comments
stringlengths 1
1.09k
| labels
int64 0
4
|
---|---|
Facebook භාවිත කරන්නන් අතර වැඩි ම කැමැත්තක් දිනාගෙන ඇති ශ්‍රී ලාංකිකයා වන්නේ, බොලිවුඩ් නිළි ජැක්ලින් ෆර්නැන්ඩස් ය. | 3 |
ඇයගේ නිල වෙබ් පිටුවෙහි ඇති Facebook likes සංඛ්‍යාව 13036781කි. | 3 |
දෙවන ස්ථානයේ පසුවන සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර සතු Facebook likes සංඛ්‍යාව 3246718කි. | 3 |
තුන් වන ස්ථානය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට හිමිව ඇති අතර එම Facebook පිටුවෙහි likes සංඛ්‍යාව 1587073කි. | 3 |
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ අඛණ්ඩව ශතක 3ක් රැස් කළ පළමු පිතිකරු බවට ශ්‍රී ලංකා සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර පත් වී හමාර ය. | 3 |
ඒ, පසුගිය ඉරිදා ප්‍රබල ඔස්ට්‍රේලියානුවන්ට එරෙහිව රැස් කළ ශතකය ත් සමග යි. | 3 |
ඔහු ඊට පෙර බංග්ලාදේශයට සහ එංගලන්තයට එරෙහිව ද ශතක දෙකක් රැස් කර සිටියේ ය. | 3 |
බංග්ලාදේශයට එරෙහිව – 105 නොදැවී | 3 |
එංගලන්තයට එරෙහිව – 117 නොදැවී | 3 |
ඔස්ට්‍රේලියාවට එරෙහිව – 104 | 3 |
ඔහු මේ වන විට මෙවර ලෝක කුසලාන තරගාවලියේ වැඩි ම ලකුණු ලාභියා ලෙස පෙරමුණ ගෙන සිටී. | 3 |
ඔහු තරග 5කදී මේ වන විට රැස් කර ඇති ලකුණු සංඛ්‍යාව 372කි. | 3 |
සංගක්කාරගේ ලකුණු රැස් කිරීමේ සාමාන්‍යය 124.00ක් වන අතර මෙවර තරගාවලියේදී මෙතෙක් වාර්තා වූ හොඳ ම ලකුණු සාමාන්‍යය මෙය වේ. | 3 |
ලොව මෙතෙක් බිහිවූ හොඳ ම පන්දු යවන්නා ලෙස පිළිගැනෙන මුත්තයියා මුරලිදරන් පවසන්නේ, මේ වන විට ලොව හොඳ ම එක්දින පිතිකරුවා කුමාර් සංගක්කාර බව ය. | 3 |
විරාට් කෝලි, ඒබී ඩිවිලියර්ස්, ග්ලෙන් මැක්ස්වෙල් ආදී පිතිකරුවන් කිහිප දෙනෙකු මෙවර තරගාවලියේදී දක්ෂතා දැක්වුව ද ලොව සියලු විශිෂ්ට කණ්ඩායම් හමුවේ භයානක ම පිතිකරුවා කුමාර් සංගක්කාර බව අවිවාදයෙන් පිළිගත යුතු බව මුරලිගේ අදහස යි. | 3 |
ආර්ජන්ටිනා ගුවන් අනතුරින් මිය ගිය පිරිස අතර ප්‍රංශ ජාතික ඔලිම්පික් ශූරියන් දෙදෙනෙකු සහ ඔලිම්පික් ශූරයෙකු ද සිටින බව ප්‍රංශ බලධාරීන් හතවුරු කර තිබේ. | 3 |
එලෙස මිය ගොස් ඇත්තේ, ඔරු පැදීමේ ඔලිම්පික් ශූරියක වන Florence Arthaud, ඔලිම්පික් පිහිනුම් ශූර Camille Muffat සහ ඔලිම්පික් බොක්සිං ශූර Alexis Vastine යන ක්‍රීඩකයින් ය. | 3 |
කැමිලි 2012 ලන්ඩන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී පදක්කම් තුනක් දිනා ගෙන තිබේ. | 3 |
Alexis Vastine 2008 බීජිං ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී ලෝකඩ පදක්කමක් දිනා ගත්තා ය. | 3 |
අනතුර සිදුව ඇත්තේ, ආර්ජන්ටිනාවේ ලා රියාජා පළාතේ රූපවාහිනී වැඩසටහනක රූගත කිරීම් සිදු කරමින් සිටියදී ය. | 3 |
අනතුර සිදු වන අවස්ථාවේ යානා දෙක පොළොව මට්ටමේ සිට අඩි 328ක් ඉහළ අහසේ පියාසර කරමින් තිබී ඇත. | 3 |
අනතුරින් ක්‍රීඩකයින් තිදෙනා සහ ආර්ජන්ටිනා ජාතික ගුවන් නියමුවන් දෙදෙනා ද ඇතුළුව 10 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. | 3 |
ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර ඊයේ පැවති තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 64ක පරාජයක් හිමි වුව ද ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු තිලකරත්න ඩිල්ෂාන් ඔස්ට්‍රේලියානු සුපිරි වේග පන්දු යවන්නා වන මිචෙල් ජොන්සන්ට අමතක නොවන පාඩමක් ඉගැන්වීය. | 3 |
ඒ, ශ්‍රී ලංකා ඉනිමේ 6 වන පන්දු වාරයේදී 4 පහර 6ක් එල්ල කරමිනි. | 3 |
තිලකරත්න ඩිල්ෂාන් එම පන්දු වාරයේදී 4 පහර 6 එල්ල කළ ආකාරය මෙම වීඩියෝවෙන් දැක්වේ. | 3 |
දර්ශන – ICC | 3 |
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාවට එරෙහිව පැවති තරගයෙන් ලකුණු 64 ක ජයක් වාර්තා කිරිමට ඔස්ට්‍රේලියාව අද සමත් විය. | 3 |
කුමර් සංගක්කාර අද වාර්තා අලුත් කරමින් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අඛණ්ඩව ශතක තුනක් වාර්තා කළ පළමු ක්‍රීඩකයා ලෙස වාර්තා අතරට එක් විය. | 3 |
ඔස්ට්‍රේලියාවේ සිඩ්නිහිදී පැවති තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියා කණ්ඩායමේ ආරම්භ පිතිකරුවන් දෙදෙනා වන ඩේවිඩ් වෝනර් හා ඒරන් ෆින්ච් ලකුණු 41 ක් තුළ දැවී ගියහ. | 3 |
ස්ටිවන් ස්මිත් හා නායක මයිකල් ක්ලාක් එක්ව දෙවැනි කඩුල්ලට ගොඩනැගූ සබඳතාව ලකුණු 134කි. | 3 |
පස්වැනි කඩුල්ල සඳහා ශේන් වොට්සටන් හා එක් වූ ග්ලේන් මැක්ස්වෙල් පන්දු 82 කදී ලකුණු 160 ක සබඳතාවක් ගොඩනැගූහ. | 3 |
ග්ලේන් මැක්ස්වෙල් තම මංගල එක්දින ශතකය පන්දු 51 කින් අද වාර්තා කළේ, ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ දෙවැනි වේගවත් ම ශතකය ලෙස ය. | 3 |
ඔහු පන්දු 53 කින් ලකුණු 102ක් රැස් කිරීමට සමත් විය. | 3 |
ඔස්ට්‍රේලියාව නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 9ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 376කි. | 3 |
පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ ශ්‍රී ලංකා ඉනිමේ දෙවැනි කඩුල්ලට ටී.එම්. ඩිල්ශාන් හා එක් වූ කුමාර් සංගක්කාර ලකුණු 130 ක සබඳතාවක් ගොඩනැගූහ. | 3 |
43 වැනි අර්ධ ශතකය වාර්තා කළ ටී. එම්. ඩිල්ශාන් ලකුණු 62ක් රැස් කළේ ය. | 3 |
කුමාර් සංගක්කාර එක්දින ලකුණු 14,000 සීමාව පසු කළේ එවැනි දක්ෂතා වක් දැක් වූ ලොව දෙවැනි ක්‍රීඩකයා ලෙසිනි. | 3 |
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ අඛණ්ඩව ශතක තුනක් වාර්තා කළ පළමු ක්‍රීඩකයා ලෙස ද සංගක්කාර අද වාර්තා අතරට එක් විය. | 3 |
ඔහු පන්දු 107 තුළ ලකුණු 104 ක් රැස් කිරීමට සමත් විය. | 3 |
නායක ඇන්ජලෝ මැතිව්ස් හා එක් වූ දිනේෂ් චන්දිමාල් පන්දු 24 කදී ලකුණු 52 ක් රැස් කළේ ය. | 3 |
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක පළමු ඉනිම ක්‍රීඩා කළ චන්දිමාල් පන්දු 22කදී අර්ධ ශතකය වාර්තා කළේ ය. | 3 |
විශිෂ්ට ලෙස පන්දුවට පහර දෙමින් සිටියදී පාදයේ මස්පිඩු ආබාධයකට ලක්ව අවසනාවන්ත ලෙස පිටියෙන් ඉවත් වූ ඔහුට නැවත පන්දුවට පහරදීමේ අවස්ථාව හිමි නොවී ය. | 3 |
ශ්‍රී ලංකා ඉනිමේ අවසන් කඩුලු 5 ලකුණු 29ක් තුළ බිඳ වැටුණු අතර ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 46යි පන්දු 2ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 312 ක් පමණි. | 3 |
ශ්‍රී ලංකාවේ කුමාර් සංගක්කාර එක්දින ලකුණු 14,000 සීමාව පසු කළ ලොව දෙවන පිතිකරු බවට පත් විය. | 3 |
ඒ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඔස්ට්‍රේලියාව සමග දැන් පැවැත්වෙන තරගාවලියේදී ය. | 3 |
සංගක්කාර දැනට ක්‍රීඩා කර ඇති එක්දින තරග ගණන 402කි. | 3 |
ඉන්දියාවේ සචින් තෙන්ඩුල්කාර් ලකුණු 14,000 සීමාව පසු කළ ලොව පළමු ක්‍රීඩකයා වේ. | 3 |
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අපරාජිත බව තව දුරට ත් රැක ගැනීමට නවසීලන්තය අද සමත් විය. | 3 |
ඒ, ඇෆ්ගනිස්ථානය සමග පැවති තරගයෙන් කඩුලු 6ක පහසු ජයක් වාර්තා කිරීමත් සමගිනි. | 3 |
ඒ අනුව නවසීලන්තය සහභාගි වූ තරග 5ම ජයගෙන සිටී. | 3 |
නේපියර් හිදී පැවති තරගයේ කාසියේ වාසිය හිමි කරගත් ඇෆ්ගනිස්ථානය ප්‍රථමයෙන් පන්දුවට පහරදිමට තිරණය කළේය. | 3 |
ඒ අනුව ඔවුන්ට පන්දුවාර 47යි පන්දු 4කදී සියලු ක්‍රීඩකයින් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 186ක් පමණි. | 3 |
ෂමියුල්ලා ෂන්වාරි ලකුණු 54ක් ලබා ගත්තේය. | 3 |
ඩැනියෙල් විටෝරි ලකුණු 18කට කඩුලු 4ක් දවා ගැනීමට සමත් විය. | 3 |
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තය පන්දුවාර 36යි පන්දු 1කදී කඩුලු 4ක් පමණක් දැවී තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කිරීමට සමත් විය. | 3 |
මාර්ටින් ගප්ටිල් ලකුණු 57ක් ලබා ගත්තේය. | 3 |
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය හිමි කර ගැනීමට ඔස්ට්‍රේලියාව සමත් විය. | 3 |
ඒ අනුව ඔස්ට්‍රේලියාව ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය. | 3 |
තරගය සිඩ්න් හිදී පැවැත්වේ. | 3 |
පකිස්ථාන කණ්ඩායම, ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ බී කාණ්ඩයේ ලකුණු සටහනේ තුන්වැනි ස්ථානය දක්වා ඉදිරියට | 3 |
පැමිණියේය. | 3 |
ඒ, දකුණු අප්‍රිකාව සමග අද පැවැති තරගය ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුව ලකුණු 29කින් ජය ගනිමින් ය. | 3 |
ලකුණු 232ක ඉලක්කයක් හඹාගිය දකුණු අප්‍රිකානු කණ්ඩායමට පන්දුවාර 33යි පන්දු 3ක් අවසානයේදී සියලු ක්‍රීඩකයින් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 202ක් පමණි. | 3 |
දකුණු අප්‍රිකානු ජයග්‍රහණය වෙනුවෙන් හුදකලා සටනක නිරත වූ නායක ඒබී ඩිවිලියර්ස් පන්දු 58කදී ලකුණු 77ක් ලබා ගත්තේය. | 3 |
ඊට හයේ පහර 5ක් සහ හතරේ පහර 7ක් ඇතුළත් විය. | 3 |
නවසීලන්තයේ ඔක්ලන්ඩ් හිදී පැවැති තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් එක් ඉනිමක් පන්දුවාර 47 ක් බැගින් වූ තරගයක් ලෙස පැවැත්වීමට විනිසුරුවරුන් තීරණය කළේය. | 3 |
නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ මිස්බා උල්-හක් ලකුණු 56ක් ලබා ගත්තේය. | 3 |
පකිස්ථාන කණ්ඩායමේ සියලු දෙනා පන්දුවාර 46යි පන්දු 4 කදී ලකුණු 222 කට දැවී ගියේය. | 3 |
ඩක්වත් හා ලුවිස් න්‍යායට අනුව ලකුණු 232 ක ඉලක්කයක් දකුණු අප්‍රිකා කණ්ඩායමට හිමිවිය. | 3 |
ඉන්දීය කණ්ඩායම විසින් බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම, කඩුලු 4 කින් පරාජය කරමින්, ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ | 3 |
සිය අපරාජිත බව අද රැකගනු ලැබිණි. | 3 |
ඒ අනුව ඉන්දීය කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියේදී ක්‍රීඩා කර තරග 4ම ජයගෙන සිටී. | 3 |
පර්ත්හිදී පැවති එම තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් කොදෙව් කණ්ඩායම පන්දුවාර 44 යි පන්දු 2 ක් | 3 |
අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 182 ක් රැස් කළේය. | 3 |
පන්දුවාර 25 තුළ කොදෙව් ඉනිමේ කඩුලු 7 ක් ලකුණු 85 ක් තුළ දැවී ගියේය. | 3 |
9 වැනි පිතිකරුවා ලෙස පිටියට පිවිසි නායක ජේසන් හෝලඩර් ලකුණු 57 ක් රැස් කළේය. | 3 |
මෙහොමඩ් සමී පන්දුවාර 8 කදී ලකුණු 35 කට කඩුලු තුනක් දවා ගත් අතර උමේෂ් යාදේව් හා රවින්ද්‍ර ජඩේජා අතර කඩුලු 2 බැගින් | 3 |
බෙදී ගියේය. | 3 |
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසියේ ඉන්දිය කණ්ඩායමේ පළමු කඩුලු 3 ලකුණු 63 කදී දැවී ගියේය. | 3 |
රෝහිත් ශර්මා ලකුණු 7 කට දැවී ගිය අතර විරාත් කෝලී ලකුණු 33ක් ලබා ගත්තේය. | 3 |
පන්දුවාර 39යි පන්දු 1ක් අවසානයේදී කඩුලු 6ක් දැවී තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කිරීමට ඉන්දීය ක්‍රීඩකයෝ සමත් වූහ. | 3 |
කුසල් ජනිත් පෙරේරා, අතිරේක ක්‍රිඩකයෙකු ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට කැඳවූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. | 3 |
ඒ, පුහුණුවීම්වලදී අද ආබාධයකට ලක් වූ දිමුත් කරුණාරත්න වෙනුවටයි. | 3 |
මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මෙතෙක් වැඩි ම ලකුණු රැස් කර පෙරමුණේ පසුවූ කුමාර් සංගක්කාර දෙවන ස්ථානයට ඇද දැමීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ෂයිමන් අන්වර් අද සමත් විය. | 3 |
ඒ, අද දිනයේ ඔහු රැස් කළ ලකුණු 62 ත් සමග ය. | 3 |
එම ලකුණු සංඛ්‍යාව ත් සමග ඔහු තරග 4කදී ලකුණු 270ක් රැස් කර සිටී. | 3 |
දෙවන ස්ථානයේ පසු වන කුමාර් සංගක්කාර ලකුණු 268ක් රැස් කර තිබේ. | 3 |
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පකිස්ථානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර අද පැවති තරගයේදී පකිස්ථාන කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 339ක් රැස් කළේ ය. | 3 |
ඊට අමතරව, වාර්තාවක් ද පිහිටුවමින් ෂහිඩ් අෆ්රිඩි එක්දින ලකුණු 8000 සීමාව පසු කළේ ය. | 3 |
අද තරගයේ වැඩි වාසි පකිස්ථානය පැත්තෙහි පැවතිය ද තරගය වෙනත් රටවල් දෙකක් අතර පැවතිය ද ශ්‍රී ලාංකිකයෙකු අද දිනයේ සුවිශේෂී අවධානයකට ලක් වීම ශ්‍රී ලාංකිකයින්ගේ ආඩම්බරයට කරුණක් විය. | 3 |
පකිස්ථාන ඉනිමේ බිඳ වැටුණු කඩුලු 6න් 4ක් ම දවා ගනු ලැබුවේ, ශ්‍රී ලාංකිකයෙකු වන මංජුල ගුරුගේ විසිනි. | 3 |
එක්සත් අරාබි එමීර් රාජ්‍යය නියෝජනය කරන මංජුල ගුරුගේ 1981 වසරේ පෙබරවාරි 14 වන දා උපත ලබා ඇත්තේ, අම්බලන්ගොඩදී ය. | 3 |
ඔහු සිංහ ක්‍රීඩා සමාජය නියෝජනය කළ ක්‍රීඩකයෙකු වන අතර 2014 වසරේ පෙබරවාරි මාසයේ සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යය නියෝජනය කරයි. | 3 |
දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩක හෂීම් අම්ලා අද නව වාර්තාවක් පිහිටුවීය. | 3 |
ඒ, ලෝක කුසලාන තරගාවලියේ අද අයර්ලන්තය සමග පැවති තරගයේදී ය. | 3 |
ඒ අනුව, අඩු ම එක්දින තරග සංඛ්‍යාවකදී ශතක 20ක් රැස් කළ පිතිකරුවා බවට හෂීම් අම්ලා අද පත් විය. | 3 |
ඔහු මෙම දක්ෂතාව දැක්වූයේ, එක්දින තරග 108කට සහභාගි වෙමිනි. | 3 |
සිය 108 වන එක්දින ක්‍රිකට් තරගයට සහභාගි වූ හෂීම් අම්ලා එහිදී පන්දු 128කදී ලකුණු 159ක් රැස් කළේ ය. | 3 |
මේ වන විට ඔහුගේ එක්දින ලකුණු රැස් කිරීමේ සාමාන්‍යය 57.05ක් වන අතර ලකුණු රැස් කිරීමේ වේගය 89.59කි. | 3 |
අඩු ම එක්දින තරග සංඛ්‍යාවකදී ශතක 20ක් රැස් කළ පිතිකරුවන් 5 දෙනා පහත දැක්වේ. | 3 |
Subsets and Splits