මේ අතර තුර දහවල් කාලයේදී මා ඇතැම් විට යූටියුබය හරහා පැරණි, එතරම් ප්‍රචාරය නොවන ගීත ශ්‍රවණය කරන අතර ඇතැම් බ්ලොග් අඩවි වල ඇති ගීත ද බොහෝ විට ශ්‍රවණය කරන්නේ ඒවායේ ඇති රමණීය බව නිසා ය.මෙසේ අද දින බ්ලොග් කියවද්දී ඇස ගැටුනු එක්තරා බ්ලොග් අඩවියක තිබූ ගීතයකට මාගේ සිත ඇදී ගිය අතර එහි ලියා තිබූ කෙටි විචාරය ද ඉතා අනර්ඝ එකක් ලෙස දැක්විය හැකිය. මේ ගීතය කොතරම් මගේ සිතට ඇතුල් වුනාදැයි කිවහොත් ඇතැම් විටෙක මා සිතට නැඟුනේ මේ ගීතයෙන් කියවෙන්නේ මගේ කතාව දෝ කියා ය. ඒ තරමට ඒ ගීතයට මා ප්‍රිය කරන්නට විය. එය දුටු මොහොතේ පටන් කිහිප වතාවක්ම එය ශ්‍රවණය කල අතර කොතරම් වාර ගණනාවක් එය ශ්‍රවණය කලාදැයි මා සිහියට නොනැ‍ඟේ. මේ මොහොතේ ද ශ්‍රවණය කරමින් සිටී.එම බ්ලොග් අඩවියට යන මාර්ගය මෙසේ වේ[200]දයාබර මාලතීඑම ගීතයේ පද මාලාව නම්....අම්මා කෙනෙක් බිරිඳක් වෙලාලොව කාටහෝ නුඹ උරුමැතීසතුටින්ද ඔබ පෙරටත් වඩාමගේ ඉපැරණි පෙම්වතීමමද සැමියෙකි ඇයට අවනතදෙදරුවන් ලඟ නිවන සරතැසකාලයේ වැලිතලාවේසබඳකම් සැඟවුනාවේ..අතරමග සුණු විසුණු පැතුමකමතක මිහිරියි තාම හිත යටපරවුනත් මල් අතීතේසුවඳ හදවත සමීපේ.
BLOG
2013.05.17
http://jiiwithayawachanayen.blogspot.com/
ආර්යාට පෙම් බඳිමින් යකඩ සිහසුනේ අරගලය බැලීම..
සෝරෝ
යකඩ සිංහාසනේ රජවෙලා හිටපු රොබට් රජතුමා මළායින් පස්සේ රජ වුන එතුමාගේ පුතා වන ජෙෆ්රිටයකඩ සිංහාසනයේ අයිතිය පිළිබඳව පැන නගින ගැටළුව නිසා රජධානි හතේ පාලකවරු මේ පොඩි රජාට විරුද්ධව යුද්දේ ප්‍රකාශ කර යුද්ධ වදින අතර ඒ ඒ පාලකවරුන්ම අනෙක්‍පාලක වරුන්ට විරුද්ධව යුද්ධ කරන්නේ ඔවුන්ට වඩා තමන්ට මේ යකඩ පුටුවේ අයිතිය තියෙන බව ප්‍රකාශ කරමින් නිසා, මේ යුද්දේ අච්චාරුවක් බවට පත් වී ඇත.කෙසේ වුවත් එක කොටසක් ඉවර වන්නේ තවත් නව මානයකට ආරම්භයක් දී බැවින් කුතුහලය උපරිමෙන්ම ඇති රූපවාහිනී කථාමාලාවකි. රූපවාහිනී කථා මාලාවක් වුවත් මෙය ද අන්තර්ජාලය හරහා විකාශනය කථා මාලාවක් නිසා ඕනෑම කෙනෙකුට අන්තර්ජාලයෙන් බාගත හැකි අතරම බයිස්කෝප් අඩවියෙන් සිංහල උපසිරැසත් අවශ්‍ය නම් බලා ගත හැකිය. මේ වෙනවිට තුන්වන කථා මාලාව විකාශනය වන අතර කථා මාලා හතරක් ඇති බව IMDb වෙබ් අඩවියේ දක්වා ඇත.මෙහි ඇති නම් ගම් අපිට නුහුරු වුවත් කථාවේ කොටස් අනුව ඒ ඒ නම් ඒ ඒ අවස්ථාවේදී මතකයට එන බැවින් නම් මතකයේ තබා ගැනීමට වෙහෙසක් ගත යුතු නොවේ. මෙහි ඇති චරිත අතුරින් නෙඩ්, රොබ්, ආර්යා, ඩනේරිස් නැතහොත්කලේසි, ජෝන් ස්නෝ, ටයිරියොන් ලැනිස්ටර්නැතහොත්කොටා යන චරිතයන්ට මා රුචි අතර ඒ අතරිනුත් ආර්යා ස්ටාර්ක් කෙරෙහි මසිත වැඩි රුචිකත්ත්වයක් දක්වයි. සුරූපී හුරුබුහුටි කෙළි පොඩිත්තක් වුවත් හොඳට හිතලා මතලා වැඩ කරන අතර පිස්සු පොඩි රජා තම පියා ඝාතනය කලායින් පසුව පලා ගොස් සැඟවී සිටිනා විට නොදැනුවත්ත්වටයිවින්වෙත ගොස් ඇති අතර ඔහුට ද රහසේ ඔහු යටතේ ජීවත් වෙනු ලැබේ.තවමත් දෙවැනි කථා මාලාවේ හත්වෙනි කොටස දක්වා පමණක් නරඹා ඇති බැවින් ඒ දක්වා තොරතුරු පමණක් දන්නා අතර, අතීත රාජ සභ වල සැබෑ තත්ත්වය පෙන්නුම් කිරීමට අධ්‍යක්ෂක වරයා කටයුතු කර ඇති බව පැහැදිළිව පෙනෙන්නට තිබෙන කරුණක්. එකල රාජසභාවල හිටි කේලාම් කියන්නන්, ඔත‍්තු කරුවන්, ශේප් එකේ දෙපැත්තම ගොඩදාගන්නන් ආදී නොයෙක් චරිත මඟින් අතීතයේ රාජ සභා පිළිබඳ අර්ථකථනයක් දී ඇති බව මෙම කථා මාලාව නරඹන‍ඕනෑම කෙනෙකුට පෙනී යනු ඇත.අප කුඩා කල රූපවාහිනිය තුලින් දුටු දූදරුවෝ, නෑදෑයෝ, ගිරය, ගමන, වැනි ඉතා අනර්ඝ කථා වෙනුවට වර්ථමානය වන විට ඉන්දියානු සම්ප්‍රදාය මුසු වූ නීරස සහ ඒකාකාරී දීර්ඝ කථා මාලා නිසා අපගේ රසවින්දනය හීනවී යන යුගයක මෙවැනි වින්දනාත්මක කතා මාලවක් දුටු කල්හී ඒවා නොබලා සිටීමට නොහැකි වන තරමටම ඒ කරෙයි සිත ඇදී යෑම අරුමයක් නොවන්නේ නිරන්තරයෙන්ම අපගේ මනස විවිධාකාර රසවින්දනයක් සොයා යන නිසා ය.---ප.ලි.උඩ පොටෝ එකේ ආර්යාට වඩා මේ පොටෝ එකේ ආර්යා ලස්සන ඇති.. :Dප.ප.ලි - මෙම කතා මාලාව 18+ බව කරුණාවෙන් සලකන්න.
BLOG
2013.05.10
http://jiiwithayawachanayen.blogspot.com/
කල්පනා ලොව මල්වනේ සිහින රජ දහනේ...
සෝරෝ
මම ඉස්සරඉඳන්ම ආසා කලා හඳ දිහා බලාගෙන ඉන්න. පෝය දවසට හඳ දිහා බලාගෙන සීමාවක් නැති කල්පනාලෝකෙක තනිවෙලා ඉන්න එකට මම ගොඩක් ආසා කලා. එහෙම ‍ටික කාලයක් යද්දී මම පුරුදු වුනාකළුවරට වෙලා තනියම ඉන්න. හැමදාම රෑට හඳ නැති නිසා වෙන්නැති ඒකට පුරුදු වෙන්නඇත්තේ. එහෙම කල්පනා කරන්න පටන්ගත්තම නවතින්නේ පටන්ගත්ත තැනින් නෙවෙයි. ඊටසම්පූර්ණයෙන්ම වෙනස් තැනකින්.පොඩි කාලේ මම කරපු කියපු දේවල්, ඉස්කෝලෙයන කාලේ කරපු පිස්සු වැඩ, උ/පෙළට පන්ති යන කාලේ ගත්ත ආතල්, එතනින් එහාට එක එක කෝස්කරද්දී කරපු වැඩ ගැන එහෙම මතක් වෙද්දීත් හිනා යනවා. මොකද ඒ කාලේ කොයි තරම්සැහැල්ලු විදියටද ජීවත් වුනේ කියලා. කිසිම බරක් පතලක් නෑ හිතෙන හිතෙන දේ කරනවා.හැබැයි මොන දේ කරත් මොකක්හරි හේතුවකට ගෙදරින් එළියට යනවා කියන්නේ ගොඩක් අමාරුදෙයක්. අද කාලේ තරමටම ඒ කාලෙත් සමාජය දූෂණය වෙලා තිබුනේ නැති වුනාට යාලුවො එක්කඑහේ මෙහේ යන්න අවසර දුන්නෙම නැති තරම්. ඒක නිසා එහෙම ගමනක් බිමනක් සෙට් වුනොත්ඉතිං අනිවා දානෙ ගෙදරක් හරි මළගෙයක් හරි තමයි ඉතිං. එක පාරක් යාළුවෙකුට උගේ කෙල්ල‍ගේඋපන්දිනේට දෙන්න තෑග්ගක් ගන්න මාතර යන්න සෙට් වුනා අපි තුන්දෙනෙක්. ඉතිං අපිතුන්දෙනාම ගෙදට බොරු කියලා තමා ගියේ. මොකද ඇත්ත කියන්නේ කොහොමද.. (අපේ අම්මලාටතාත්තලාට පාරම්රික අදහස් තියෙන අය නිසා අපි “ආදරය”කියන වචනය ගැන ගෙදරදී කතා කලේ නැති තරම්. දැනට වුනත් ඒක එහෙමයි.) ඒක නිසා මොකක්හරි බොරුවක් ගහලා තමා ගියේ. හොඳම දේ වුනේ ඊට දවස් දෙකකට පස්සේ... ඒ තමා මුලුලංකාවම අඬවපු සුනාමිය ආවේ අපි තුන්දෙනා ගිය දවසට දවස් දෙකකට පස්සේ. බැරි වෙලාවත්සුනාමිය තව දවස් දෙකක් කලිං ආවා හරි හෝ අපේ ගමන තව දවස් දෙකක් පහුවෙලා ගියා නම්,අපේ අම්මලා තාත්තලා වත් දන්නේ නෑ අපිට මොනවද වුනේ කියලා. එහෙම වුනා නම් සමහරවෙලාවට අනුමාන කරයි සුනාමියට අහු වුනා කියලා. ඒත් කෙහේදි, කොයි වෙලාවෙදි, අහුවුනාදකියලා කවමදාවත් දැන ගන්න වෙන්නේ නෑ. එහෙනං ඉතිං මේ බ්ලොග් එකත් නෑ... :D ඔහොම ගොඩක් සැහැල්ලුවෙන්තමා හිටියේ. පනින් පෙර හිතා‍ බැලුවෙම නෑ ඒ කාලෙ නම්. ඔය විදියට ඒවා ගැන කල්පනා කර කර ඉන්නකොටආයේ එතනින් ලිංක් වෙනවා ඒ කාලේ මම ආදරේ කරපු අය, මට ආදරේ කරපු අය, යාඵ මිත්‍රයෝගැන, නෑදෑයෝ ගැන. විතරක් නෙවෙයි සීමාවක් නැතුව එක එක චරිත ගැන. චිත්‍රපටි වල චරිත,කාටුන් වල චරිතත් ඒ අතර ඉන්නවා. සමහර වෙලාවට කළුවරේ හිඳගෙන තනියම මනසින් වීඩියෝගේම් පවා ප්ලේ කරනවා. එහෙම නැත්තං ප්ලේ කරපු ඒවගේ වැරදි වුන තැන් ගැන කල්පනාවෙනවා, අපරාදේ මට එහෙම නැතුව මෙහෙම කරන්න තිබුනනේ, එහෙම කලා නම් අවුට් වෙන්නේ නෑනේද කියලා... :Dඊට පස්සේ කල්පනා වෙනවා ජීවිතේ තීරණාත්මකඅවස්ථා වලදි මම ගත්ත තීරණ. ඒ ගත්ත තීරණ වලින් මම ගොඩ ගියපු තීරණ, මට වැරදුනු තැන්වගේම කිසිම තීරණයක් නොගෙන කාලය විසින් විසඳුමක් දෙනකං බලාගෙන හිටුපු සහ ඉන්න තීරණවගේ නානාප්‍රකාර දේවල්.සමහර වෙලාවට හිතට දුකක් ශෝකයක් දැනෙන්නගන්නවා සමාජය ඉන්න තැනයි මම ඉන්න තැනයි දිහා බැලුවම. එහෙම තැනක් ආවම එතනින් කල්පනාවනැවතලා අනිත් දේවල් ගැන හිතුවට වඩා වැඩි කාලයක් ඒවා ගැන කල්පනා වෙනවා. ඊට පස්සේඉබේම පියවි ලෝකෙට එනවා. ඒ ඇවිත් සමහර වෙලාවට ආයෙම කල්පනාවට වැටෙනවා, එහෙම නැත්තංඑතනින් මේ ලෝකේ නවතිනවා.සමහර දවස් වලට කාමරේ ලයිට් එක නිවාගෙනඇඳට වෙලා ඕවා කල්පනා කර කර ඉන්නකොටදන්නෙමනැතුව නින්ද යනවා. ආයෙම නැගිටිනනේ පස්සේ දවසේ උදේට තමයි ඉතිං. ඔය විදියට හඳ තියෙනනැති රැයක් කියන්නේ මගේ ජීවිතේට ගොඩක් සමීප දෙයක්. හැබැයි හිත හරි අවට පරිසරය හරිකලබල දවසක් නම් කල්පනාව අහලකටවත් එන්නේ නෑ.
BLOG
2013.03.17
http://jiiwithayawachanayen.blogspot.com/
ඔබ පෙම් කරනා, ඔබේ කුමාරී..
සෝරෝ
සාමාන්‍යෙයන් මම රෑට නිදාගන්න යද්දී නෙට් එක දාන්නේ පුරුද්දකට මිසක් මදුරුවෝ ඉන්න නිසාම නෙවෙයි, ඒකට පුරුදු වෙලා නිසා. ඒ නිසාම ගෙදරින් පිට කොහේ ගියත් නෙට් එකක් තිබුනොත් ඒක දාගෙනම තමා නිදා ගන්නේ.හැබැයි ඉතිං මේ දවස් වල තියෙන අධික රස්නය නිසා නෙට් එක දාගෙන තියා ෆෑන් දාගෙනවත් නිදාගන්න බෑ. ඒ තරමට රස්නෙයි. අනිත් එක ෆෑන් එක දාගෙන නිදාගත්තා කියලා රස්නය අඩුවීමක් වෙන්නේ නෑ. තව වැඩි වෙනවා මිසක්. මොක ද ෆෑන් එක දැම්මම වෙන්නේ ඇතුලේ තියෙන වාතය කරකැවෙන එක විතරක් නිසා. ඇතුලේ තියෙන්නේ රත් වෙලා කර වෙච්ච වාතය නිසා ෆෑන් එක දැම්මා කියලා අලුත් සිසිලසක් එන්නේ නෑ.පුරුද්දට වෙච්ච දේ ඊයේ රෑ කලේ නැත්තේ රස්නේ නිසා මිසක් අමතක වෙලා නෙවෙයි. මදුරුවෝ හිටියත් මේ ඉවන්න බැරි රස්නේ නිසා නෙට් එක නොදමා ෆෑන් එක විතරක් දාගෙන නිදාගත්තේ හදිසි අවස්ථාවක් ආවොත් නෙට් එක දාගන්නව කියලා හිතාගෙන. එහෙම හිතගෙන නිදාගත්ත නිසාම ද මන්දා වැඩි වෙලා ඉන්න හම්බ වුනේ නෑ නෙට් එක නොදමා.මදුරුවෙක් දෙන්නෙක් ඇවිත් කැරකෙන්න ගත්තා, ඒ විතරක් නම් මදැයි කන ගාවටම ඇවිත් රහසින් සිංදු කියන කොට තමා ඉවසන්න බැරි. වැඩේ එන්න එන්නම බරපතල තත්ත්වෙට පත්වෙන්න ගත්තත් නෙට් එක දාන්න නැගිටින්න කම්මැළිකමේ එහෙමම හිටියේ “තව එකෙක් ආවොත් නම් අනිවා නෙට් එක දාගන්නවා“ කියලා හිතාගෙන. එහෙම හිතලා අනිත්පැත්ත හැරෙනකොටම එකෙක් කොඳුරන්න ගත්තා කනට ළං වෙලා. බලං ඉඳලා හරියන්නේ නැති නිසා අන්තිමට නිදිමරගාතේ නෙට් එක දාගත්තා.ඔහොම නිදාගන්න අතරේ මම කල්පනා කලා ඇයි මේ මදුරුවෝ කන ළඟටම කරලා “කූං කූං“ ගාන්නේ කියලා. එතකොට තමා මට මීටර් වුනේ මොකක්ද සීන් එක කියලා.“ඉස්සරකාලේ මදුරුවෝත් කරාබු දාලා ඉඳලා තියෙන්නේ. මොනයම් හෝ හේතුවක් නිසා උං දැං කරාබු දාන්නේ නෑ. ඒක නිසා උං අපේ කනට කොඳුරලා කියන්නේ ‘උඹලා දැං ඔය දාගෙන ඉන්න කරාබු ඉස්සර දැම්මේ අපි‘ කියලා. හැබැයි උං හිතං ඉන්නේ මනුස්සයෝ හැමෝම කරාබු දානවා කියලා. උං දන්නේ නැතුවැති කරාබු දාන්නේ කාන්තා පාර්ශවය විතරයි කියලා.“මදුරුවෝ විතරක් නොවයි අපි වුනත්, කලිං අපිට අයිති වෙලා තිබුන දෙයක් දැං වෙන කාට හරි අයිති නම් අපිත් බෙහෝ දුරට ඒ කෙනාට කිට්ටු කරලා කියනවා ඕක කලිං මට අයිති වෙලා තිබුනේ කියලා. අහලා බලන්න මේ සිංදුවෙනුත් කියන්නේ එහෙම දෙයක් නේද කියලා.htmlඔබ පෙම් කරනා ඔබේ කුමාරීඔබට ආදරේ කියනා අයුරින්පෙර දවසක මා පෙම් කරවනා සඳමට ද ආදරේ කියා තිබේ..ඔබ පෙම් කරනා ඔබේ කුමාරීමට ද ආදරේ කියා තිබේ..සාගර වෙරළේ සොඳුරු සැඳෑවකරඟහල කෙළවර අඳුරු නිමේෂෙකඅද ඔබ ළඟ ඔබ සනසාලන ඇයපෙර දවසක ම තුරුලට වී හිඳමට ද ආදරේ කියා තිබේ..ඔබ පෙම් කරනා ඔබේ කුමාරීමට ද ආදරේ කියා තිබේ..සක්මන් මළුවක දෙපා ගෙවෙද්දීදොඩමළු පෙම්බස් ගොලුවී යද්දීමා සමුගෙන ඔබ ළඟට පැමිණි ඇයසනහස සඟවා දෙනෙත නුරාවෙන්මට ද ආදරේ කියා තිබේ..ඔබ පෙම් කරනා ඔබේ කුමාරීමට ද ආදරේ කියා තිබේ..ගායනය - ගුණදාස කපුගේගී පද - සුනිස් ආර්.
BLOG
2013.03.06
http://jiiwithayawachanayen.blogspot.com/
වික්ටර් රත්නායක ගී එකතුව [01]
සෝරෝ
රූකඩ මඩු යාග පොලේරූකඩ මඩු යාග පොලේ කෝළ නුඹේ රුවට ළොලේආල පිරූ මා ගැන දැන් නැද්ද නිනව්වක්...ඈත ලන්ද දියමංකඩ ඔහොම පිපී තිබුණු මලටආලවන්ත බහක් දෙන්න ආ බඹරින්දුමලට ළොලේ පිණි කඳුළේනිතර රැඳී උන් බඹරින්දු....යාය පුරා මල් උතුරා කෝළ දැරිවි කුමරි වෙලාමාල හතක වරම ගන්න දෑත වනන්නානිබඳ මගේ පිරුණු සෙනේනුඹ නොදනී මල්මද ලන්දු...Mp3 -Rookada Madu----සිහින සතක් දුටුවෙමි මමසිහින සතක් දුටුවෙමි මම සත් දවසක් එක විලසින්එක සිහිනෙක ඔබ දුටුවා සිඟන්නියක සේ..ඔබ මගේ පැල්පතට පැමිණ, ආයාචනයක් කරමින්ජීවත් වන්නට කිසිවක් ඉල්ලා සිටියා..කිසිවක් දෙන්නට මට නැත, තිබුනේ පිරිසිදු හදවතසිඟන්නියේ එය ඔබ හට දුන්නා මතකයි..එදා මගේ හද අරගත් ඔබ, අද මට වැඩි පොහොසත්ඒ හින්දා මටත් එලෙස පිහිට වනු මැනේ..Mp3 -Sihina Sathak----මංගල මල්දමමංගල මල්දම පතා හිඳිම් මම පතමී මමමට නොවෙද ලඳේ වත මනකල් උකුළු මුකුළු පෙමමුකුළු පෙම....මංගල මල්දම පතා හිඳිම් මම පතමී මමමට නොවෙද ලඳේ නෙත නිලුපුල් සලිත ලලිත පෙමලලිත පෙම....කිරිසාගරයෙන් කිඳුරු ලියන් ආවාමට පෙම් මුතුලැල් පළඳනවැයි කිව්වාසුර ළඳුන් වනේ දේව ළඳුන් ආවාමට මල්සරගේ දුන්න අරන් ආවාකිඳුරු ලතාවියදිව්ය කුමාරියමට මොටද ළඳේ නැත්නම්ඔබ දේහ සුරූපයසද්දන්ත කුලේ ඇතා පිටින් එන්නම්රන්පාවඩ මත කැන්දාගෙන යන්නම්රන් මිරිවැඩි රන් කසී සලුත් දෙන්නම්ගාන්ධාරයෙන් විලවුන් ගෙන එන්නම්පොකුරු හිනාවයිදෑස ඉනාවයිවත සුවඳ කොකුම් බිඟු රොන්හද ගීත ලතාවයිමංගල මල්දම පතා හිඳිම් මම පතමී මමමට නොවෙද ලඳේ වත මනකල් උකුළු මුකුළු පෙමමුකුළු පෙම....මංගල මල්දම පතා හිඳිම් මම පතමී මමමට නොවෙද ලඳේ නෙත නිලුපුල් සලිත ලලිත පෙමලලිත පෙම....මුකුළු පෙම....ලලිත පෙම ....මුකුළු පෙම....ලලිත පෙම ....සහාය ගායනය - සිසිර සේනාරත්නපද රචනය - ආචාර්ය අජන්තා රණසිංහMp3 -Mangala Maldama.
BLOG
2014.08.25
http://achinthya-sithumini.blogspot.com
My Thoughts in My Words: පැහැර ගැනීමක්
Achinthya
My Thoughts in My Words: පැහැර ගැනීමක්.
BLOG
2014.08.14
http://achinthya-sithumini.blogspot.com
පැහැර ගැනීමක්
Achinthya
"හොඳටම විශ්වාසද."දිනාල් රෝහණගෙන් නැවතත් විමසුවේය."ඔව් ඔව් දිනාල් මගේ මේ ඇස් දෙක පල්ලා. මම එහෙම් දෙයක් දැක්කාමයි.ඒක පැහැර ගැනීමක්.." රෝහණ දිනාල්ගෙ හිස මත අත තබ තමා දිව්රීමට වුවත් සූදානම් බවක් හඟවමින් කීවේය. මෙයින් සියල්ලෝම යලිත් වෙව්ලා ගියහ."දැන් අපි මොකද කරන්නේ." දුලානි සැලෙමින් ඇසුවා ය.රෝහණගේ දෑස් ඉදිරි පිටදීම පාසල් සිසුවෙකු පැහැරගෙන ඇත.මෙහිදී රෝහණ වාහනයේ අංක තහඩුව මතක තබා ගෙන ඇත."දැන් කරන්න තියෙන හොඳම දේ තමයි.ළඟ පාතකින් යන මාමා කෙනෙකුට මේ බව දන්වන එක..."මෙතෙක් සියල්ල නිහඬවම අසා සිටි සුජීවා කීවාය. "ඔව් හැබැයි තවත් එකක් "රෝහණ හිටිවනම කීවේ ය."මොකක්ද." දුලානිත් දිනාලුත් එක්වරම ඇසුවෝ ය."අපිව විශ්වාස කරයිද.""ආහ් ඔවුමයි."කී සුජීව තොල් විකාගෙන කල්පනා කරන්නට වූවාය."හැබැයි අක්කා කිවුවොත්නං අහයි නේද."දිනාල් ඇසුවේය."ඔව් ඔව් අක්කා ලොකු එක්කෙනෙක් නේ." දුලානිත් එය අනුමත කළා ය.සුජීවා අවිශ්වාසයෙන් මෙන් පිරිස දෙස බැලුවාය."එහෙනෙං ඔයත් එන්න. ඔයානේ සිද්දිය දැක්කේ..." ඇය කීවා ය."හා.."රෝහණ කීවේ ඈසෙන නෑසෙන් ස්වරයකිනි."බිය නොවන්න මිත්‍රයා."දිනාල් කොහෙන්දෝ මවාගත් සිනාවකින් කීවේ ය.එහෙත් හදිසියේම තම සොහොයුරියගෙ අත අල්ලා ගත්තේය.රෝහණගේ අත ස්පර්ෂ වෙත්ම සුජීවා තිගැස්සුනී මවිතයෙන් සිය සොහොයුරා දෙස බැලුවාය."දෙයියන්ටම ඔප්පු වෙච්චාවෙ.මල්ලිව මළ මිනියක් වගේ සීතල වෙලානේ." සිය සොහොයුරා දෙස බළමින් ඇය කීවාය."ඇයි ඇයි."දිනාල් විමසුවේය.රෝහණ සියුමැලිව වෙව්ළමින් සිය අත දිගු කළේය."අර ති...තියෙන්නෙ ඒ ඒ වෑ ..වෑන් එක ත...තමයි" ඔහු කලබලයෙන් ගොත ගසමින් කීවේ ය."එහෙනන් ඉක්මන් කරමු.නැත්තං ඒ ගොල්ලෝ පැනලා යාවී."දිනාල් ඉක්මනින් කීවේය.එ අනූව සුජීවා වහ වහා අසල සිටී.අයෙක් වෙත දුවගියේය."සමාවෙන්න..මට ෆෝන් කෝල් එකක් ගන්න පුලුවන්ද." එහෙත් පුද්ගලයා නම් සුජීවාගෙ කේෂාන්තයේ සිට පාදාන්තය දක්වා උඩටත් යටටත් බලමින් සිටියේය. මෙයින් සුජීවා අපහසුවට පත් වුවාය."මේකයි ප්‍රශ්නේ මගේ මල්ලී දැකල තියෙනවා පැහැර ගැනීමක්..ඉතින්.."එහෙත් පුද්ගලයා එයට බාධා කලේය."මටනං මල්ලියෙක් පේන්නේ නැ" හෙතෙම කීවේය."ඕහ් . මෙයා මාව විහිලුවකට ගන්න වගේ." ඇය කෝපයෙන් සිතුවාය."අර ඉන්නේ නිල්පාට බෑග් එක දාගෙන."සුජීව නොරිස්සුමෙන් කීවාය."හොඳයි මං ළඟ ෆෝන් එකක් නෑ.""ඌහ් මට එන තරහ..මේක කලින්ම කියන්න තිබුනනේ..."ඇය දත්මිටි කමින් වෙනතක ගියාය."අක්කගේ වැඩේ හරි ගිහින් නෑ වගේ..."දුවයන සුජීවා දෙස බලමින් දුලානි කීවාය."වාහනේ ස්ටාර්ට් කළා."රෝහණ කලබලයෙන් කීවේ ය."දැන් ඉතින් ඉවරයි."දුලානි පවසත්ම දිනාල් එයට බාධා කලේ ය."මං මොකක් හරි කරන්නං""එපා....... අයියේ ඔයාට පිස්සුද."දුලානි තම සොහොයුරාගේ අතින් තදින් අල්ලා ගත්තාය."මේ දිනාල් ඔයාට කරදරයක් වුනොත් එහෙම"රෝහණත් මැදිහත් වූයේ ය."අර බලන්න අර ඇන්ටි කෝල් එකක් ගත්තා.දැන් හරි...තව ටිකකින් පොලීසිය ඒවි."දිනාල් කීවේය.දෙදෙනාම හැරී බැලුවෝ ය.ඇසිල්ලකින් අත්හරවාගත් දිනාල් දුවගියේය."අයියේ."දුලානි කෙඳිරි ගෑවාය."ඔච්චර ඉක්මනට පොලීසිය ඒවිද."ඇය නොරිස්සුමෙන් යුතුව විමසුවාය.එකෙනෙහිම සුජීවා ජයග්‍රාහීව එතෙනට පැමිණියා ය."වැඩේ හරී....කෝල් එකක් ගත්තා."ඇය කියමින් සිටියා ය."වැඩක් නෑ"රෝහණ හිස දෙපසට වනමින් කීයේ ය. කිසිවක් නෙදැන සිටි සුජීවා ඔබමොබ බැලුවා ය."අයියා ගියා ස්ටාර්ට් කරපු වාහනේ නවත්තගන්න"දුලානි වෙව්ලන ස්වරයකින් කීවාය."දෙවියනේ ඒ මොන මෝඩයෙක්ද."සුජීවා හිසේ අත ගසා ගත්තාය. **************************"මේ........ අර කොලුවා අපේ වැඩේ කන්න වගේ හදන්නේ." වෑන් රිය අසල සිටී එක් මිනිසෙක් කීවේ ය.එවිටම දිනාල් ඔහු දෙස බලාඅහිංසකසිනහාවක් පෑවේය."ආ එහෙමද. මං කියන්නද වැඩක්. අපි ගිහින් ෂේප් එකේ මිනිහව ටිකක් ඈතට එක්කන් යමු." එය අසා සිටි අනෙකා උපදෙසක් දුන්නේය.ඒ අනූව මිනිසුන් දෙදෙනාම දිනාල් දෙසට පිය මැන්නෝය."හරියට හරි අන්න මිනිස්සු දෙන්නෙක් දිනාල්ට ළං වෙනවා."දිනාල් දෙස ඇස ගසාගෙන සිටී රෝහණ බියෙන් කීවේය."යං"සුජීවා හිටිවනම කීවාය."මොකක්.."අනෙත් දෙදෙනා වෙව්ලමින් ඇසුවෝය."මම කිවුවේ දිනාල් ළඟට යමු කියලා.අපි හතර දෙනෙක් එක්ක මිනිස්සු දෙන්නෙක්ට හැප්පෙන්න බෑනේ.......""ඒ එළියෙ එන්න කෙනානේ. ඇතුලේ කීදෙනෙක් ඉන්න ........" එහෙත් රෝහණට ඉතුරු කොටස කීමටවත් ඉඩ නොතාබාම සුජීවා දෙදෙනාගේම අත්වලින් අල්ලා ගෙන පාර මාරු වූවාය."ආ.... දිනාල් මල්ලී..." සිනාවකින් මුව සරසාගත් සුජීවා ඇමතුවාය. එහෙත්අනෙත් දෙදෙනානම් ඈතට වී සිටීම නුවණට හුරුයැයි සිතූහ."ඒපාරනං අපේ සීන් එක ඉවරයි වගේ. දැන් එකෙක් වෙනුවට හතර දෙනෙක්ම" පළමු මිනිසා කීවේය."ඒකනේ මෙච්චර හොඳට වැඩේ කරගෙන අන්තිම මොහොතේ කෙල කරගන්න ඕනෙ නෑනේ..." අනෙකාද එය අනුමත කලේය."ඔන්න දැන් ඉවරයි .....ඔය දෙන්නෙක්ම එන්නේ... දැන් ඉතින් අපේ අක්කයි දිනාලුයි මොනවා කරගනීද දන්නේනෑ.පඬියෝ වගේ පැනගෙන ගියාට." සුජීවාට මඳක් පිටුපසින් සිටී රෝහණ දුලානිට කෙඳිරුවේය."ඒක තමයි.... කොච්චර අනතුරු දායක වැඩක්ද. පොලීසියටත් දැන්නුවා; වාහනේ නොම්බරේත් දුන්නා."දුලානිත් පහත් හඬින් නොපහන්ව පවසන්නට වූවාය."හ්ම්....හිතන්න. පැහැරගන්න හොරු මුලක්.අහුවුනොත් කපෝතීයි. " රෝහණ අසතුටෙන් කීවේය.මේ අතරතුර සුජීවාත් දිනාලුත් මහත් අක්කරතැබ්බයකට මුහුණ පා සිටියෝ ය."ඔන්න මල්ලියේ දෙන්නෙක්ම එනවා.""ඒකතමයි දෙන්නාගෙම මැර පාට් එකක් තියෙන්නේ.කලු ඇඳලා ඉන්නේ;කැපුත් අනිත් පැත්තට දාගෙන.රෝහණ හරි."දිනාලුත් පෙරළා කෙඳිරුවේ ය."දැන් ඉතින් ප්‍රශ්න වැලක්ම අහවි..." සුජීවාගේ කටේ කෙල සිඳිනී.දිනාල්ටනම් තම කුස තුල සමනලුන් පියඹනවා වැනි හැඟීමක් දැනිණි."ඉතින් මේ ළමයි මොකක්ද මෙතන කරන්නේ........"එක් අයෙක් විමසුවේය.සාමාන්‍යයෙන් හොරුන් මන්කොල්ලකරුවන් කතාබහ කරනුයේ ප්‍රිය වචනයෙන් නොවේ.මෙනිසා දිනාල් මඳක් නොසන්සුන් වුයේය."මේකත් උප්පරවැට්ටියක්ම තමයි."හෙතෙම සිතුවේය."ආ.... මේ අපි බස් එක එනෙකල් බලන් ඉන්නවා."සුජීවා වහා කීවාය."ඉතින් මෙතනෙ නෙමේයිනේ බස් හෝල්ට් එක තියෙන්නේ."සුජීවාට ලොකු කෙළ ගුලියක් සිඳිනි.සුජීවා අහිංසක සිනාවක් පෑවාය."ඒ ඉතින් බස් එක නවත්තන්නේ ටිකක් දුරින්නේ...."දිනාල් මැදිහත් වී කීවේය."ඒත් ළමයිගේ හැසිරීම අපේ වැ.......""වහාම අත් උස්සලා යටත් වෙනවා......." යන ආගන්තුක කටහඬින් ඔහුට බධා පැමිනුණි. කෙඳිරිල්ලක් පිට කළ දෙදෙනාම ආපසු හැරී බැලුවෝය."අයියෝ. මේ පොඩි එවුන්..."එකෙක් කීවේය.කලබලය දුටූ වෑන් රියේ කිහිප දෙනෙක් පිටතට පැමිණියෝ ය."රාළහාමි . අපේ අතේ වැරැද්දක් නෑ.මට ඒක ගැන කරුණු පහදලා දෙන්න පුලුවනි."තවත් අයෙක් කීවේය."පොලීසියෙන් අල්ලගත්තාම හැමෝම කියන්නෙ ඔය කතාවම තමයි.පැහැදිලි කිරීම් පස්සේ" කියමින් එක් නිළධාරියෙක් එක් අයෙකුට මාන්චු කුට්ටමක් දැම්මේය.මෙහිදී ඉතා අරුම පුදුම සහගත සිදුවීමක් විය.එනම් විවිධ කැමරා හා තවත් දෑ ඔසවා ගත් පුද්ගලයින් තිදෙනෙක් අවට ගස් කොළන් අතරින් පිටතට පැමිණීමයි.ළමෝ විපිළිසරව බලා සිටින්නට වූහ."සර්ලා අපේ ෂූටිං එක කඩාකප්පල් කළ බව මට කණගාටුවෙන් කියන්න වෙනවා." එක් අයෙක් කීවේ ය.
BLOG
2012.05.03
http://achinthya-sithumini.blogspot.com
මගේ මල්ලිගෙ පුංචි බ්ලොග් එක
Achinthya
මටත් Blog එකක් තියෙනවනේ.ඉතින් මල්ලිටත් ඕන වුනා. Blog එකක්. දැන් මල්ලිටත් තියෙනවා Blog එකක්.ඒකෙ මල්ලි විහිලු කථා ලියල තියෙනවා. මල්ලි මටත් වඩා ලොකු වැඩකාරයෙක්නෙ. ඉතින් මං පොඩි ඉල්ලීමක් කරනවා, මගේ පොඩි මල්ලියාගෙ වැඩ බලන්න කියලා. මෙන්න එහෙනං ඒකෙන් අංශුවක්,"මෝඩ ළමයිගෙ මෝඩ වැඩ"ඔයාලා ඒක දිහා බලලා හිනාවෙනවං මට ඒක ලොකු උදව්වක්. හැබැයි ඒකේ තියෙන්නේ මගේ මල්ලිගෙ මෝඩ වැඩ නෙමේ හොඳේ.මෙන්න මල්ලිගෙ බ්ලොග් එකට යන පාර,/http://adithya-sean.
BLOG
2011.06.15
http://achinthya-sithumini.blogspot.com
මාළුවෙකුගේ අවසන් නිමේෂය.
Achinthya
අපේ ගෙදර මාළු ටැංකියක් තියෙන්වා. ඒකේ මාළු වර්ග 4ක් ඉන්නවා.සීබ්‍රා,ශෝට් ටේල්ස්ලා එහෙම ඉන්නවා.අද උදේ මම දැක්කා එක කළු මාළුවෙකුට ශෝට් ටේල්ලා අනිනවා.මම අර කළු මාළු වර්ගයේ නම දන්නැ අපි එයාට 'කළු' කියමු.කළු උඩු අතට පාවෙනවා.කළු මැරිලත්නැ. මම කළුව අතට ගත්තා.කළු මැරිලා නැති නිසා මම කළුව භාජනයකට දැම්මා.කළු පීනනවා,ආයි කළු උඩුමැලි අතට පාවුනා.ආයි පීනුවා. අපි කළුගේ භාජනේට ලුණු කැට, හයිඩ්‍රිල්ලා, මාළු කෑම දැම්මා.කළුගේ වරලකුත් කැඩිලා. මාළුවෝ ඇනපු නිසා එයාට අමාරු ඇති. ඒත් කළුගෙ ජිවත් වීමේ වාසනාව කළුට අහිමි වුණා.උදේ 10.47 ට විතර එය මැරුණා.
BLOG
2011.06.12
http://achinthya-sithumini.blogspot.com
තුවාලයක්
Achinthya
අහෝ. ඇයිද මට මෙහෙම වුනෙ....... මානම් නැතය පතුවේ මෙහෙම දෙයක් මානම් නැතය තැවෙන්නේ ........ ඒත් මට නම් රිදෙයි හුඟක් මට මේ සිදුවීම උණේ මෙහෙමයි.මට චෙස් ක්‍රීඩා කරන්න පුළුවන්.මම චෙස් තරඟ කරලා සම ප්‍රථම ස්ථාන දිනාගෙන තියෙනවා.මම තවත් තරඟාවලියකට ගිහින් තරඟ කරලා ලකුණු 6න් 4ක් ලබා ගෙන all island යන්න තේරුණා. මම දැන් මගේ වයසේ ලමයි එක්ක,මං වගේ ම දක්ෂතා ඇති ලමයි එක්ක චෙස් අඳිනවා මාතර,යාපනය,ගාල්ල,නුවර,පුත්තලම වගේ ප්‍රදේශ වලින් ළමයි ඇවිත් හිටියා.ගම්පහ තමයි තරඟ තිබුණෙ.සිකුරාදා,සෙනසුරදා,ඉරිදා දවස්වල තරඟ පැවැත්වුණා.මම ලකුණු 6න් 4ක් ගත්තා.ඉරිදා හවස මම කීවෙනියා ද කියලා බලන්න අම්මායි,මමයි හිටියා.අම්මා වෙන් ඇන්ටි කෙනෙක් එක්ක කතා කර කර හිටියා.මම දකුණු කකුල උස්සගෙන හිටියා.මට හිතුණා කකුල තියන්න ඕන කියලා.මම තිබ්බා, තිබ්බෙ වැරදි තැනක.කාණු වහන කොන්ක්‍රීට් ස්ලැබ් එකකට කකුල පලාගෙන ගියා. මට ගොඩක් රිදුණා.මම කකුල උඩට ඉස්සුවා.මට ඒක දැකලා කලන්තෙ වගේ.මම අම්මාව බදාගෙන ඇඬුවා.අම්මට මොනවා හිතුණා ද මන්දා.අර ඇන්ටි ටිකක් මහතයි.එයා මාව ඉස්සුවා.උස්සල තිබ්බ කාර එකේ මාවගම්පහ රෝහලට ගෙනිච්චා.මම අඬ අඬා හිටියේ.අම්මත් මොනවද කිව්වා මට ඒවා මතක නැ.මාව රෝද පුටුවෙන් වාට්ටුවකට ගෙනිච්චා.තුවාලේ හිරි වට්ටන්න එන්නතයක් විද්දා.තව එන්න්තයක් විද්දා."මොනවා කරනවද මන්දා ඉඳගෙන"මට කියවුණා.අම්මා මාව බදාගෙන හිටියෙ.තුවාලෙට මැහුම් දානවා මම දැක්කෙ නෑ.මැහුම්දාලා ඉවර උණාම මම ගෙදර ආවා.මම දැනගත්තා මම 11වෙනියා බව මට සතුටුයි.මට තුවාලෙ ගැන දුක නෑ.මගේ කකුල රිදෙනවා.මට මෙහෙම වෙච්ච පළවෙනි වතාව. නිමි.
BLOG
2013.04.22
http://danishkanavin.blogspot.com
You are welcome to support Sagalapura College, Binganthalawa
Danishka Navin
null